2016/12/23

208) අඩුුවට රිදෙන්න පොඩ්ඩක් දාගන්න හැටි


“සුබ නත්තලක් මයික් , පවුලේ හැමෝටම සුබ අළුත් අවුරුද්දක් !  නම් අපි ලබන අවුරුද්දේ ආයෙ හමුවෙමුකෝ ! “ දවසේ වැඩ කටයුතු නිමා වෙන්න සුළු මොහොතක් තියල අපෙ සේවාලාභීයෙකුගේ පවුලේ අයගේ “නත්තල් සුබ පැතුම“ බාර ගත්තා. අද ඉක්මණට ගෙදර යන්න ඕන , මොකද පොඩ්ඩන්ට හෙට ඉස්කොළෙට තෑගි හොයන්න “සාප්පු චාරිකාවේ “ යන්න තියෙනවා.

2016/12/06

207) ආදර මුහුණු හලන්නා

කළකට පස්සේ ... මේ දවස් වල මේ පැත්තට “ටිකක්“ විතර සීතලයි , සෙල්සියස් වලින් කිව්වොත් සෘණ විස්සක් විතර ! (ඒක හොඳ ටික නේද ?) හුළඟත් එක්ක ඒ සීතල තව වැඩි වෙලා ඇඟට දැනෙන්නෙ සෘණ තිහක  වගේ තිීව්‍ර සීතළක් . සීතල කියල රාජකාරියට නොයන්නයැ. ( නිදා ගන්න නම් නියම කාළෙ , දවසේ වැඩි වෙලාවක්ම අඳුරුයි , සීතලයි)

සීතල හුළඟ එක්ක එන හිම පොද පීරගෙන රාජකාරි ස්ථානයට එත්දි (මේ ගමන ගැන පොඩි ගණිත ගැටළුක්  අහන්නම් අන්තිමට)  උදේ නවය වුනත් , තවමත් කළුවරයි. උදාසන මූලික කටයුතු අවසන් කරල , ගියා පොඩි වටයක් හැමදාමත් වගේම අපේ සේවාලාභීන් ටික එක්ක පොඩි කතාබහකට. මුලින්ම ගියේ  “එඩී“ හමුවෙන්න . වයසින් නම් මට වඩා අවුරුදු කිහිපයක් බාල  , උස මහතින් නම් “යෝදයෙක්“ සිහිගන්වන මේ තරුණයා අපේ ආයතනයට පැමිණියේ සති කිහිපයකට ඉස්සර වෙලා.අවාසනාවන්ත රිය අනතුරකින් හිස සහ සුෂූම්නාවට වුනු හානි එක්ක “ ජීවිතයත් මරණයත්“ එක්ක සටහන් කළ ඔහු දැන් “ජීවිතය එක්ක තරඟ වදින්නට සුදානම්“ වෙනදවගේම පරිගණක ගත රෝද  පුටුවෙ වාඩි වෙලා , වීදුරුවෙන් එළියේ තියෙන හිම , සුළඟට විසිරෙන ලස්සන බලාගෙන පුරුද්ද අදත් එහෙමමයි.