2012/03/28

90) සන්තෝසෙට කෙට්ටු වෙන්නෙ ඉඟ සුඟ නැති , චංචලා

බයිසිකලෙත් අමුනං යන අපේ බස්..
“තාත්තේ බස් එකක් තියෙනවා හතරයි තිස්පහට...., ...දැන් හතරයි විසි පහයි  ...යන්න පුළුවන් ........මාත් එන්නද රිස්වි අංකල්ගේ ගෙදර යන්න ...මට  අක්කිත් එක්ක කතා කරල එන්නත් පුළුවන් නේ ...“ ගෙදර ඇවිත් කෑම කන අතරේ , ලොක්කි Google map එක බලාගෙන bus route හොයනවා , මොකද තව ටිකකින් මම යන්න ඕන අපේ මිත්‍රයෙක්ගේ ගෙදර , ඔවුන් අද රෑට කිලෝ මීටර් හාරදාහක් විතර දුර ගෙවාගෙන වෙනත් පළාතකට යන්න යනවා පදිංචියට , Alberta කියන කැනඩාවේ ඉහළ , සීතල ප්‍රෙද්ශයට . ඉතින් අපේ මිත්‍රයෝ ටික ඔක්කොම තව ටිකකින් ඒ Apartment එකට එන්න කතා කර ගත්තා , ටිකක් උදව් කරන්න , මොකද  රටේ එක පළාතක ඉඳළ තවත් පළාතකට move වෙනවා කියන්නේ යුද්දයක් තමයි . මේ වෙලාව වෙනද වගේ විවෙක් පාඩුවේ කතා බහ කරන්න තරම් හොද වෙලාවක් නොවෙන නිසා ලොකුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නම වෙනවා...“ අද බැහැ දූ , දැන් එතන කතා කර කර ඉන්න වෙලාවක් නැහැ , මායි , ඩොනවන් අංකලුයි , අපි කට්ටියම බඩු ටික අස්කරල දීලා ඉක්මණට එනවා , එයාල හෙට උදේ පාන්දරින්ම යන්න ඕනනේ ...“

2012/03/24

89) ඇස් දෙක උස්සන , හම රැළි වට්ටන උඩු කිරණේ..

දැන් නම් උදේ පාන්දර කිචිබිචිය , මෙතුවක් හැංඟිලා , නැත්නම් ලයිට් කණු උඩ කූඩුවලට වෙලා , ගුලි වෙලා හිටි  කුරුළු පවුල් දැන් නම් හිතු මනාපේ පියාඹනවා ..හරිම සන්තෝසෙන් වගේ ..හැම තැනම කුරුළු සාජ්ජ , රැස්වීම් ..උදේට පොඩ්ඩො දෙන්නත් එක්ක ඉස්කොළෙට යන ටිකට ප්‍රශ්න කෝටියයි ..ඒ සද්දේ කාගෙද ? අර පියාඹන්නේ කුරුළු අම්මද , තාත්තද ? ...ඇයි මේ කරුල්ලෝ දෙන්නා එකට එක වගේ කියන්නේ ? ., ඇත්තමට හරිම ලස්සනයි ...තැනක කුරුළු රංචු ඇඟ පුම්බගෙන අව්ව තපිනවා , තව තැනක පොඩි සටනක් ..තව තැනක් කුරුළු රැනක් ලස්සන හැඩයක් මවමින් පියඹනවා ...ඔය ඔක්කොම අතරේ අපි පාසලට ලං වුනා ...

2012/03/18

88) හැංගුණු තුන , දෙකට පැළෙන කෙඳිරිය ...

මීදුම් වළාවන් ගලාලා ......
වස්සානයේ මුල් සීමාව ආරම්භ වෙලා ...දවසේ  උදේ වරුවේ තද හිරු එළිය තිබුණත් හවස් වෙනකොට ටික ටික අදුරු වෙලා මීදුම එකතු වෙනවා . හෙට අනිද්ද වෙනකොට  බොහොම දරුණු අකුණු එක්ක වැස්ස පටන් ගනීවි . ලැබුණු මේ කෙටි කාළ සීමාවේ හැම කෙනෙක්ම ගෙවල් වලින් එළියට බැහැල , මෙතුවක් දවස් ගෙවල් අස්සේ හැංගිලා වගේ හිටපු පුංචි පැටවු මෙන්න දැන් පාර පුරා දුවනවා ..නටනවා ...හරිම සුන්දරයි ...ඒ හිනාවන් එක්ක ..මේ පළාතම අළුත් එළියකින් පිරිල ගිහින් වගේ මට හිතුනා. ..March break එක නිසා නිවාඩු උනත්  , අපේ දෙන්නත් දැන් ඉතින් හැමදාමත් Stonewood park එකේ තමා , මොකද යාලුවෝ ඔක්කොම එතැන . ..වැඩ අවසන් කරල ගෙදර ආ ගමන් ..“තාත්තේ අපි රෙඩී ....යමුද ? ....“ .. මොනවා කරන්නද “ යමු ඉතින් ...“ .....ආයෙ ඉතින් ගෙදර එන්නේ රෑ අට නමය වෙලා ...(මේ දවස් වල රෑ හත විතර වෙනකම් හොඳට ඉර එළිය තියෙනවා , පහුගිය කාළෙනම් හවස හතර වෙනකොට මහ ඇඳිරිය) ...ඔය නිසාම මේ දවස් ටිකේ ඇවිත් තිබුණු ඇමතුම් , පණිවිඩ බොහොමයකට පිළිතුරු දෙන්නට පමා වුනා ..ඒ ගැන සමාවන්න කියන්නම ඕනනේ ..

2012/03/09

87) කාන්තා දිනය හා ස්ත්‍රී දූෂණය

අද දිනය ...
අද ජාත්‍යත්තර කාන්තා දිනය , ඒ කියන්නේ හැම වසරකම මාර්තු මාසේ 8 වැනිදා ලෝකය පුරාම කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් යම් කතිකාවක් සිදුවනවා නමුත් පොදු දෙයක් විදියට එදාටත් සැමරුම් උත්සව , පිළිගැනීම් පෙළපාලි තිබේවි , එයින් යම් යහපතක් වෙන්නට පුළුවන් , නමුත් මේ දිනයෙන් ඇරඹෙන එම කටයුත්ත වසර පුරා ක්‍රියාත්මක වෙනවාද කියන එකනම් ගැටළුවක් .

2012/03/05

කොට පාරෙන් එන්න එපා ....

සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනේ ...

සොඳුරු සුව අසපුව වෙත බ්ලොගර් මඟින් ලැබී ඇති http://nursinglanka.blogspot.com/ ලිපිනය වෙනුවට , ඔබ භාවිත කළේ www.sonduru.tk ලෙසින් කෙටි කරන ලද ලිපිනය නම් , කරුණාකර එම කෙටි ලිපිනය භාවිතයෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. දැන් එම කෙටි ලිපිනය භාවිතයේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා  යැවීමක් සිදුවන හෙයින් මින් ඉදිරියට එම ලිපිනය භාවිතයෙන් “සොදුරු සුව අසපුව“ වෙත පැමිණිය නොහැකි බව දන්වා සිටිමි.  මෙතෙක් එම කෙටි ලිපිනයෙන් යම් පහසුවක් ලබා දීම වෙනුවෙන් .tk ආයතනය වෙත ස්තුතිය පිරිනමමින් ...අපි ආයෙත් මෙහි මුල් ලිපිනය වෙතම යොමු වෙමු.

2012/03/03

86) සුදු මළ දෙන “ගාල්ලේ රතු ගල“

සෙනසුරාදා දවස ...වෙනදාට වඩා අද ටිකක් බර සෙනසුරාදාවක් ..මොකද වෙනදනම් හරිම සැහැල්ලුවෙන් ගේ දොර එහෙම අස්පස් කරල ..විවේකයෙන් ඉන්න දවසනේ .ඒ වුනාට අද ටිකක් කාළගුණය හොඳ නැහැ .අඳුරු  වගේම කුණාටුවක් වගේ දවස පුරාම තද හුළඟක් ...මීට කිලෝමීටර් හය සීයකට විතර එහා ඉන්ඩියානා ප්‍රෙද්ශය හරහා හමාගිය දරුණූ ටොනේඩෝවත්  එක්ක ඊට ආසන්න මේ පළාත් පිළිබඳවත් “දරුණූ සුළං ඇතිවීමේ“ අවදානම ගැන දිගින් දිගටම කියැවුනා .