2012/10/23

දැන් පෙන්වනවා - ආදර කතාවකට වෙනස් අරුතක්

අද සති මැද චිත්‍රපටය විදියට සොඳුරු සුව අසපුවේ දිග හැරෙන්නෙ ,දකුණු කොරියාණු film එකක් . 2004 වසරෙදි තිරගත වුනු මෙය ඒ වසරේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරින් එකක් වුනා ...සංවේදී ආදර කතාවක් තේමා වුනු මෙහි කියැවෙන ලෙඩක් තිබෙනවා ...ඒ තමයි ඇල්සයිමර් රෝගය ....අපි ඒ ගැන 112 වන ලිපියෙදි කතා කළා , කැමති නම් ඒ ලිපිය නැවත කියවල එන්න ..මොකද එතකොට තවත් පහසුයි සිදුවෙන දේ තේරුම් ගන්න ..


මුලින් කීව වගේ හරිම සංවේදී , විටෙක සුන්දර , ලස්සන ආදර කතාවක් ..කොරියන් බසෙන් තැනූවක් වුනත් ඉංග්‍රිසි උපසිරසි යොදා තිබෙන නිසා කතාව තේරුම් ගැනීමට පහසුයි ...

***වැදගත් දෙයක් ...මෙහි සමහර කොටස් පුංචිම දරුවන්ට නුසුදුසු වෙන්න පුළුවන් නිසා , ඒ ගැන අවධානය යොමු කරමින් චිත්‍රපටයේ රසවිඳන්නට ආරාධනා කරනවා .


Movie: A Moment To Remember (내 머리 속의 지우개)

Language: Korean/English Subtitle

Video/Audio: High Definition

Director: John H. Lee

Writers: John H. Lee, Yeong-ha Kim

Stars: Woo-sung Jung, Ye-jin Son and Jong-hak Baek



14 comments:

  1. ඩීවීඩී එක මෙහෙ තියේද කියලා බලන්න ඕනි...බා ගන්න තරම් හොඳ කනෙක්ශන් එකක් නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ප්‍රශ්නයක් තමයි , පුළුවන් නම් හොයාගෙන බලන්න ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් .
      ස්තුතියි මිතුර

      Delete
  2. මට ෆිල්ම් වල මුල්ටික බලද්දි නින්ද යනව අෆ්පා :(

    ReplyDelete
    Replies
    1. ඒත් මේ ෆිල්ම් එකේ නම් එහෙම වෙන එකක් නැහැ ..වෙලාවක් බලන්නකෝ ..
      ස්තුතියි

      Delete
  3. අදයි ආවෙ මේ පැත්තෙ...බොහොම වටිනා කියන තැනක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීම පිළිබඳව ..හැකියාවක් ඇතොත් නැවත එන්න ..

      Delete
  4. මම මේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ දැන් දවස් තුන හතරක ඉදල... අන්තර්ජාලයේ අස්සක් මුල්ලක් නෑර තියෙන කොච්චර දේවල් කියෙව්වත් කොමෙන්ටුවක් දාන්න කම්මැලි කමට මම ආත්මාර්තකාමියෙක් වගේ හොරෙන්ම පිටවෙලා යනවා... හැබැයි අද මට මේක ලියන්න හිතුනේ වෙන මොකුත්ම හින්ද නෙවෙයි, කොතැනක හරි යහපත් දෙයක් කරන කෙනෙක්ව දිරිමත් කිරීම අපේ සමාජ වගකීමක් හින්දා. ඔබ වගේ සමාජ හිතකාමී වෛද්‍යවරු දිහා බලද්දී අපේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අනාගතය එතරම් අදුරු නෑ කියල දැනෙනවා... ඔබේ සමාජ මෙහෙවරට අපේ ආචාරය....
    මේකත් කියවල බලන්න... මේ ලියල තියෙන්නෙත් ඔබ වගේම යහපත් වෛද්‍ය වරයෙක් ගැන... http://www.gossiplankanews.com/2012/10/great-doctor-in-watawala-incident.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ කොමෙන්ටුවට ..මෙවැනි දිරි ගැන්විම් නිසාවෙන් තමා සොඳුරු සුව අසපුව තවමත් සක්‍රියව පවතින්නේ ...

      ඒත් පුංචි නිවැරදි කිරීමක් කරන්නට ඕන ...මොකද මම වෛද්‍යවරයෙක් නොවෙයි , නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය්ම කෙනෙක් තමයි ..මගේ ඔක්කොම විස්තර “මා ගැන “ පිටුවේ සඳහන් , ඉඩක් ලදොත් විමසා බලන්න ..

      ස්තුතියි ඔබට

      Delete
  5. හ්ම්ම්..ස්තුතියි අපිටත් මේ ගැන කිව්වට සහෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට ...අදහසක් දක්වන්නට එක්වූවාට ..

      Delete
  6. හොඳ අඩවියක්.මම මගේ සිත්ගත් සිතුවිලි නෙත වෙත ඔබව රැගෙන යමි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබේ අඩවියත් , වෙනස් , රසවත් , ප්‍රයෝජනවත් බව කියන්නටම ඕන

      Delete
  7. ඇත්තටම හුගාක් සංවේදී කතාවක්..කොරියානු චිත්‍රපට ඇත්තටම පුදුම තාත්විකයි..බෙදා හදා ගත්තාට බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ...මේක නම් හිතට දැනුනු හුඟක්ම සංවේදී චිත්‍රපටයක් ..ඔබ කියනව වගේ තාත්වික බවින් නම් උපරිමයි ...
      ස්තුතියි ඔබට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)