![]() |
වැස්ස ළඟ අව්ව |
කාළෙකට පස්සේ ඇඟට පොඩි රස්නයක් දැනෙන දවස් ටිකක්. මෙතුවක් දවසක් කළබල නැතිව හිටි කුරුළු කිරිල්ලියන් දැන් සිංදු කියන්න පටන් අරන් . ආසාවට දකින්න නැතිව හිටි ලේනුන් ටික ආයෙත් ගස් වලින් බිමට බැහැල “බෝල් රූම් ඩාන්ස්“ දාන්නට පටන් අරගෙන , හැංගිලා හිටපු ඉර දැන්නම් වලාකුළු අස්සෙන් සැරින් සැරේ එබිලා බලල හිනාවක් දානවා . පොළවත් ටික ටික උණුසුම් වීගෙන එන මේ වස්සාන කාළය හැම තැනම අළුත් වෙනසක් ගෙනත් .