2017/04/28

ඔබට සුබ ගමන් !

සුබ ගමන් විචාරක මහතානණි !
(පිංතූරය ගත්තේ https://sugv.wordpress.com බ්ලොග් අඩවියෙන්)
අන්තර්ජාලයේ , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල,
හමුවූ නොදුටු මිතුරානෙණි ,
ඔබට සුබ ගමන් ! 
ඔබේ දැනුම අප සැම අතර බෙදා දුන් පින
ඔබේ ගමනට යහපතක්ම එක්කරනු ඇතැයි මම විශ්වාස කරමි ! 
සොඳුරු සුව අසපුව වෙත ඔබ තැබූ අවසන් සටහන , ඔබට ගෞරවයෙන් නැවත මෙසේ සටහන් කරමි.

2017/04/25

211 ) හදට සතුට දෙන කළව පොම්පේ

කළකට පස්සේ (බ්ලොගයට බැස්සේ) දිග නැති කතාවක් කියන්නයි ආවේ. ඒ හදවතක් ගැන. හ්ම් , “හදවත“ ගැන අපි කොයි තරම්ම අහල තියෙනවද ? 

එක හදවතක් !
හදවත දෙනවා , අරගන්නවා පරිස්සම් කරනවා .....
හදවත බිඳෙනවා .. නානා ප්‍රකාර “හදවත්“ කතා . සාහිත්‍යෙය් ඉඳළ , මල් පඳුරක් ගාව තුරුළු වෙලා ගුමු ගුමු කාල ඉළන්දාරි සහ ගැටිස්සියන් දක්වාම මේ හදවත් කතා ලියැවෙනවා , කියාැවෙනවා.  කොහොම වුනත් අද ලියන්න යන්නෙ ඒ “ආදරණීය“ හදවත ගැන නොවෙයි . ටිකක් බර රාජකාරියක් කරන , ඒත් හුඟක් වෙලාවට “සත පහකට“ ගනන් ගන්නේ නැති හදවතක් ගැන. (නෑ නෑ මම කතා කරන්නේ ඔය පපුව මැද්දේ තියෙන හෘදය ගැන නොවෙයි , ඒක ටිකක් හරි ගණන් ගන්නවා නේ ) .