2026/02/08

260. බුදුන් උපන් රටෙන් , Sex එඩ් උගනිමු.


සමහර විට ඔබට මතක ඇති මීට සතියකට විතර ඉස්සර ලංකාවේ ‍ලොකු කතාබහක් වුනා ලිංගික අධ්‍යාපනයද ගුණධර්මද , නිසි කාලේ මොකක්ද ව‍ගේ ප්‍රශ්නෝත්තර මුතුවුනු ලොකු කතාබහක්. ඊට ටික කළකට ඉස්සර වෙලා ඉස්කෝලේ පොතකට මොනවදෝ අඩුපාඩු වගයක් නිසාත් ලිංගික ප්‍රශ්න ගණනාවක් ගැන උණුහුම් වෙලා හිටියා. අනේ මන්දා, හුඟක් අය හිතාගෙන ඉන්න "බටහිර" රටවල, බටහිර සංස්කෘතිවල ලිංගික කතා ගැන උණූහුම් වෙනවට වඩා, ඒ ගැන වැඩියෙන්ම අවධානය යොමු කරල තියෙන්නෙ ලංකාවේ, "සිරි ලාංකික" යම් පිරිසක්ද මන්දා? 

කොහොම හරි, මේ ලිංගික අධ්‍යාපනය, ඒකේ හොඳ නරක ගැන මෑතම කතාවට මුල වුනේ, අර බණ දහම් දෙසන, දේශපාලනික වගේම, ‍ගෝලීය සංස්කෘතිය ගැනත් දැනුවත්බව අඩු ප්‍රජාවක් චූන් කරන්නට හොඳින් දන්නා, ජීව විද්‍යාව උගන්වනවා යැයි කියමින්, සමාජ මාධ්‍යමය වශයෙන් "අන්ධ වන්දනීය" ජනප්‍රියත්වයක් ගත්  ටියුෂන් ව්‍යාපාරිකයෙක්ගේ අගක් මුලක් නොදැන, ජීව විද්‍යාත්මක පදනමක් න‍ොදැන, හුදෙක් රැල්ල පිනවා ලාබ ලබන්නට කී "හිස් කතාව" නිසා. හැබැයි, මොනව වුනත් උන්දෑ වගේ සමාජය තුල ප්‍රසිද්ධ කෙනෙක් මෙහෙම කතාවක් කළ නිසා මේ ගැන අපට කතා කරන්න පුළුවන් වුනා, ඒ වෙනුවෙන් අමුතු මත දරුවන්ගේ ඔළුවලට දාන ඒ ව්‍යාපාරිකයාටත් ස්තුති නොකරම බැහැ.

සති දෙකෙන් අමතක වන "ජානමය" සංයුතියක් තියෙන අපේ සමාජය, මට දැනෙන විදියට මේ වෙත්දි ඒ ගැන කතාබහ හිමීන් සැරේ නිමා කරල, තවත් සති දෙකක් පවතින්නට අළුත් සිද්ධියක් හොයනවා ඇති. නමුත්, ඒ අතරේ මගේ අරමුණ, කතා කරන්නට පටන් ගත්ත ඒ "වැදගත් මාතෘකාව" ඔස්සේ මේ ලිපියත් ලියන්නට. ඒ, එකක්, සමාජ තුල සෞඛ්‍යය විද්‍යාත්මක, ප්‍රජා දැනුවත්බවේ වටිනාකම හොඳින්ම දන්නා, ඒ වටිනාකම පවත්වා ගැනීම වෙනුවෙන් වෙනත් රටක සැලසුම් කරන, කාළය යොදවන, අත්දැකීම ලබන අයෙක් විදියට. ලංකාවේ උපන් පුද්ගලයෙක් විදියට, ඒ ප්‍රජා දැනුවත්බව ලබා දීම වෙනුවෙන් මටත් ඇති යම් හෝ වගකීමක කොටසක් ඉ‍ටු කරන්නටයි මේ ලිපියත්. මෙය කවුරුන් කියවාද? කීදෙනෙක් කියවාද මට කිසි වගක් නෑ, මගේ වගකීම නිවැරදි ලෙස ඉටු කරනවා විතරයි. 

එහෙම නම් අද කතාවට.

2026/02/04

259. ලිංගික අධ්‍යාපනයේ “නිසි වයස”


අද නම්, සෞඛ්‍යය දැනුවත් කිරීම් කරන්නට ඕන තරම් ෆේස්බුක් පේජ්, ගෲප්ස් තියෙනවා. විශේෂයෙන්ම අර වීව්ස් වලින් කීයක් හරි හොයාගන්න පුළුවන් පහසුකම ලංකාවට ලැබුණට පස්සේ, සමහර සෞඛ්‍යය වෘත්තිකයන් සැලකිල්ලෙන්, නිවැරදි ලෙස පළ කරන පෝස්ට් සොරකම් කර, තමන්ගේ වගේ බෙදාගන්නා, ඒ ඔස්සේ කීයක් හෝ හොයාගන්නට උත්සාහ කරන ෆේක් හෙල්ත් ෆිල්ඩ් එකක් දැන් ෆේස්බුක් පරිසරයේ ඇති බවක් පේනවා. 

හැබැයි, මෙව්ව මේ තරම් නැති කාළේ, ලිව්වට සල්ලි හම්බවෙන්නේ නැති කාළේ , අන්තර්ජාලයේ සිංහල අකුරු භාවිත කරමින්, සෞඛ්‍යය තත්ත්වයන්, සෞඛ්‍යය පරිසරයේ ඇත්ත අත්දැකීම් ගැන සෞඛ්‍යය වෘත්තිකයන් විසින් ලියවුනු  නිවැරදි තොරතුරු ලියවුනු “සිංහල බ්ලොග්” කිහිපයක් ඇති වුනා. ඒ අත‍ර, “සොඳුරු සුව අසපුව” නමින් මගේ බ්ලොගයත් සක්‍රියව තිබුණා. 

2026/02/02

258) ලංකාවේ Sex ed සහ ගුණධර්ම රැකීම


පහුගිය දවස් ටිකේ ෆේස්බුක් නිව්ස්ෆිඩ් එක පුරා එක් එක් ආකාරයට හැඩ ගැන්වූ එක් කතාවක් පැතිරෙන බව දැන ගන්න ලැබුණා. ඒ "ලංකාවේ sex education" කියන මාතෘකාව ගැන. 

මුලින්ම යම් දේශපාලනික හෝ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා වගේ දැනුනත්, පහුපහු වෙන්න ඒ කතාවලට හේතුකාරකය, ලංකාවේ සමාජ මාධ්‍යයම ජනප්‍රියතාවයක් ලබාගෙන ඉන්න, එක්තරා ටියුෂන් ගුරුවරයෙක් කළ දේශනයක් බව පස්සේ කියවන්නට ලැබුණා. 

2026/01/21

"සොඳුරු සුව අසපුව" නැවතත්.....,

Follow Banner

Welcome

සොඳුරු සුව අසපුවේ මීළඟ ලිපි වෙනුවෙන්

2025/09/28

257) හෝටල් කාමරේ නොකී කතාව

හැම ජීවියෙක්ටම පොදු ජීව ලක්ෂණයක් අප ඉගෙන ගත්තා හයේ හතේ පන්ති වලදි , ඔබට මතකද මන්දා? (අපට ඉගැන්නුවේ අරුණලතා ගුරුතුමිය, ඔබට මතකද ඔබේ ගුරුවරයා කවුද කියල?) ඒ , සංවේදීතාව එහෙම නැත්නම් උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව. එය ජීවියා සංකීර්ණ වන්නට, එහෙම නැත්නම් ජීවියාගේ ස්නායු පද්ධියේ සංකීර්ණත්වය වැඩි වෙත්දි, වේදනාවට/හානිකර බවට සංවේදීකම (nociception) සිට, " සවිඥානක වේදනාව" conscious pain නමින් වෙන්කර හදුන්වන සංකීර්ණ අවස්ථාව දක්වා එනවා. දැන් ඉතින් මිනිස්සු, අපි බොහාම සංකීර්ණ ස්නායු පද්ධිතයක් හිමි අයනේ. (සමහර වෙලාවට ඕක හරියට පාවිච්චි නොකළත් 😉) ඒ නිසා, මිනිස්සු වන අපට ඔය සවිඥානක වේදනාව තවත් කොටස් කරල , චිත්තවේගීය වේදනාව එහෙම නැත්නම් කායික වේදනාව වගේ එක එක හැඩයෙන් තේරුම් ගන්නටත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, එහෙම හදුනාගත්ත වේදනා වර්ග ටික, මොළයේ හෝටල් කාමර (මොළ හෝටලේ) වල දාල පරිස්සං කරල තියා ගන්නත් හැකියාවක් අපට තියෙනවා.

256) බිඳුනු වැඩිහිටියෙක් තනන, ගුරු-දෙගුරු සුළු වැරදි

මුලින්ම කියන්න ඕන කරුණූ දෙකක් තිබෙනවා. එකක්,මේ වගේ මාතෘකාවක් දැක්ක ගමන් "අනේ අම්ම, තාත්තට ගුරුවරුන්ට මෙහෙම කියනවද" කියල හදවතට දැනෙන කම්පණයෙන් දුක හිතෙන අයත් මේ කියවන ඔබ අතර ඉන්න පුළුවන්. නමුත්, මේ ලියවෙන කරුණ ගැන සමබරව හිතාබලමින් , නැවත මාතෘකාවට හැරි බලන්නැයි ඒ අයට ආරාධනා කරනවා.

255) බිරිඳ අගය කිරීමේ දිනය

 අද,

බිරිඳ අගය කිරීමේ දිනය

ඔව්, අද දවස එහෙම නැත්නම් සැප්තැම්බරයේ තුන්වන ඉරිදාව Wife Appreciation Day ලෙසයි නම් කෙරෙන්නේ. දැන් මේක කියවපු ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්,

"ඕකට මක්කටෙයි වෙනම දවසක්"

"අපි ඉතින් හැමදාම අගය කොරනවනේ"

එහෙමත් නැත්නම්,