
ඔන්න ඔය නූල දිගේ තමයි අද කතාවේ මුල සොයාගන්න හදන්නේ ..ඒ එක්කම මීට පෙර “කාන්තාවන්“ ගැන ලියූ සටහනකදි අපේ “අසමි දකිමි සොයමි ලියන විචාරක“ හොඳ යෝජනාවක් කරල තිබුණ ..ඒ තමයි .“මේ විදිහටම පිරිමින්ගේ ලිගුවේ යට සමේ දාරය බිඳී යාම කුමර බඹසර කැඩීම ලෙස ලෝක සම්මතයක් තිබුනානම් ගැහැණුන් පෙලන මේ හණමිටි අදහස නැති වන්නට තිබුනා. තමන්ගේ පිරිසිදුකම තිබෙන්නේ තමන්ගේ හදවතේ හෝ මනසේ බව පිළිනොගන්නේ ඇයි?“
කටේ නූල |
මොකක්ද මේ “බැංජෝ ස්ට්‍රින්ග්“ එක ..අපි වැඩිපුර හිතුවේ නැතත් අපේ ඇඟේ කිහිප තැනක “නූල්“ නැත්නම් Frenulum , තිබෙනවා, ඔය දිව කටේ පත්ලට සම්බන්ධ කරල තියෙන frenulum of tongue , එයින් පහසුවෙන් හඳුනගන්න පුළුවන් තැනක් , නමුත් මේ නූල දිව චලනයට බාධා කරන අවස්ථා නැතිව නොවෙයි , විශේෂයෙන්ම පොඩි දරුවන්ගේ මේ තත්ත්වය හඳුගන්නට පුළුවන් , එය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ ankyloglossia කියන නමින් , ඕක අමතක වුනත් “ටංග් ටයි“ එහෙම නැත්නම් tongue tie කිව්වොත් මකත් වේවි . මේක හඳුනගත් අවස්ථාවෙදි පුංචි කැපුමක් කරල කිසිම ආපදාවක් නැතිව නිවැරදි කරගන්නට පුළුවන් සරළ දෙයක් .

කොහොමද මේ තොප්පියේ නූල තද වුනොත් ??? |
ප්‍රශ්නේ වෙන්නේ මෙයාගේ දිග අඩු වුනොත් හරි ඇදෙන්නේ නැති තරමට ඝණ වුනොත් හරි ...ඔන්න දැන් ලෙඩේ ..දොස්තර මහත්තයනම් කියන්නේ frenulum of prepuce of penis කියල ...වෙන්නේ මේකයි මෙයාගේ ගණකම නිසා , නැත්නම් ඇදෙන ගතිය අඩුකම නිසා පෙර සමට (Foreskin) ඕන විදියට පිටිපස්සට යන්න බැහැ , එයාව ගැටගහල වගේ . නමුත් ලිංගික කාර්යයේදි ඇති වන තෙරපීමත් එක්ක පෙරසම පිටුපස්සට යන්න උත්සාහ කරනවා , ඒ තමයි සාමාන්‍ය තත්ත්වය , එහෙම පෙරසම පිටුපසට ගියාම තමයි ස්නායු අග්‍ර හුඟක් තිබෙන ශිෂ්ණයේ ඉස්සරහ කොටස glans penis යෝනි බිත්තිත් සමඟ තෙරපෙමින් තියුණූ සංවේදනයක් ඇති කරන්නේ ..
දෙන්නට රිද්දන නූල තදවීම |
නමුත් අපි මේ කතා කරන නූලේ ප්‍රශ්න නිසා සමහර විට පෙර සම නිසි අයුරින් පිටුපසට නොයන්නට පුළුවන් .., එහෙම නැත්නම් “තද වේදනාවක්“ ඇති කරමින් මේ නූල ඇද ගෙනම පිටුපසට යන්නට පුළුවන් . මේ අවස්ථා දෙකේදිම මොකක් වේද? ....ලිංගික සංසර්ගයේදී ලැබිය යුතු සංවේදනයන් නොලැබී යන්නට ඉඩ තිබෙනවා , සමහර විට නොලැබිය යුතු වේදනාත්මක සංවේදනයන් ලැබෙන්නටත් පුළුවන් . මොකද මේ “නූල තදින් ඇදීම නිසා“ ..මේ තත්ත්වය “වැඩිය කතා නොකර“ හැංගිලා විඳවන ගැටළුවක්. සමහර විට පති පතිනි දෙනෙනාම මේ “නූල තදවීම“ නිසා විඳිවන්නට ඉඩ තිබෙනවා . ඒ වේදනාව කමක් නෑ කියමුකෝ , මොකද අර ඉත්තෑවට ආදරේ කරපු හාවා කීව වගේ “වේදනාවෙන් තොර ආදරයක් කොහේදෝ“ කියල විඳිගෙන හිටිය කියමු ..
හරි ...දැන් මේ frenulum එක කැඩුනොත් ටික දවසකින් තුවාලේ සුව වේවි , ඒත් දැනුනු වේදනාවත් එක්ක හිතේ ඇති වුනු “තුවාලේ සුව වෙන්න“ ටික කලක් යාවි , මේනිසාම ඊළඟ අවස්ථාවේ ලිංගික එක්වීමට සුදානම් වෙත්දි ශිෂ්ණය ප්‍රාණවත් (Impotence මේ ගැන ලිපියට මෙතැනින් යන්න ) නොවීමේ ගැටළුට මුහුණ දෙන්නට වෙන්නත් පුළුවන් , ඒ වගේම තුවාලය ආසාදනය වීම වගේ තවත් කරදර කිහිපයකට හේතු වෙන්න ඉඩ වැඩියි . පරිස්සමට හිටියොත් හැබැයි ලොකු කරදරයක් නැතිව සතියකින් විතර තුවාලේ හොඳවෙනවා . හැබැයි තව කරදරයක් ඇති කරමින් .මොකක්ද වෙන්නේ අපි දන්නවනේ තුවාලයක් හොඳ වෙනකොට එතන කබොල්ලක් හැදෙනවා කියලා . මෙතැනත් එහෙමයි දැන් නූල සුව වුනාට වෙනදාටත් වඩා ගණ වෙනවා ..ඒ කියන්නේ තිබුණට වඩා වැඩේ තවත් දරුණූ වෙනවා . මේ විදියට වරින්වර තුවාල වෙමින් ටිකෙන් ටික කරදරේ උග්‍ර වීම තමයි සිදු වෙන්නේ ..
එතැනදි ඔහු ඔබට රෝහලේ ශල්‍යසායනයට Surgical clinic එකට යොමු කරාවි , දැන් තියෙන්නේ “පොඩි ශල්‍යකර්මයකට දිනයක් අරගෙන ගෙදර යන එක . ඊළඟට නියමිත දවසට ඇවිත් ශල්‍ය කර්මය කරන්න . දැන් බොහෝ රෝහල් තුල එක් දින ශල්‍යකර්මයක් විදියට කෙරෙන බොහොම සරළ කටයුත්තකින් මේ කරදරේ අයින් කරගන්නට පුළුවන් . සමහර විට Circumcision කියන ක්‍රමය මඟින් පෙරසම වටා කපා ඉවත් කිරීමක් කරන්නට පුළුවන් , දැන් නම් ප්ලාස්ටික් සැත්කම් ක්‍රමය ඔස්සේ එසේ පෙරසම කපා ඉවත් කරන්නේ නැතිව , මේ නූල දිග්ගස්සල , තද වෙන එක නවත්වන්නටත් පුළුවන් . කෙසේ වෙතත් කෙරෙන ශල්‍යකර්මය ගැන තීරණය ගනිත්දි ඔබේ වෛද්‍යවරයාත් එක්ක කතා කරන්න වෙනවාමයි . මොකද තත්ත්වයට අනුව එය වෙනස් වෙන්නට පුළුවන් නිසා .දැන් ඉතින් නුල හරියට දාගත්තන්ම හොඳට මහගන්න එකයි ඇත්තෙ කියල අපේ “අටම්“ කියන්නත් බැරි නැහැ
එහෙම නම් අද පෝස්ට් එක නිමා කරන්නයි හදන්නේ , වෙනද තරම් දිග නැතත් , යම් තරමක හරි පලක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි කියල හිතෙනවා . ඒත් ඉතින් ඒ ගැන හරියටම දන්නේ ඔබෙන් ලැබෙන අදහස් එක්ක ,ඉතින් හැම බ්ලොග් ලියන්නෙක් වගේම ඔබේ අදහස් දකින්නට මමත් කැමැත්තෙන් ඉන්නවා , ඇත්තෙන්ම ඔබේ අදහස් තමයි තවත් සටහනකට පෙළඹුමක් දෙන්නේ , ඒ හැරෙන්නට වෙන මොනවා ලැබෙන්නද නේද ? ...
ආයෙත් දවසක හමුවෙමු ..සැමට සුව සතුට පිරි දිනයක් !
කවුරුත් කතා නොකරන , වටිනා කරුණු අඩංගු ලිපියක් . විශේෂයෙන් පිරිමි පක්ෂයට බොහොමත් ප්‍රයෝජන වෙයි .
ReplyDelete…අර කටේ නූලනම් මටත් කරදර කරනව වෙලාවකට . හරිම වේදනාකරී මෙය තුවල උනොත් .
ඉතා වැදගත් ලිපියක්. මෙවන් තත්වයක් මාගේ කුඩාම කාලේ තිබී සැත්කමකින් නිවැරදි කරාලු. ඒත් මට නම් මතකයක් නෑ. අවුරුදු 3කට අඩු වයසේදී.
ReplyDeleteඅර ගිම්හානි කීවා වගේ කටේ නූල නම් කරදර කරනවා ඉඳහිට....:D
වැදගත් ලිපියක්. ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.
ReplyDeletesmegma හැදීමට මෙසේ සම පසුපසට නොයාම හේතු වීම සහ එයින් ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල මොනවාද?
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
වැදගත් ලිපියක්. දෙය්යනේ කියල මට නං නූල් වලින් කරදරයක් නෑ. :)
ReplyDeleteඅර දිවේ තියන නූල නැතිවුනානම් මීට වැඩිය අවුල් මං හිතන්නෙ. දැනුත් එක එක වෙලාවට එක එක අතට හරවන දිව, නූල නැතිවුනොත් කොහොමට තියෙයිද!
ඒකතාව මරු
Deleteදිග නැති උනට කවුරුත් වැඩිය කතා නොකරන කතාවක් දැම්මට ස්තුතියි
ReplyDeleteමේ ගැන නම් පොඩ්ඩක්වත් දන්නේ නෑ න්...
ReplyDelete///මේ විදිහටම පිරිමින්ගේ ලිගුවේ යට සමේ දාරය බිඳී යාම කුමර බඹසර කැඩීම ලෙස ලෝක සම්මතයක් තිබුනානම් ///
අම්මපා එහෙම එකක් තිබ්බනං මේ ලංකාව කොච්චර ලස්සන රටක් වෙයිද...
හරි කැමති ඇති නේ ?
Deleteඔව්.. ඇත්තටම කැමතියි....
Deleteහිරු
Deleteඔයාලගේ කන්‍ය පටලයට සමාන කරන්න බැ ඔය කියන නූල,
ඒක ගොඩක් ශක්තිමත් මම නං හිතන් නැ සාමානය ස්වාභාවික ලිංගික එක්වීමකදී ඒක කැඩිලා යයි කියලා . මම එහෙම අහලත් නැ. අස්වාබාවික එක්වීමකදී ( ගූද සංසර්ගයක් වාගේ එකකදි නං වෙයිද මන්දා )
ඒ උනාට ඔයාලගේ කන්‍ය පටලය වාගේ ලෙහෙසියෙන්ම ගැලවිලා පස්සට යනවා ශීෂ්සන මුන්ඩය වටා ඇලිලා තියන පෙර සම , ඒක ඔයාලගේ කන්‍ය පටලයට සමානව අපිට සවාභාවධර්මය විසින් දෙන ලද පිවිතුරු බවේ සංකේතය.
කාන්තාවට කන්‍ය පටලය
පිරිමින්ට ශිෂ්සන මුන්ඩයට ඇලුන පෙරසම
වාසනාවකටද අවාසනාවකටද මන්දා කොල්ලෝ ඔය ඇලුන සම ගලවා ගන්නවා ස්වය්‍ය වින්දනයේ යෙදුන පළමු දවස් වලම, ( ඔය කාරිය කෙල්ලෝ පරිස්සමට කරනවා මයේ හිතේ )
කොල්ලෝ හමගහගන තුවාල වේලෙනකං ඉදලා දවස් දෙක තැනකට පස්සේ ආයෙත් පෙර පරිදිම අර වින්දනය විදිනවා.
ඔය කියන නූල නෙමෙයි පිරිමින්ගේ කුමර බඹසර පිලිබද ලකුන . ඔය ශීෂ්සන මුණ්ඩයට ඇලුන පෙරසම.
හිතන්න මෙහෙම
කවදාවත් සංසර්ගයේවත් , ස්ව්‍යං වින්දනයේවත් නොයෙදුන කෙල්ලෙක් සහ කොල්ලෙක් අතරේ සිද්ධවෙන පලමු ලිංගික ඇසුරේදි කෙල්ලගේ කන්‍ය පටලයට සිද්ද වෙන අලකලංචීයම කොල්ලාගේ ශීෂ්සන මුංඩයට ඇලුන පෙරසමටත් සිද්ධවෙනවාමයි,
ඔන්න කුමර බමසර
සහ කුමරි බමසර
අනේ මන්දා මම හරිද කියලා . (වැරදිනං නිවැරදි කරහල්ලා)
කොහොම උනත් නංගියේ උඹ ගැන ආඩම්බරයි මට ,හිතට එනදේ කවුරු මොනවා හිතුවත් උඹ කියලා දානවා,
උඹ වගේ අවංක ගෑණියෙක් ලැබිච්ච උඹේ ''අපේ මහත්තයා'' හරිම වාසනාවන්තයි
තනකරම වැරදි ගොඩක්
Deleteකාන්තතාවන්ගේ හිනමානයට පිරිමින්ට කරන්න දෙයක් නැ . එවාගේ ඔය සතුටුයි කෑමති කියන්නේ හිංසාරිකාර පහත් ආසාවන් . එහෙම පහත් සිතුවිලි වලින් ලංකාව ලස්සන වෙන්නේ කොහොම ද ? ඔය වාගේ කෲර මානසිකත්වයක් පිරිමින්ට නැ නංගී.
Deleteනූල් දෙකම එකවගේ වැදගත්..මම කිවුවෙ අටමගෙ මැෂින් නූලයි මේකයි..
ReplyDeleteවැදගත්කම කියන්නේ මේවා කවුරුත් වෛද්‍ය වරුන්ගෙන් අහන්නෙ නෑනේ. මේවගේ එකක් කියවලා නියම අවබෝධය ලබාගත්ත නම් ඒක ඉතාම වැදගත්. මේ වගේ දැනුම තමයි ජීවිත වලට අත්‍යවශ්‍ය
ReplyDeleteඇත්තෙන්ම ගොඩාක් වටින ලිපියක්..මේ වගේ දේවල් සම්බන්ධයෙන් සංවාද ඇති වෙන්නෙ බොහොම කලාතුරකින්.. ඒ නිසා මේ වගේ තොරතුරු සහිතව ලියන එක හරිම ලොකු සේවයක්... ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා මෙවැනි ලිපි ලියන්නට..පෙරසම නිසි පරිදි එහාමෙහා කළ නොහැකි වීම නිසා සංසර්ගයේදී විඳින්න සිදුවන වේදනාත්මක බව හැරුණාම විවිධ ආසාදන තත්ත්ව ඇති වෙන්නත් ඉඩ තියෙනවා නේද?? ඉතින් අන්තිමේදී නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියාගත්තයින් ජීවීතේම අඳුරු වෙන්න පුලුවනි...
ReplyDeleteඉතාම වැදගත් කාරණා කිහිපයක්ම දැන ගත්තා. බොහොමත් ස්තූතියි ඔබට.
ReplyDeleteඇත්තටම වැදගත් මාතෘකාවක්
ReplyDeleteමං ගැන නොමිලේ ඇඩ් එකක් දැම්මාටපින් සිද්ධ වෙච්චාවේ
ReplyDeleteඇඩ් එකක් නොවේ , මිත්‍රයා , ඔබේ හැකියාවන් අගය කළ යුතුමයි .ඒ තරම්ම ඉහළයි ..
Deleteස්තුතියි ඔබේ පැමිණීම මට සතුටක් ..
@ Gimhani ,
ReplyDeleteස්තුතියි ඔබට , ඔව් මේ ගැනත් කතා කළ යුතු නිසා දැන සොයා ගත් කරුණු ටිකක් සටහන් කළා පමණයි..
@ priyantha ,
නිසි ප්‍රතිකාර ලබා ගත්තා නම් කිසිම කරදරයක් ඇත්තේම නැති තරම් , ස්තුතියි ඔබට...
@ Praසන්ன ,
ඔබේ පැමිණීම සතුටක් ...
@ විචාරක Wicharaka,
Smegma කියන්නේ ස්වාභාවික ක්‍රියාවලියක් මඟින් තැනෙන අවශ්‍ය ස්‍රාවයක් පමණයි ,ඒත් පෙරසම පිටුපසට කිරිමට අපහසුවීම වරින්වර ආසාදන ඇති වීම සඳහා ඉඩක් දෙනවා , ඒ වගේම පිළිකා අවධානමක් ඇති බවත් කියැවෙනවා ..ස්තුතියි ඔබට
@ රාජ්,
ස්තුතියි රාජ් ..
@ Loku John ,
ස්තුතියි Loku John , මේ ගැනත් කතා කරන්න එපායැ නේද ..
@ හිරු ,
ස්තුතියි හිරු ඔබේ පැමිණීම මට සතුටක් ..
@ සරත් ලංකාප්‍රිය ,
ඇත්ත නේන්නම් , ඒ වගේම නූල් පරිස්සම් කර ගන්නත් දැනගන්න එපායැ .. :) ස්තුතියි
@ දයානන්ද රත්නායක,
ඇත්තෙන්ම මේ වගේ තත්ත්ව ගැන කතා කරන්නට නොපෙළඹීමම තවත් කරදරයක් ගෙන්වා ගැනීමක් ..ස්තුතියි ඔබටත්
@ මකුළු පැංචි ,
ඔව් මකුළු පැංචි , ඔබ මතක් කළ විදියටම ආසාදන සඳහා අවදානම ඉහළයි , විශේෂයේම Phimosis අවස්ථාවෙදි එය හුඟක්ම වැඩියි , කාළෙකින් ආයෙත් බ්ලොග් අතරට ඒම ගැනත් සතුටුයි , ස්තුතියි මකුළු පැංචි
@ රතු රජරට ,
ස්තුතියි රතු රජරට මට මතක විදියට ඔබේ පළමු අදහස් දැක්වීම . ස්තුතියි ඔබේ දිරි ගැන්වීම් තමා මේ සටහන ඉදිරියට ගෙනියන්නේ
@ මඩිස්සලේ නිශාන්,
ස්තුතියි ඔබටත් නිශාන් ..
ඉතා වැදගත් ලිපියක්....ගොඩාක් ස්තුතීය්..නිශාන්ත අය්යා..ජයවේවා.!!!!!
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට ..
Delete.වැදගත් ලිපියක්....අද එළිමහනේ කතහ බහ කරන්න අකමැති (ලැජ්ජාව නිසා) ස්තුතී.
ReplyDeleteවැදගත් ලිපියක්.මට මේ ගැන දැනගන්නම ඔනි නිසා නිකම් search කරල බැලුවෙ..fantstic..එලම
ReplyDelete