2016/01/25

189) සිල් නොබිඳ Kiss බෙදන ඊ-බා

පහුගිය දවස් ටිකේ සමාජ ජාලා වල සිංහල බසින් පලවුනු ඡායාරූප , ලිපි වගේම රටේ ප්‍රධාන මාධ්‍ය වලත්  “ලොකු කතාබවකට ලක්වුනු දෙයක් “  “සිල් බිඳ ගැනීම“ ගැන , ඊටත් වඩා විස්තරාත්මකව , විස්තර කරල තිබුණේ එම වීඩියෝව තුල නිළියක් සහ නළුවෙක් අතර  හුවමාරුවන “හාදුවක්“ . ඒ හාදුව දෙන හැටි , පියවරෙන් පියවර ඡායාරූප සමඟින් විස්තර කරන්නට තරම් අපේ සමහර “මාධ්‍යයන්“ සහ සමාජ ජාල පිටු සෑහෙන මහන්සියක් වෙලා තිබුණා . ඒ මහන්සියේ ප්‍ර‍තිපලයක් විදියට මම ඊළඟ පෝස්ට් එකට මාතෘකාව සොයා ගත්තා , ඒකත් Kiss ගැනම තමයි , නිකං කිස් නෙවි Kissing disease ගැන.


Kissing disease කියල ව්‍යවහාරයේ කිව්වට වෛද්‍ය විද්‍යාත්මක නම  Infectious mononucleosis .මේක බෝකරන්නෙ වයිරසයක් . එයා වැඩිපුර රැඳිල ඉන්නෙ කෙළ සහ අනෙකුත් දේහ තරල වල . ඒ කියන්නෙ මෙ රෝග තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්ගේ කෙළ වල , සොටු නැත්නම් කිවිසිමකදි නාසයෙන් විසිරෙන බිඳිති වල , ලේවල වලේම ශුක්‍රාණු තරලව වගේ තැන් වලත් රැඳෙනව. ඔය නිසාමයි මේ රෝග තත්ත්වයට Kissing disease කියන්නෙම , මොකද තරුණ දරුවන් අතර මේ තත්ත්වය වැඩියෙන්ම පැතිරෙන්නෙ “හාදු“ මඟින්
නිසා , හාදු දෙත්දි මෙම වයිරසය (එප්ස්ටන් බාර් වයිරස EBV එයාගේ හුරතල් නම තමයි ඊබා වයිරසය) කෙළ හෝ ශ්ලේශ්මල තරලය සමඟ අනෙක් පුද්ගලයාට මාරු වෙනවා. හාදු විතරක් නෙවි , කෙළ තැවරුණු බීම වීදුරුවකිනුත් මෙයම වන්නට පුළුවන් . මෙවැනි හේතු නිසා තමයි මෙම රෝගය තරුණ දරුවන් අතර බහුල , හාදු , කෑම බීම හුවමාරු කරගැනීම , වගේම අනාරක්ෂිත ලිංගික එක්වීමක් නිසාත් mono (මේ ලෙඩේ හුරතල් නාමය) හැදෙන්න පුළුවන් .

ලස්සන ඊ-බා
දැන් බලමු මේ ලෙඩේ රෝග ලක්ෂණ මොනවද කියල , හැබැයි ගෙදර ඉන්න කොළු පැටියට මේ ලක්ෂණ දැක්ක ගමන් කළබල වෙන්න එපා  “ අද නං කොල්ල (හරි කෙල්ල)  මොකාක් හරි වැරදි වැඩක් කරල “කියල . මොකද කැස්ස , කිවිසුම් මඟිනුත් මේ වයිසරය රෝගී අයෙක් ගෙන් වෙනත් අයෙක්ට යන්න පුළුවන් . අනෙක වයිරසය ඇඟට ඇතුළු වෙලා සති 4ක් 6ක් යනකම් කිසිම ලක්ෂණයක් නැතිව හැංගිලා ඉන්න පුළුවන් . නමුත් රෝග ලක්ෂණ පෙන්වනවා නම් පරිස්සම් වීම නම් අවශ්‍යමයි.

මෙන්න ලක්ෂණ ටික ,
  •  උණ ( එච්චර අමාරු නැති මද උණක ඉඳන් තද ගැහෙන උණක් දක්වා වෙන්න පුළුවන්)
  • උගුරේ අමාරුවක් ( ඔය sore throat කියල කියන්නේ , උගුර රතු වෙලා ඉදිමිලා කෙළ ගිලිත්දි වේදනාව එන්නේ )
  • බෙල්ලේ , කිහිලි වල කුද්දැටි ඉදිමීම 
  • ඇඟපත රිදෙන , අප්‍රාණික දුබල බව
  • තද ඔළුවෙ කැක්කුම 
    • මේ කිව්ව ලක්ෂණ වලට අමතරව 
      • හමේ රතු පාටට හුරු ලප එක්ක , rash එකක් වගේ එන්න පුළුවන්,
      •  බඩේ කැක්කුමක් , බඩ පුරවාදාපු ගතියක් එන්න පුළුවන් (මෙන්න මේක තමයි වඩාත්ම භයානක ලක්ෂණය  , මෙය මතුවෙන්නට පුළුවන් අදාල වයිරසය නිසා අක්මාවට සහ විශේෂයෙන්ම ප්ලීහාවට බලපෑමක් කරමින් ඉදිමීමට ලක්කරන නිසා. මේ හේතුවෙන් , මුල් ලක්ෂණ වගේම මෙ අන්තිම ලක්ෂණය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න එක වටිනවා මොකද මේ අවසාන ලක්ෂණය ජීවිතය අවදානම් තැනකට ගෙනෙන්නටත් හේතු වන්නට ඉඩක් තිබෙන නිසා.)
දැන් ඔබට හිතේවි ඔය ලක්ෂණ අපට හුඟ වෙලාවට  තියෙනව නේ කියල  . ඔව් මේ ලක්ෂණ සෙම්ප්‍ර‍තිශ්‍යාවේ  ඉඳන් තවත් රෝග ගණනකට පොදු ලක්ෂණ වෙන නිසා ටිකක් අමාරුයි හඳුනගන්න, නමුත් මෙ මුල් ලක්ෂණ සතියකට දෙකකට වඩා තිබෙනව නම් , ඒ එක්කම බඩේ වේදනාව ( බඩේ වම් ඉහළ කොටසට වෙන්න තද වේදනාවක් ආවොත් නම් ගෙදර තියාගෙන බලාගෙන ඉන්නම එපා  , එය ප්ලිහාවේ ඉඳිමීම දරුණූ තත්ත්වයට ආ ලක්ෂණයක් වන්නට පුළුවන්) වගේ ලක්ෂණ අවොත් කෝකටත් හොඳයි පවුලේ වෛද්‍යවරයා හමුවන එක . ( නැවතත් , මේ වගෙ අවස්ථාවක දහස ගණනක් වියදම් කරල specialist කෙනෙක් අල්ලන්න වත් , ලොකු ලොකු ඇන්ටිබයොටික් හිතුමනාපෙන බොන්නවත් එපා , ගමේ ඩිස්පැන්සරියේ ඉන්න නැත්නම් රෝහලේ බාහිර රෝගී අංශයෙ ඉන්න දොස්තර මහත්තය හොඳටම ප්‍ර‍මාණවත් මේ වගේ තත්ත්වයකට මුල් ප්‍ර‍තිකාර ගන්නට )

මතක තියා ගත යුතුම දේ , මේ රෝගයටම කියා විශේෂිත බෙහෙතක් නැහැ , වේදනාව  , උණ ඇඟපතේ අමාරු පාළනය කිරීමත් වෙනත් ද්වීතික ආසාදන හෝ සංකූල ( ඒ කිව්වේ මේ ලෙඩේ නිසා ඇති වන වෙනත් ප්‍ර‍ශ්න ) ඇත්නම් ඒවාට ප්‍ර‍තිකාර කිරීමත් තමයි කෙරෙන්නෙ . නමුත් විවේකය සහ දියර ජාති ( වතුර , පළතුරු බීම වැනි දේ මිසක මත් දිය නොවේ)  වැඩිපුර ලබා ගැනීම හුඟක් වැදගත්.

හුඟක් වැදගත් කිව්වෙ , බොහෝ වෙලාවට මේ තත්ත්වය “ඉබේම සුව වෙලා “ ගියත් (නැවත නැවත ඇති වන්නට පුළුවන්) , අක්මාව , ප්ලීහාවට අනතුරු ඇති කරමින් “සිරෝසිස් “ වැනි තත්ත්වයන් ඇති කරන්නටත් , ප්ලිහාව ඉදිමිලා පිපිරීමක් වුනොත් , ජීවිතය ගැන දැඩි අවදානම් අවස්ථාවක් මතු කරන්නටත් පුළුවන් නිසා.

මේ තවත් සුන්දර හාදුවක්
ඔන්න එහෙම නම් මීට පස්සෙ Kiss දෙන්නෙ බලාගෙනයි , ඒ සිල් බිඳෙන නිසා නෙවි , ප්ලිහාව බිඳෙන්න පුළුවන් නිසා :D . ( ඔය Kiss එක මහා අපරාධයක් විදියට කියමින් නටන  උන්දැල වුනත් , අනේක එක්කෙනාට හෙම්බිරිස්සාව වගේ තියේනම් , lip kiss ( පහුගිය දවස් වල විස්තර කළ විදියට) නැතිව කම්මුලට පොඩි හාදුවක් දීල ෂේප් වෙන්න බලන්ට :D )

එහෙම නම් අදට සමුගන්නවා  , සුව සතුට ගත සිත රැදේවා පතමින් .

19 comments:

  1. කිස් එකත් හරි බයානකයිනෙ බලනකොට.අද තමයි දැනගත්තේ මෙහෙම ලෙඩක් ගැන.හොද දැනුවත් කිරීමක්.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. නරක වෙලාවට “කිස්“ එකත් හරි භයානකයි :D
      ස්තුතියි ගිම්හානි ග

      Delete
  2. කිස් එකට වැඩිය භයානකයි එතකොට හෝටලේට ගිහිල්ල වතුර බොන වීදුරුවෙන් උනත් මේක හැදෙන්න පුලුවන්නෙ.
    සිල් නං බිඳුනත් මොකද අනික්ව බිඳගන්නැතුව. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ පෙන්වා දුන් තැන හරි , එකිනෙකා අතර හුවමාරු කරගන්නා ආහාර  , සහ ආශ්‍රිත උපකරණ ( පිඟන් කෝප්ප , වීදුරු ) වගේ දේවල් ඔස්සෙ තමයි මෙය බහුලව බෝවන්නෙ .
      ස්තුතියි ප්‍රසන්න.

      Delete
  3. AMMO BAYE BA ..........

    "කිස් නම් හාදුව වේ
    අශා සිත බිහිවේ
    නිල් තරුයි නිලුපුලුයි
    නිල්මිනියි ඇහැක් වගෙයි ..."

    තනුව : ගලගෙදර එම්. එම්. හක්
    ගායනය : එච්. ආර්. ජෝතිපාල
    "සුජීවා" - 1972

    https://www.facebook.com/jothipala.everliving.legend/videos/785083251570894/

    ReplyDelete
    Replies
    1. සින්දුවෝ තනුව නෙවෙයි සංගීතය තමයි හක් මහත්තයාගේ. තනුව අරගත්තේ මෙතනින්.

      https://www.youtube.com/watch?v=QT1-pc3VJpI

      Delete
    2. ස්තුතියි ගීතවත් රසයක් එක් කළාට මිතුර !

      Delete
  4. AMMO BAYE BA ..........

    "කිස් නම් හාදුව වේ
    අශා සිත බිහිවේ
    නිල් තරුයි නිලුපුලුයි
    නිල්මිනියි ඇහැක් වගෙයි ..."

    තනුව : ගලගෙදර එම්. එම්. හක්
    ගායනය : එච්. ආර්. ජෝතිපාල
    "සුජීවා" - 1972

    https://www.facebook.com/jothipala.everliving.legend/videos/785083251570894/

    ReplyDelete
  5. හුස්මගන්නකොටත් දෙපාරක් හිතන්න වෙනවා මෙහෙම ගියොත් නම්..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තිබෙනවා, කෝකටත් දැන ගෙන ඉන්න එක වටිනවානේ .
      ස්තුතියි මිතුර

      Delete
  6. අම්මෝ..........අපි බේරිලා තියන බේරිල්ල.

    ReplyDelete
  7. ඩිස්පැන්සර් දොස්තර මහත්තය ගැන කියපු කතාව නම් හොදයි.. සමහරු ඉතිං පොඩි දේටත් දාස් ගන්න දීල චැනල් කරන්න නෙව හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක අැත්ත , අපට මතකනේ අපේ පුංචි කාළේ , අපි ගියේ ගමේ ඩිස්පැන්සරියේ දොස්තර මහත්තයා ගාවට , නැත්නම් ඕපීඩි එකට කිසිම කරදරයක් වුනේ නැහැ එදා න්ම , අද හෙම්බිරිස්සාවටත් ස්පේෂලිස්ට් කෙනෙක් . එය මුදල් වගේම එම මානව සම්පතෙන් නිසි පල නොලබා ගැනීමකුත් වෙනවා . ස්තුතියි ඔබට

      Delete
  8. අදයි මේ ගැන දැනගත්තේ..බොහොම වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට මිතුර !

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)