2011/05/26

4th Discussion - Therapeutic Communication - චිකිත්සීය සන්නිවේදනය - අවසන් පියවර

අද අපි මෙම මාතෘකාවේ අවසන් , ඒ වගේම ප්‍රායෝගිකව වැදගත්ම කොටසට එනවා, ඒ තමයි චිකිත්සීය සන්නිවේදන උපක්‍රම , මෙම උපක්‍රම හදුනාගැනීම , හෙදියකට විතරක්ම නොවෙයි “සමාජ ජීවීන්“ වන අප හැමෝටම වැදගත් වෙනවා. අපි දැන් බලමු ඒ උපක්‍රම මොනවාද කියල කෙටියෙන් ...

2011/05/21

3rd Discussion - Therapeutic Communication - චිකිත්සීය සන්නිවේදනය - දෙවන පියවර

මෙම මාතෘකාව හරිම සරළ එකක් වුනත් මෙය ක්‍රියාත්මක කිරිම මගින් යහපත් Nurse Patient relationship එකක් වගේම ඵලදායී සේවාවක් ද කරන්නට අවශ්‍ය පසුබිම හදා ගන්නත් හරිම වැදගත්, 

අද අපි පටන් ගනිමු , මොකක්ද “චිකිත්සීය සන්නිවේදනය“ යන්නෙහි අර්ථ දැක්වීමත් එක්ක. බොහෝ හෙද ශබ්ද කෝෂ වලට අනුකූලව a process in which the nurse consciously influences a client or helps the client to a better understanding through verbal or nonverbal communication. Therapeutic communication involves the use of specific strategies that encourage the patient to express feelings and ideas and that convey acceptance and respect.

2011/05/14

2nd Discussion - Therapeutic Communication - චිකිත්සීය සන්නිවේදනය - පළමු පියවර

අද අපි කතා කරමු සන්නිවේදනය ගැන , විශේෂයෙන්ම රෝහල් පරිසරයේදී සන්නිවේදනය භාවිත කරන විදියත් ,උපක්‍රමත් සන්නිවේදන හැකියාව කියන සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට අරගෙන යහපත් සේවයක් ඉටු කරන්නේ කෙසේද කියන එකත් අද කතා කරමු.

2011/05/13

1st Discussion - What is Nursing , today and tomorrow හෙදකම අද සහ හෙට...

අපි අපේ පළමු සාකච්ඡාවට එක්වෙමු, මුලින්ම බලමු මාතෘකාව ගැන, What is Nursing ? ඔව් ඔබ කොහොමද මීට උත්තර දෙන්නේ ?ජීවිත රැක ගැනිමට සහය වන සේවයක් ,රෝගියාට ආධාර වන සේවයක් ,රෝගී නිරෝගී හැමට උපකාර කරන සේවයක් , .......ඔව් ඔබ ඔය වගේ විවිධ අදහස් දේවි , ඔව් අපට එක් සාධාරණ අදහසකට එන්න පුලුවන් ඒ තමයි මෙය ජිවිතයකට , ජීවිතය සුවපත්ව රැකගැනීමට උපකාරක වන මානුෂීය සේවාවක්,

කෙසේ වෙතත් මේ පිළිබද පිළිගන්නා මත කිහිපයක් අපි ටිකක් විමසලා බලමුද ?

වර්ජිනීයා හෙන්ඩර්සන් නම් හෙද න්‍යායාචාර්යවරියට අනුකූලව මේ විදියට අර්ථ ගන්වනවා , අපි ඒ ගැන මදක් විමසා බලමු ,

"The unique function of the nurse is to assist the individual, sick or well, in the performance of those activities contributing to health or its recovery (or to peaceful death) that he would perform unaided if he had the necessary strength, will or knowledge. "

මෙහිදි ද රෝගී හෝ නිරෝගී කණ්ඩායම් දෙකම වෙනුවෙන්ම හෙද සේවයේ අගය හදුන්වා දීල තියෙනව , සාරාංශයක් ලෙස ගත හොත් ඉහත කණ්ඩායම් දෙකේම සුවය ,සුවපහසුව ලබා දීමේ මූලික සහ විශිෂ්ඨ වගකීම තිබෙන්නේ හෙදියට...

අපි මදක් විමසා බලමු ඇමෙරිකානු හෙද සංගමයේ නවතම හදුන්වාදීම , ඔවුන් 2003 වසරේදී හෙදකම පිළිබද අලුත් නිර්වචනයක් දෙනවා ,

Nursing is the protection, promotion, and optimization of health and abilities, prevention of illness and injury, alleviation of suffering through the diagnosis and treatment of human response, and advocacy in the care of individuals, families, communities, and populations.

ජිවිතය වෙනුවෙන් හෙදකමේ ඇති වගකීම් සහ බැදියාවන් පිළිබද එය තවදුරටත් අර්ථදක්වනවා,....

කෙසේ වෙතත් අපේ මූල සංකල්පය Basic concept වන්නේ ජීවිතයේ සුවය වෙනුවෙන් සහයවීම help for health නේද ?...

Welcome to the Nursing School අපේ හෙද පාසලට ඔබ ගෞරවයෙන් පිළිගනිමු.....

What is Nursing ? ඔබට මේ පැනය බොහොම හුරු වූවක් , එත් ඇත්තටම හෙදකම කියන්නේ කුමක්ද ? එහි වත්මන් හා අනාගත දැක්මන් මොනවාදැයි හදුනාගැනීමට ඔබ පොළඔවන්නයි මගේ මේ උත්සාහය , මෙම බ්ලොග් සටහන ,මගේ  සිසු හෙද හෙදියන්ට මූලිකව යොමුවුවත් , එහි අන්තර්ගතය හෙද නිලධාරින්ටත් එසේම අපගේ සේවාව පිළිබද උනන්දු වන සාමාන්‍ය ප්‍රජාවටත් වැදගත් වේවි.

Nursing School බ්ලොග් සටහන මගින් දිනපතා හෙදකම සහ අනුබද්ධිත විෂයයන් පිළිබද කරුණූ ගෙනෙන්නටත් , ඒ පිළිබදව ඔබ සමග සාකච්ඡා කරන්නටත් මම සූදානම් , එමගින් ශ්‍රි ලාංකීය හෙද සේවයේ ගුණාත්මක සංවර්ධනයකට අපට එකවිය හැකි වෙනවා මෙන්ම එය අපට ජාත්‍යන්තරය තුලට ඇතුලුවන්නටත් නිවැරදි මගක් කර ගන්නට අපි උත්සාහ දරමු.