2016/05/15

203) වටිං ගොඩිං කතා කියන පිටිං ඉඩීමා

පහුගිය කාළේ හැංගිලා හිටිය ඉර දැන් ඉතින් සැරට වැඩ පටන් අරගෙන. කොළ නැතිව තිබුණූ “ගස්“ සුන්දර කොළ පාට සළු වලින් එතිලා. සුදුපාට , මඩ පාට වෙලා තිබුණු බිම දැන් සීතල තණ නිල්ලක් වගේ. අළුත් කොළ දළු , පැය දොළහකටත් වඩා අපිත් එක්ක ඉන්න ඉර එළිය අමුතු ප්‍රබෝධයක් ගෙන දෙන්නේ. එහෙම දවසකටත් ගේ අස්සට වෙලා ඉන්න පුළුවනෑ.

හැම සති අන්තයක වගේම මේ සති අන්තයෙත් ටිකක් ඈත ලස්සන පරිසරයකට ගියා. ගමන ටිකක් දුර උනත් , ඒ සුන්දරත්වය නම් ඉහළයි. කෙල්ලො දෙන්නටත් ඇති කියන්න දඟලන්න පුළුවන් තැනක්. ආපු වෙලාවේ ඉඳළ දැඟලිල්ල ,

“තාත්තී , මේ trail දිගේ යමුද ? ලස්සනයි වගේ පහළට යත්දි“ පොඩ්ඩි හරි කළබළේ .
“පොඩී , තවම ඔය පාර සුද්ද කරල හදල නැහැනේ , මොක්කු ඉන්නවද දන්නෑ “ අම්මගෙන් උත්තරේ ලැබුණ.
“අනේ අපි යමු කෝ, මං ඉස්සර වෙන්නම් ,‍නේද අක්කේ“