2016/01/30

191) වැඩිහිටියන්ට සහ දෙමාපියන්ට වඩාත් සුදුසුයි

දරුවන් විවිධ අතවරයන්ට පත්වෙන එක අද සාමාන්‍ය දෙයක් වගේ වෙලා. පත්තරයක් බැලුවොත් එවන් “ප්‍ර‍වෘත්ති“ එකක් දෙකක් වත් දකින්නට ලැබෙනවා . හුඟක් වෙලාවට මේ අතවරයට ලක්වන දරුවාට කරදර කරන්නේ දන්නා හඳුනන අය .
  • වැඩිහිටියන්ට දක්වන බය , 
  • නැත්නම් ගුරුවරයාට , පූජකයට දක්වන ගෞරවය ,
  • ඥාතියාට මිතුරට දක්වන ලෙංගතු බව වගේම 
  • වෙච්ච දේ දෙමාපියන්ට කියන්නට ඇති බිය නිසාත් මෙවන් අතවර බහුලව සිදු වෙනවා. 

මෙවන් ආපදා වලින් තම දරුවා රැක ගන්නට දෙමාපියන්ට ඇති වගකීම ඉහළයි . මේ ආරක්ෂාවට අදාල  සියල්ල පොලිසියෙන් ඉස්කෝලෙන්  වෙනකම් ඉන්න එපා . ගන්න ඔබේ දරුව ඔබ ළඟට කියා දෙන්න මේ ගැන  , මෙවන් අපහසුතා වලින් රැකෙන්නෙ කොහොමද කියන එක. එය දෙමාපියන් විදියට ඔබේ වගකීම .

2016/01/28

190) කොට නැති ඉක්මණට , කට ඇද හිනාවක්

අද දවස නම් හරිම සුන්දරයි , පහුගිය දවස් ටිකේ තිබුණු සීතල අඩු වෙලා අද සෙල්සියස් 3ක් විතර , හෙටත් හතරක් වගේ වෙනවලු , ඇඟට හරිම සනීපයි. වහල වල වසා ගෙන තිබුණූ හිම දියවෙමින් හැම ගෙදරකම පොඩි වැස්සක් වගේ . පාර වල් නම් දිය වෙන හිම එක්ක මඩ වෙලා .

දිවා විවේකය අතරේ හිතුන පොඩ්ඩක් තැපැල් කන්තෝරුව පැත්තට ගොඩ වැදිලා එන්න. (ලංකාවෙදි ගෙදරටම ගෙනත් ලියුම් දුන්නට මේරට වල ඒ උදව්ව නැහැ . ලියුම් එන්නෙ අපේ තැපැල් පෙට්ටියට නිසා එතැනට ගිහින් අපේ ලියුම් , පාර්සල් ගන්නට ඕන.) සීත සෘතුවට උණුසුම් කබාය අත්‍යවශ්‍ය අංගයක් වුනත් අද නම් මොන කබාද ? “චිරි චිරි“ ගාන හිම මඩ (Slush) උඩින් රෝද යන්නෙ පුංචි කාළේ මඩ වගුරු වල නටපු හැටි මතක් කරමින් .

2016/01/25

189) සිල් නොබිඳ Kiss බෙදන ඊ-බා

පහුගිය දවස් ටිකේ සමාජ ජාලා වල සිංහල බසින් පලවුනු ඡායාරූප , ලිපි වගේම රටේ ප්‍රධාන මාධ්‍ය වලත්  “ලොකු කතාබවකට ලක්වුනු දෙයක් “  “සිල් බිඳ ගැනීම“ ගැන , ඊටත් වඩා විස්තරාත්මකව , විස්තර කරල තිබුණේ එම වීඩියෝව තුල නිළියක් සහ නළුවෙක් අතර  හුවමාරුවන “හාදුවක්“ . ඒ හාදුව දෙන හැටි , පියවරෙන් පියවර ඡායාරූප සමඟින් විස්තර කරන්නට තරම් අපේ සමහර “මාධ්‍යයන්“ සහ සමාජ ජාල පිටු සෑහෙන මහන්සියක් වෙලා තිබුණා . ඒ මහන්සියේ ප්‍ර‍තිපලයක් විදියට මම ඊළඟ පෝස්ට් එකට මාතෘකාව සොයා ගත්තා , ඒකත් Kiss ගැනම තමයි , නිකං කිස් නෙවි Kissing disease ගැන.

2016/01/19

188) නිකං කරල සැපක් ගන්න “රස රහසක්“

“අනේ මන්ද මෙයා , දැන් මාස පහකුත් වෙන්න ආවනේ , තවම නෑනේ හොඳ ජොබ් එකක් සෙට් වුනේ “ ටිකක් දුර ඈතක ඉන්න මිතුරියක් මනෝජත් එක්ක දුරකථනයෙන් ,
“ඔයා වොලුන්ටියර් කරනවද ? “ මනෝජ අහපු  පළමු ප්‍රශ්නය
“ නෑ අනේ කොලේජ් එකෙන් දුන්න පැය ගණනට වඩා කරන්න ගියේ නැහැ , අනෙක් ලේසිත් නැහැ අනේ වොලුන්ටියර් කරන්න තැනක් අල්ලගන්න එක“ අපේ මිතුරින් පිළිතුරු දෙනවා .
කතාව ටික ටික ඇදෙනවා ,  සාරාංශය නම් ටිකක් සංකීර්ණයි,  ඇය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් කරනවා ලොකු අපේක්ෂාවක් මත , නමුත් තවමත් ඊට අදාල රැකියාවක් සොය ගන්නට බැරි වෙලා .

2016/01/18

187) රන් කිරට මුසුවන වස

ඊයේ දවසේ මේ පළාතේ උශ්නත්වය , සෙල්සියස් සෘණ 43 දක්වා පහල ගියා . අවදානම් දිනයක් , නමුත් පුදුම ලස්සන දවසක් . වළාකුලක්වත් නැති අහසේ තද දීප්තියට පායල තිබුණු හිරු එළීය දකිත්දි ගෙට වෙලා ඉන්නෙ කෝමැයි . “අවදානම් සහිත“ දිනයක් ලෙස බලධාරින් විසින් නම් කරල තිබුණත් , මේ ඉරිදාව නිකං නාස්තිකරන්න බැහැ.

පවුලේ කට්ටිය දාගෙන රිය පැදෙව්වා Hershel කියන පළාතට . ඩයිනෝසර්ල(Dolichorhynchops herschelensis)  හිටි ප්‍රදේශයක් ලෙසින් හඳුනගෙන තිබෙන මේ කඳුවැටි මායිම හරිම ලස්සනයි. හැබැයි දරන්න බැරි සීතලයි . ලස්සනේ බැහැ ඒත් මෙහෙම ඉන්නයැ , බැස්ස කට්ටියම , වටේ ටිකක් ඇවිද්ද, කම්මුල් පිච්චෙන සීතලක් . විනාඩි දහයකට වඩා එළියේ ඉන්න නැතිව ඇති. ආයෙත් ඔක්කොමල නංවගෙන කඳු වටේ අරන් ගිහින් ගෙදර එත්දි හවස් වෙලා . ගෙදර ඇවිත් බලත්දි හැමෝගෙම කම්මුල් , තොල් පිච්චිලා .
එදා ඩයිනෝසර්ලගේ ගමේ අද 
“හරියට සීටී දීලා ඇවිත් වගේනේ කට්ටිය “ වේදනාවත් එක්ක හිනා වුනා හැමෝම .මොකද මේ හැමෝම ඒ “දුක සැපට “ විඳල තියෙන නිසා.

2016/01/14

186) උත්තර දෙන මුත්තරා

අද පොඩි අක්කල දෙන්නට වෙනදට වැඩිය සතුටුයි . මොකද ඊයෙ රෑ පටන් ගත්තු හිම වරුසාව තව නැවතිලා නැහැ . අනෙක තෙත් හිම wet snow , කවුරුත් වගේ ආසයි තෙත් හිම වලට . තාත්ත ගේ ඉස්සරහ පාත්වේ එක සුද්ද කරනකං අක්ක දෙන්න වාහන පනගන්වල , හිම  අයින් කරල , අයිස් කඩල ඔක්කොම ටික ලේස්ති කරනවා. මට දැන් ටිකක් ලේසයි ලොකු “කෙල්ලො දෙන්නෙක්ම“ ඉන්න නිසා. (ගෙදර ඉන්න “ලොකුම කෙල්ල“ උදේ පාන්දරම වැඩට යන නිසා , මේ පොඩි කෙල්ලො දෙන්න එක්ක මේ යුද්දේ කරන්න වෙන්නේ මටම තමයි)
ඩ්‍රයිවිං වලින් හොඳම ඩ්‍රයිවිං “වින්ටර් ඩ්‍රයිවිං“ 
කෙහොම හරි වෙලාවට ඔක්කොම කරල පාසල සහ සේවා ස්ථානය බලා යන ගමන පටන් ගත්ත.
“අද නියම දවස ඉවසීම පුරුදු කරන්න නේද තාත්තේ “ ලොක්කි , පොඩ්ඩි දිහා බලන ගමන් .
“ඒ මොකද ?“ පොඩ්ඩි පැන්න මැදට 
“ඇයි වාහනේ යන්නේ අපට ඕන විදියටම නෙවිනේ , ඒ නිසා වෙනදට වැඩිය කල්පනාවෙන් යන්න ඕන “ අක්කගේ විස්තර කිරීම හරි , මේ ස්නෝ තට්ටුව උඩ “කිරි කිරි “ගාමින් කරකැවෙන රෝද , කියන දේ අහන්නේම නැහැ , ස්කේටිං කරනවා වගේ තමා , හැබැයි මම ආසම ඩ්‍රයිවිං , ස්නෝ ඩ්‍රයිවිං කිව්වොත් වැරදිම නැහැ.

2016/01/12

185 ) රෑට රෑට ගන්න හිතෙන “ආස“ම පෙත්ත

ලස්සන ...................winter එක (පිංතුරයwww.wookmark.com)
වෙලාව අටයි පනස් පහයි , පොඩ්ඩො දෙන්න ඉස්කෝලෙට දාල මගේ සේවා ස්ථානයට එත්දි . අද දවසට හිම වැස්ස . අඳුර තිබුණත් තද හුළඟක් නැති නිසා ඒතරම්ම සීතල නැහැ . දැනෙන විදියට සෙල්සියස් සෘණ 15-20 ක් වගේ ඇති . කොහොම වුනත් තවත් ලස්සන දවසක් .

සපත්තු , සීතල කබා ,  හිස් වැසුම් ඉවත් කරල  සැහැල්ලු වුනා විතරයි . කාමරේට ඇතුළු වෙන්න වුනෙත් නැහැ , 

2016/01/11

184) හද බිඳන මග ළකුණූ

අද සදුදාවක් , ලොකු ලිපියක් කියවන්නේ නැතිව විනාඩි පහක  විතර පොඩි ලිපියකින් ඔබේ ජීවිතය රැක ගැනීමට වැදගත් කරුණූ 10ක් මතක් කරගනිමු . බොහෝ විට මේ කාරණා ඔබ දන්නවත් ඇති , නමුත් නැවත නැවත මතක් කර ගත යුතු කරුණු කියල හිතෙන නිසා මෙන්න මේ විදියට කියන්නම් .





2016/01/09

183) නින්ද නැති රැයේ - ඔබට හොරා ඔබ වෙත එන්නා

“ලොකූ .... ලොකූ ...වෙලාව හරි , සද්ද නැතිව නැගිටල යං , ලේස්ති වෙන්න “ , අද සෙනසුරාදා ලොකූගේ ඉස්කෝලේ බාස්කට්බෝල් ටූර්නමන්ට එක. නිවාඩු දවස කියලවත් නිදා ගන්නයෑ . උදේ හතයි පනහට ඇහැරෙනවා කියන්නේ .. විශේෂෙයෙන්ම මේ වින්ටර් එකේ  , සැප තමා. ඊයේ පෙරේද ඉඳළ මනෝජටත් ටිකක් හෙම්බරිසාව වගේ නිසා අපි මේ ට්‍රයි කරන්නේ එයාව  ඇහැර වන්නේ නැතිව ලොක්කිව ලේස්ති කරගන්න.

2016/01/07

182) පාර තියා යන නැව් සමඟින් සුපර් ගොනා

“පැචී , අද ස්නෝ ගොඩයි , ඉක්මණට ලෑස්ති වෙමු , “ අම්ම හදල යන උදේ කෑම එක රත් කරලා , හොඳට පිළීයෙල කරල , නංගිට හරියන විදියට සූදානම් කරන අක්ක , ඇඳටම ගිහින් නඟාවත් කැඳවගෙන එන්නෙ බොහොම ආදර හුරතල් බස් කියවමින් . අක්කට ඒ වැඩ ටික කරන්න දීල පැත්තකට වෙලා නිව්ස් බල බල ඒ සහෝදර ආදරය දකින විඳින එක මට සතුටක් , මොකද  මට නොලැබුණූ ඒ සුන්දරත්වය දකින එක වෙලාවකට හිත තෙත් කරන සුන්දර අත්දැකීමක් .

දෙන්න එක්ක කෑම එක රසවිඳින ගමන් , එළියේ ස්නෝ වැටෙන හැටි බලාගෙන ඉන්න එක පුරුද්දක්. ඇත්තටම ඒක ලස්සන දසුනක් ඇසට වගේම , හිතටත්.

සුදුපාට අහස , පොළව සමඟින් හැංගෙන හිරු 
“ඒයි අක්කි මේ බලන්න අදත් ඇවිත් , “ 
“කවුද අම්මද , තාත්තද බබත් එක්කද “ 
“නෑ අද නං තාත්ත විතරයි වගේ , සිතල නිසා බබයි අම්මයි නිදි ඇති “ තේ කෝප්පේ වීදුරුවට තද කරගෙන පොඩ්ඩි කෑගහනව .

“හ්ම් අද අඩි පාරවල හැටියටනම් තාත්ත , අපරාදේ ඊයෙ අපට අමතක වුනා නේද එයාලට කෑම දාන්න , කමක් නැහැ පදුරේ කොළ තවම තියෙනව නේ “ 

මේ දවස් වල සීතලත් එක්ක අවට තියෙන ගොවිබිම් වල කන්න දෙයක් නැති නිසා රෑට රෑට ගෙවල් වලට එන අමුත්තො (ඇත්තටම හිතවත්තු) කට්ටියක් , ඒ මුවන් රෑනක් . කොයි තරම් මේ කට්ටිය හඳුනනවද කිවොත් , අඩි පාරවල් කියවල මුව පවුලේ අය හඳුනගන්න තරම් අපේ අක්කයි නංගියි දන්නව දැනටමත් .

2016/01/06

181) හද බදන හොටු හදන සාර්තන් !

ටිකක් සීතල දවසක් , ඊයේ Sundogs ලා දැකපු නිසා කවුරුත් අද දවස ටිකක් දරුණු දවසක් වේවි කියල බලාගෙන ඉන්නෙ , මොකද මේ කාළගුණ දෙපාර්තමේන්තුව , මාධ්‍යයට වඩා ගමේ වයසක වැඩිහිටියෝ “ටක්කෙටම“ කාළගුණේ කියනව .

මෙන්න Sundogs

2016/01/05

180) මැරෙන්න පෙර Pre-Mortem කර ගන්නේ

2016ත් උදා වුනා ලැබුවා වූ නව වසර සුව සතුට පිරි සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සැමට !


අළුත් අවුරද්දක් , තවමත් ලියැවෙන්නේ 2015 වුනත් ඇත්තටම 2016 , එක් වෙලාවකට හිතෙනවා කාළය හරිම ඉක්මන් දෝ කියලත් , පහුගිය වසර ගෙවුනේ “හරිම ඉක්මණට“ . ටොරොන්ටෝවේ ගත කළ කාළයට සමු දීලා සස්කචුවාන් පළාතට කිලෝමීටර් 3000ක් විතර දුර ගෙවාගෙන බඩු මුුට්ටුත් කද බැද ගෙන ආවේ හරියටම මීට අවුරුද්දකට ඉස්සර වෙලා , ඒ 2014  දෙසැම්බර් 25දා . අවුරුද්දකට පස්සේ වුනත් ඒ දවස මේ අද ඊයේ වගේ මතකයි.