2016/02/29

198) මැකුවොත් හිරේ දමන “අපේ මිනිස්සු“

අද වෙන කිසිවක් නොකියා කතා දෙකක්ම කියන්න හිතුන .

පළමු කතාව : 
මැකුවොත් ......
ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳව පාඩමක් කියල දෙන ගුරුතුමා , පාඩම අතරේ වැදගත් වචන කළුලෑල්ලේ ලියනවා , “අවදානම , ආරක්ෂාව , ලිංගික , “ ....ඔය වගේ පාඩම කරන ගමන් පොඩි වචන ලියැවෙනවා . පාඩමේ අන්තිමට කළේ ඒඩ්ස් ගැන . ඔය ටික කරත්දි ඒඩ්ස් වල ප්‍රධාන වචන කිහිපයක් මෙන්න මෙහෙම ලියවුනා “ඒඩ්ස් මාරාන්තිකයි“  . පාඩම ඉවර වුනා . ටීචර් පන්තියෙන් යන්න ගියා . පන්ති නායිකාව ඉක්මණට ඇවිත් කළුලෑල්ල මැකුවා. ඊළඟ පීරියඩ් එකට ටීචර් කෙනෙක් නැති නිසා පන්ති නායිකාව ගියා ඔෆිස් කාමරේට ලොකු සර් හම්බවෙන්න . ඒ අතරේ පන්තියේ උන්නු කොල්ලො ටික ආයෙත් බෝඩ් එකේ ලියලා “ඒඩ්ස් මාරාන්තිකයි“ කියන කොටස . මොනිටර් නෝනා ආව , දැක්ක බෝඩ් එකේ ලියපු දේ . ගත්ත හුණූ කොට්ටේ මකාගෙන ගියා තරහින්ම . ඒක මකල ගිහින් වාඩි වෙන්න වුනේ නැහැ , මෙන්න තව කොල්ලෙක් ආයෙත් “ඒඩ්ස් මාරාන්තිකයී“ ලොකුවටම ලියල . මොනිටර් කෙල්ලට තරහ ගියා , ගස්ස ගෙන ඇවිත් ආයෙත් මකල කොල්ලො රෑනට ටිකක් ඔරවලත් ගියා. ගියා කිව්වට යන්න වුනේ නැ, මේ කෙල්ලගෙ “මැකිල්ල“ටයි එරවිල්ලටයි එක්ක , වෙන කොල්ලෙක් ඇවිත් ආයෙත් මෙන්න මෙහෙම ලියල , “ඒඩ්ස් මාරාන්තිකයි , මැකුවොත් හිරේ “ . අන්තිම කෑල්ල ටිකක් තද පාටෙන්ම ලිව්වලු . 

2016/02/28

197) මුහුණුපොතෙන් ආ “ගල්කාරයා“

ෆේස්බුක් හෙවත් මුහුණූපොත පිළිබඳව විවිධ මතවාද තිබුණත් , මම නම් මගේ මුහුණූපොත යොදා ගන්නේ අවශ්‍යතා කිහිපයකට , එකක් මගේ මිතුරන් , සහ මගේ සිසුදරුවන්  සමඟින් හැකි විටෙක සුහද කතාබහක යෙදෙන්නට , දෙවැන්න විවධ අවස්ථාවන් වල ලබන අත්දැකීම් ඡායාරූප විදියට අමුණල තියාගන්නට , ඒ තව ටිකක් වයසට ඒ ඒ කාළෙට සිදුවුනු දේ ගැන සුන්දර මතක සටහනක් විදියට දිග හරින්නට. ඒ හැරෙන්නට , තෙවැන්න ලොව පුරා සිදුවන ප්‍රවෘත්ති දැන ගන්නට. ඒ හැර දේශපාලනය , ආගම නැත්නම් වෙනත් මතවාද බෙදා හරින කටයුතු ඒ ඔස්සෙ සිදුවන්නේ නැහැ. ඒ නිසාම මගේ මිතුරු පිරිස ඉතාම සීමිතයි හැබැයි ඒ හැමකෙනෙක්ම “හොඳින්ම දන්නා අය“ .

කෙසේ වෙතත් විවිධ අවස්ථාවන් වල ඒ  මිතුර ගොනුවෙන් කිසිවෙක් ඉවත් කරන්නට වුනා වෙන්නත් , ඉදිරියේදි වෙන්නත් පුළුවන් ,නැත්නම් එවූ request එක අනුමත නොකළා වෙන්නත් පුළුවන්.   නමුත් ඒ unfriend කිරීම හෝ request එක  accept නොකිරීම , ජීවිතයේ පවතින මිතුරු දම් බිඳ දැමීමක් නොවන වග කියන්නටම ඕන. මක්නිසාද මුහුණූපොත යනු “ජීවිතය නොවන නිසා“ .  

2016/02/16

196) හද ගිණි නිවන්නාගේ අවදානම

ගැස්ට්‍රයිටිස් කියන්නෙ අද සමාජයේ , කැස්ස හෙම්බිරිස්සාව වගේම “පොදු දෙයක්“ වෙලා. ඒ නිසා හුඟ දෙනෙක් ඒ රෝග තත්ත්වය ගැන හොඳට දන්නවා. (නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතැනින් ගිහින් ගැස්ට්‍රයිටිස් ගැන කියවන්න පුළුවන්) . 

මේ Gastritis සහ ඊටම සම්බන්ධ GERD උගුර- පපුව දැවිල්ල ඇතිවීම , ආමාශයික වෘණ (Gastric Ulcer)  වගේ තත්ත්ව වලදි ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ අතර , අවස්ථා කිහිපයක් තිබෙනවා .
  • රෝග කාරකය බැක්ටිරියාවක් නම් (H.pylori) ඒ සඳහා ප්‍රතිජෛවක වර්ග
  • ආමාශයේ පවතින දැඩි ආම්ලිකතාව පාලනයට , ප්‍රතිඅම්ල (Antacids) 
  • ආමාශයික යුෂයට එක්වන අම්ල ප්‍රමාණය අඩු කිරීමට යොදා ගන්න ප්‍රතිහිස්ටැමීන වර්ගයේ ඖෂධ (Antihistamines)
  • ආමාශයික , අම්ල නිපදවීම අඩු කරනවන Proton Pump Inhibitors (PPI) ගණයෙ ඖෂධ

2016/02/14

පුද්ගලිකයි ( රහසිගතයි) - ආයෙත් ලියනවා “පුංචි හිතට“

Our Curious Minds
http://www.cyberslk.net/
දෙදහස් එකොළහේ ජුනි මාසේ සිංහලෙන් බ්ලොග් ලියන්න ගනිත්දි මගේ කෙල්ලො දෙන්නට වයස අවුරුදු නමයයි , හතයි . එදා පටන් ගත්තු ලියවිල්ල , පුංචි කතා , කවි ලියමින් සතුටක් ලබන්නට ඔවුන් පුරුදු වෙලා හිටියා. දිගටම ලියූවත් , පහුගිය අවුරුදු දෙකක විතර වරින් වර සිදුවුනු වෙනස් කම්එක්ක ලිවිල්ල ටිකක් අතෑරල තිබුණත් , ( ඒ කාළෙ පුරා වරින් වර The RainDrops Channel තුලට වීඩියෝවන් කළත් https://www.youtube.com/user/THERaindropsChannel) මෙන්න ආයෙත් ලියන්න පටන් අරගෙන . ආයෙත් “පුංචි හිතට දැනෙන දේ“ , සිංහල බ්ලොග් පිටුවට ලිපි එකතු වෙනවා . හැබැයි එදාට වඩා තරමක් වෙනස් ඇති , වයස , රට , වගේම භාෂාමය වෙනස්කම් සහ අත්දැකීම් රැසකටත් මුහුණූ දුන් ඔවුන්ගේ ලිපි කියවන්නට ඔබ කැමති නම් http://www.cyberslk.net/ ලිංක් එක ඔස්සේ ඇවිත් (නැත්නම් ඔය උඩ තියෙන ‘‘පුංචි හිතට“ කියන ටැබ් එක ක්ලික් කරලා) කියවන්නට , පුංචි වචනයකින් සතුට බෙදා ගන්නට " ,ඔවුන් දිරිමත් කරන්නට ඔබට පුළුවන් .

ඒ වගේම ඔබේ පුංචි දුව , පුතා ලියන්න ආස නම් ,ලංකාවේ ඉපදුනු , ඉගෙන ගත්තු ඒත් දැන් ලංකාවෙන් අෑත රටක ඉන්න “අක්කල දෙන්නෙක් එක්ක කතා කරන්න“  , අදහස් හුවමාරු කරගන්න ,  එවන්න ඊමේලයක් dinithi.mithili@gmail.com ට  , රට තොට ගැන ,ඉස්කොළ ගැන , විභාග ගැන වගේම තවත්  පුංචි පුංචි සුන්දර දේ ඇති නොවැ ඒ පැටවුන්ටත් , ඉතින් ලියන්න දෙන්න . ඒ හැම දේකට බ්ලොග්  එකේදි උත්තර දෙන්නට “දිනිතියි මිතිලියි“ සූදානමින්.

කැනඩාවට එන්නට මඟමීටම සම්බන්ධව , කැනඩාවට එන්නට පෙරුම් පුරන ඔබට දැන ගත යුතු යම්  තරමක් තොරතුරු “කැනඩාවට එන්නට මග“  http://sincanada.blogspot.ca/ පිටුවේ සටහන් කළා මීට කළකට පෙර . නමුත් දැන ගත යුතු තවත් දේ ඇත්නම් , දන්නා දේ කතා කරන්නටත් , දැනටම කැනඩාවට එන්නට සූදානමින් ඉන්න ඔබට දැන ගන්නට ඇත්නම් යමක් , ඊට  සහයෝගයක් දෙන්නටත් මම සූදානම් . ඒ සඳහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ (සොදුරු සුව අසපුව පිටුවේ වම් පහළ කෙළවර ඊට මග ඇති)  සති අන්තය  තුල මා අමතන්නට ඔබට පුළුවන්.  නමුත් මේ සහයෝගයක් කීවේ මා ලද අත්දැකීම් මත යම් උපදෙස් සහ තොරතුරු ලබා දීමක් පමණක් බව කියන්නටම ඕන . මක් නිසාද මීට පෙර අවස්ථා කිහිපයකදී  “ඊට වඩා උපකාර“ කරන්නට ගොස් හිත් රිදවා ගත් අවස්ථා තිබෙන නිසාවෙනි. විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි මෙය , ඒ , මේ සියල්ල කරන්නෙ  අපට නොමිලේ ඉගෙන ගන්නට මුදල් දුන් “සිරි ලංකාවේ “ තවත් අයෙකුට කරන සහයෝගයක් ලෙස පමණි  , ප්‍රතිඋපකාරය ලෙස “මනුස්සකම පිරි සිනහවක්“ පමණක්ම ප්‍රමාණවත් බව කියනු කැමැත්තෙමි.(මේ නිසා මෙම අවශ්‍යතාව වෙනුවෙන් මගේ මුහුණු පොත වෙත requests  සහ Messages එවමින් අමනාප නොවනු ඇතැයි හිතනවා )

-- සුව සතුට පිරි දිනයක් ඔබ සැමට -- මම මහේෂ්


2016/02/09

195) තෙරපන විදිල්ල

තවත් අළුත් සතියක් . හැම සතියකම ලිපි කිහිපයක් පල කරන්නට දරන උත්සාහය තව දුරටත් පවත්වා ගන්නත් එක්ක අද තවත් ලිපියකට මුල පුරන්නයි උත්සාහය. හැබැයි ලිපියේ එහාට යන්නට ඉස්සර වෙලා කියන්නට ඕන , මේ ලිපියේ කියවෙන දේවල් කෙනෙක්ට අප්‍ර‍සන්න වෙන්න පුළුවන්. ඒ නිසා “වින්දනයක්“ ලබන්න පමණක් හිතාගෙන ආව නම් මෙතැනින් එහාට කියවන එක ඒතරම්ම පලක් නැති වේවි .

එසේ නම් අද මාතෘකාව “වමනය“ .
“ඊඊඊඊයාාාාාා .... ඈෑෑෑෑයීීීයාාාාා“
මේ Projectile vomiting වගේ

2016/02/03

194) හැංගි හැංගි ලොකු වෙලා ලෙඩ දෙනවා “වම“

අද කතාවත් “හදවත“ ගැන . මේ දවස් වල වැඩියෙන්ම කතාවන , වැඩියෙන්ම “විකිණෙන“ දෙයක් නොවැ මේක. ඉතින් ඒ නිසාම මමත් අද පෝස්ට් එකට “හදවත“ම මාතෘකා කරගත්ත. ඒ වගේම ඔබ දන්නව “සොඳුරු සුව අසපුවෙන්“ වැඩි පුර දකින්නට ලැබෙන්නෙ ලෙඩ රෝග  , බෙහෙත් හේත් ගැන කියලා . ඉතින් ඒ සම්මතය නොබිඳම අද අපි කතා කරන්න හදනවා තවත් එක් හදවත් රෝග තත්ත්වයක් ගැන . ඒ තමයි Left Ventricular Hypertrophy කියන තත්ත්වය . මේ ලොකු කතාවට එන්නට ඉස්සර අප පොඩ්ඩක් හෘදයේ ක්‍රියාකාරීත්වය මතක් කරගනිමුද  ?

193) “ආදරයේ කෑළි තුනම“ පරිස්සමට රැකගන්නේ

තවත් දවස කිහිපයකින් “ඉතා වැදගත් දවසක්“ එනවා , මොකක්ද ඒ ?

කෙනෙක් කියාවි “නිදහස් දිනය “ ඒ වගේම ඊට වඩා සැලසුම් සහගත විශේෂ දිනය වෙන්නේ 14 දා වැලන්ටයින් දිනය . සංස්කෘතිය , සභ්‍යත්වය එක්ක පටලවටගන කොයි තරම් කෑ මොර දුන්නත් අද වෙනකොට “වැලන්ටයින් දිනය“ අපේ රටෙත් විකිණිලා ඉවරයි . 

මේ සංකර යැයි සම්මත රටවල “වැලන්ටයින් දිනය “හරිම සුන්දර විදියට සමරත්දි , ඉන්දියාව, අපේ රට , වගේ හොඳ සංස්කෘතියක් තිබුණු රටවල් එය සමරන්නෙ ටිකක් “වෙනස් විදියකටද“ කියල හිතෙනවා. කෙසේ වෙතත් , මොකක්ද ඇත්තටම වැලන්ටයින් දිනය  , එය මේ රට වල සමරන විදියට  , හොඳ නරක වගේම ඊට වඩා වැදගත් ඔබ ලබන “ආදරේ“ ඇත්තටම “ආදරේද“ කියල චුට්ටක් හොයල බලන්නත් හොඳ දවසක් එය . 

අන්න ඒ නිසා “වැලන්ටයින් දිනේට ඉස්සර වෙලා මෙන්න මේ ප්‍රශ්න හයට උත්තර දීල බලන්න . ලකුණු 6න් 6ම ගන්න අමාරුනම් , කියවන්න  මේ ලිපි දෙක , ඊට පස්සේ ආයෙත් උත්සාහ කරල බලන්න .
(වැදගත් , මේ ලිපිය “වැලන්ටයින් දිනය “වෙනුවෙන් උනන්දුවන සහ පෙර සූදානම් වන පුංචි කෙල්ලන්ට කොල්ලන්ට  වඩාත් යෝග්‍යයි )


දිග ලිපියකින් හෙට  හමුවන තුරු සුබ දිනයක් ඔබට ! 

පිංතූරය උඩ ක්ලික් කළොත් පැහැදිලිව කියවන්නට පුළුවන් වේවි

2016/02/01

192) සල්ලි දීලා ගෙන්න ගන්න - බෙහෙත් නැතිව මැරෙන්න වෙන MDR

 දිනය : අද 
ස්ථානය : රෝහල
හමුව : ඔබත් ඔබේ වෛද්‍යවරයාත්
හේතුව : රෝහල් ගතව සිටින ඔබේ දරුවා

“අද ආපු වාර්තා සියල්ලක් අනුව තහවුරු වෙනවා , ඔබේ දරුවාට තිබෙන්නෙ එක්තරා බැක්ටීරියා ආසාදනයක්  , නමුත් මෙතෙක් අප ලබා දුන් කිසිම ඖෂධයකට රෝග තත්ත්තවය අඩු නොවූ නිසා කළ වැඩි දුර පරික්ෂණ වලින් පසුව අපට දන්වලා තිබෙනවා මේ බැක්ටීරියාවට පහර දෙන්නට කිසිම  බෙහෙතක් නැති බව “

“ඒ කියන්නේ ?“

“ ඒ කියන්නෙ අපට මේ දරුවගේ රෝග තත්ත්වය සුව කරන්න නම් , ඇඟේ ඉන්න මෙම බැක්ටීරියාවන් විනාශ කරල දාන්න  ඕන , නමුත් අප ගාව තියෙන ප්‍රබලම ඇන්ටිබයෝටික් එක දුන්නත් , එයිනුත් මෙම බැක්ටීරියාව විනාශ කරන්න බැහැ , ඒ කියන්නේ  දරුවට මේ තියෙන රෝග තත්ත්වය සුව කිරීම ගැන බලාපොරොත්තු තබා ගන්න අමාරුයි “

“ඒ කියන්නෙ මේ කැස්ස , උණෙන් දරුවගේ ජීවිතේ වුනත් ....... ?“