2012/06/18

කැනඩාවට එන්නට මඟ

හැමදාමත් වෙනස් වන අපේ හිත්වල පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා . පුංචිම කාළෙ නම් අම්මට තුරුල් වෙලා බඩ පිරුණත් තව ටිකක් කිරි බොන්න , ඒ උණුහුමේ හැංගිලා ඉන්න , ඊට ටිකක් ලොකු වෙන කොට තාත්තත් එක්ක රේස් පැදල , තරඟෙට දුවල දිනන්න , තව ටිකක් කල් ගියාම ඉස්කෝළෙ , පන්තියේ හොඳ තැනක් ගන්න ...ඔහොම කියාගෙන යත්දි කොයි තරම් නම් බලාපොරොත්තුද ? ...අපි ජීවත් කරවන නොපෙනෙන බලවේගය මේ බලාපොරොත්තු කියලයි අපි හැමෝම දන්න විදිය ,



ඔව් එහෙම නම් මේ බ්ලොග් සටහන වෙන කරන්නේම එවන් බලාපොරොත්තුවක් ඉටු කරගන්නට පෙරුම් පුරන ,ඒ වෙනුවෙන් සුදානම් වන්නට පෙර මග බලා හිඳින අපේ ශ්‍රී ලාංකික මිතුරු මිතුරියන්ට හැකි පමණින් යම් සහයෝගයක් ලබා දෙන්නටමයි . අපි මේ කතා කරන්නට හදන ඒ බලාපොරොත්තුව තමා කැනඩාවට සංක්‍රමණය වීම කියන දේ. ඔව් ..ඔබ දැනටමත් මේ ගැන දන්නව ඇති ,සමහර විට මේ ගැන විස්තර සොයාගෙනත් ඇති , නැත්නම් කාගෙන අහන්නද කියල හිත හිතා ඉන්නව වෙන්නත් ඇති .

එහෙම නම් මේ ඔබ වෙනුවෙන් වෙන් වන “කැනඩාවට එන්නට මඟ“ බ්ලොග් සටහනයි ..විශේෂයෙන්ම කියන්නට ඕන මෙය කිසිම වාණිජ අරමණක් ඇතිව පවත්වාගෙන යන්නට සූදානම් බ්ලොග් අඩවියක් නොවේ . නැතිනම් යම් විදේශ සංක්‍රමණ උපදේශකවරයෙක්ගේ Immigration consultant උපකාරයට අනුග්‍රහයට කෙරෙන්නකුත් නොවේ , ඒ නිසා මේ කිසිම සටහනක කිසිදු එම ආයතන වල වාණිජ නාම , අංක හෝ එබඳු තොරතුරු ලබා දීමක් කෙරෙන්නේ නැහැ. මේ තොරතුරු බොහොමයකට පාදක කරගන්නේ කැනඩා රජයේ සංක්‍රමණික තොරතුරු සහ අනුබද්ධ පිළිගත්ත කරුණූ පමණයි. සමහර විටෙක මෙ ගමනේදි අප ලද අත්දැකීම් , වැරදීම් වගේම උගත්දෑත් මේ සටහන් වලට එක්වෙන්ට ඉඩ තිබේවි.

කෙසේ වෙතත් , රට යන්න උපදෙසක් ගන්නත් රැපියල් පනස්දාහක් විතර ගෙවන්න වෙන , එහෙම නැත්නම් පෝරම ටික පුරවල තැපෑලට දාල වීසා එන්කම් බලා ඉන්නට රුපියල් වලින් ලක්ෂ පහක් හතක් ගන්න අවස්ථාවක , ඒ සියළු තොරතුරු නොමිලේම දෙන්න උත්සාහ දරණ මේ සටහනට මල් වගේම ගල් ආවොත් එය මා කැමැත්තෙන් පිළිගන්නවා , මොකද විශේෂයෙන්ම හැමදේම මුදලට විකිණෙන ලෝකෙක , සල්ලි නොගෙන කෙරෙන දේ “මෝඩ වැඩක් , නැත්නම් ප්‍රයෝජනයක් නැති “ දෙයක් විදියට සලකන්නට ඉඩ වැඩි නිසා.

කෙසේ වෙතත් ඔබ සූදානම් නම් නීත්‍යානූකූල අයුරින් කැනඩාවට සංක්‍රමණය වන්නට , විශේෂයෙන්ම කැනඩාවේ පදිංචිව , ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් විඳින්නට , දියුණුම තාක්ෂණයේ සුව ලබන්නට , විශේෂයෙන්ම ඔබේ දුවට පුතාට ලෝකයේ ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්නට ....මේ ඔබ වෙනුවෙන්මයි .රැඳී සිටින්න මේ බ්ලොග් සටහන සමඟින් , සියල්ල එකවර ලබා දෙන්නට නොහැකි වුනත් ටිකෙන් ටික ඔබට අවැසි සියලු දේ ලබා දෙන්නට මා උත්සාහ කරනවා . ලැබෙන විවේක සීමාවන් එක්ක හැකි තරම් ඉක්මණින් මේ කරුණූ ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ගමනේදි ඔබෙන් ලැබෙන අදහස් යෝජනා චෝදනා වගේම , කැනඩාවට එන ගමනේ ඔබ මුහුණ දී ඇති ගැටළු පවා මේ බ්ලොග් සටහන වෙත යොමු කරන්නේ නම් එය ඉතා වටිනවා , එ වගේම මේ සටහන කියවන , දැනට කැනඩාවේ පදිංචිව සිටින මිතුරන්ගේ අදහස් වල මහත් වටිනාකමක් තිබෙන්නට පුළුවන් .ඒ නිසා ඔබේ ධනාත්මක යොමුවීම මගින් මේ සටහන ඉදිරියට යොමු වේවි , නොවේනම් , මෙයින් පල නෙලා ගන්නට කිසිවෙක් නැති නම් මේ බ්ලොග් සටහනත් අන්තර්ජාලයට බරක් නොවන්නට මැකී යන්නටත් ඉඩ තිබේවි .

එසේ නම් යහපත් අපේකෂාවක් පෙරදැරිව මේ ඇරඹෙන ගමනට එකවන්නට ආරාධනා ..ඒ ගමනේ යම් දිනෙක කැනඩාවෙදී ඔබ ,තවත් කැනඩා පුරවැසියෙක් ලෙසින් හමුවන්නටයි මගේ මේ බලාපොරොත්තුව ...

ස්තුතියි ..

මෙන්න “කැනඩාවට මඟ කියන “ බ්ලොග් ලිපිනය ..... http://sincanada.blogspot.ca

15 comments:

  1. අපිත් එන්නම් කැනඩා යන්න..

    ReplyDelete
  2. බොහොම හොඳ සත්කාරයක්.

    ReplyDelete
  3. ඇරඹු සත්කාරය සාර්ථකව කරගෙන යෑමට අවැසි දිරිය විවේකය ලැබේවා..

    ReplyDelete
  4. ඇඳුම් පැක් කරන ගමන් :ඩී

    ReplyDelete
  5. පෙර වගේම මේ වැඩේත් ගොඩක් ප්‍රයෝජනවත් සේවයක් අයියේ...!!! වෙහෙස නොබලා කරන මේ උපකාර සියල්ලටම ගොඩක් ස්තුතියි... ජයවේවා !!!

    ReplyDelete
  6. හොඳ වැඩක්.

    ReplyDelete
  7. මගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ සිහිනයක් තමා යුරෝපයේ රටක රැකියාවක් කරගෙන එහිම පදිංචි වීම ඒත් ඒක මට නම් ලොකුම ලොකු හීනයක්‌ විතරයි බලමු ඔබ තුමාගේ මෙම ලිපි මඟින් මටත් උපකාරයක්‌ ගන්න පුළුවන් වෙයිද කියලා.

    ඒ වගේම ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  8. math aiya me adum pack karanawa degree eka iwara una gaman enna......gud luck iya..gud wrok

    ReplyDelete
  9. -හරී ,
    ඔව් බැරි නැහැ , හිතුවොත් , සැලසුම් කරගත්තොත් සහ වැඩේ පටන් ගත්තොත් හරියට ...ඒ වගේම හොඳ ඉවසිමකින් එන එන දේට මුහුණ දුන්නොත් ...
    ස්තුතියි හරී ,

    -රාජ් ,
    ස්තුතියි රාජ් , ඔබත් ඔබේ දටන ඔස්සේ බොහොම සොඳුරු රසකතා එක් කරමින් කරන්නේත් හොඳසත්කාරයක් ,

    -රූ.... ,
    ඒකනම් ඇත්ත රූ.... , විවේකය කියන එක ටිකක් අඩු වුනත් මේකත් කරන්න ඕන කියල හිතන් ඉන්නවා , බොහොම ස්තුතියි ..

    -ඕනමැන්ටල් ,
    මල්ලී කාළෙකින් ,මම හිතන්නේ වැකේෂන් ඉවර වෙලා ආයෙත් යන්න වෙන්න ඕන , සුබ ගමන් , ... :)

    -Chathuranga Perera ,
    ස්තුතියි Chathuranga Perera මල්ලී , ඔව් අපි දැනගත්ත දේ බෙදා දෙන්න එපායැ , නැත්නං ඉතින් මේව අපිත් එක්කම වැළලිලා යාවි ...දැන් ඉතින් අඩුම ගාණේ මේ බ්ලොග් අවකාශෙ හරි රැදෙවිනේ ..

    -sithuwam ,
    ස්තුතියි ඔබටත්

    -මඩිස්සලේ නිශාන් ,
    ඔව් නිශාන් , ඒ හීන හරි වැදගත් “යථාර්ථ පරිසරයේ සිහිනයක් “ සැබැ කරගන්නට බැරි කමක් නැහැ , සැලසුමක් , අරමුණ ඔස්සේ ඉදිරියට යාමක් ඉවසිමක් සහ අත්දැකිම් එක්කර ගැනීමක් ඇත්නම් , බලමු මේ කරුණූ ටිකත් වැදගත් වේවි සමහර විට ,
    ස්තුතියි

    -තරුවා ,
    ස්තුතියි ඔබටත්

    -Anonymous ,
    ඒක හොඳඅදහස හැබැයි ඩිග්‍රී එක ඉවර වුන ගමන් , experience වලට දාන්න අවුරුද්දක දෙකක් එක්තු කරගෙනම ඇඳුම් පැක් කළා නම් තමයි හොඳ ..:)ස්තුතියි මල්ලී

    ReplyDelete
  10. ඔබගේ මෙම කාර්යයත් සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවායි පතන අතරම මෙම ‍තොරතුරුද අපේ ජීවිතයේ කවදා හෝ දිනයකදී ප්‍රයෝජනවත් වනු ඇතැයි අවංකවම පවසමි....

    ReplyDelete
  11. -දිනේෂ් දීපාල්-
    ස්තුතියි දිනේශ් දීපාල් මහතාණනි , එය එසේ වේනම් එයමැයි සතුට .

    ReplyDelete
  12. බොහෝමත් වටින සමාජ සත්කාරයක් අයියා. රුපියල් ශත වලට ජීවිත පවා පරදුවට තියලා මිනිස් ජාවාරම හරි හරියට කෙරෙන අද ලෝකෙ වාණිජ පරමාර්ථයෙන් තොරව කෙරෙන දැනුවත් කිරීම අත්‍යාවශ්‍යයි.

    ReplyDelete
  13. -තොටියා,
    ඔබට බොහොමත් ස්තුතියි මලණුවනි , අපි උත්සාහ කරමු අපි දැනගත් , අපි විඳි , යම් හොඳ දෙයක් අපේ මිනිසුන්ට දෙන්නට , එයම සතුටක් වග ඔබ හොඳින්ම දන්නා බව මට විශ්වාසයි .

    ReplyDelete
  14. How can I find out what the best professions in Canada are? I plan apply to come to Canada?

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)