2012/12/05

127) “.....ගෑණිව“ හොඳ කරවන ART එක

“ට්‍රීං ට්‍රීං ....ට්‍රීං ට්‍රීං ....“
“ඔව් මහේෂ් කතා කරනවා“ ...
“මේ අංක .....නිවසද?...“
“ඔව් ...ඔබ කවුද ? “
“මම ....සංවිධානයෙන් ...ඔබේ දරුවන් දෙදෙනාට නත්තල් තෑගි පාර්සල් දෙකක් අපි ගෙනත් තියෙනවා , අපිට එන්නට අවසරද ?...“
“ඔව් , එන්න ...“.....
“බොහොම ස්තුතියි  ඔබටත් සුබ නත්තලක් වේවා ..“....

2012/11/18

දැන් පෙන්වනවා - හිත බිය ගන්වන කෙටි චිත්‍රපටයක්

පහුගිය දවසක අපේ සිංහල  බ්ලොග් සටහනක බොහොම නිර්මාණාත්මක උත්සාහයක් දකින්නට ලැබුණා , ඒ “යාමය“ බ්ලොග් සටහනේ , එයට සවන් දීපු  (එම වැඩසටහනට සවන් දෙන්න කැමති නම් යන්න ඒ බ්ලොග් සටහනට මෙතැනින් හෝ අහන්න මෙතැන ක්ලික් කිරීමෙන්) මට සොඳුරු සුව අසපුවෙන් ඔබ වෙත යොමු කරන සතියේ දෘශ්‍ය නිර්මාණය ලෙසින් එවැනිම දෙයක් දෙන්නට හිතුවා . හැබැයි මෙය මගේ නිර්මාණයක් නොවේ , යූටියුබ් තුලින් දකින්නට ලැබුණු මෙහි නිර්මාණාත්මක බවත් ඉහළයි , ඒ ඊට දායක වූ තාක්ෂණ සහ මානව සම්පත් වලට සාපේකෂව.

නිර්මාණය කළ ඔහු කියන පරිදිම “This short film was my 1st experience. I never went to theater academy or college for making movie. I learned everything my self. We didn't have to much good equipment for making this short film.I shot this with only 1 regular camera . my wife was the actress and she helped me a lot for making this short film.so we was only 2 people without any experience.“ 

2012/11/16

126) යුග දිවියේ රස බින්දන - එක වක කළ කොට තත

සිංහල බ්ලොග් අතරේ ගැවසෙත්දි විවිධාකාර සටහන් හමුවෙනවා , දේශපාලන , එදිනෙදා කතා , ජීවන අතදැකීම් , රසබර විනෝදය මුලික වුනු කතා , ඔය වගේ එකිනෙකට “වෙනස්“ තවත් “උප සංස්කෘතියක්“ වගේ තමයි මේ බ්ලොග් පරිශ්‍රයත්.. අවුරුදු එකහමාරක වගේ කාළයක් තිස්සේ මමත් මේ සිංහල බ්ලොග් අවකාශය ඇතුලේ ඉඩ ලැබෙන විටෙක ගැවසෙන්නට කැමැත්තක් දක්වනවා , ඒ , මේ “වෙනස්කම් “ නිසාමයි. 

2012/11/11

125) මුලින් රිදවනා.. පසුව සැප දෙනා.. ඇතුලට දානා කූර දනීදෝ..

“ලොකූ කන්නේ දැවිල්ල එක්ක නේ ....එහෙනම් උම්බලකඩ සම්බෝල තියෙනවා , සැර කට්ට සම්බෝලයක් තියෙනවා ..මොනවද ඕන ...?“....
“මට නං ඕන කට්ට සම්බල් ..ෂා ..රසායි........“ ...
ලොකු කෙලී පිට්ටු උඩටම කට්ට සම්බල් ගුලියක් දාගෙන නිදහසේ කන්න හිතාගෙනද කොහෙද එයාගෙ  මේසෙට ගියා ...
පොඩ්ඩි නම් හොරෙන් හොරෙන් අම්මගෙ අස්සෙන් ගිහින් පැණි බෝතලේ උස්සගෙන ...(මේ දෙන්නගේ වැඩ දැකල ඇතිනේ මෙතැනින්)
“ආ ..මෙයා ඉතින් තාත්තගෙම දුව නේ ..... එහෙමනං තාත්තටත් ඕකෙන්ම පැණී ටිකක් දාල තියන්න ...දෙන්නම ඉතින් එක ජාතියේ කූඹිනේ ....“ ....

තේරවිල්ල ....

මුලින් රිදවනා.. 
පසුව සුව දෙනා.. 
ඇතුලට දානා.... 
කූර කුමක්දෝ ...



දන්න කෙනෙක් කීවා නම් බලන්ට ...


පිළිතුර බලන්නට තව පැය දෙක තුනක් බලා ඉන්න වේවි ...

2012/11/07

124) කිති කවනා , හිරි දුවනා අමුතු වින්දනේ ...

“අම්මේ , මේ නංගී .............“ ....ලොකු මොකක් හරි කියන්න ගිහින් නවත්ත ගත්තා ...
“මොකද වෙලා තියෙන්නේ , අක්කට ගැහැවුවද  ...ආ ...“  අම්ම එතනට යන්න ඉස්සර වෙලා මම ගියේ වැඩේ ගොඩින් සමාදාන කරල බේරුමක් කරල දෙන්න බලාගෙන ...

2012/10/23

දැන් පෙන්වනවා - ආදර කතාවකට වෙනස් අරුතක්

අද සති මැද චිත්‍රපටය විදියට සොඳුරු සුව අසපුවේ දිග හැරෙන්නෙ ,දකුණු කොරියාණු film එකක් . 2004 වසරෙදි තිරගත වුනු මෙය ඒ වසරේ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරින් එකක් වුනා ...සංවේදී ආදර කතාවක් තේමා වුනු මෙහි කියැවෙන ලෙඩක් තිබෙනවා ...ඒ තමයි ඇල්සයිමර් රෝගය ....අපි ඒ ගැන 112 වන ලිපියෙදි කතා කළා , කැමති නම් ඒ ලිපිය නැවත කියවල එන්න ..මොකද එතකොට තවත් පහසුයි සිදුවෙන දේ තේරුම් ගන්න ..

2012/10/21

123) ජීවන බැලුමකට ගින්දර දෙන්න එපා

“ අදනම් හරි මහන්සියි ......උදේ ඉඳළම එක වගේ .....ඒ මදිවට බෙහෙතුත් මදි ..එක යුද්දයයි ..“ ...බයික් එකෙන් බහින ගමන්මයි  මට කියවුනේ ...

2012/10/16

දැන් පෙන්වනවා- හැම දරුවෙක්ම සුවිශේෂීයි ..Taare Zameen Par

අද සතියේ මැද චිත්‍රපටය ලෙසින් යොමු කරන්නට සිතුනේ ලස්සන හින්දි චිත්‍රපටයක් ...ඩිස්ලෙක්සියා නම් රෝග තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් , මුහුණ දෙන ගැටළු සහ ඔහුගේ දක්ෂතාවයන් හඳුනාගන්නා ගුරුවරයෙක් ඒ ඔස්සේ යමින් මෙම දරුවා වෙත සතුට ලබා දෙන්නට වෙහෙසෙන අයුරුයි ...

2012/10/12

122) අමන්දා වින්දා ..ආදරේ නැති හින්දා (වැඩිහිටියන්ට විශේෂයි)


ඊයේ පෝස්ට් එක ලියත්දි “දැන් පෙන්වනවා ඇගේ කඳුළු කතාව“  කියන මාතෘකාව දැම්මේ අදාල චිත්‍රපටයේ සාරාංශයක් විදියට ..ඒත් එය ඇත්තම සිදුවීමක් ලෙසින් නැවත සිදුවේයැයි හිතකවත් තිබුණේ නැහැ ..ඇත්ත ..එවන් දේ ඕන තම් වෙනවා ඇති , ඒත් අප ඒ ගැන නොදන්නවා ඇති , නැත්නම් ඒ ගැන අපේ සංවේදීබවක් නැතිව ඇති ..කෙසේ වෙතත් අද උදේ කැනඩාව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් පැතිර ගියා , සියළුම රූපවාහිනී නාලිකා වගේම , මුද්‍රිත මාධ්‍ය පුරාත් පැතිර ගිය මේ පුවත් මොකක්ද ? ....


2012/10/11

දැන් පෙන්වනවා ...“ඇගේ කඳුළු කතාව“

ගිය සතියෙන් පටන් ගත්ත චිත්තරපටි වැඩේ ලැබෙන වෙලාවක ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා ..ඒ කිවේ යම් වැදගත්කමක් ඇති චිත්‍රපටයක් බලන්නට ලැබුණොත් එය ඔබත් සමඟත් බෙදා ගෙන “දැනුවත් වෙමින් සතුටක් ලබන්නට “ කටයුතු කරන්නට සිතා ගත්තා . මතක නේ ගිය සතියේ අපි බැළුවේ ඒඩ්ස් රෝගය හඳුනාගැනීම සිට මේ දක්වා පර්යේෂකයන් මුහුණදුන් නානාප්‍රකාර ගැටළු ..ඇත්තටමට අපට ඒ ගැන සිතන්නට ඉඩ නොලැබෙන තරම් නේ .. කොහොම වුනත් එය නැරඹුවා නම් යම් දැනුමක් , සතුටක් ලබන්නට ඇතැයි මම හිතනවා ...

2012/10/07

121) නොබිඳුනු කන්‍යාවියකගේ කතාව


මගේ ලෙඩේම තියෙන මගේ පැටවු ..

අඟහරු වෙතට ගිය Curiosity දැන් වැඩ පටන් අරගෙන ..බොහොම පැහැදිලි ඡායාරූප , වාර්තා එවනවලු . මගේ විනෝදාංශ අතරේ තාරකා විද්‍යාව ඉහළ තැනක තිබෙන නිසා හැමදාමත් Curiosity ගේ අලුත් වැඩ ගැන ඊ මේල් ලැබෙනවා ...නාසා අයතනයේ වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වුනාම ඔබටත් මේ අලුත් රසවත් තොරතුරු ලබා ගන්නට පුළුවන් . , අද තාරකා විද්‍යාව ගැන කතා කරන්න යනව නොවෙයි ...අද කතාවට මුල පුරන්නේ ඒ අඟහරු යානයට දී ඇති වචනයෙන් ....Curiosity .....සිංහලෙන් කීවොත් “කුතුහලය“ .....

2012/09/30

120) කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලන කොල්ලා ..ගැබ් ගෙල පිළිකාව

පාට පාට 
සීතලම , සීතල උදේ  පාන්දරින්ම ඇහැරෙන ඉරිදාව අද ....එහෙම කීවේ , වෙනදනම් ටිකක් පරක්කු වෙනකම්ම නිදා ගන්න දවස තමයි අද ..ඒත් මේ පැත්තට ආවට පස්සේ ඒකේ අනිත් පැත්ත ..

2012/09/23

119) මරණයේ වේදනා බිඳලනා මේ පිනා ...-එන්ඩොෆින්

කාළයක් තිස්සේ ලියන්න ඕන කියලා හිතාගෙන හිටියත් ...මේ කතා කරන්න යන මාතෘකාවේ ගැටළුකාරි බව සහ , කෙතරම් ප්‍රායෝගිකව වැදගත්වේද කියන දේ ගැන කුකුසක් තිබුණු නිසා මෙතෙක් නොලියා සිටියත් ,අපේ  චතුර විජේකෝන් මහත්මයගේ “ හද පතුල“  බ්ලොග් එකේ මෙවර ලිපියත් එක්ක නැවතත් මරණයේ හැඩ රුව ගැන යමක් ලියන්නට හිතුනා ..ඒ සිතුවිල්ලටම දිරි දෙමින් මගේ අධ්‍යයන කටයුතු වලත් මේ දවස් වල මාතෘකාව Thanatology ... සිංහලෙන් කීවොත් “මරණය අධ්‍යයනය“ .. ඔන්න ඔය හේතු නිසාම අද “සොඳුරු සුව අසපුවේ“ මාතෘකාව “මරණයේ සැබෑ ස්වරුපය කෙසේ වේද “ යන්නයි ...

2012/09/15

118) මල්ල පළල් කර සතුට විඳින්නයි - D.B.E.

  “සොඳුරු සුව අසපුවට“ ගොඩ වදින ඔබට  හැමදාමත් වගේ කරන්නේ ලෙඩ දාන එකමනේ ..ඒ නිසා මේ බ්ලොග් සටහන සමහරුන්ට “අරහං“ ..ඒත් එක් අයෙක් හෝ මේ සටහනින් පලක් ගන්නව ඇති කියල හිතෙන නිසා සහ “සොඳුරු සුව අසපුවට“ ළබැඳි ඔබේ දිරි ගැන් වීම් නිසාම අඩුම තරමේ සතියකට එක් ලිපියක් වත් එක් වේවි .......හැමදාමත් “ලෙඩ සහ වේදනාවන්“ ගැන කතා කළත් ..අද  ඒත් ටිකක් වෙනස් ...අද ලෙඩක් නොදා , Exercise එකක් ගැන කතා කරන්නයි හදන්නේ ...

2012/09/09

117) කන්දෙ ගෙදර හැංගිලා පටල කඩන්නා ..O.M ...

මේ දවස් ටිකේ මේ පැත්තට මද වැසි , අදත් උදේ පාන්දර පොඩි පොදක් ගිහින් දවල් වෙත්දි ටිකක් තව වැස්සක් වැටෙන්න වගේ හදන්නේ . මෙතුවක් තිබුණූ තද රස්නේ නම් දැන් ඉතින් අඩු වෙලා , ඒත් උදේ පාන්දර මේ “චුරු චුරු වැස්සේ“ ගමනක් යන එක කොයි තරම් සුන්දරද ? ...උදේ පාන්දර පහට විතර ...සීතලේ ....මිදුමේ ...ඒ මදිවට පාර පේන්නෙත් නැති තරමට වැස්සේ ....


2012/09/01

අවවාදයයි පාර වසා ඇත Road closed !

සොඳුරු සුව අසපුව සඳහා මෙතෙක් වූ http://nursinglanka.blogspot.com  ලිපිනය මේ වන විට ක්‍රියාත්මකව නොපවතින බැවින් , එම ලිපිනය මඟින් සොඳුරු සුව අසපුව වෙත පැමිණෙන්නට උත්සාහ කිරීමේදී පහත දැක්වෙන පණිවිඩය පැමිණීමට ඉඩ ඇත .

2012/08/29

116) සොඳුරු හමුව බිඳ දමනා හොඳම ක්‍රමේ (උපත් පාලන ක්‍රම ගැන)

ඊයෙත් පෝස්ට් එකක් දාල අදත් පෝස්ට් එකක් දාන්න වෙයි කියල කවුද හිතුවේ ..ඒත් නොහිතන දේවල් වෙන නිසා , මූලික හේතු දෙකක් හේතුව විදියට දාගෙන මෙන්න මේ පෝස්ට් එකත් එකතු කරනවා , සමහර විට කියවන ඔබට ටිකක් කරදරයක් වුනාද දන්නෙත් නැහැ , එහෙම වුනොත් මේ ලිපිය තව ටික දවසකින් කියවන්නකෝ ...

2012/08/28

115) ඇඟිල්ලෙන් අල්ල ගන්න පිරිමි ගැටේ .(පුරස්ථ ග්‍රන්ථි පිළිකාව) ..

 අද කතාවට මාතෘකාවෙන රෝග තතත්වයේ නම මුලින්ම කියන්නම් , මොකද ඒක දැක්ක ගමන්ම සමහර කෙනෙක් පෝස්ට් එක කියවන එකෙන් ඉවත් වෙලා යාවි ..

“අපෝ ඔය ලෙඩ අපිට හැදෙන්නේ නැහැනේ ! ...අනෙක වයසට ගිහින් හැදෙන ලෙඩ ....දැම්ම මොකදට ඕව ගැන ...“

එහෙම ඉවතට නොයන ඔබ වෙනුවෙන් අද කතා කරන්නට හදන්නේ පුරුෂ පාර්ශවයට වද දෙන නොසලකා හැරියොත් අවාසනාවන්ත බලපෑමක් වුනත් කරන්නට තරම් බල සම්පන්න ලෙඩක් ගැන ...ඒ පිළිකාවක් ...


2012/08/26

මෙම බ්ලොග් සටහන සඳහා මෙතෙක් භාවිත වූ වෙබ් ලිපිනය අද දින සිට http://www.nursinglk.com/ ලෙසින් වෙනස් වන බව දැනුම් දෙන අතර , මෙම වෙනස් වීම මඟින් ඔබ යම් අපහසුතාවයකට ලක් වූයේ නම් ඒ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරමි. 

තව දුරටත් ඵලදායීව, ආරක්ෂාකාරීව සහ වගකීමක් සහිතව තොරතුරු සැපයීම අරමුණ කරමින් කළ මෙම වෙනස මඟින් ඔබට පහසුවක් මිස අපහසුවක් ඇති නොවනු ඇතැයි මගේ විශ්වාසයයි .


කෙසේ වෙතත් ඔබේ චෝදනා සහ යෝජනා වෙනුවෙන් “සොඳුරු සුව අසපුව“ නිබඳව විවෘතයි ..
ස්තුතියි

2012/08/19

114) හදවත රිද්දන හිත හිරිවට්ටන රෑ වැඩ මුරය

 වේගෙන් ආපු කාර් එක ගෙදර දොරකඩ ගාවට නැවැත්තුවේ ටයරයන් හඬවමන් ඒ එක්කම මතු වුන දුවිලි වලාව අස්සෙන් කවුදෝ දුව ගෙන එන බවක් ඉස්කොලෙ නෝනට පෙනුන . ඉස්කෝලෙ නෝන නැගිටල ඉස්තෝප්පුවේ ඉස්සරහට ආවේ මොකක්ද කළබලේ කියල දැන ගන්න වගේ .. ඉස්කෝලේ මහත්තය නම් අත පය දිග ඇරලා හාන්සි පුටුවේ නිදි ...


2012/08/13

113) අතින් ඇද ඇගේ හදවත හපන්නා ..(ආතරයිටිස් ගැන කතාවක්)

ඊයෙ වැටිච්ච වැස්සත් එක්ක උදේ පාන්දර හීතල ගතිය වැඩිවුනා වගේ . රේඩියෝ එකේ පිරිත් ටික සද්දෙට ඇහෙන්න දාලා , ඉස්කෝලෙ නෝනා කුස්සියට ගියේ වෙනද වගේම තමන්ගේ පුතාට ගෙනියන්න කෑම ටික හදල දෙන්න . ගෙදර කවුරුත් මේ පිරිත් හඬත් එක්කම ඇහැරෙන බව දන්න නිසා , මුලින්ම ඉතින් තේ ටිකක් හද දෙන එකනේ වටින්නේ . ඉස්කෝලේ නෝනා කේතලේට වතුර එකක් පුරවල සුදානම දවසේ වැඩ පටන් ගන්න..

2012/07/31

112) ඔබ , ඔබව හැරදා යන හෙට දවස ගැනයි (ඇල්සයිමර් රෝගයේ තතු)

“ තාත්තේ ...අපි යන්න හදන්නේ ...එනකොට ටිකක් රෑ වෙයි , “ සුමිත්  කීවේ තාත්තට ...
“තුණූරුවන් සරණයි මගේ පුතේ , පරිස්සමින් ගිහින් එන්න ...“ අම්ම තමන්ගේ ලොකු පුතාගේ ඔළුව අතගෑවේ කවදාවත් නිමාවක් නොවෙන දරු සෙනෙහසේ උණුහුමත් එක්ක ...ඒත් තාත්තගේ කතාවක් නෑ , නිකං නුරුස්සන පෙනුමක් ...


“ඇයි තාත්තේ ! “ ..


“මේ කොහෙද යනව කියන්නේ ....අම්මට කිව්වද ....“ සිරිසේන මහත්තය ටිකක් සැරෙන් වගේ ඇහුවේ ...
“ඇයි තාත්තේ අදනේ මගේ ඉන්ටර්වීව් එක ...මං ඊයේ තාත්තට කීවේ ....අර තාත්තගේ යාළුව ...ගුනසේන අංකල්ගේ කොම්පැණියෙමනේ .....“ සුමිත් උත්තර දුන්නා ..


2012/07/19

111) බලන්නම ඕන නොබලන එක

මේ දවස් ටිකේ ටිකක් අවිවේකී වුනු නිසා පෝසට් එකක් එක් කරන්නට බැරි වුනා. අද පොඩි වෙලාවක් මේ වෙනුවෙන් යොදා ගන්න ලැබෙන නිසා වෙනදට වඩා පුංචි පෝස්ට් එකක් එකතු කරන්න හිතුවා. අද අපි කතා කරන්න හදන්නේ , අපි බලන්නම ඕන කෙනෙක් ගැන ...හැබැයි අවාසනාව කියන්නේ අපි නොබලන්නේම මෙයා දිහා , එහෙම නැත්නම් බලන්න හදනකොට වැඩේ කෙරිල ටිකක් කරදරත් වෙලා. ආන් ඒ නිසා කරදර වෙන්න ඉස්සර  ,එහෙම නැත්නම් දැන්වත් මෙයා ගැන ටිකක් හොයා බැලුවොත් හොඳයි කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේ.


2012/07/11

110) අතපත ගාලා , ඇතුලට දානා කළබලකාරයා

අද මගේ හොඳම මිත්‍රයගේ දරුවගේ උපන් දිනේ , දැන ගන්න ලැබුණෙ , ෆේස්බුක් එකේ දාපු සටහනකින්, ඉතින් වෙලාවේ හැටියට පොඩ්ඩට පොඩි තෑග්ගක් හදල , පොඩ්ඩිගේ තාත්තගේ ෆේස්බුක් එකට uplaod කළා, අවුරුද්දකට විතර ඉස්සර වෙලා තමයි කෙළි පැටික්කිව දැක්කේ අන්තිමට , දැන් ලොක්කියෙක් , හරිම සතුටුයි , ඉතින් මේ “තෑග්ග“ හදන ගමන් මට ඊළඟ ලිපියටත් මාතෘකාවක් ලැබුණා , ඒ තමයි Happy birthday to you ...කියන , හැම උපන්දිනයකම පොදුවේ කියැවෙන පුංචි ගීතය ,

2012/07/09

109) හිත රිදවන , ගත නොරිදන ,කළුවර දෙන “සුදූ“

“තාත්තේ අපි ඩයිව් කරමුද බලන්න , ...චූටි ඔයා ඔය ලයින් එකෙන් එහාට යන්න , තාත්තියි මායි ඩයිව් කරන්න හදන්නේ ....! “ ....ලොකුගේ හදිස්සියක් “කෙල්සෝ විලේ“  පතුල බලන්නට , පොඩ්ඩිව යාළුවො කට්ටියත් එක්ක වැල්ලෙන් ඉන්නවල , ආයෙත් ආව ලොකුත් එක්ක කිමිදිලා වැව් පතුල බලන්න ....“හරි ..එකායි දෙකායි ...තුනායි ...“ 
වෙනද පුරුද්දටම මාත් පැනල ටිකක් කිමිදුනා ...මොන ! “ ...

2012/06/24

108) රහස් කියල “කැසිල්ලක්“

අද කොහේවත් යන්නේ නැහැ කියල “දැඩි තීරණයක් ගත්ත“ , මේ දවස් ටිකේම මගම වගේනේ. නිවාඩු දවස නිසා ටිකක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ . ඒ වෙනකොට මනෝජ නම් අවදි වෙලා උදේ කෑමත් හදල . 


2012/06/20

107) කෙල්ලන්ටම ලෙඩ දෙන මේ පනින නටන කොපු



මේ දවස් වල සැර අව්ව , අදත් සෙල්සියස් 32ට වුනත් දැනෙන්නේ 42ක් විතර (Feels like 42) . උදේ පාන්දර ගමන එච්චර අමාරු නැතත් , හවස එන ගමන නම් ඇහැට හරිම මහන්සියක් , පොළොව රත්වෙලා එන අව් සැර මොන ප්‍රොටෙක්ටර් දැම්මත් ඇහැ කඩාගෙන යනවා වගේ . හරිම වෙහෙසක් දැනෙනව , ඒ එක්කම පිපාසයත් උපරිමයි , මේ වගේම දැඩි උශ්න කාළයක රස වින්ද 2006 විතර , ඒ කටාර් රාජ්‍යෙය් රැකියාව කරන කාළෙ , දැන් මෙහෙත් ඒ වගේමයි මන්ද ? 

2012/06/18

කැනඩාවට එන්නට මඟ

හැමදාමත් වෙනස් වන අපේ හිත්වල පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා . පුංචිම කාළෙ නම් අම්මට තුරුල් වෙලා බඩ පිරුණත් තව ටිකක් කිරි බොන්න , ඒ උණුහුමේ හැංගිලා ඉන්න , ඊට ටිකක් ලොකු වෙන කොට තාත්තත් එක්ක රේස් පැදල , තරඟෙට දුවල දිනන්න , තව ටිකක් කල් ගියාම ඉස්කෝළෙ , පන්තියේ හොඳ තැනක් ගන්න ...ඔහොම කියාගෙන යත්දි කොයි තරම් නම් බලාපොරොත්තුද ? ...අපි ජීවත් කරවන නොපෙනෙන බලවේගය මේ බලාපොරොත්තු කියලයි අපි හැමෝම දන්න විදිය ,

2012/06/12

106) තොප්පි නොදා දා ගන්නා ගලවන තොප්පි ...

පහුගිය පෝස්ට් එකත් එක්ක දින හතක විතර පරතරයක් වුනා , පහුගිය දවස් ටිකේම ටිකක් අවිවේකී වීම තමයි හේතුව . කොහොම වුනත් අද යමක් ලියන්න ඕන කියල හිතුනේ ඊයෙ ගිණි මද්දහනේ නයගරාවේ සිහිලස විඳින්න යත්දි වුනු දේ එක්කම අද ගෙදර ඇවිත් නෙත් එෆ් එම් එකේ බැළුම්ගල අහත්දි ඇසුනු දේ එකතු කරගෙන .

2012/06/04

105) ඉන්න ඇවිත් එක්කං යන ආදර කළු කෙල්ලෝ..



නිවාඩු දවස තරම් වැඩ වැඩි දවසක් නැති තරම් , සෙනසුරාදා ටිකක් පරක්කු වෙලා අවදි උනාට , වැඩ වැඩ වැඩ ...ගෙවල් අස් කරන්න , ඇඳුම් සොදන්න , ඒව වෙන් කරල , නවල පිළීවෙල කරන්න , මනෝජට නම් ඉතින් දවස් තුන හතරකට හරියන්න කෑම උයන්න  .....එකි මෙකි නොයෙක් රාජකාරි වලින් පිරිච්ච දවසක් තමයි අපේ සෙනසුරාදාව .  කොහොම කොහොම හරි හතර දෙනාගෙම එකමුතු වෙන් හවස තුන වෙන කොට ගොඩක් වැඩ ඉවර කරල , ගෙයින් එළියට පැන ගන්නව  කට්ටියම .ඒ පොඩ්ඩො දෙන්නගේ swimming class එකට යන්න . දෙන්නටම තියෙන නිසා හවස් වෙනකම්ම එතන ඉන්න සූදානමින් තමයි ගෙයින් පිට වෙන්නේ ,


2012/05/29

104) හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා ..


මේ දවස් ටිකේම ලංකාවේ එක්තරා මාධ්‍ය ආයතනයක් ලොකු අනතුරක් ගැන දිගින් දිගටම ප්‍රචාරණය කරන. ඒ   ෆෝන් එකේ ඉන්න ක්ෂුද්‍ර ජිවියෙක් ගැන . ඒ විඩියෝව දැක්කම එක අතකින් හිතට පුදුම දුකකුත් දැනුන .ඒ මේ මයිටාවා ගැන නෙවි , අපේ මිනිස්සු බය වෙන හැටි දැකලා. ඇත්තටම සැළකිළිමත් වෙන්නට ඕන සෞඛ්‍ය ප්‍රශ්න දහස් ගණනක් තියෙත්දි මේ කොහේ හරි ඉන්න මයිටාවෙක් ගැන කියන කතා .

2012/05/28

103 ) හදවත රිද්දන පද්දන කකුල් දෙක

පොඩි දඟමල්ලයි , ලොකු අක්කයි 
පහුගිය දවස් ටිකේම ටිකක් කළබලකාරී උනා . මනෝජට එක පිට එක විභාග කිහිපයක් කරන්න උන නිසා ගෙදරම නිකං පාලුවට ගිහින් වගේ . ගේ දොර වැඩ වෙන වගේම කළත් පොඩ්ඩො දෙන්නත් එක්ක රැඳෙන කාළය හුඟක් අඩු වුනා . පොඩීට නං හුඟක් දැනෙනවා ඒ වෙනස . සිකුරාදා රෑ ගෙදර ආ වෙලාවෙ ඉඳන් ..“අම්මට ආයේ tests නැහැනේ ..සඳුද යන්නේ නැහැනේ ?...“ ප්‍රශ්න ගොඩයි. ඒ නිසාමත් අද විවේක දිනයත් නිසා ටිකක් උදේ වෙනකම්ම නිදා ගත්තා ....ඇත්තම කිව්වොත් හොඳටම එළිය වැටෙනකම්ම..පොඩ්ඩි තාමත් අම්මට තුරුල් වෙලා නිදි....නිදි වගේ ඉන්නවා ...  “තාත්ති අපි අරයව නැගිට්ටවමුද ? ....“ ඇහැරලා හුඟක් වෙලා ඇඳට වෙලා හිටි ලොකූ අහනවා ...“හ්ම් .... නංගිවත් නැගිට්ටවන්න , “ ...“මෙන්න හොර ගෙඩියා නිද වගේ ඉන්නවා ...ඒයි චූටී ....නැගිටින්න ......“ ...“ම්හු ..නෑ සද්දයක් ......“

2012/05/22

මධුෂානීට දැන් සනීපයි ...

ඔබට මතකද මේ දියණිය , සොහොයුරිය ......ඔව් , මේ මධුෂාණි ...මගේ නම් සිසුවියක් ඒ නිසා දියණියක් , ඔබේ මිතුරියක් , සොයුරියක් , ලොවට වැඩ කළ හැකි තරුණියක් ...

මීට මාස තුනකට පෙර ඇයව තයිරොයිඩ් පිළිකාවකින් පෙ‍ළෙන බව හඳුනගත් අවස්ථාවේ , ඇගේ ඉක්මණ් ප්‍රතිකාර කටයුතු සඳහා ඔබ සැමගේ කාරුණීක අනුග්‍රහය ඉල්ලා සිටියා මතකද ?...

2012/05/21

102) මිරිකන්නට ආස හිතෙන ., මිරිකුවොතින් වැඩ වරදින .තුම්මුල්ලේ ගැට ...

හැමදාමත් ලෙඩ ගැනම කතා කරන එක හොඳ නෑනේ ..අද නං වෙන කතාවක් කියන්නමයි හිත ....මේක හැබැයි මීට අවුරුදු විස්සකට විතර ඉස්සර වෙච්ච දෙයක් ..කතාවේ ගොඩක් කට්ටිය නැහැ ..දෙන්නයි ඉන්නේ ..ඒකකෙනෙක් බොහොම දක්ෂ සිත්තරෙක් ..වයසට ගිහින් උනාට තාම හොඳට වැඩ පුළුවන් .දකින ඕන දෙයක් පිංතූරෙ ගත්ත වගේ අඳින්න පුළුවන් මේ සිත්තර මහත්තයගේ නම පියදාස ..කවුරුත් කියන්නේ පියදාස මාම කියල..වැඩ හොඳ උනාට හවස් යාමේ කටගොන්නක් බිගෙන පොඩි සින්දුවක් දාගෙන පැද්දි පැද්දි ගෙදර එන පියදාස මාමා ජීවිකාවට කළෙත් ඔබ රූප අඹන එක , මඟුල් ගෙවල් වල සැරසිලි දාන එක ,තව එක එක සැරසිළි ,සුකුරුත්තං වැඩ කරන්න පියදාස ගොයියා හරි හපනා කියල තමයි ගමේ කවරුත් කියන්නේ ..


2012/05/17

101) හැංගි හැංගි සෙල්ලං කර සල්ලං වෙන ලෙඩේ ...

දැන් නම් හරිම රස්නෙයි , පොඩ්ඩො දෙන්න ගන්න ඉස්කෝලෙ ගාවට ගිහින් හිටි ටිකටත් ඔළුව කකියන්න වගේ , ඒත් තව ටික  වෙලාවක් ඉන්න ඕන , ඉස්කෝලේ දොර ඇරුණු ගමන් පොඩ් පැටවු ටික හිනා පුරෝගෙන දුව පනින හැටි බලන්න ආසයි , බහු සංස්කෘතික පරිසරයක් නිසා , සුදු කළු , දුඹූරු , ..පාට පාට පැටවු පිට්ටනිය පුරාම දුවන හිනාවෙන හැටි බලාන ඉන්නකොට නම් , මේ රස්නේ දැනෙන්නේ නැති තරම් ,

පොඩ්ඩි මත වුනා දොරෙන් , හිනාවක් දාගෙන කෙළින්ම මා ගාවම ඇවිත් නැවතුනේ , ..“කෝ ..අක්කි ආවේ නැත්ද ...“
“නෑ ...අපි ඉස්සරහින් ඉමු , එයා ඉතින් යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන ඒවි , ..“....
harley davidson fat boy
මෙන්න බයික් ...
දෙන්නම එකතු කරගෙන යාන්තං ඉස්කොලෙන් පැනගත්තා...දැන් ඉතින් තුරු සෙවනේ හිමින් සැරේ අපි ගෙදර බලා පිය මනිනවා ...අව්ව තිබුණට මේ ගස් හෙවනින් යත්දි නම් හරිම සිසිලසක් දැනෙන්නේ ...

එක එක වාහන හෙමිහිට පාර දිගේ ඇදෙනවා , මේ වෙලාවට ටිකක් තදබදය වැඩියි , ඒ වුනාට විනාඩු පහකින් ඔක්කොම නිදහස් ..පාරත් නිදහස් ...

බ්රූම් ..බ්රූම් ........

2012/05/13

100) එක දෙක වෙන නොහඬන ඇස..

ඊයේ රාත්‍රිය මහ අසාමාන්‍ය රාත්‍රියක් වුනා , හවස් වරුවේ , සොඳුරු හදවතක් ඇති මිනිසෙක්  , ඩිගිටල් 

සටහනකින් මගේ ලිපියට පිළිතුරු දුන්නා , ඔව් , ඒක සාමාන්‍ය දෙයක් , මේ බ්ලොග් අවකාශෙ ඉන්න බොහොමයක් මම හඳුනන්නේ මේ අකුරු ඇමුණුමු හරහාම පමණයි , ඒත් ඒ හරහා , බැඳෙන හෘදයාංගම මිතුදම් නම් පුදුමාකාර බැඳිමක් ...ඉතින් මේ දුන් පිළිතුරට තුති සටහනක් තියල , පුංචි වැඩ කටයුතු කිහිපයකට අසල්වැසි නිවසට ගියත් , එය පැය දෙකක විතර කතා බහකට දිගුවුනා , ඒ සුහද කතාබව , හමුවීම් වලින් පස්සේ ආයෙත් ගෙට ගොඩවැදුනු මම පුරුද්දට වගේම , පරිගණකය පණ ගැන්වුවා ,

2012/05/12

කිසිදා “නොමියෙන“ නොදුටු මිතුරාණ ....නුඹට සමු දෙමි ,


ඔබත් මාත් අතරේ වූ අවසන් දෙබස මෙය යැයි කෙසේ සිතන්නද ?

2012/05/11

99) ටෝර්ච් ගහන පූසා ...ඇන්ටි බොඩිය පෑවා ..

පන්දම අල්ලන 
 “ලොකූ ..........කෝ කොහෙද ටෝර්ච් එක....ඔයා නේද ඊයේ ගේ අස් කළේ ...“ අම්මගෙන් ලොකු සද්දයක් ...

“ඔය ඇඳ ගාව ඇත්තේ... “ ලොකු මොකක්දෝ ලිය ලියා උන්නු නිසා ඒ දිහා බලාගෙනම උත්තර බැන්දේ ..“ඒකතමයි අහන්නේ , ඒ තියෙන්න ඕන තැන ඒක නැහැ ...මෙහෙ එන්න ...“ මගේ දිහාත් බලපු ලොකූ පරිස්සමට අඩි තිය තිය ගියා කාමරේට ....

“කෝ ...තියෙන්න ඕන තැන තියෙනවද ?...

“ඉතින් මං මෙතනනේ තිව්වේ ..“

දැන් දෙන්න එක්ක කමරේ පුරා අවුස්සන හඬ මට ඇහුනත් , කරගෙන ගිය වැඩේ ඉවර කරන්න ඕන නිසා ..අනෙක ඉතින් තුන් දෙනක් ඕනයැ ඕක හොයන්න ...මං මගේ පාඩුවේ මගේ වැඩේ කරගෙන ගියා ...

2012/05/07

98) ඇහැ නටවන , පැද්දෙන ගල ...

“හරී ලස්සන කූඩුවක් තිබුණා , අපි ඒක මැදට ගිහින් ෆොටෝත් ගත්ත ..තව ..කැරකෙන කූඩු තිබුනා ....ආ ...ෂොක් දන්සැලක් තිබුණා .... “ පොඩී ලොකු විස්තරයක් කරන්න , ගෙම්බි වගේ උඩ පැන පැන කියනවා ...

දන්සැල් වඳින්න එන්න ...
“ඔව් ..පානුයි , සම්බලුයි ..........ෂා......මම නං කෑවා .. මෙයා නිකං පාන් කෑවා ...“ ලොකු පැන්න මැදට ..

2012/05/04

97) සඳවතීට සඳසිරී ....එකතු කරන පොඩි පෙතී

සුපිරි සඳ 
අද විශේස දවසක් , ඒ වෙසක් පොහොය , තවත් දෙයක් , ඒ තමයි ආයෙත් අපිට Super moon දකින්න ලැබීම , ඒ කියන්නේ , වෙනදට වඩා සඳ පොළොවට ලංව ගමන් කිරීම නිසා , ප්‍රමාණයෙන් විශාලව එය පෙනෙන්නට වීම , ...ඔන්න ඔය අස්සේ මේ සංසිද්ධීයේ බල පෑම් නිසා ගිනිකඳු පිපිරීම් වගේ සිදුවීම් සහ භූමිකම්පා වේදැයි සැකයක් මතුකරන ලිපියක් අද Weather network එකේ පළකරල තිබුණා . ඒ නිසා මේ ගැන ටිකක් කියවන්නත් හිතාගෙන වාඩි වුනත් , දැන් ටිකක් නිස්කලංක එකේ Post එකක් ලියන්න හිතුනා ...හඳ ගැනම ලියමුකෝ ...


2012/04/30

96) ලිස්සන ජීවිතේ -ගැස්සෙන මධුසමය ..

චෑන් චුන්ලගේ හිනා යන කතාවක් 
හැමදාම ඉරිදට වගේ , ඊයේ අපේ ගෙදර Sunday concert එක නිසා , දෙන්නගේ සංගීත සංදර්ශන එහෙම බලලා , ඊට පස්සේ ලස්සන චිත්‍රපටියකුත් රස විඳල නිදා ගන්නකොට මැදියමත් පහුවෙලා ...

2012/04/28

95) පොත්තේ රතෙන් කියන සාත්තර ..

දැන් ඉතින් මෙහේ අයත් ඇඳුම් මෝස්තර වෙනස් කරන්න පටන් අරගෙන  , මොකද දැන් ඉතින් ටිකක් රස්නෙයිනේ  , මෙච්චර දවසක් ඇඟපුරාම ඔතාගෙන , ඇඟ වහගෙන හිටි අය , දැන් දැන් ටික ටික ඇරලා ...අර ඇඳුම් ටික ටික අඩු වෙනවා වගේ ..මෙච්චර දවසක් සුදුද කළුද කියල හඳුනගන්න බැරිව හිටි අයගේ “පොත්ත“ පේන්නේ දැන් තමයි ...

අපි කළුයි කිව්වට දැන් නේ පේනනේ අපිට වැඩිය කළු අය ඉන්නව කියල , ඒ විතරක්ද , සුදු , රතු , රෝස , එක එක පාට පොතු .....රතු ලූණු පොතු , සුදු ලූණු පොතු වගේ අයත් ඉන්නවා ...ඔය පාට පාට පොතු අස්සේ , දිලිසෙන , ලුමිනස් පාට “නිය පොතු“ දාගත් අයත් මේ ඉන්නේ . දැන අහන්න එපා , මේ වයසට ගිහිල්ලත් “පොතු බල බල ඉන්නවද “ කියලා ..ඔය ඉතින් පේන දේවල්නේ , දැක්ක කියල ඇහැ වහන්න පුළුවනෑ ...මටත් ඉතින් ඔය වගේ දේවල් දැක්කම හිතට හිනාවක් එනවා , මොකද මේ පොතු .. .ඒ කිව්වේ හමේ , නැත්නම් නියපොත්තේ පාට හරිම වැදගත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැන ගන්න , ඒත් මේ අසාමාන්‍ය පාට උලා ගත්තවුන්ගේ පොතු බලල නම් මොනව කියන්නද ? 

2012/04/25

94) ඇද කුද ඇති කෙළින් නොවෙන “කෙළින් එක“

 “අපි නෑනේ ඔළුව නමන්නේ ඔය වැඩ වලට , මොන තර්ජනේ ආවත් කොන්ද කෙළින් තියාගෙන කොහොම හරි මේ වැඩ ටික කරනවා ...අනෙක , ඔය දාන සද්දෙ තරමට එයාලට මොනවද කරන්න පුළුවන් ...ඕන නං මාව ටිකක් ඈතට ට්‍රාන්සර් කරල දාවි , ඒත් මොකද බං ...අපි ඒ පැත්තෙන් අළුත් අත්දැකීමක් ගන්න පටන් ගන්නවා ..එච්චරයි ................කෝකටත් මේ ප්‍රශ්නෙදි අපි වැරැද්දක් කරල නැහැනේ , අපි කළේ අපිට අයිති රාජකාරිය , එච්චරයි ...,“

2012/04/18

93) අත නොගාන පිරිමි කකුල ..

එහෙම නම් අළුත් අවුරුද්දේ “ආයුබෝ .....“ කියල අළුත් post එකක් ලියන්නයි පටන් ගන්නේ ..කියන්න එපායැ , මේ පෝස්ට් දැමිල්ලත් පොඩි සෙල්ලමක් වගේ , මොකද ලියන්න යමක් , හේතු සාධකයක් මතුකර ගන්න එපායැ . හේතුය මම ලියන මේ කතා නව කතාවක් වගේ දිගට ගලා යන්නේ නැහැනේ , දවසින් දවස “මොකක් හරි “ අළුත් දෙයක් ලියන්නයි හිත , ඒත් මේ මාතෘකා , පොතක් කියවනව වගේ කියවගෙන යන්න තිබුණොත් දිගටම කියවන්න කැමැත්ත ඇතිවෙන්නේ බොහොම ටික දෙනාටයි , මොකද හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ , “අපිට ඔය ලෙඩ නැහැ , අනෙක ලෙඩ වුනාම ගිහින් බෙහෙත් ටිකක් ගන්න පුළුවන් නේ ,“ කියල ..නමුත් මම දන්නවා මේ කියනව ඔබ , ඔබ ගැන පරිස්සම් වෙන්න කැමති , ලෙඩක් දා ගන්න ඉස්සර වෙලා , එයින් ගැලවෙන්න පුළුවන් මඟක් තිබේනම් ඒ මඟගන්න කැමැති කෙනෙක් බව ...ඔව් ඉතින් ඒ නිසානේ “මේ බයිලා“ කියවන්නේ නේද ?...

2012/04/09

92) නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...

  
නිවාඩුව ..උණුසුම සහ සතුට...

Easter weekend එකත් එක්කම මේ දවස් ටික ගත වෙනවා. හරිම සුන්දරයි , මෙතෙක් තිබුණු සීතල දුරු වෙලා , ටික ටික රස්නේ එනවා ..ගස් කොළ වල දළු දාල ...සමහර ගත් මල් වලින් පිරිල ..හැම තැනම අමුතු පණක් ඇවිත් වගේ දැනෙනවා . දවස් තුනක විතර නිවාඩුවකුත් ...

උදේ වරුවම Aquitaine lake park එක පැත්තේ දඟළල ..ගෙදර එනකොට හවස හතට විතර ඇති ...ඒ වුනාට ඉතින් ලංකාවේ දි මද්දහනේ තියෙන අව්ව වගේ ....තාමත් රාත්‍රියට මුල පුරලවත් නැහැ .. ගෙදර ඇවිත් නාල කියල ..පත්තර ටිකත් බලල සිංදුවක් අහන්න හිතුන ..(මොකද අද උදේ බස් රේඩියෝ අහන්න වුනෙත් නැහැ හරියට ...මොකද ටිකක් අහනකොට පොඩ්ඩො කට්ටියම දුවන්න පටන් ගත්තා Park යන්න.)...

2012/04/04

91) මට මා නැති වන .....කළුවර මතකය

ජීවිතේ නියන්නේ පුදුමාකාර වෙනස්වීම් රැසක ප්‍රතිපලයක් ...කායිකව ..මානසිකව ..පාරිසරිකව ..සමාජයීයව ..ඔය වගේ විවිධාකාර මාන ඔස්සේ සිදුවන අනවරත වෙනස් වීම් මාලාවක් තමයි මෙය .. ඉතින් මේ වෙනස්විම් , වන බව දැන හඳුනගෙන , ඊට ගැලපෙන ලෙසින් හැඩ ගැසෙමින් ඉදිරියට යාම තමයි අපි කළ යුත්තේ ...විටෙක ඒ වෙනස් වීම් හිතට සතුටකුත් විටෙක දුකකුත් දේවි , සමහර විට එහෙම දෙයක් වුනාද කියන්න තරම් අපිට නෙදැනුනු වෙනස්විම් වෙන්නත් ඇති ..කෙසේ වෙතත් අපේ ජීවිතය , ජීවිතයක් කරන්නෙත් මේ වෙනස්වීමමයි ...

2012/03/28

90) සන්තෝසෙට කෙට්ටු වෙන්නෙ ඉඟ සුඟ නැති , චංචලා

බයිසිකලෙත් අමුනං යන අපේ බස්..
“තාත්තේ බස් එකක් තියෙනවා හතරයි තිස්පහට...., ...දැන් හතරයි විසි පහයි  ...යන්න පුළුවන් ........මාත් එන්නද රිස්වි අංකල්ගේ ගෙදර යන්න ...මට  අක්කිත් එක්ක කතා කරල එන්නත් පුළුවන් නේ ...“ ගෙදර ඇවිත් කෑම කන අතරේ , ලොක්කි Google map එක බලාගෙන bus route හොයනවා , මොකද තව ටිකකින් මම යන්න ඕන අපේ මිත්‍රයෙක්ගේ ගෙදර , ඔවුන් අද රෑට කිලෝ මීටර් හාරදාහක් විතර දුර ගෙවාගෙන වෙනත් පළාතකට යන්න යනවා පදිංචියට , Alberta කියන කැනඩාවේ ඉහළ , සීතල ප්‍රෙද්ශයට . ඉතින් අපේ මිත්‍රයෝ ටික ඔක්කොම තව ටිකකින් ඒ Apartment එකට එන්න කතා කර ගත්තා , ටිකක් උදව් කරන්න , මොකද  රටේ එක පළාතක ඉඳළ තවත් පළාතකට move වෙනවා කියන්නේ යුද්දයක් තමයි . මේ වෙලාව වෙනද වගේ විවෙක් පාඩුවේ කතා බහ කරන්න තරම් හොද වෙලාවක් නොවෙන නිසා ලොකුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නම වෙනවා...“ අද බැහැ දූ , දැන් එතන කතා කර කර ඉන්න වෙලාවක් නැහැ , මායි , ඩොනවන් අංකලුයි , අපි කට්ටියම බඩු ටික අස්කරල දීලා ඉක්මණට එනවා , එයාල හෙට උදේ පාන්දරින්ම යන්න ඕනනේ ...“