“අනේ මන්ද , අපේ කොල්ල දැන් දැන් ඉස්කෝලේ යන්න හොරයි , හැමදාම ඉස්කෝලෙ මග හරින්න මොනවා හරි කියනවා, ගියත් පැත්තකට වෙලා තනියම වගේ ඉන්නේ , මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල“
“ඔයා පන්තියේ ටීචර් එක්ක කතා කළා ද කුමාරි“
“හ්ම් , එයානම් කියන්නේ , පුතූ හරිම දක්ෂයි , හුඟක් අහිංසකයි කිසිම කරදරයක් නෑ කියල , ඒ වුනාට මට වෙනසක් දැනෙනවා ලොකු දුවත් එක්ක බලත්දි , කතාවටනං දක්ෂයා , ගෙදර ආ වේලේ ඉඳන් කියවනවා , ගණන් වලට නම් ටිකක් දඟලනව වගේ , ඒත් මට බය ඉස්කෝලෙදි ඇයි මෙහෙම තනි වෙලා ඉන්නේ කියල , කිසිම යාළුවෙක් නෑ වගේ මෙයාට“
එකෝමත් එක කාළෙක , එකෝමත් එක අම්ම කෙනෙක් , එයාගේ යාළුවෙක් එක්ක මෙහෙම කතා වෙන්න ඇති. තවත් දේ කතා වෙන්න ඇති . ඒ කතා මොනව වෙතත් , අද මගේ කතාවට මුළ පුරන්න මේ දෙබස ගත්තෙ මේ කියන්න හදන තත්ත්වය ඔබ් දරුවා තුල වුනත් තිබෙන්න පුළුවන් . නැත්නම් ඔබ දන්නා දරුවෙක් තුල , නැත්නම් ඔබේ පන්තියේ ඉන්න දරුවන් අතරේ මෙ කියන්න හදන ලක්ෂණ තිබෙන දරුවෙක් ඉන්න පුළුවන්. ඔව්! අන්න ඒ දරුවට උදව්වක් ඕන, නමුත් උදව්වක් ඉල්ලන්න නැති වෙන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබට මේ කියන්න හදන ගැටළුව ගැන දැනුමක් අරගෙන , පෙර කී තත්ත්වයේ දරුවෙක් ගැන විමසිලිමත් වෙනවා නම් , නිසි තැනට යොමු කරන්නට “යහපත් සැකයක්“ ඇති කරගන්නට පුළුවන් වුනොත් , බිඳෙන්නට ඉඩක් ඇති අනාගතයක් “වාසනාවන්ත“ කරගන්නට ඔබට උපකාර වුනා වෙන්න පුළුවන්.