2013/08/27

142) හැංගි හැංගි රස විඳිනා තව මැජික් එකක්

www.stickylearning.com.au

අද දවසේ සමාජ ජාලා ජීවිතේ කොටසක් වන තරමට එකතු වෙලා . මිතුරු මිතුරියන් හමුවෙන්න , දුක සතුට බෙදා ගන්න , ඒ විතරද දැනුම බෙදා ගන්නත් මේ සමාජ ජාලා යොදා ගන්න පුළුවන් . හැබැයි ඉතින් මේ කීව ඒවාට වඩා භයානක දේවල් වලටත් මේ වෙබ් පිටුම යොදා ගන්න අළුත් ප්‍රවණතාවයක් තිබෙන නිසා මේ දැන ගෙනම ෆේස්බුක් හරි ටිව්ටර් හරි පාවිච්චි කරනවා නම් තමා හොඳ . මේ පැත්තේ නම් රැකියාවකට බඳවා ගැනීමෙදිත් අදාල ඉල්ලුම්කරුගේ සමාජ ජාල භාවිතය ගැන සොයා බැලීමක් කෙරෙනවා . සමහර විට ඔහුත් නොදැනුවත්වම. 

2013/08/19

එන්න සතුටට එක්වන්න !

අද සොඳුරු සුව අසපුවට විශේෂ දිනයක් , ඒ සොඳුරු සුව අසපුව වෙත පැමිණි පිරිස 50,000ක් ලෙසින් සටහන් වුනා නිසාවෙනි. මීට වසර දෙකකට පෙර “හෙදකම අද සහ හෙට...“ යන ලිපියෙන් ඇරඹූණ මෙම බ්ලොග් පිටුව මේ වන විට ලිපි 141ක් සිංහල බ්ලොග් පරිශ්‍රයට එක් කර තිබෙන අතර ඉන්  බහුතරයක් ලිපි සෞඛ්‍යය සහ ලෙඩ රෝග ගැන කතා බහ කළ සටහන් වේ. එම ලිපි තුලින් යම් පිරිසක් , සුළු හෝ ප්‍රයෝජනයක් ලබා ගන්නට ඇතැයි මට විශ්වාස කළ හැකි සළකුණු සටහන් තබා ඇති හෙයින්  , මේ වසර දෙක පුරා මේ වෙනුවෙන් වැය කළ කාළය නිස්කාරණේ “කාළය කාදැමීමක්“ නොවන බව  හැඟේ. 
ඒ හැඟුමම සතුටකි.

2013/08/17

141) හිත රිද්දා ලිස්සා යන දඟ පුංචිත්තා - Miscarriage

අද සෙනසුරාදා , මොන තරම් වැඩ තිබුණත් , සෙනසුරාදට , ඉරිදට , ගේ ඇතුලට වෙලා ඉන්න පුළුවන්ද ? ...
වෙනද වගේම අදත් ටිකක් නිස්කලංක පරිසරයක රස විඳින්න හිතගෙන ගියා Credit river එක පැත්තට ...අද ටිකක් සෙනඟ , මොකද හොඳට රස්නේ තියෙන දවසක් අද ..

2013/08/11

සීයම , එකකට බාගන්නයි ...

මේ සති අන්තය ටිකක් අවිවේකී වුනු නිසාවෙන් අළුත් ලිපියක් එක් කරන්නට ඉඩක් ලැබුනේ නැහැ . ඒත් , “සොඳුරු සුව අසපුව“ පාළුවට යවන්න බැරි නිසා වෙනස් දෙයක් එක් කරා . ඒ තමයි මේ දක්වා සටහන් කළ ලිපි අතරින් මුල් ලිපි සියයම , තනි ෆයිල් එකක් විදියට මෙතැනට එක්කළා , අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් , එය ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. මෙතැන එක ගොනුවක් වගේ පෙනුනාට එය , Uncompress කළාම PDF ගොනු එකසිය හතරක් ඇති .

එහෙම නම් අවශ්‍ය කෙනෙක් වෙතොත් ගන්න , බෙදා ගන්න .

ස්තුතියි , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට


මෙන්න ලිංක් එක ,  http://share.cx.com/9XQnRh



මේ නිල් පාට බොත්තම ක්ලික් කළා නම් පහළ තිබෙන පිටුවට ඒවි

මේ පිටුවට ආවනම් , දැන් දකුණූ කෙළවරේ තිබෙන කොළපාට Download බොත්තම මත ක්ලික් කරලා බාගන්න



මෙහි අඩංගු නොවන PDF එකක් ඇත්නම් ,  ලිපි මල්ල  පිටුවට ගිහින් දැනට සකසා ඇති PDF බාගන්නට පුළුවන් බවත් කියන්නම ඕන .


2013/08/05

නටවන වෙඩිල්ල

මේ දවස් ටිකේම වෙඩි තැබීම් ගැන කතා කරන නිසා ඊට අදාල පෝස්ට් එකක් එක් කළා. හැබැයි මේ වෙඩි තැබීම , මරණය ගෙන දෙන්නක් නොවෙයි , නැටවිල්ලක් දෙන්නක් . ඒ ගැන කියවන්න එන්න මේ ලිංක් එකෙන් http://www.cyberslk.net/   මෙතන ක්ලික් කලත් යන්න පුළුවන්


සොඳුරු සුව අසුපුවේ අළුත්ම ලිපියට මෙතැනින් යන්න පුළුවන් .
http://www.nursinglk.com/2013/08/140.html

2013/08/04

140)ගෝරිල්ලගේ ලොල් කතාව


“මොකක්ද ඔයාගේ රට ....“ 
         “ශ්‍රී ලංකාව “
“ශ්‍රී ලංකා .. ????? , කොයි පැත්තෙද තියෙන්නේ ?“ ...
         “අපේ රට දකුණූ ආසියාතික රටක් පොඩි දූපතක් , හැබැයි බොහොම ලස්සනයි , “ 
“ඔයා කොහෙන්ද ? ....“