2011/12/29

74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...

මෙදා නත්තල අපේ දෙන්නට හරිම සරුයි , මොකද වෙනද වගේ නොවෙයි , සෙල්ලම් බඩු පෙට්ටි ගණනක් හම්බ උනා , අපේ ළඟ හිතවතුන්ගෙන් වගේම අපේ ගෙවල් කිට්ටුවම තියෙන දේවස්ථානයෙන් .. විවිධ සංවිධාන වලින් .. ගෙදරටම හොයාගෙන ඇවිත් “නත්තල් සීයා“ වගේ තෑගි මළු බෙදා දෙන්නේ ...හැමෝටම හරිම සතුටුයි ..ඔය සෙල්ලම් බඩු අතරේ අපේ පොඩ්ඩි හුඟක් ආස කරන කෙනෙක් ..මිකියෙක් ..හ්ම් ... Mickey mouse කෙනෙක් ..පොඩ්ඩිගෙන් බාගයක් විතර ලොකුයි ...ඇත්තටම හරි ලස්සනයි ..


මේ මිකී එක්ක දෙන්න සෙල්ලම් කරන හැටි බලාගෙන උන්නු මට හිතුනේ , අපි කැතයි කියල දකින්නවත් අකමැති “කරදරකාර මීයා“ වොල්ට් ඩිස්නි මහත්තය අපේ හිත් වලට සුන්දරව ඇතුළු කළ හැටි කොච්චර අගේද කියලා ..කතාවේ හැටියට නම් වෝල්ට් ඩිස්නි මහත්තයටත් “මීයන්ගෙන්“ කරදර තිබුණලු ...ඒක හේතුවක් උනාලු මේ නිර්මාණයටත් ....අද ලෝකේ පුරා මේ මිකී මවුස් මීයෝ කොයිතරම් ඇත්ද ?...ඒත් ඔබ දන්නවද මේ  ලොකු කුඩා අපි හැමෝගෙම හිතට සතුට ගේන මේ “මිකී මවුස් “ නිර්මාණය කළ වෝල්ට් ඩිස්නි මහත්තයා එක්තරා “සුවිශේෂි“ රෝග තත්ත්වයකින් පෙළුනු බව ...ඔහු විතරක් නොවේ තවත් ලෝක පූජිත පුද්ගලයින් ...ඇල්බර්ට් අයින්ටයින් , ලියනාඩෝ ඩාවින්චි , හෙන්රි ෆෝඩ් වගේ පුද්ගලයිනුත් මේ “සුවිශේෂී රෝගය “ සමඟින් කල් ගත කරල තියෙනවා ...

මොකක්ද මේ අරුම පුදුම ලෙඩේ ...ලෙඩේ නම Dyslexia සිංහලෙන් කියන්නේ “වචන අන්ධතාවය“ කියලා , දැන් දන්නවද මොකක්ද මේ කියලා ...

මෙන්න අකුරු ලියන හැටි ..
Dyslexia තත්ත්වයේදි ප්‍රධාන වශයෙන් වෙන්නේ  “අකුරු කියවන්න “ බැරි වීම ..එහෙම නැත්නම් අකුරු අඳුනගන්න බැරිකමක් , ඒ කිව්වේ සාමාන්‍යෙයන් හොඳින් අකුරු කියවිය හැකි වයසේ ඉන්න මේ අයට , තමන්ගේ සම වයසේ අයට මෙන් අකුරු කියවන්න , වචන හදන්න , අමාරුයි , “පොත් කියවන එකනම් තිත්තයි මේ අයට ...“  , හැබැයි අනෙක් වැඩ , ක්‍රියාකාරකම් සාමාන්‍යයි , බොහෝ වෙලාවට අනෙක් දක්ෂතා උපරිමයි ..ඒ කිව්වේ පොත් කියවන්න බැරි උනාට මෙයාට “හොඳට නටන්න , චිත්‍ර අඳින්න  පුළුවන් ..ගෙදරදිත් වෙනසක් නැහැ ..හොඳ ළමයා ..හැබැයි ඉස්කෝලෙදි ටිකක් වෙනස් වෙනවා ...විශේෂයෙන්ම පොත් කියවන පාඩම් වලදි .. මොකද කියවන්න ගත්තට අකුරු මතක නැහැ , නැත්නම් අකුරු මාරු වෙලා වගේ පේනවා ..දැන් කියවගන්න බැරි නිසා කළබල වෙනවා ...වැරදියට කියෙව්වම හැමෝම හිනාවෙනවා ..තමන් කොන්වෙන බව , ලැජ්ජාවට පත්වෙන බව දැනුනම , හිතේ තරහක් එක්ක දරුවා කියවන එක නවත්වනවා ...හරිම සංවේදී සිදුවීමක් ..හුඟක් වෙලාවට  “පන්තියේ මෝඩයා“ වගේ චරියකට තමයි පත්වෙන්නේ ..පොත් බැලුවොත් අකුරු වැරදියි , එක්කෝ අකුරු මාරු කරල , නැත්නම් අකුරු වෙනස් විදියට ලියල...ඉංගිසි වල නම් d , b , k, f, t ,m,wවරද්දනවාමයි ලියන්නේම පැති මාරු කරලා ...හදාගන්නම බැහැ වගේ ...

පාසල් දරුවන්ගේ “ඉගෙනුම් දුර්වලවීම් වලින් “ 90%ක්ම හේතුව මේ Dyslexia තත්ත්වය බව අද හඳුනාගෙන තියෙනවා .ඔබ දන්නවාද පාසල් දරුවන් අතර අපිත් නොදැනුවත්ව 10%ක් විතර මේ තත්ත්වයෙන් පීඩා විඳින දරුවන් ඉන්නවාලු ...හැබැයි වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔබ සැමටම ...මේ දරුවන් මෝඩයන් , නැත්නම් මන්දබුද්ධිකයන් නොවෙයි , ඔවුන් සාමාන්‍යයි ..සමහර විට අනෙක් දරුවන්ට වඩා හැකියාවන් සහිතයි ..එකම ගැටළුව අකුරු සහ කියවීමත් එක්කම පමණයි ...ඒත් නිසි ලෙසින් පිළිසරණක් නොවුනොත් එය දරුවාගේ ජීවිතයට , සමාජයට ලොකු බලපෑමක් කරන තත්ත්වයක් වෙනවා , මොකද ඔහු පන්තියේදි සිදුවන “කියවීමේ නොහැකියාව“ මත මානසිකව පීඩාවිඳින , පාසල , ගුරුවරු අප්‍රියකරන .සමාජයට වෛර කරන අයෙක් බවට පත්වෙන්න පුළුවන් ...ඒ නිසා ඔබෙත් අපෙත් වගකීම තමයි මුල් අවස්ථාවේ මේ වෙනස හඳුනගෙන නිසි ප්‍රතිකාරයට යොමු කරන එක ...


ඇත්තටම මේ තත්ත්වයට හේතු මොනවාද ? ....මේක අපිට විතරක් නොවෙයි විද්‍යාඥයින්ටත් , පර්යේෂකයින්ටත් මේක තවමත් නිසි පරිදිම නොවිසඳුනු ගැටළුවක් ..නමුත් මේ තත්ත්වය ජානමය වශයෙන් , ඒ කියන්නේ පවුලෙන් ලෙඩක් විදියට යාමේ හැකියාවක් තිබෙන බවත් ඊට අදාල වූ ජාන කොටසකුත් හඳුනගෙන තියෙනවා , ඒ වගේම පර්යේෂකයින් කියන තව එකක් තමයි “නිසි වයසෙදි “ දරුවන්ට කියවන්නට පොත පත සහ අවස්ථාව ලබා නොදීමත් , “නොකියවන පවුල් පරිසරයත්“ මේකට හේතුවෙන්න පුළුවන්ලු. අනෙක් හඳුනාගැනීම තමයි මේ තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගෙන් හතරෙන් තුනක්ම “කොලු පැටවු“ ... ඒ එක්කම ඔවුන් බොහොමයක් A.D.H.D  කියන තවත් සෞඛ්‍ය ගැටළුවක් සහිතව ඉන්නවාලු ...(මේ A.D.H.D තත්ත්වය ගැන මීට පෙර ලිපියක ඇති කියවලා බලන්නකෝ ....)

මේ පර්යේෂකයින් කළ විවිධ පරික්ෂණ අනුව මේ තත්ත්වයට මොළයේ වම් පාර්ශවයේ ඇති “අකුරු සහ කථනය සම්බන්ධ කළාප තුනක“  එකිනෙකට සමගාමීව විය යුතු ක්‍රියාකාරීත්වය බිඳවැටීමෙන් ඇති වන බව සොයාගෙන තිබෙනවා (රිය අනතුරකට පසුව වුවත් මේ වගේ තත්ත්වයක් එන්න පුළුවන් , නමුත් අපි කතා කරන්නේ ඒ Traumatic dyslexia  ගැන නොවෙයි ...කුඩා කාළයේ සිට ඇතිවන Primary dyslexia තත්ත්වය ගැනයි ) .

දැන් හිතන්න එපා මේක පොඩි අයගේ විතරක් ලෙඩක් කියල Dyslectic වැඩිහිටියනුත් ඉන්නවා , නමුත් අපි මේ දැනුවත් වීමෙන් කරගන්නට ඕන , ඒ තත්ත්වයට පත්වෙන්නට පෙර පොඩ්ඩන්ට මේ වගේ යැයි සැක කළ හැකි අවස්ථාවක් තියේ නම් Pediatric Psychologist කෙනෙක් මඟින් හෝ සුදුසුකම්ලත් මනෝ චිකිත්සකවරයෙක් මගින් එය තහවුරු කරගෙන , තතත්ත්වය Dyslexia නම් ඉක්මණින් ප්‍රතිකාරයට යන එක ..හැබැයි මේකට පෙති , කරල් නැහැ ...ක්‍රියාකාරකම් මඟින් තමයි උගන්වන්න ඕන ...උදාහරණයක් කළබල නැතිව එක් එක් වචනය ගැන , ලියන හැටි ඒක කියවෙන හැටි , වරින් වර කියමින් කරමින් හුරු කිරීම ..ක්‍රියාකාරකම් මඟින් හුරු කිරීමක් ..පෙර පාසලේ දී Clay භාවිත කරමින් අකුරු හදන , වචන හදන හැටි ..ඔය වගේ ක්‍රම මඟින් තමයි මීට ප්‍රතිකර කෙරන්නේ ..ටිකක් කල් යන , නිසි සොයා බැලීමක් මත කළ යුතු , විශේෂයෙන් දෙමාපියන් මත ලොකු වගකීමක් පැටවෙන ප්‍රතිකාර ක්‍රමයක් ..මේ වෙනස හඳුනාගැනීමෙදි අපේ ගුරුතුමන්ලාට ලොකු වගකීමක් තියෙනවා , කෙටියෙන් කිව්වොත් ගෙදරත්-පාසලත් එකතුවීමකින් තමයි මේ දරුවාගේ ගැටළුවට සාර්ථක ප්‍රථීපලයක් ලැබෙන්නේ ...ඒ වගේම සමාජයෙන් මේ දරුවා කොන් නොකර ..ඔහුත් තවත් එක් දරුවෙක් බවට සළකමින් , සැලකිල්ලක් දක්වන එක හරිම වැදගත් නැත්නම් මේ කිසි දේක පලක් නොවෙන්න පුළුවන් ..

දැන් කියන්නම් මේ තත්ත්වය හඳුනගන්න පුළුවන් ලක්ෂණයක් ...ඔන්න දැන් ඉතින් මේ එක ලක්ෂණයක් තිබුණ කියල “පොඩ්ඩත් අරන් කොළඹ“ දුවන්න ලැහැස්ති වෙන්න එපා .....මේ බොහොමයක් දරුවන් කතා කරන්නට පටන් ගන්නේ හුඟක් ප්‍රමාද වෙලා ..සමහර විට අවුරුදු දෙකක් ගිහිල්ලත් කතා කරන්නේ නැහැ ...කතා කරන වයසේ උනත් එ දරුවා වෙන දරුවන් වගේ නොවි “හරි අහිංසක .....(වගේ ඉන්න ) ....කතා නොකරන බබෙක් වෙන්න පුළුවන් ..(දන්නවද දරුව මේ කතා නොකරන්නෙ එයාට චවන , ඊට අදාල ශබ්ද මතක තියාගන්න අමාරු නිසා ) ...අනික මේ දරුවන්ට උඩ , යට , ඉස්සරහ , පස්ස වගේ සංකල්ප ගැන තේරුමක් නැහැ ...බිම බලන්න කිව්වොත් උඩ තමයි බලන්නේ ...පෑන , පැන්සල අල්ලන එකත් හරියට කරන්න බැහැ වගේ ..

එතැනින් ටිකක් වියපත්වෙලා පෙර පාසලට , පාසලේ මුල් පන්ති වලට ගියාම කියල දෙන කවි , පුංචි සිංදු මතක තියා ගන්න අමාරුයි ..අකුරු වලින් කරන සෙල්ලම් වලට කැමති නැහැ (මෙන්න ප්‍රසිද්ද අකුරු සෙල්ලමක්  http://www.wikihow.com/Speak-Pig-Latin ) ..ඒ සෙල්ලම් වලදි දරුව හැංගෙන්නමයි හදන්නේ ...කොච්චර කිව්වත් වචන අකුරු බොහොමයික් මතක නැහැ , “ග“ යන්න ලිව්වට මේක ශබ්ද කරන්න මතක නැහැ ...අනෙක කටු ඔරලෝසුවෙ වෙලාව බලන්න කියල දෙන පාඩම මේ දරුවට අල්ලගන්නම බැහැ වගේ ..තාත්තා පොඩි බයිසිකලයක් අරන් දුන්නට ඒක පැදගන්න බැහැ , ඒ උනාට සම වයසේ දරුවන් හොඳට බයිසිකල් පදිනවා ....ලොකු පන්ති වලට ගියාමත් ඔය මුලින් කී ලක්ෂණත් එක්ක ...Spelling නම් බිංදුවයි , චරනාවක් ගියන්න ගත්තොත් පේලියයි දෙකයි , ඒකෙත් අකුරු මාරු කරලා ..වරද්දලා ..මකළා....විද්‍යාව , ඉතිහාසය , වගේ විෂයයන් අල්ලගන්න හරිම අමාරුයි දරුවට , පන්තියෙ ඉන්නෙත් පිටිපස්සේ හැංගිලා වගේ ..
මං “මෝඩයිද ?.....
හුඟක් දුරට මේ වෙනකොට දරුවට “මෝඩයා ,පිංගොනා...“ ඔය වගේ නම් පටබැඳිලා , සමහර විට ඉස්කොලෙ යන්නත් කැමති නැහැ , ගියත් හැමදාම නඩු ...මෙන්න විභාගෙට පාඩම් කරන දවස් වලට විනාඩි දෙකක් ගියාම පොත උඩම නිදි ! ..මොකද කියවන එක මේ දරුවට හරිම වෙහෙසකාරී වැඩක් , මහන්සියි ..ඒකයි නින්ද යන්නේ ..

ඉතින් මේ වගේ ලක්ෂණ කිහිපයක් ඇත්නම් වඩාත් හොඳයි ළමා මනෝ චිකිතසකවරයෙක්ගේ උපදෙස් ගන්න එක , එවිට ඔහු අකුර සෙල්ලම් , ලියවීම් , වගේම දරුව  සහ , දෙමාපියන් එක්ක කතාබහ කරලා ..චර්යාවන් බලලා මේ තත්ත්වය ගැන නිසි අගැයුමකට ඒවි .වඩාත්ම වැදගත්තේ Early detection  නැත්නම් වේලාසනම හඳුනාගැනීම ..එතකොට දරුවා ඉක්මණින් යථාතත්ත්වයට ගන්න පුළුවන් , ක්‍රමික පුහුණු කිරීම් වලට පස්සේ ..

තාක්ෂණික ක්‍රමත් ප්‍රතිකාර ලෙසින් 
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද මේ තත්ත්වයට පලදායී ප්‍රතිකාර ක්‍රම (Remediation) තියෙනවා , ඒ එක්කම විවිධ තාක්ෂණීක උපකරණ මඟිනුත් මීට යහපත් උදව්වක් ගන්නට පුළුවන් , ඒ නිසා මේ ගැන දැනුවත් වීමත් , වේලාසන හඳුනාගැනීමට උදව්වීමයි කරන්න පුළුවන් නම් ඒක හරිම වැදගත් ...

මේක කියනව ඔබ දැනට මවක පියෙක් නොවෙන්න පුළුවන් ..හැබැයි තව ටික කළකින් ඒ තත්ත්වයට පත්වේවි ..නැතත් ඔබේ පවුලේ , සමාජයේ දරුවන් තුල වුනත් මේ තත්ත්වයන් ඇතැයි හඳුනාගන්න පුළුවන් නම් ඒ දෙමාපියන් දැන්වත් කරල නිසි යොමු කරවීමක් කරන්නට පුළුවන් නම් එයම ලොකු පිනක් ..

ලිපිය ලියලා අවස්න මේකට අර කතා නායක මිකියගේ ඡායාරූපයක් ගන්න හිතාගෙන බලනකොට එයා අපේ පොඩ්ඩියෝ දෙන්න මැදට වෙලා නිදි ..නැහැ ..එයා මැදට කරගෙන පොඩ්ඩියෝ දෙන්න සැපට නිදි ..පිංතූරයක් ගන්න ගියොත් ඇහැරෙනවා ..ඒ නිසා මේ විදියට කතාව ඉවර කරනවා... අන්තිමට මේ දාන්නනේ මගේ කවියක් නෙවි ..මේ රෝග තත්ත්වයෙන් පෙළෙන ප්‍රතිකාර ගන්නා දරුවෙක් ..තමන්ට දැනුනු ..දැනෙන දේ ගැන ලියූ සංවේදී කවි පන්තියක් ..කියවන්න ..ඔන්න හැබැයි ඕගොල්ල අකුරු මාරු කරගන්න නම් එපා....



I'm asked to read aloud in front of the class,

But the words swim before my eyes.

I start to sweat, I'm breathing fast;

The print I see I cannot recognize.




The students stare expectantly, they wait for me to speak.

But I can't focus, can't grasp the words;

I feel so useless, I feel so weak;

My eyes tear up, and my vision's blurred.




The giggles start as they see my trouble,

No one seems to understand what's wrong.

The letters, for me, flip around and double;

My class assumes I'm stupid because I'm taking so long.




Their laughing faces fill my head,

Mocking me, making me feel like I'm somehow less

Important than they. "Let one of us read instead!"

I shrink at their success.




I don't know why I am this way,

I've done nothing to deserve this;

Why choose one person through which to convey

The pressure that becomes paralysis?




I finally decide there's no more use;

I descend from the podium, shamefaced.

My teacher's mad, she thinks it's some ruse;

For my punishment, I am braced.




I sink in my seat, my skin a lot paler,

Through the window, a cloud covers the sun.

But I don't notice, all I see is my failure;

Once again, the dyslexia has won.




ලියුවේ Tilly

පන්තිය 9

Language Arts Class ~ Fredericton High School

තවත් දින කිහිපයකින් ලබන්නාවු “නව වසර “ ඔබ සැමට සුව , සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා“  යි හෘදයාංගම සිතින් පතමි ..

මේ ගැන වීඩියෝ කිහිපයක් බලන්නකෝ .
.මෙන්න මේ දරුවෙක් විඳින අපිට නොකියන වේදනාව  http://youtu.be/h7cag0Vgkvo

මෙන්න අදාල ජීව විද්‍යාත්මක සිද්ධිය ... http://youtu.be/XKekE10b82s

මේ හින්දි චිත්‍රපටයත් මේ ගැනමයි ..Taare ZameeN Par
http://v.youku.com/v_show/id_XMjk3MDc3MTMy.html

14 comments:

  1. ඔබගේ ලිපියත් වීඩියෝ පටයත් බැලුවම හරිම කනගාටුවක් ඇති උනා මෙවැනි තත්වයට පත්වූ දරුවන් ගැන. මේ රෝගයට ගොදුරුවූ දරුවෙක් ගැන හින්දි චිත්‍රපටයකුත් තියෙනෙව නේද ?

    …ඔබටත්, පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභ නව වසරක් පතනව !
    …බොහොමත්ම ස්තූතියි මේ වසර පුරාම අප හා රැඳී සිටිමින් ඔබ කල මෙහෙවරට .

    ReplyDelete
  2. බොහෝම වැදගත් පෝස්ටුවක්...
    මේ වගේ දරුවන්ව පන්ති වලින් කොන් නොවෙන්නනම් මේ ගැන අවබෝධයක් අනිත් දරුවන්ටත් දෙන එක බොහෝම වැදගත් වෙයි

    ReplyDelete
  3. මහේෂ් අයියයි අක්කයි, පොඩි අය දෙන්නටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    මහේෂ් අයියගේ ටෙලිෆෝන් නම්බර් එකත්, ස්කයිප් එකේ ඔන් ලයින් වෙලා ඉන්නවත් දැක්කම හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ. නැත්තං අපි හදිස්සියක් උනාම කාට කියලා කතා කරන්නද?

    බ්ලොග් ලියන්න ගත්තු හින්දා ලැබුනු දේවල් වලින් මහේෂ් අයියණ්ඩිට හදිස්සියකදී කතා කරන්න ලැබීම ගැනත් මම හරිම සතුටු වෙනවා.

    ReplyDelete
  4. වටින ලිපියක්.. මට මතකයි මම පොඩි කාලේත් මගේ පන්තියෙ ඔය වගේ ලමයෙක් හිටියා. ටීචර්ල උනත් එයාට සමහර වෙලාවට කතා කලේ මැට්ටා කියලයි.ඒ ගැන මතක් වෙනකොටත් දුකයි. සේරටම කලින් මම නම් කියන්නේ ටීචර්ලාව මේ ගැන ගොඩක් දැනුවත් කරන්න ඔනේ.එත් දැන් පාසල්වල තත්වය නම් කොහොමද දන්නෙ නෑ...

    ReplyDelete
  5. මට මේ වගෙ ලමයින් කිහිප දෙනෙක්ම හමුවෙලා තියනවා..
    සමහරු අති දක්ශයෝ...
    සමහරු පුදුම මානුශික ගතිගුණ තියන සාන්තුවරු වගෙ ලමයින්...
    මේක දෙවියන් දුන් තෑග්ගක් වගෙ දෙයක් කියලත් හිතෙනවා ඒ වෙලාවට.
    ඒත් ඒ දරු පෑටවුන්ට ඒක බලපාන විදිය නම් හරිම සංවේදීයි.
    විශේශෙන්ම ඒ අහින්සකයින්ට අනෙකුත් ලමයින් සලකන විදිය , හරි දුකයි... ඒ වගෙ දේ දකිද්දි... :(

    ReplyDelete
  6. හතරදෙනාටම ලබන්නාවූ 2012 වසර සුභම සුභ වසරක් වෙන්නය කියල පතනව . . .

    දැං පෝස්ට් එක . . .
    මම මෙහෙම ලෙඩක් ගැන දැනගත්තෙත් මේ පෝස්ට් එකට පිං සිද්දවෙන්න

    ප.ලි.
    @ගිම්හානි:
    ඔයා කියන්නෙ අමිතාබ් භච්චන් ගෙ "පා" කියන චිත්‍රපටිය ගැන නං . . . මම හිතන්නෙ මහේශ් අයිය ලියපු රෝගයෙන් පෙලෙන රෝගියෙක් ගැන නෙමේ ඒ කතාව.

    ReplyDelete
  7. -Gimhani ,
    ස්තුතියි ඔබට ...ඇත්තෙන්ම මේක හරිම සංවේදී ගැටළුවක් , මොකද මේ පැටවු දන්නේ නැහැ ඇයි තමන්ට අකුරු වරදින්නේ කියලා , අනේ ඒ චිත්‍රපටිය නම් බලන්න ඇවස්ථාවක් ලැබිලා නැහැ , ටිකක් හොයලා බලන්න ඕන ඒගැන ...ඔබටත් සතුට සුව සම්පත පිරි සුබ නව වසරක් වේවා...

    -ලොකු පුතා ,
    ඔව් මේ තත්ත්වයෙන් මිදිල යම් යහපත් තැනකට එන්නනම් පවුලේ , පාසලේ වගේම මිතුරු සහ සමාජයේ උදව්වත් ඕනමයි ...සතුටුයි ඔබ පැමිණියාට ..

    -බුද්ධි ,
    ඔව් මල්ලී ..මටත් මේ බ්ලොග් එක නිසා ඔබවන් සොදුරු මිතුරු මිතුරියන් රැසක් සමඟ හෘදයාංමව බැඳෙන්නට අවස්ථාව ලැබුණා ..එයම ලොකු සතුටක් ..ඔව් ඕනම වෙලාවක කතා කරන්න , අහන්න .දන්න දෙයක් නම් , කළ හැකි දෙයක් නම් මම සූදානම් ඕනම වෙලාවක ...ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් සුව සතුට පිරි සොඳුරු නව වසරක් පතමි ..

    -කැළණිතිස්ස ,
    ඔව් මේ තත්ත්වය ගැන නිසි අවබෝධයක් ලැබුණේ 2002 විතර , තවමත් පර්යේෂණ කෙරෙමින් තිබෙනවා ..නමුත් දැනටමත් ගුරුවරුන් , උපදේශකයන් මේ තත්ත්වය ගැන දැනුවත් කිරීම් කෙරෙනවා ...ලංකාවේ ගුරුමහත්ම මහත්මින්ට මේ දැනුම ලැබෙනවාදැයි මා දන්නේ නම් නැහැ ..ස්තුතියි ඔබටත්

    -ජීවිතේ මල් ,
    ඔව් සමහර තැන්වල මේ ගැටළුව දෙවියන්ගේ තෑග්ගක් විදියටත් කියැවෙනවා , මොකද මේ දරුවන් ඒතරම් දක්ෂතා වලින් පිරිලා ..එය හඳුනාගැනිමත් යොමු කිරීම් කළ හැකි නම් එයයි දිනුම ...ස්තුතියි ඔබටත්

    -ඕනයා,
    ඔව් මල්ලී අපි අපේ සතුටට යමක් කරමු ..එය තවෙකෙක් සතුටු කරවානවා නම් අපේ සතුට තවත් වැඩි වෙනවා නේ...?....ස්තුතියි මල්ලී ..ඔබටත් පවුලේ සැමටත් අර චූටි පැටික්කිටත් සුබ නව වසරක් වේවා ..

    ReplyDelete
  8. මෙි රෝගී තත්ත්වය තියේන ළමයෙක් පිළිබද අමීර්ඛාන් කරපු හින්දි film ඵකක් තියේනවා මෙික කියවල තිබිබනමි ඵ්ක වඩාත් හොද්න් තේරෙයි

    ReplyDelete
  9. මේ ගැන දැනගත්තේ අදමයි. ගොඩක් ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
  10. -Anonymous ,
    ඇත්තටම මම ඒ ගැන දැනුනවත් නැහැ ..මටත් ආසයි ඒ Film එක බලන්න ..හැකියාවක් වෙතොත් නම් සඳහන් කරන්න ..ස්තුතියි ඔබට ..

    -මධුරංග ,
    ස්තුතියි මල්ලී ..

    ReplyDelete
  11. ඔය කියන සිද්ධිය තියෙන ෆිල්ම් එක අමීර් ඛාන්ගේ "තාරේ සමින් පර්" වෙන්නැති..
    ගොඩක් හොඳ ලිපියක්..

    ReplyDelete
  12. -ගිනි කුරුල්ලා ,
    ස්තුතියි ඔබේ පැමිණිම සතුටක් ..

    ReplyDelete
  13. ගොඩක් වැදගත් ලිපියක්.

    ReplyDelete
  14. මහත්මයානනි,මගේ ලොකු තාත්තාගේ පුතාට ඉක්මනින් හා දරුණු ලෙස තරහායාම වැනි රෝගී තත්වයක් දැකිය හැකියි.
    වයස අවුරුදු 14 පමන වෙන ඔහු ඇතැම් විට ඔුගේ පියාට පවා පහර දීමට පෙලබෙනව.නමුත් ඔහු ඉගෙනීමට දක්ෂයි.පාඩලේ ලමුන් සමග හොදින් ඇසුරු කරයි(පාසලේදීත් යම් අවස්ථාවල දරුණු ලෙස හසිරී ඇත)ඒ වගේම පරිගණක ක්‍රීඩා හා ඉංග්‍රිසි චිත්‍රපට නිතරම බැලීමට හැම විටම උත්සහ කරනව.එම නිසාම එය වැලැක්වීමට හදන පියා සමග ඔහු නිතරම ගැඨුම් ඇතිකරගන්නව.
    මෙය තුමන රෝගී තත්වයක්ද.
    ඔබ හදුනන ලංකාවේදී ප්‍මේ සදහා ප්‍රතිකාර ලබාගතහැකි හොද වෛද්‍ය වරයෙකු වෙතොත් ඒ පිළිබදව සදහනක් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.
    ncdisa@gmail.com

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)