2011/10/03

63) පවුල් කඩන , මුහුණ වහන .. “නිරාශා.....“

අද මේ කතාව ලියන්න පටන් ගන්නේ හුරුපුරුදු ගම් පළාතෙන් පිට , නුවර පළාතේ ඉඳගෙන ..ටිකක් වෙනස් , ඒ වගේම ප්‍රසිද්ධියේ කතා කරන්නට තරමක් ඉදිරිපත් නොවෙන තවත් මාතෘකාවක් . ඒත් ලෝක ජනගහණයෙන් භාගයක් විතර ‘විඳවන“ , ඒත් ඒ විඳවීම නොපෙන්නා , වෙස් මුහුණින් වසා ගන්නට උත්සාහ දරන ගැටළුවක් .


ඒ නිසා සමහර විට මේ ගැටළුව ඒ වෙස් මුහුණින් ආවරණය වෙලා හැමදාමත් නොපෙනෙන , විඳවීමක් වෙන අවස්ථා වැඩියි . ඒත් සමහර වෙලාවට ජීවිතේ අවුලක් කරන පවුලක් වෙන්නත් මෙයම හේතුවක් .. මේ ගැටළු ගැන නිසි අවබෝධයක් සමාජයේ බහුතරයක් තුල නොමැති නිසා ඒ වෙස් මුහුණු  “විද්‍යාවක්“ ලෙසින, තෙල් බෙහෙත් කඩකාරයන් තරුණ මොළ කුණු කරන්නට සොඳුරු ජීවිත කුරවළු කරන්නට යොදාගන්නා අවස්ථා අද සමාජයේ වැඩියි.ඒ නිසා අපි අද කතා කරමු මේ “නිවැරදි කර ගත හැකි“ අඳුරු ගැටළුව මොනවාදැයි .

නිරාශා ද .......Loss of libido ද
අපි මෙය වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන්නේ , Loss of Libido නමින් (Libido refers to a person's sex drive or desire for sexual activity.) අපේ බාසාවෙන් සරළව කිව්වොත් “ලිංගික එක්වීමට පවතින නොකැමැත්ත ,ඒ පිළිබද කැමැත්තක් ආශාවක් පවා ඇති කරගන්නට ඇති නොහැකි කම.“ මේ එක්කම මීට ටිකක් ආසන්නව යන lack of libido හෙවත් ලිංගික එක්විමක් සඳහා පවත්නා අඩු කැමැත්ත කියන තත්ත්වය ගැනත් මෙහිදීම කතා කරන්නට සිතනවා . ඒ මේ අවස්ථා දෙකම එකිනෙක බැඳී අඇති නිසා. මේ ගැන ප්‍රසිද්ධියේ කතා නොකළත් ඔබ දන්නවාද ලෝකයේ ජනගහනයෙන් 50%ක් විතර මේ ගැටළුවෙන් පිටතට නොපෙන්වන පීඩාවක් විඳින බව , සාමාන්‍යෙයන් පිරිමි පාර්ශවයට වඩා මේ ගැටළුවෙන් වැඩි පුරම පීඩා විඳින්නේ කාන්තාවන් , ඒත් අවසානය බොහෝවිට පවුල් බිඳිමක් වෙන්නත් පුළුවන් . එයින් එහාට ගිය ජීවිත අහිමිවීම් පවා මේ ගැටළුවත් එක්ක සිදු වෙලා තිබෙනවා. මේ තත්ත්වයට එක් හේතුවක් ගැන අපි කතා කළා 56 වන ලිපියෙන් .මේ ලිපිය කියවන්නට පෙර මෙම 56 වන ලිපිය කියවා ඉන්නවා නම් වඩාත් පහසුවක් වේවි ඔබට.

එහෙම නම් මේ ගැටළුව ගැන ටිකක් විස්තරාත්මකව කතා කරන්නට පටන් ගනිමු , විශේෂයෙන්ම කියන්නට ඕන මේක වෛද්‍ය විද්‍යාත්මක කරුණු අන්තර්ගත ලිපියක් මිසක ඔබේ කාළය කාදමමින් , හැඟීම් රිදවිමින් රසවිඳින්නට ලියූ ලිපියක් නොවන වග .ඒ නිසා ටිකක් සාවධානව රැඳී සිටීවි කියල මම හිතනව.

අපි කතාව පටන් ගනිමු . මානව චර්යාවේ ඉහළ වැදගත්කමක් Sexual activities ගන්නවා , ඒ මානසික තෘප්තිය , කායික සතුට(sexual enjoyment) වශයෙන් පමනක් නොවෙයි , එය යුගල බැඳීම් සඳහා (Coupling) මෙන්ම විශ්වාසයේ එක් සංකේතයක් ලෙස පිළිගන්නා තරමට මේ සමාජ ජීවියා හඳුනාගන්නවා. ඒ විතරද තම වර්ගයා පවත්වා ගැනීමේ “ප්‍රජනන“ කාර්යයයේ මුලික පියවරක් ලෙසින් මේ ලිංගික කාර්යය අද බහුලව යොදාගන්නව.ඒ කියන්නේ මේ “සමාජ විරෝධී නොවන මට්ටමේ ලිංගික ක්‍රියා“ මගින් සිදුවන්නේ පුද්ගලික වාසියකට වඩා පොදුවේ සමාජමය යහපතක් , යහපත් පවුල් සංස්ථාවක් පවත්වා ගනිමින් හොඳ දූ දරු පිරිසක් බිහි කරගන්නටත් යහපත් කායික මෙන්ම විශේෂයෙන් මානසික තත්ත්වයක් පවත්වා ගන්නටත් මේ ස්ත්‍රී - පුරුෂ ලිංගික බැඳිම් වැදගත්.

යකා නටන්න එපා ...
ඒත් .......යම් හේතුවක් නිසා ස්ත්‍රිය හෝ පුරුෂයා මේ “ලිංගික බැඳිම්“ ප්‍රතික්ෂේප කරනවා නම් , ඒ පිළිබඳ කිසිදු රිසියක් නොමැත්තේ නම් සිදු වන්නේ කුමක්ද ? අප මෙතෙක් කතා කළ යුගල බැඳිම් විනාශ කරමින් එම පුද්ගලයාගේ මෙන්ම යුගලේ අනෙක් පාර්ශවයේද මානසික තත්ත්වය පහල හෙලමින් , පවුල් බැඳිම් කඩා දමමින් , යක්ෂාරෑඪයක් වීම නේද ? අනෙක් අතින් “අසාර්ථක ප්‍රජනන කාර්යයක“ ප්‍රතිපලය අනාගත මානව විශේෂය පවා යම් අනතුරක වැටීමක්. විශේෂයෙන්ම යම් නීත්‍යානුකූල පදනම් මත යුගල බැඳිම් ඇති කරගන්නා මෙන්ම , ලිංගික එක් වීම් කෙරෙහි යම් සමාජමය නීතී රීති පවතින “දියුණු සමාජ රටාවක්“ තුල මෙහි විපාක ඉහළයි . ඒ නිසා මෙලෙසෙ ලිංගික එක්වීමක් කෙරෙහි නොපෙළඹෙන්නට , එය ප්‍රතික්ෂේප කරන්නට හේතු මොනවදැයි සොයා බලන්නට දැන් යොමු වෙමු . විශේෂයෙන්ම කිවයුත්තේ , අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් පීඩා වින්දත් , ඊට හේතු සොයන්නට , නිසි ප්‍රතිකාරයක් ගන්නට පෙළඹෙන පිරිස අඩුයි. ඒ වේදනවා තනිව දරා ගනිමින් සිටීම හෝ එය වසා ගැනීමට වෙනත් සමාජ විරෝධි ක්‍රියාවෙත පෙළඹිමයි බහුලව දකින්නට හැක්කේ.

මේ තත්ත්වයට ස්ත්‍රී මෙන්ම පුරුෂ පාර්ෂවයත් ගොදුරු වන නිසා මෙන්ම ඔවුනගේ හේතු සාධකයන් වෙනස් වන නිසාත් වෙන වෙනම මේ ගැන කතා කිරීම සුදුසු යැයි සිතෙනවා. අපි මුලින්ම කාන්තා පාර්ශවය ගැන කතා කරමු , ඊට  ප්‍රධාන හේතුව Loss of libido or lack of libido තත්ත්වයෙන් වැඩි පුරම පිඩා විඳින්නේ , ඒත් එය එලියට නොපෙන්වන “වෙස් මුහුණ “ පැළඳ සිටිනේත් ඔවුන් යැයි අද  පර්යේෂණ මගින් හදුනාගෙන ඇති නිසා.

ඔබට මතකද අපේ 56 වන ලිපියෙදි අපි කතා කළා මේ ලිංගික කාර්යය සාර්ථකව ආරම්භ වන්නට වැදගත් කරුණු දෙකක් ? ඒ Desire හෙවත් ලිංගික එක්වීමකට ඇති කැමැත්ත සහ  Arousal හෙවත් ලිංගික පිබිදීම ..මේ අවස්ථා දෙකෙහි පුර්ණත්වයක් , යහපත් මට්ටමක් නොලැබුණු විට එය සාර්ථක එක්වීමක් වන්නේ නැහැ.

මේ සඳහා හේතුවන අසාමාන්‍යතාවයක් Female Sexual Arousal Disorder ලෙසින් වෛද්‍ය විද්‍යාවේදී හඳුනාගන්නවා. මේ අසාමාන්‍යතාවයේදී ඇයට කිසිම අවස්ථාවක ලිංගික පිබිදීමක් ඇති වන්නේ නැහැ. දැන් වරදවා වටහා ගන්නට එපා ටික දවසකටම මෙහෙම දැනුනට ඒක “ලෙඩක් නෙවි“ , නමුත් දිගු කාළීනවම මෙය පවතීනම් ටිකක් හොයල බලන්නට ඕන.

හුලං ගිය බැළුමක් ද ?
එමෙන්ම ඔස සිතනවාද ලිංගික කාර්යයේ එක්තරා තීව්‍ර  අවස්ථාවක ඇති වන “රිද්මයානුකූල ස්නායු අවේග මාලාව “ Rhythmic impulses හෙවත් Orgasms (සුරාන්තය) ඇති නොවීම මේ සඳහා මුලික ගැටළුවක් කියලා , .....නැහැ....., පර්යේෂකයන් හඳුන්වාදෙන පරිදි ඊට වඩා වෙනත් සාධක බලපානවා. ඒ කියන්නේ කාන්තාවක යම් අවස්ථාවක Orgasms හෙවත් සුරාන්තය පත් නොවීමක් වූ පමණින් ඇය රෝගී හෝ අසාමන්‍ය යැයි වර්ග කෙරෙන්නේ නැහැ. නමුත් කිසිදු දිනෙක ඇයට ලිංගික එක්වීමකින් එම තත්ත්වය නෙලැබුණා නම් ඇය Anorgasmia කියන කායිකමය හෝ මානසිකමය අසාමාන්‍යතාවය වෙන්නත් පුළුවන් .මෙන්න මේ අවස්ථාවෙදි නම් ඒ කාන්තාවට අපි අද කතා කරන ගැටළු ඇති වෙන්නට යම් ඉඩක් තිබෙනවා.

ඔන්න දැන් අපි හේතු සාධක හොයන්නයි යන්නේ ..කාන්තාවන්ට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථාවක් තමයි දරු ප්‍රසූතියකට පසු අවස්ථාව .Post baby coolness (P.B.C) කියන ව්‍යාවහාරික පදයෙන් හදුන්වන මේ සඳහා හේතු කිහිපයක් තිබෙනනවා . ඒ දරු ප්‍රසූතියෙන් පසු ඇයගේ දේහයේ සිදුවන හෝමෝන වෙනස්වීම , ඒ වගේම දරු ප්‍රසූති ක්‍රියාවේදී එම ලිංගික අවයව ආශ්‍රිතව ඇති වන පටක වෙනස්වීම , සුළු කැපුම් හෝ අනතුරු නිසා වෙන්නත් පුළුවන් .කොහොම වෙතත් P.B.C. පවතින අවස්ථාවක යම් හේතුවක් , බලකිරීමක් වැනි සාධකයක් මත ලිංගිකව එක්වීමට සිදුවුනොත් ඇයට Dyepareunia ඇති වෙනවා , එහි ප්‍රථිපලය අපි 56 වන ලිපියේ කතා කළ පරිදි මේ තත්ත්වය දිගටම පැවතීම.

මල් හතයි බර වැඩියි
මීට අමතරව අපේ වැනි ආසියාතික සහ අප්‍රිකානු රට වලදී “නිරක්තිය හෙවත් Anemia “ නම් රුධිරයේ රතු රුධීරාණු අඩුවන හෝ රතු රුධිරාණු වල යකඩ ප්‍රමානය අඩුවන රෝග තත්ත්වයේදීත් අපි කතා කරන ගැටළුව ඇති වෙන්නට පුළුවන්. මීට අමතරව අපි 56 වන ලිපියේ කතා කළ කායික රෝග තත්ත්ව සියල්ලම මේ සඳහා හේතු වෙන්නට පුළුවන්. එහිදි මීට පෙර ලිපියේ කතා කළ තයිරොයිඩ් හෝමෝන අඩුවීමේ තත්ත්වය hypothyroidism ඉහළ ස්ථානයක් ගන්නවා .ඒ වගේම අධික තරබාරුවත් එක්ක සිදුවන “හෝමෝන ප්‍රමාණවත් නොවීමේ “ අවස්ථාවකදිත් ඇයට මේ loss of libido ඇති වන්නට පුළුවන්. ඔන්න වැඩිය මහත් වෙන්න දෙන්න එපා...

වයස ප්‍රශ්නයක් නෑ....
ඒත් වියපත් වීම හෝ ආර්තවහරණය menopause සහ මේ ගැටළුව අතර දැඩි සම්බන්ධයක් නොමැති බවයි අද හඳුනාගෙන ඇත්තේ . ඒ කියන්නේ වියපත් වීම හෝ ආර්තවහරණය වුනා යැයි ඇයගේ Libido අඩු වීමක් යම් තරමකින් සිදුවුනත් , රෝගී තත්ත්වයක් ලෙස අසාමාන්‍ය තරමින් සිදුවන්නේ නැහැ ,

මීට අමතරව කාන්තාව යම් මානසික රෝග තත්ත්වයක් සඳහා දිගු කාළීනව සමනකාරක ඖෂධ tranquilizer කාණ්ඩයේ බෙහෙත් ගන්නවා නම් ඇයටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් බව දැන ගන්න. මෙහෙම කියන්නට හේතුව ඇය එම ඖෂධ මත සිටින අවස්ථාවක මේ අසාමාන්‍යතාවය මතු වුනහොත් ,එය පවුලේ ගැටළුවක් නොකර ගෙන ඔබේ වෛද්‍යවරයා ගෙන් නිසි උපදෙස් ලබා ගන්නට යොමු වෙන්න . එවිට ඊට නිසි වෙනසක් කරන්නට ඔහුට පුළුවන්.

ඔය අපි කතා කළේ කායික ගැටළු නේ . දැන් කතා කරන්නට යන්නේ මානසිකමය හේතු , විශේෂයෙන්ම වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් loss of libido තත්ත්වයට පත් වෙන්නේ මේ මානසිකමය හේතු නිසා බව අද සොයාගෙන තිබෙනවා.ඒ යටත් ඇය depression මානසික අවපීඩනය තත්ත්වයෙන් පෙළිම ප්‍රධානයි , ඊට අමතරව අධික මානසික පීඩනයකින් පෙළෙනවා නම් , Stress හේතුවෙනුත් මේ තත්ත්වයට එන්න පුළුවන්. මේ Stress රැකියාවේ , හෝ වෙනත් බාහිර සාධකයක මෙන්ම විවිධ ගැටළු මත යුවල අතරේ ඇති වන සාධක වන්නටත් පුළුවන් .

ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක රස 
මෙහිදි  ශ්‍රී ලාංකික පරිසරය තුල පිරිමියාගේ මහ ගෙදරට කැන්දාගෙන විත් “නැන්දම්මාගේ බලපුළුවන් කාරකම් වලට යටවන “ලේලිය“ පිළිබඳව ටිකක් කාරුණික වන්නට වෙනවා , ඇය ඒ දැඩි පීඩනය යටතේ සිටිනතාක් නිසි ලෙස Libido ඇති නොවන්නට පුළුවන් . ටිකක් සිතන්න, ඇය ඔබව සතුටු කරන්නට කටයුතු කළත් ඇය එයින් තවත් විඳවනවා නම් , ඒ සතුටක්දැයි .

එමෙන්ම ඔබ සහ ඇය අතරේ පවතින ආදරය අඩුවීම මෙන්ම විශ්වාසනීය බැඳිම අඩුවීමත් ඇයට loss of libido හෝ lack of libido තත්ත්වය ඇති කරන්නට පුළුවන් . ඒ නිසා office එකේ කොච්චර වැඩ තිබුණත් සතුයකට දවසක් වත් ඇයත් එක්ක ටිකක් විවේකව ආදරයෙන් ඉන්න .කතා කරන්න , ඇය  වෙනුවෙන් ඔබ ඉන්න බව ඇයට දැනෙන්නට සලස්වන්න . එමෙනම ඔබ දෙදෙනා අතර විශ්වාසනීයත්වය රැක ගැනීමත් වැදගත්. මේ දේවල් මගින් සාර්ථක ලිංගික ජීවිතයක් පවත්වා ගන්නට ඔබට පුළුවන්.

මීට අමතරව අද සමාජයේ තරමක කතාබහට ලක්වන ස්ත්‍රී මෛථුන්‍යය Lesbianism තත්ත්වයේ රැඳී සිටීම වගේම කුඩා කාළයේදී ලිංගික අපයෝජනයට ලක් වීමත් ඇයගේ “කැමැත්ත“ නැති වන්නට හේතු වන්නට පුළුවන්.
මේ වෙන එකක් ...

දැන් අපි කතා කරමු පිරිමි පාර්ශවය ගැන , ඔවුන්ගේ Libido අඩු වන්නට හේතු මොනවාදැයි ..මෙතැනදී අද සමාජයේ , මුද්‍රිත මාධ්‍ය අතර “විකිණෙන“ ලිංගික බෙලහිනතාවය සහ මේ තත්ත්වය එකිනෙක පටලවා ගන්නට එපා. ලිංගික බෙලහීනතාවයේදී , බොහෝ විට පුරුෂ ලිංගික අවයව ප්‍රාණවත් වීමේ ගැටළු ඇති වෙතත් , එය සසහ ලිංගික කැමැත්ත ඇති නොවීම යනු අවස්ථා දෙකක් . පර්යේෂන මගින් හදුනාගෙන තිබෙනවා මේ ලෙසින් ලිංගික එක්වීමක් සඳහා කැමැත්තක් නැතත් නිසි ලෙස ලිංගික ප්‍රණවත් වීම් erection සිදුවන බව.

මෙතැනදිත් ඔහු දියවැඩියාව , හයිපොතයිරොයිඩිසම් වැනි හෝමෝන රෝග තත්ත්ව වලින් පෙළෙනවා නම් libido අඩු වීමේ අවදානමක් ඇති වෙනවා. ඒත් අපේ රට වල ප්‍රධාන සාධකය , මත්පැන් . alcoholism ලෙසින් මත්පැනට උග්‍ර ඇබ්බැහි වන පිරිමියාගේ , පිරිමිකම නැති වන බව ඔබ දන්නවාද ? , නමුත් එහි අවසන් බලපෑම , කාන්තාව කෙරෙහි ඔහු යොමු කරන්නේ , ඇය පිළිබඳව “සැකයක් “ ඇති කරමින් . මෙහි විය හැකි ප්‍රථිපලය ගැන ලියන්නට ඕනද නේද ?....

මේ ඇහුනද ..ඔයා බයයිද ..?
ඒ වගේම අධික තරබාරුව මෙන්ම නිරක්තියත් හේතුවෙන්නට පුළුවන් .ඔහු පිළිබඳව කතා කරත්දීත් “සම ලිංගික සේවනය“ homo sexuality තත්ත්වය නිසාත් ඔහුගේ libido වෙනස් වන්නට පුළුවන්. ඉතාමත් කළාතුරකින් භාවිතකරන ආරක්ෂිත උපකරණ හේතුවෙනුන් තාවකාළිකව මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන් වෙතත් , එහිදී දෙදෙනාට සාකච්ඡා කර භාවිත කළ හැකි වෙනත් උපක්‍රම බොහොමයක් පවතින නිසා එය එතරම් වැදගත් සාධකයක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. පුරුෂයාට බලපාන මානසික හේතුනම් ඉහත කියූ දේමයි .

දැන් “මෙහෙම දේකුත්“ තියෙන බව හඳුනගත් ඔබ කළ යුත්තේ කුමක්ද ? ....ඉහත  කතා කළ හේතු සාධක අතරින් ඔබටම ඉවත් කළ හැකි සාධක ඉවත ලමින් යහපත් ලිංගික සම්බන්ධතාවයක් ඔබේ නීත්‍යානුකූල සහකරුවා හෝ සහකාරිය සමඟින් පවත්වා ගැනීමයි. එසේ  කළ නොහැකි නම් “පත්තරේ තියෙන වෙළඳ දැන්වීම් “ ඔස්සේ පෙති වර්ග ගිලිමින්  , බළි තොවිල් කරමින් සිටීම නොවෙයි  . මේ තත්ත්වය පිළිබඳ ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න ,එවිට ඔහු ඔබට නිසි ඖෂධ හෝ වෙනත් විශේෂඥ ප්‍රතිකාරයක් සඳහා යොමු කරාවි .,

 හැකියාවක් ඇතොත් “උපදේශන සායනයකට“ යොමු වන්න" එය හරිම වැදගත් . මෙහිදී ඔබ සහ ඇය sexual counselling සහ family counselling යන පියවරයන් දෙක වෙත යොමු කෙරන අතර ඔබ දෙදෙනා සමඟම සකච්ඡා කරමින් උපදේශනය මගින් අදාල ගැටළු විසඳිමට මග ඔවුන් කියා දේවි.මේ සඳහා ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමයේ “ ආලෝකය උපදේශන මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර ඊට අමතරව තවත් වෘත්තීය උපදේශන සේවා ලබා දෙන ආයතනද පවතී.  මෙය ලැජ්ජාවට කාරණයක් නොවයි , මෙයත් අපේ නිරෝගී සෞඛ්‍යය සඳහා වැදගත් සෞඛ්‍යානුකූළ එක් කාර්යයක් පමණයි. ඒ වගේම ඔබේ මිතුරා , මිතුරිය මෙවන් තත්ත්වයක් ගැන ඉඟි පළ කරයි නම් ඇයට , ඔහුට උදව් වන්න නිවැරදි ප්‍රතිකාරයක් හෝ උපදේශනයක් කරා යොමු වන්නට , එමඟින් යුග  දිවියේ සතුට පවත්වා ගන්නට.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ මෙයයි loss of libido හෝ lack of libido කියන තත්ත්ව මහා රෝග නොවෙයි , ඒවා අසාමාන්‍යතා විතරයි .  ඒත්එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට  පුළුවන් , ඒ වගේම එසේ සාමාන්‍ය තත්ත්වයට ගැනීමයි වැදගත් . එසේ නොවී ගෙදරදී විඳිවමින් සමාජය ඉදිරියේ වෙස් මුහුණු දමාගෙන රවටා ගන්නේ ඔබම විය හැකියි. ඒ රවටා ගැනීමේ පල-අපල .....?

මේක ලියන්න පටන්ගත්තේ නුවරදි , ලියලා අවසන් කරලා publish කළේ ගාල්ලේදීය ...සටහනක් ගිය දුරක් !

27 comments:

  1. ඉතාම වටින ලිපියක් හෙද තුමනි....ලංකාව ආසියාවේ අශ්චර්‍යයය වුණත් අපේ මිනිසුන්ගේ සිතුම් පැතුමුත් ඒ වගේම වෙනසක් වෙනවනම් හොඳ බවයි මගේ හැඟීම..මොකද ගොඩක් කාන්තාවන් මැලි කමක් දක්වනවා මේ වගේ කාරණා ගැන තමන්ගෙ සහකරුවා එක්ක පවා කතාබහ කරන්න..ඒ වගේම ලංකාවෙ ටිපිකල් හස්බන්ඩ්ලටත් පුරුද්දක් නැහැ තමන්ගෙ වයිෆ් ලිංගික ක්‍රියාවලියකදි සතුටු වුණාද කියල හොයල බලන්න...

    ජීවිතේ හැම දේම බෙදාගන්න දෙන්නෙක් ඒ දේවල් ගැනත් තෘප්තිමත්ද කියල එකිනෙකා දැනුවත් නම් මේ ප්‍රශ්න ඔඩුදුවන්න කලින් බොහෝ විට වලක්වාගන්න පුලුවනි කියලයි මංචිගෙ අදහස..ඒත් ලෙඩේ සනීප කරනවට වඩා අමාරුයි නොවැ ලේ වලින්ම උරුම වුණු පුරුදු වෙනස් කරන එක...ඒ දැනුවත් කිරීමේ කාර්‍යයට ඉතාම විශාල දායකත්වයක් ඔබේ බ්ලොගය වැනි බ්ලොග් සටහන් වලින් ලැබැන බව නම් නොකියාම බැහැ..

    ReplyDelete
  2. මේ වෙලාවේ නම් ගොඩාක් හදිසියෙන් ලිපිය කියවන්න උනේ.. වෙනදා වගේම මේල් එකක් මම ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙනවා... ඇත්තටම මේ ඔබතුමා කරන සේවය වචන වලට පෙරලන්න මට තේරෙන්නේ නම් නැ.. ඒත් ඇත්තටම මේ ඔබ තුමා ලබා දෙන දැනුම මිල කරන්න බැ.. මේක තාම ගැටලුවක් විදිහට නොවින්දත් හැමදේම ගැන ගොඩාක් තේරුම් ගන්න පුලුවන් විදිහට තේරෙන විදිහට පැහැදිලි කරනවට ආයෙමත් ගොඩාක් පින්

    ReplyDelete
  3. නැවතත් හොඳ වටිනා කියන ලිපියක් ! මේ උපදේශන වැඩ ගම් මට්ටමෙන් ප්‍රචලිතව තියෙනවනම් සෑහෙන්න හොඳයි. තියෙනවා හැම රෝහලකම වෙන්න පුලුවන් ඒත් ප්‍රචලිත නැහැ.

    ReplyDelete
  4. -මකුළු පැංචි ,
    ස්තුතියි මකුළු පැංචි . ඔබේ කතාව නම් නියම ඇත්ත.ස්තුතියි පැමිණියාට.

    -දේවා ගේ අඩවිය ,
    තවම මේ ප්‍රශ්න අඳුන ගන්න දේවා පොඩියි , ඒත් අද මේ ගැටළු හඳුනාගැනීම හෙට යහපත් යුග දිවියකට හේතු වෙන බව නම් ස්ථිරයි.
    ස්තුතියි දේවා ,

    -Weni,
    ඇත්ත Weni , අපේ රටේ උපදේශනය ගැන නිසි තැකීමක් නැති තරම්. කවුරුත් “ලෙඩ හැදුනාම බෙහෙත් ගිලින්න“ තමයි බලන් ඉන්නේ . මේ පිළිබඳ රජයේ අවධානය (ඒ කිව්වේ නිසි උපදේශන සේවා ග්‍රාමීය මට්ටමින් පවත්වා ගැනීම ) යොමු වෙන්නේ නම් වටිනවා. මේ වෙනුවෙන්ම වෙන්වූ සායන පැවතුනත් එය සිමිතයි , පහසුකම් අඩුයි .ඒ වගේම ප්‍රජාවගෙන් ඈත් වෙලා ..ඔබේ අදහස හුඟක් වටිනවා වගේම ප්‍රජාව තුලට යා යුත්තක් .ස්තුතියි

    -Bindi ,
    Thank you Bindi , read and share among your friends and collages.

    ReplyDelete
  5. වටිනා ලිපියක් හැමෝම කියවිය යුතු ලිපියක්...

    ජය...

    ReplyDelete
  6. නියම ලිපියක් !!!

    ReplyDelete
  7. අර වචනය "සුරාන්තය" විය යුතුයි මං දන්න තරමට!හැමදාම වගේ හොඳ ලිපියක්!

    ReplyDelete
  8. -Gayan Rupasinghe,
    ස්තුතියි ගයාන් ..

    -මධුරංග ,
    පැමිණියට ස්තුතියි ඔබටත් ..

    -Sabith ,
    ස්තුතියි සබිත් , ඔබ කී පරිදි දැන් මම එය නිවැරදි කළා ..

    ReplyDelete
  9. බොහෝම වැදගත් ලිපියක්. ඒ සදහා ඔබේ කාලය හා ශ්‍රමය කැපකිරීම වෙනුවෙන් මොහොමත්ම ස්තුතියි. ඔබේ ලිපි පෙළ මම දුටුවේ මෑතකදී අහන්බෙන්. මම පරණ ලිපි බොහොමයක් කියෙව්වා. ඒවා ඉතාම වැදගත්. මට තියන කණගාටුව ඔබේ ලිපි කියවීමට ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකටයි. ජාතික පුවත්පතක හෝ පලකිරීමට ලබනවා නම් , තවත් බොහෝ පිරිසකගේ යහපත් පිණිස හේතු වනවා නොවනුමානයි.

    ReplyDelete
  10. හැමදාම වගේ සමාජය දැනුවත් කරන්න කරන ලද වටින ලිපියක්..

    ReplyDelete
  11. හරි වටින ලිපියක් මේව අපි කතා කරන්න ඕනම දේවල් .
    …ඔබතුමා නුවර ගිහිනුත් ලිපි ලියල අපි වෙනුවෙන් නේද ?
    …හරි සතුටුයි ඔබෙ දරුවන් එක්ක එදා චැට් කලාට ....

    ReplyDelete
  12. වටිනා ලිපියක්..!

    ReplyDelete
  13. -Kavindi,
    ස්තුතියි ඔබේ අදහසට.ඇත්ත අපිට සමාජයේ වැඩි පිරිසක් අමතන්නට ලැබෙනවා නම් තවත් යමක් කරන්නට පුළුවන් ,ඒත් ඒ සඳහා අවස්ථාවක් ,ලැබෙන පාටක් නැති නිසා ලැබී ඇති අවස්ථාවෙන් හැකි තරමට මේ තොරතුරු බෙදාහරින්නයි උත්සාහය ..

    -ChammA ,
    ස්තුතියි ඔබට ..

    -Gimhani ,
    ඇත්තටම අපි දැනුවත් විය යුතුමයි මේ කරුණු ගැන ..
    ඔව් නුවරදි වෙනදට වැඩිය විවේකය ලැබුණ මොකද අපේ දෙන්නට තව හොඳ යාළුවෙක් ලැබුණනේ..ඉතින් මම ඒ වෙලාව මේ වැඩේට ගත්ත.
    ස්තුතියි

    -LPS,
    ස්තුතියි ඔබට

    ReplyDelete
  14. වටිනා ලිපියක්‌
    කියවා අසා ඇති පරිදිනම් ලිංගික එක්‌ වීමකදී පිරිමි පාරශවයට ලිංගික තෘප්තිය අවසන් ඌවත් ස්‌ත්‍රී පාර්ශවයට එම තෘප්තිය දිගු වේලවක්‌ පවතිනාවාලු.ලොකයේ ස්‌ත්‍රීගෙන් 50% ලිංගික්‌ එක්‌වීමකින් පසුව කදුලු හලනවාලු.මක්‌නිසාදයත් අවශ්‍ය තෘප්තිය නොලෙබුන හේතුවමත. ඉතිංග් පුර්ශ පාර්ශවයට ලොකු වගකේඑමක්‌ ඇතෙයි සිතමි
    මැවෙනි අවස්‌තවලත් ඔය කියන ගැටලු ඇතිවිය හැකී සිතමි.
    මගේ මතය අඹුසැමි යුවල හොද අවබෝදයකින් කාටයුතු කරනවනම් මැවෙනි ගැටලු හුගාක්‌ දුරට අඩුකර ගන්න පුලුවන් වෙවී.
    (හැකිනම් ගැහුනු මනුස්‌සය පොත 1 හා 2 සොයාගෙන කියවන්න (පරිවර්තනයක්‌))
    ස්‌තූතී.....

    ReplyDelete
  15. බීම නොහොත් හොම්බෙන් යනකම් ගැහිල්ල වීරත්වයක් කියල හිතන හුවා දක්වන අපේ සගයින්ට මේක හොඳ ලිපියක්.. මන් කියවන්නගත්තේ අපේ ඉස්ත්‍රී පාර්ශවයේ. ෆෙෂල් කිරිල්ල ගැන කියල හිතලයි .. හික්ස් !!

    ReplyDelete
  16. ඔබෙ බ්ලොග් එකෙ මේ වෙනකොට කියවලා තියෙන ලිපි හැම එකක්ම වගේ මේකත් බොහොම වැදගත් ලිපියක් බව මට විශ්වාසයි...මා නොදන්න්න බොහෝ දේවල් මන් ඔබ තුමගේ ලිපි වලින් ඉගෙන ගනන්වා..ස්තූති ඔබට

    ReplyDelete
  17. -මුදී ,
    ඔබේ අදහසටත් , තොරතුරු එක්කිරීමටත් බොහොම ස්තුතියි

    -සරත් ලංකාප්‍රිය ,
    ඇත්තටම වෙලඳ දැන්විම් වලනම් “බීම“ නිසා +++ කියල තමයි පෙන්නන්නේ , ඒත් ඇත්ත කතාව --- ,ස්තුතියි එක්වුවාට

    -Shani ,
    ස්තුතියි දිරි ගැන්වීමට ..ඔව් අපි උත්සාහ කරමු තව තවත් සෞඛ්‍ය දැනුවත් කිරීම කරන්නට ...

    ReplyDelete
  18. කියෙව්වා ලිපියට ස්තූතියි

    ReplyDelete
  19. මම ඔබේ අඩවියට පිවිසුනේ www.srilankamirror.com කියන වෙබ් අඩවියෙන්... ඇත්තටම නොසගවා මෙවන් දේ ගැන කතා කිරීම පිළිබද ඔබට ස්තූතියි වන්ත වන අතර මාව මෙතනට රැගෙන ආ www.srilankamirror.com එකටත් ස්තූතියි වන්ත වෙන්න ඕනි.

    ReplyDelete
  20. Anonymous ,
    ස්තුතියි පැමිණියාට ...දිගටම රැඳි ඉන්න තවත් සෞඛ්‍ය සම්බන්ධ කරාණා ඉදිරියෙදිත් කතා කරන්නට සැලසුම්ව තිබෙනවා ...

    ReplyDelete
  21. may i know ur email address ... please...

    ReplyDelete
  22. Anonymous ,
    Yes sure
    maheshnishantha@live.com
    ...Please just click on 'මගේ අරමුණ' page ...

    ReplyDelete
  23. වෙදතුමා නිවැරදිය....
    පිරිමියා මේ වගේ රෝගාබාධයකට ලක් වුනාම ගැහැනිය විඳින්නෙ පුදුම විදියෙ දෙයක්....
    මොකද ගැහැනියගෙ භුමිකාව මේ සමාජෙ හරි වෙනස් නිසා..

    ReplyDelete
  24. -indi ,
    ඒකවූවාට ස්තුතියි

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. mama dakke ada. oba thumata godak pin. mama aurudu 12 kata oya kiyana sathuta nolabapu kenek.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)