2020/01/29

233) මාස්ක් වන්නමේ ආශ්චර්‍යය


මෙ ලිපිය ලියන අද දවස වෙත්දි ලංකාවේ එක්තරා ආකාරයක “කුලප්පුවක්“ වී ඇති බවක් හැඟෙනව , අහන්න දකින්න ලැබෙන දේ අනුව. එහෙම කියන්න හේතුව “බහුතරය“ නිවැරදි දැනුවත් වීම් වලින් තොරව ෆේස්බුක් එකේ හෝ රූපවාහිනියේ උදේ පත්තර කියවන්නන්ගේ හිස් වචන නිසා අවදානමේ ස්වභාවය නිවැරදිව හදුනානොගෙන , ආයලේ දුවන බවක් රටෙන් ඈත හිටියත් අපට දැනෙනවා. අන්න ඒ නිසා මේ ලිපිය වෙන් කරන්න හිතාගත්තා මේ කුලප්පුව “ඔබට ඇත්දැයි“ හිතන්නට අවස්ථාවක් ලබා දෙන්න.

  1. මාස්ක් වන්නම
මාස්ක් වන්නම නටන්නට නම් 
අද දවස වෙත්දී ලංකාවේ පෞද්ගලික ඖෂධශාලා බොහොමයක ෆේස් මාස්ක් හිඟයක් ඇති බවත් , තිබෙන ඒවා රැපියල් 500කට එහා මිලකට පවා විකුණන්නට උත්සාහ කරන බවත් දැනගන්නට ලැබෙනවා. ඒ අතරේ මාස්ක් ගන්නට බැරිි වූ “ඇත්තෝ“ මරණය ගේ එළිපත්තට ආවාමෙන් සිතමින් විඳවමින් , තිගැස්මෙන් ජීවිතය ගත කරනවා. 

ඇත්තටම මේ කොරෝනා වයිරසයේ අවදානමක් ඇති මේ මොහොතේ, මාස්ක් එකේ එල්ලී “වන්නම්“ නැටිය යුතුමද? අපි ටිකක් කතා කරමු. 

2020/01/25

232) කිරුළු පැලදි කොරෝනගේ කෙරුවාව

හැඩ වැඩ කොරෝනා

දැන් ලෝකේ හැම තැනකම කතාවන මාතෘකා අතර මුල් තැනක තියෙන්නේ කොරෝනා වයිරසය. ඒ අදාල වයිරසය අළුත් නිසාත් , එහි හැසිරීම පිළිබඳ තවමත් සම්පුර්ණ අවබෝධයක් පර්යේෂකයන් අතර නැති වීමත්, දිනෙන් දින වයිරසයේ බලපෑම පැතිරීම සහ ඒ ඔස්සේ සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමටත් වඩා, මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරයන් ඊට හේතු වෙනවා.