අපේ බස් එක ...සැප නින්දට නියම තැන ... |
“ මහේෂ් , මෙන්න ඉෂාන් කතා කරනවා මොකක්ද ලොකු හදිස්සියක්ලු ..මම කිව්ව ඔයා නිදි කියල ......ඔයාව නැගිට්ටවල හරි පණිවිඩේ කියන්නලු ...“ , “ මේ වෙලාවේ ....දැන් එහෙට රෑ නේ ...මොකක්ද හදිස්සිය ...“
“අනේ මන්දන්නෑ ..ඔයාටම කියන්න ඕන කිව්වේ ...“
‘හ්ම් ..මොනව කරන්නද ? ....මොකක් හරි ලෙඩක් දාගෙන වෙන්න ඇති .....“ , හිමින් සැරේ ඇදෙන් බැහැ ගත්තට තවම නිකං පාවෙනව වගේ ....
Skype call එකක් , ...ආයෙත් ඉෂාන්ගෙන් ....answer කරා...
“මහේෂ් අයියා....ලොකු කරදරයක් මට ...උදව්වක් ඕනමයි දැන් නං , නැත්නං ජීවිත දෙක තුනක් අනතුරේ ...“
මෙන්න තවත් කෝල එකක් .. |
“නෑ මහේෂ් අයියා , මං exam වැඩේ අතඇරිය මේක වෙන වැඩක් ...අයියා , ඔතන අක්ක නැ නේද ? ....“ ඉෂාන් වට පිට බල බලා මොකක්දෝ කියන්න තනනව වගේ අපැහැදිලි සේයාවක වීඩියෝවක් පේනවා ..
“නෑ මල්ලී , අක්ක ගේ අස් කරනවා , දැන් මෙහේට උදේනේ , එයා වැඩ අල්ලන වෙලාව ..ඉතිං...මොකද ප්‍රශ්නේ ? “
“මහේෂ් අයිය , පීරියඩ් නැවතුනොත් බයයිද ....?“
“මොන පීරියඩ් ද .....“
“නෑ අයිය ගිය මාසේ මං ගියා සුනී නංගිව හම්බ වෙන්න ..., පොඩි දෙයක් උනා ..එච්චර ලොකු දේකුත් නෙවි , ...ඊට පස්සේ ...අරින් එකක් දාගත්ත , ....ඒවුනාට අද හවස එයා කොල් කරල කියනවා ,මේ පාර තවම නෑහැලු ...එයාට බයයිලු , ....එහෙම උනොත් ඔක්කොම ඉවරයි අයියා , මොකක්ද කරන්නේ ...“ ඉෂාන් එක දිගට කියාගෙන ගියා , ...දැන් හිතා ගත හැකි වෙච්ච දේ , ලංකාවේ ඉඳිත්දි නම් ඔය වගේ ප්‍රශ්න ගනනාවක් එක සතියට අහන්න වෙනවා , දැන් ටිකක් අඩුයි , එත් තවමත් ....
“නෑ අයිය ටික වෙලාවක් එහෙම කළා ...හැබැයි මුකුත් දාගෙන හිටියේ නැහැ , ඒ උනාට මට තේරුණා එහෙම මුකුත් පිට වුනේ නැහැ කියල , ඊට පස්සේ කොන්ඩම් එකක් දාගත්ත ...“ පණ ගැහෙන මාළුවෙක් වගේ කියවගෙන ගියා ,
“එහෙම වෙන්න පූළුවන්ද මහේෂ් අයියා ,ටික වෙලාවකින් ...“
“ඔව් ඒක වෙන්න පුළුවන් , ඒ නිසානේ කියන්නේ එතැනට යන්න ඉස්සර වෙලා අර පස්සේ දාගත්ත එක දාගෙන සූදානම් වෙලා යන්න කියලා ...කමක් නැහැ , අපි දැන් මේ ප්‍රශ්නේට උත්තර හොයමු , “
“අනේ ඔව් අයියා , වැඩේ positive උනොත් ජීවිත දෙක තුනක් අනතුරේ අයියා , මගේ ප්ලෑන් ඔක්කොම වතුරේ ..“
...“හරි අදට දවස් කීයද ..“
“ මේ වැඩේ වෙලානම් මාසයයි දවස් දහයක් දොලහක් විතර , ගිය මාසේ පෝයදා ..නිවාඩුනේ , ඒකයි ගියේ ..“
“පෝයදා ...එදාට පන්සලකට ගියානම් කරකයිනේ ....“ මෙච්චර වෙලා තිබුණු මුහුණු වෙනස් වෙලා පොඩි හිනාවක සේයාවක් මතුවුනා ...
“එතාකොට නංගිගෙන් ඇහැවුව්ද , දැන් දවස් කීයක් ප්‍රමාදද කියල ...“
සිත සිසිල් කරනා පුන් සඳ පෑයූ දා ගිණි ගන්නා සිත් .. |
“මේකයි ඉෂාන් , ඔයාලා ඊට පස්සේ හරි , අර ටැබ්ලට් දෙක ගත්තේ නැත්ද ? “ ...
“නෑනේ අයියා , අපිට හිතුනෙම නැහැ ,එහෙම වෙයි කියල , අනෙක මේ ෆාමසිවල ඉන්න ඔක්කොම අඳුනනවනේ කොහොමද ඕව ඉල්ලන්නේ .......,වැඩේ positive උනොත් මොකක් හරි කරන්න වෙනවා අය්යා නැත්නම් ඉවරයි “
“මොකක් හරි කිව්වේ .....abortion නම් මට මෙතනින් එහාට උපදෙසක් දෙන්න බැහැ , මොකද මට බැහැ ජීවිතයක් නැති කිරීමකට එකතු වෙන්න , තරහ වෙන්න නම් එපා , ඒ වගේම දැන් මේ කෝල් එක කට් කරලා මාත් එක්ක තරහ වෙලා එක එක තැන ගිහින් ජීවිත දෙක තුනත් නාස්ති කරගෙන හිරේ විලංගුවෙ වැටෙන නැඩ කරගන්නත් එපා .......හැබැයි මට මේහෙම කියන්න පුළුවන් , menstruation දවස් කීපයක් පරක්කු උනා කීවමටම pregnant කියන්න බැහැ , තව හේතු තියෙන්න පුළුවන් , ඒත් දවස් දහයක් විතර පරක්කු නම් මේ සිද්දියත් එක්ක urine hCG එකක් කරවගන්න , ඒකෙන් දැන ගන්න පුළුවන් එහෙම වෙනසක් වෙලාද කියලා , positive නම් අපි බලමු වෙන ප්ලෑන් එකක් ....“
“මොන ප්ලෑන්ද අයියා එහෙම වුනොත් ...“
“හරි , එහෙම positive නොවුනොත් ..“
“එහෙනම් කොච්චර ෂොක්ද අයියා , නිදහස්නේ , හපොයි ඊට පස්සේ නම් අරවයින් ටිකක් පර්ස් එකේ දාගෙනම ඉන්නව , පොස්ටිනෝත් එක්කම ...“ ඉෂාන්ගේ කළබලේ ටිකක් අඩුයි වගෙ ...
“මොකදටද ටිකක් පර්ස් එකේ දාගෙන ඉන්නේ මාසෙටම එක පෝයයි නේ තියෙන්නේ ....“
ආදරයේ උණුසුම් සුසුම් .... |
හරි දැන් අද කතාව , මොනවද මේ E.C.P ? නමේ හැටියටම කිව්වොත් “ හදිසි ගැබ් ගැනීම් වලකන පෙති “ ,
හදිසි පෙත්ත..... |
දැන් මේ පෙති මොකද දන්නවද කරන්නේ , ඒ පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ඇඟට ඇතුලු වෙලා , ඩිම්බ සෛල මුදා හරින එක නවත්වනවා , නැත්නම් ප්‍රමාද කරනවා , සමහර විට එකතු වුනත් එය ගර්භාෂයේ තැන්පත් වෙලා “නියම පැටියෙක් “ බවට පත් වෙන ක්‍රියාව අඩපණ කරනවා , ඒ කියන්නේ ගර්භනී බවක් ඇති වීමේ ඉඩ අඩු කරනවා ,
පරිස්සමට .... |
දැන් නම් ඕන ෆාමසියකින් මේ පෙත්ත ගන්න පුළුවන් , විශේෂ වෛද්‍ය සටහනක් අවශ්‍ය නැහැ , මිළත් අඩුයි , ඒ වගේම මේ පෙතිවලින් බොහොම අවස්ථාවල ලොකු අනතුරක් ඇත්තෙම නැති තරම් , සමහර විට පෙති බිව්වට පස්සේ ඔළුවෙ කැක්කුමක් , ඔක්කාරෙට වගේ එන්න නැතනම් වමනෙ යන්න පුළුවන් , ඒක් වලක්ව ගන්න පුළුවන් බිස්කට් හරි කෑම ටිකක් හරි කාළ පෙති බිව්වම , හදිසියේ හරි පළමු පෙත්ත අරගෙන පැය තුනක් වගේ කාළයක් ඇතුලත වමනේ ගියොත් දෙවැනි පෙත්ත ඉක්මණින් ගන්න . හැබැයි පෙති ගොඩක් එකපාරට කටේ දාගන්න එපා , ඒක තව ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් , කොහොම වුනත් දිගින් දිගටම වමනේ යනව නම් පෙති ගිල ගිල ඉන්නේ නැතිව ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා උපදෙසක් ගන්න ,
කොහොම වුනත් ඔබට අපස්මාරය , ලේ ගැලීමේ රෝග තත්ත්ව තිබේ නම් පෙත්ත ගන්න ඉස්සරම වෛද්‍ය උපදෙස් ගන්න , නැත්නම් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න , මොකද මේක “කෝකටත් තෛලයක් නොවන නිසා“ ...අනෙක මේක හැමදාම ගන්න එපා , හදිස්සයකට විතරයි , මොකද හැම බේතකම side effect තියෙනවනේ ..
කොහොම වුනත් වඩාත්ම සාර්ථක ක්‍රමේ මේ වයසෙදි දැනුවත් වෙලා ඉන්න එකත් , මේ වගේ තැනදි හිත පාලනය කරගන්න උත්සාහ කරන එකත් , කොහොම වුනත් ඔසුසැලකින් කොන්ඩම් එකක් ඉල්ලන්න , මෙයින් පෙති පැකට් එකක් ඉල්ලන්න “අනවශ්‍ය ලැජ්ජාවක් තියාගන්නත් එපා“ මොකද නැත්නම් ඉතින් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවානේ ..
--------------------------------------------------------------------------------------------------
තරුන පරපුරට වටිනාම ලිපියක් . කවුරුත් කතා කරන්නෙ නැති මාතෘකාවක්නෙ මේක . කොහොම උනත් හැඟීම් පාලනය කරගන්න්වනම් තමයි හොඳ නේද ?
ReplyDeleteYes...
DeleteMinissu unahama love karana Kota e wage wenawa.ekata ithin kamak Naha.habai parissamin.hagim palanaya karagena katada Inna puluwan.oyata puluwanda.
දැනුවත් වෙන්න හොඳ ලිපියක් ඒ වගෙම අනිත් අය දැනුවත් කරන්නත්
ReplyDeleteමම දන්න විදියට අපේ තරුණ පරම්පරාව කොන්ඩම් වෙනුවට පාවිච්චි කරන්නෙ පොස්ටිනෝ. වැඩේ කරනව, පොස්ටිනෝ ගිල්ලනවා.ඒකත් එච්චර හොද නෑ කියලයි මම අහල තියෙන්නෙ.
ReplyDeleteඊ.සී.පී. ගැන මම නං හිතන්නෙ සමාජය දැනුවත් මදි මම හිතන්නෙ. මම මගෙ ගොඩක් යාලුවන්ට අරංදීල තියනව . . . ඒ උඟක් එවුං ජීවිතේ පලවෙනි වතාවට ඔය ටැබ්ලට් එක ගැන ඇහුවෙ . . . හැබැයි උං ඔක්කොම කියුපිඩ් ගැනනං දන්නව . . . .
ReplyDeleteමගෙ යාලුවෙක් ඉන්නව කොන්ඩොම් එකක් මම උගෙ අතට දෙද්දිත් එතකොට කිසිම සොමියක් නෑ කියලන් ගිහිල්ල අන්තිමටම වටේ සේල් ගිය ඌටත් වඩා අවුරුදු 6ක් 7ක් විතර වැඩිමල් ගෑනු කෙනෙකුට කරගහන්න වෙච්චි . . . .
තව විස්තරයක් අහන්න තියනව පෙත්තක් ගැන . . මම අයියා මේලක් දාල හරි කෝල් එකක් දීල හරි අහන්නං
amenorrhea . . . කියන තත්වෙ මොකද්ද ????
ReplyDelete3 වෙනි ශික්ෂාපදය ආරක්ශා කර ගන්නවනං බැලුම් බෝල සාක්කුවෙ දාගෙන ඉන්ඩ ඕනි වෙන්නෙ නෑ නේ.....................
ReplyDeleteme widihata testesteron tiyana tablet tiyanawada?
ReplyDelete-Gimhani ,
ReplyDeleteඇත්තෙන්ම , හැඟිම් පාලනය කියන්නේ මට හිතෙන විදියට නම් වැදගත්ම ජීවන කුසලතාවයක් (life skill) , එහෙත් එසේ නොවන තැන මේ දැනුම ආරක්ෂාවක් වේවි ...ස්තුතියි
-ලොකු ඡෝන් ,
ඒක ඇත්ත , දැනුවත් කිරීම දැනුවත් වීම නිසි ලෙස නොවුනොත් එය අවසන මරණයක් ..දෙකක් හෝ තුනක් වන්නටත් පුළුවන් ....
ස්තුතියි පැමිනියාට
-රාජ්,
ඔව් රාජ් , පොස්ටිනෝ නිරන්තරයෙන් ගිල්ලවීම නම් තමන්ගේ පෙම්වතී (ඇත්තටමද ආදරය නම් කරන්නේ) අනතුරකට ඇද දැමීමක් එසේ නම්කළ යුත්තේ සාමාන්‍ය හෝමෝන පෙති (මිතුරි වැනි නම් සහිත) භාවිත කිරීම ..නැත්නම් ආදරයේ නාමයෙන් ඇය කාළින රෝගියෙක් කරාවි ...හොඳ මතක් කිරීමක්
-ඕනයා ,
ඔව් මල්ලී , ඕන වෙලාවක අහන්න , ඔය කියපු අනිත් පෙත්තනම් කාළයක් ගත්තම ඇස් නොපෙනී යන්න උනත් පුළුවන් තරම් ..E.C.G ගැනත් සාමාන්‍ය ප්‍රජාව දැනුව් විය යුතු තරමේ සටහනක් ඉදිරියේදී ලියන්නම් , ස්තුතියි ..
-ඕනයා,
amenorrhea කියන්නේ , ආර්තවය නැවතීම කියන එක , එය තාවකාළීකව හරි ස්ථිරව හරි වෙන්න පුළුවන්..මේ ගැන විස්තර මගේ 38 වන ලිපියෙන් ගන්නට පුළුවන් වේවි .
-sameera ,
ඒක නම් ඇත්ත සමීර , ඒත් අද වෙලා තියෙන්නේ හැමදේම විකිනේන කාළේ ,වැඩියෙන්ම විකුණවන්නේ ඔය ශික්ෂා පදයේ කරුණූම නේ ,
ස්තුතියි
-Anonymous ,
ඔව් , එවැනි ඖෂධ තිබෙනවා , ඒත් එය ගන්නට පෙර වෛද්‍යඋපදෙස් සහ සරළ පරීක්ෂක කිහිපයක් කර ගැනිම සුදුසුයි ..ස්තුතියි
නොදත් කරුණු ගොඩක් දැන ගත්තා.ස්තූතියි.
ReplyDeleteඔය පොස්ටිනො පෙති නම් දැකලා තිබුනට මේ විස්තර ටික දැනගත්තේ අදමයි. මම් ඔය පෙති දැක්කේ කම්පස් එකේ ඉන්නැද්දි. ඒත් ඔයිට සමාන සිදුවීමක් අපේ යාලුවෙක්ට වෙච්ච වෙලාවක.
ReplyDeleteමම නම් ඔය වගේ දේවල් අනුමත කරන්නේ නෑ. හැම දේම ලිමිට් එකක් තියෙනවා.
ආහ්හ්.. දැකලා පුරුදු බස් එකක්.. මම ඉන්නේ Mississauga වල..
ReplyDeleteසත්‍යයට මුහුනදෙන හැටි කියලාදෙන බොහොම වටිනා ලියවිල්ලක්.. මේකට මුණු පොතේ ගොඩක් ප්‍රසිද්දිය ලබාදෙන්න වටිනවා. ඒ මොකද මතුපිටින් නොපෙනුනාට මේක ලංකාවේ බොහොම බරපතල තත්වයක්..ඔබට බොහොම පින් .. ඒ මොකද මේ මගින් අනිවාරතේ ගබ්සා කිරීම් ළදරු මිනී මැරීම් අපරාධ අඩුවෙන නිසා.
ReplyDeleteGodak watina lipiyak Obata sthutiy
ReplyDeleteMama jeewa rasayanagana igena ganna pashchach upadi karana thrunayek.
ReplyDeletePhostino 2 r tablet ekema gahala thiyenawa eka upath palana kramayak newei kiyala.
Boho sawathawala wishwawdiydla ganu lamai phostino nithara nithara gannawa. smahara wita bahira lingika asuraka pasuwa pawa wenna puluwan. bahira lingika asurakin daru gabak hata ganna puluwanda? Boho denekuta eka gana danuma adui. Phostino nithara gannemen kanthawak wandya bawayata path wenna puluwannda?
samanyen wiwahayata pera koi tharam wara ganak phostino gaththta kamak nadda?
ehema ganeeme awastha athara koi tharam kala paratharayak thiyenawa nam hodai da?
me api yaluwo keepa denekuge pashwala ekathuwak. godak pin obata
අනේ හැමදාම වගේ ඔබතුමා මේ කරන්නෙ ලොකු පිනක්..සංස්කෘතික බැමි වලින් බැඳිලා ඉන්න ලංකාවෙ අපට අවංකවම ඒ බැමි වලින් වෙන්නෙ හොඳකට වඩා ලොකු නරකක් කියලයි මට නං අවංකවම දැනෙන්නෙ.. මොකද උඩින් බොහොම ශික්ශනයකින් ඉන්න බව පෙන්නගෙන ඉන්න උත්සහ කලාට අපේ බහුතරයකට ලෝකයත් එක්ක ඒ රැල්ලට නොගිහින් ඉන්න තරම් ශක්තියක් නෑ කියන එක තමා ඇත්තම කතාව..
ReplyDeleteඒත් ඒ බව දැන දැනම අපි බොරු සිල් රකින එකේ ඇත්තටම තේරුමක් නෑ..පාසල් මට්ටමින් පවා මේ වගේ ජීවන කුසලතාවයන් ගැන දැනුවත් කිරීම තවත් කල් දමන එක හරිම භයානක වැඩක්.. ඒ වගේම සංස්කෘතිය කියන පිරුවටයෙන් වහගෙන හිටියට ඊට යටින් සිද්ද වෙන වැරදි වලින් ඒකේ වදින කහට පැල්ලම් යවාගන්න බැරිනම් ඇති තේරුමක් නෑ නෙ..
මේ විකාර අවශ්‍ය දේට නැති අනවශ්‍ය වෙලාවට වැඩියෙනුත් එක්ක තියෙන සබකෝලය නිසා මොන තරම් ජීවිත විනාශ වෙලා ඇද්ද..පාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන එක..උපත් පාලන පෙත්තක් ඉල්ලන එක සාමානීකරණය වෙන්න දැන් කාලෙ හරි..යුරෝපීය රටවල් වල ඒක සාමාන්‍ය දෙයක්..කවුරුවත් ඒක හිනාවට කාරනයක් කියලා හිතන්නෙ නෑ..ඒ නිසාම අනවශ්‍ය ගැබ් ගැනීම් අඩුයි..යුගයේ අවශ්‍යතාව ඉටු කරන්න උවමණා නම් අවැබි වෙබ් අඩවි(කවදාවත් කරන්න බැරි බව දැන දැන)තහනම් කර කර ඉන්න වෙලාවෙ මේ වගේ සෞඛ්‍යමය අධ්‍යාපනික දැනුවත් බවක් ලබා දෙනවනම් කොච්චර වටිනවද..
ඔව් එහෙම සාමාන්‍යකරණය වෙන්න පුළුවන් අපේ ගෑණු ළමයිනුත් උන් වගේ වුනානම්.. අපේ කෙල්ලෙක් අවු 60ක් විතර වෙලා ආපස්ස බලද්දි කසාද 15ක් විතර කරගෙන මිනිස්සු 25ක් එක්ක විතර නිදාගෙන තියෙන්න හීන දකින්නේ නෑනේ..අපේ කෙල්ලෙක් කැමති තමන්ගෙ පලවෙනි ආදරේම ජීවිත කාලෙටම රුක ගන්න..එතකොට කරන්න තියෙන්නෙ වෙන කිසිම දෙයක් නෙවෙයි කසාඳ බැදලා කැමති දෙයක් කරගන්න එක.. නැතුව උපත් පාලක විදි සමාජ ගත කරන එක නෙවෙයි... ඔය කියන පාලක විදි ඕන වෙන්නෙ ගොඩක් 18 අඩු අයට.. ඒ ක්‍රම තවත් ප්‍රසිද්ධ කරනවා කියන්නේ තවත් ළමා ජීවිත අනතුරේ දිනවා කියන එකයි.. අනිවා බදින්නෙත් නැතුව ෆාමසියකින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජා වෙන්න ඕන තමයි
Deleteෆාමසියට ගිහින් පෙත්තක් / කොන්ඩම් එකක් ඉල්ලන්න පණ නැති කෙනා කොහොමද හදිසි ගැබ්ගැනීමක් වුනාම ප්‍රශ්නෙට මුහුන දෙන්නෙ? සංස්කෘතිය සදාචාරය කියන දේ තියෙන්න ඕන මිනිසුන්ගෙ/සමාජයේ යහපතට මිසක් මිනිස්සුන්ව අමාරුවෙ දාන්න නෙවි නෙ. නමුත් ලංකාවෙ වෙන්නෙ ලිංගිකත්වය කියන දේ සදාචාරය/සංස්කෘතිය කියන කඩතුරාවෙන් වහලා හංගන එක. ඒ ගැන කතා කරත් කියන්නෙ කුනුහරුප කියනවා කියලායි. මේ විදියට නොවී සමාජය දැනුවත් කරන්න ඕන මීට වඩා. ලෝක ඒඩ්ස් දිනය තිබුනු ඊයේ රූපවාහිනි නාලිකා කීයක ඒඩ්ස් ගැන කතා කරාද? ඒ බොහොමයක සංඛ්‍යාලේඛන විතරයි කියවුනෙ. වලක්වාගන්න ක්‍රම ටික ප්රවෘත්ති කියවනවා වගේ වේගෙන් කියවලා දැම්මා.. මෙහෙම පුලුවන්ද සමාජය දැනුවත් කරන්න..
ReplyDeletemata mehema deyak una mama mage gf ekka 1st time ekathu una mama kondam ekak dagena thamai hitiye eth eka eyatai matai loku bayak gena dena prashnayak wela
ReplyDelete-sam,
ReplyDeleteඔබේ ප්රශ්නය එතරම් පැහැදිලි නැහැ ...මගේ email එකට විස්තර සහිතව එවුවොත් පුද්ගලිකවම උත්තරයක් දෙන්නම් ...මගේ ලිපිනය “මගේ අරමුණ“ පිටුවෙන් ගන්නට පුළුවන් ...ස්තුතියි ඔබේ ගැටළුවට උත්තර දෙන්නට බලාපොරොත්තුවෙන් සිටිමි ..
viagra wage thawa nam walin piriminta tablat thiyenawada , ewa ganima ahitha karada. e wagema sarthakada? pilithurak balaporotthuwen sitinawa,,,,, sthuthiy
ReplyDeletethankxxxx dearrr
ReplyDeleteමේ මොනවත් නෑ කොන්ඩම් දාන්න පුරුදු වුනානම්. තමන්ගෙ බිරිඳ හෝ පෙම්වතිය එක්ක වුනත් කොන්ඩම්වලට පුරුදු වුනානම් මොන ප්‍රශ්නයක්ද? එතකොට වෙන ඕනම කෙනෙක් සෙට් වුනත් නිකන්ම කොන්ඩම් දැමෙනවා. ප්‍රෙග්නන් ප්‍රශ්නෙත් ඉවරයි, සමාජ රෝග ප්‍රශ්නෙත් ඉවරයි. මුලින් ටිකක් අවුල් තමා, ඒත් ටික කාලෙකින් ඔක්කොම හරියාවි. මට නම් දැන් කොන්ඩම් නැතුව බෑ. රොබට්
ReplyDeleteකොන්ඩම් දැම්මා කියලා සමාජ රෝග නොහැදී තියෙන්නෙ නෑ..පෙම්වතියත් එක්ක කොන්ඩම් ඕන නම් උගෙ හිතේ ආදරයක් නෙවෙයි කෑදරයක් තියෙන්නෙ.. බැදපු දෙන්නෙක් වුනත් අනවශ්‍ය විදියට පාලන විදි වලට ඇබ්බැහි වීමන් හොදක්නම් වෙන්නෙ නෑ.. කෘතිම වෙන්නෙ නැතම ස්භාවිකත්වයට ඉඩ දෙනවනම් සල්ලිත් ඉතුරුයි නිරෝගී කමත් තියනවා අවදානමකුත් නෑ
Deletehmm
ReplyDeleteමටත් පොඩි දෙයක් දන ගන්න තියෙනවා ?. මොනවද මේ මිතුරි පෙති ?. මොවයෙන් මොනවද වෙන්නේ ?.
ReplyDeletePostinor-2 පාවිච්චි කරයින් පස්සෙ ගැහැනු කෙනාගෙ ඕසප් වීම වෙනස් වෙනවා නේද? ඒ වෙනස සාමාන්‍යයෙන් කොච්චර කල් තියෙනවද?
ReplyDeletePostinor-2 කියලා ඉල්ලුවේ ඒක නැ කියල වෙන එකක් දූන්නෙ. එකෙ නම PILL 72. Levonorgestrel BP. 0.75 mg මේක තමා බිව්වෙ හරියයිද?
ReplyDeletedocter postinor 2 petta farmacy eken kiwwa peti 2kama eka para biwwata kamak naha kiyala apita time ekat madi nisa mage gf peti 2kama biwwa...mata dana ganna ona ehema peti 2kama biwwama prasnayak wenawada kiyala..ehema biwwama petta kriyathmaka wenawada? ehema peti2kama biwwa kiyala gabganima ati wena eka walak wanna bari wewi da?
ReplyDeletemage gf ta postinor 2 gattata passe wamanaya okkaraya ati une naha...plzz docter mata ikmanata answer ekak ewan
මා වයස අවු.23ක තරුණියකි. මා මීට වසර 4කට පෙර මට වඩා වයසින් අවු.5ක් වැඩිමල් අයෙකු සමග පෙම් සබදතාවක් පැවැත් වූ අතර ඔහුගේ දැඩි ගතිය නිසා ඔහු සමග පැවැත් වූ වසර 4ක පෙම් සබදතාවය මා නතර කල අතර පසුව මා මගේ වයසේම පරිමි ළමයෙකු සමග සබදතාවයක් ඇති කර ගත්තාය. ඔහු ඉතා කාරුණික අයෙකිත මගේ පැරණි පෙම්වතා මාගෙන් නොයෙක් අන්දමින් පළිගැනීමට පෙළඹි සිටින අතර ඔහු විසින් විට විට බොරු චෝදනාවන් මා හට එල්ල කරයි.අවස්ථා කිහිපයකදී ඔහු විසින් මාගේ දැන් පෙම්වතාට පවසා ඇත්තේ ඔහු සමගින් මා guest house වලට පැමිණ ඇති බවයි. එනමුත් සැබවින් එලස සිදුවී නැත. මාගේ දැන් පෙම්වතා මා කෙරෙහි ඇති දැඩි විශ්වාසය පළුදුකිරීම සදහා පැරණි පෙම්වතා නිතර උත්සහා ගනී.ඔහු පවසන කරුණු නිසා මාගේ දැන් පෙම්වතාට මාගේ කන්‍යා බාවය ගැන ගැටළු මතු වී තිබේ. නමුත් මා හට 100% ක විශ්වාසයක් ඇත.එනම් මා කිසිදු දිනක මාගේ පැරණි පෙම්වතා සමග කිසිදු ලිංගික සම්බන්ධතාවක් පවත්වා නැති බවටය. එනමුත් දැන් මාගේ සිතේ යම් බියක් හට ගෙන පවතී. ඒ නම් මා අසා ඇති අන්දමට සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා බාවයක් නොමැති වීමේ තත්ත්වයයි. මාගේ සිතේ ඇති බිය නම් මා හට උපතින්ම එවැනි දෙයක් පිහිටා නොතිබුණ හොත් යම් දවසක මා හට මුහුණ පෑමට වන තත්ත්වයයි. මේ ගැන මාගේ සිත නිතරම වද වන බැවින් මේ වන විට මා දැඩි මානසික පීඩනයකින් පසුවේ. විවාහයට පෙර කන්‍යා බාවට පරීක්ෂා කළ හැකිද? මාගේ නිර්දෝෂීබාවය දැන් පෙම්වතාට ඔප්පු කර පෙන්වන්නේ කෙසේද?කන්‍යා බාවය ගැන පහදා දෙන්න........................................
ReplyDeleteපළමුව , කණ්යපටලය කියන ස්ථරය සමහර කාන්තාවන්ට අවිධිමත් ලෙසින් පිහිටා තිබීමත් , සමහර විට පිහිටා නොතිබිමත් ඒ වගේම සමහර අවස්ථා වල මෙය බිඳිගියත් දැනෙන රැධීර වහනයක් නොවිමටත් පුළුවන් , ඒ නිසා මධුසමය දිනයේ රැධිර බිඳුවක් නොතිබූ පමණින් ඇය කන්‍යාවියක නොවේ යැයි කියන්නට බැහැ .
Deleteදෙවැන්න , ඔබේ හිතේ ඇති තිගැස්ම වටහා ගන්නට පුළුවන් සහ ඒ තිගැස්ම සාධාරණයි අපේ රටේ සම්ප්‍රදායන් එක්කම. පළමු දේ ඔබ ඔබේ පෙම්වතා සමඟන් විවෘතව මේ ගැන කතා කරන එක , ඔබේ සටහනේ හැටියට ඔහු බොහොම කාරුණික අයෙක් බව කියැවෙන නිසා , ඔහුත් ඔබත් විවේකයෙන් හමුවන මොහොතක මේ ගැන කතා කරන එක , මේ පිළිබඳව ඔහුගේ හිතේ ඇති කුකුසක් වේනම් ඒ ගැන කතා බහ කරන්නට ඔබ දෙදෙනාටම පුළුවන් . නමුත් ඔබේ “පිවිතුරු බව “ ප්‍රායෝගිකව ඔප්පු කරන්න ගියොත් තවත් කරදරයක මුල වෙන්නට ඉඩ තිබෙනවා . ඒ නිසා වඩා වැදගත් දැනුවත් වීම සහ ඔබ දෙදෙනා කෙරේ ආදරණීය විශ්වාසයක් රඳවා ගැනීම .
නමුත් අද නොවුන් අනාගතයේ හෝ විය හැකි වෙනස් විම් සමඟින් යම් චිත්තපීඩාවකට ලක්වේයැයි බියක් ඇත්නම් හොඳම දේ ඔබ දෙනොම වෛද්‍යවරයෙක් හමුවට යන එක , මෙහෙම ලීවෙ “විවාහයට පෙර කන්‍යා බාවට පරීක්ෂා කළ හැකිද?“ ප්‍රශ්නයට පිළිතුරක් ලෙසින් . එවිට අවශ්‍යතාව සාධාරණ සහ මානුෂීක බව හැඟේ නම් වෛද්‍යවරයා , උපදේශනය සමඟින් බොහොම සරළ පරික්ෂණයකින් ඔබේ කන්‍යාපටලය බිඳී නැති බව තහවුරු කරදේවි .
නමුත් “ නිර්දෝෂීභාවය“ ඔප්පු කරන්නට ඔබ “දෝෂී කටයුත්තක් “ කර නොමැති නිසා මුල් පියවර වඩාත් පහසුයි සිතනවා ,
ස්තුතියි ඔබට
ඔබට බෙහෙවින් ස්තූතියි මහත්මයා.................................මෙම කාර්යය දිගින් දිගටම සාර්ථකව පවත්වා ගෙන යාමට ඔබතුමන්ට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා..!!!
ReplyDeleteස්තුතියි ඔබට
Deleteපෞද්ගලිකව පිළිතුරක් ලබා ගැනීමට අවශ්‍යව තිබේ..........ඊ-මේල් ලිපිනය හෝ දුරකථන අංකය ලබා දෙන්න sir.
ReplyDeleteApi kasada badala masa 11i mahaththaya wada karanne colombo eya maseta park enne gedar man inne eyage nahagedar. Mata babek hadanna asai a nisa kisima behethak use karanne naha eth thama apita babala naha. Eya enne hariyatama mase anthima a weddi hamadama mata masika osap weema nathara wela dawas dekai. Babek nolabenna masika osap weema nathara wena dinaya balapanawada. Me nisa api dwnnama manasikawa widawanawa.
ReplyDeleteස්වභාවික ආකාරයෙන් පිළිසිඳ ගැනීමක් වන්නට නම් ශ්රක්රාණුව ගර්භාෂයට ඇතුළු වන අවස්ථාවේ සක්‍රිය ඩිම්බ සෛලයක් එහි තිබෙන්නට ඕන . එලෙස සක්‍රිය ඩිම්බ සෛලයක් ගර්භාෂයට මුදා හැරෙන්නෙ ආර්තවයෙන් 12-14 වන අතරෙදි (සුළු වශයෙන් සීමාව වෙනස් විය වුවත්) එලෙස පැමිෙණන ඩිම්බ සෛලයක් සක්‍රියව තිබෙන්නෙ දිනක් හෝ උපරිමව දින දෙකක් පමණයි එම සීමාවෙන් පිටම කෙතරම් ලිංගිකව එක්වුවත් පිළිසිඳ ගැනීමක් සිදුවීමට ඇති ඉඩ අතිශ්‍යය අඩුයි. (ආර්තව චක්‍රය ක්‍රමවත් නම්) ඔබ පවසන ආකාරයට , ඔබ සහ සැමියා එක්වන දින සීමාව , ඩිම්බයක් සක්‍රියව ගර්භාෂය තුල රැදෙන කාළ සීමාවට පෙර ලෙසයි හැඟෙන්නේ , ආර්තවයෙන් 11 වන සිට 15 වන දින දක්වා සරු කාළය හෙවත් පිළිසිඳ ගැනීමේ හැකියාව උපරිම කාළය ලෙසයි සැලකෙන්නේ , එයට අනුකූලව ඔබ දෙදෙනාගේ හමුවීම සකසා ගන්නට පුළුවන් නම් දරු පැටියෙක්ගේ සිනහව , උණුසුම සහ සතුට ලබන්නට බාධාවක් වෙතැයි සිතන්නට බැහැ.
Deleteස්තුතියි . මෙහි තවත් ලිපි කිහිපයක මීට දාල කරුණු සාකච්ඡා කර ඇති නිසා කියවා දැනුවත් වන්නට ඔබට අවස්ථෘව තිබෙනවා .
Ane thanks mahesh eth api ekathu wena dina waraddak thiyanawada? Api hithan hitiye naha ehema prashnayak wei kiyala. Mokada api hithan hitiye eka dimbayak ha shukranuwak ekathu una gaman babek labenawa kiyala. Me gana danuwath karata sthuthi mokada me nisa api gidak duj winda ape aduwak athi kiyalai api hithuwe.
Deleteවසර 5ක් පැරණි ලිපියක් වුනත්, සින්හලෙන් පලවු සභ්‍ය මේ ලිපියෙන් මටත් ප්‍රයෝජන වුනා. අපි විවාහකයි, ඒත් මෙක් නිවැරදිව පාවිච්චි කරන්නදෙන උපදේසය වට්තිනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.- සන්ජය
ReplyDeleteනොදත් කරුණු ගොඩක් දැන ගත්තා.ස්තූතියි.
ReplyDeletePhostino 2 r tablet ekema gahala thiyenawa eka upath palana kramayak newei kiyala.
ReplyDeleteBoho sawathawala wishwawdiydla ganu lamai phostino nithara nithara gannawa. smahara wita bahira lingika asuraka pasuwa pawa wenna puluwan. bahira lingika asurakin daru gabak hata ganna puluwanda? Boho denekuta eka gana danuma adui. Phostino nithara gannemen kanthawak wandya bawayata path wenna puluwannda?
samanyen wiwahayata pera koi tharam wara ganak phostino gaththta kamak nadda?
ehema ganeeme awastha athara koi tharam kala paratharayak thiyenawa nam hodai da?
me api yaluwo keepa denekuge pashwala ekathuwak. godak pin obata
Phostino 2 r tablet ekema gahala thiyenawa eka upath palana kramayak newei kiyala.
ReplyDeleteBoho sawathawala wishwawdiydla ganu lamai phostino nithara nithara gannawa. smahara wita bahira lingika asuraka pasuwa pawa wenna puluwan. bahira lingika asurakin daru gabak hata ganna puluwanda? Boho denekuta eka gana danuma adui. Phostino nithara gannemen kanthawak wandya bawayata path wenna puluwannda?
samanyen wiwahayata pera koi tharam wara ganak phostino gaththta kamak nadda?
ehema ganeeme awastha athara koi tharam kala paratharayak thiyenawa nam hodai da?
me api yaluwo keepa denekuge pashwala ekathuwak. godak pin obata
Please mata me prashna walata uththara denna.
sir mage osapwem denaya tiyenna one me 25 wenida eeth dawas 5k parakkui man mase deparakata postinor tablet deparak gatta .mn godak bayen inne man pregnet kiyla mekata mokakda mn kranne
ReplyDeleteපළමුව කිව යුත්තේ පොස්ටිනෝ යනු දිනපතා භාවිත කරන උපත් පාලන පෙත්තක් නොව “හදිසි ගැබ් ගැනීම් වලක්වන“ ඖෂධයක් බවයි. එය නිරන්තරයෙන් ගැනීම විවිධ අතුරු ආබාධ ඇති කරන්නට පුළුවන් ( දැනට හඳුනාගත් සහ නොගත්) .
Deleteඒ වගේම ඔබෙ ප්‍රශ්නයට හේතුව 100% ක්ම මෙයම යැයි කිව නොහැකි වුනත් , පොස්ටිනෝ මඟින් ආර්තව චක්රේය රටාව වෙනස් කරන බව හඳුනාගෙන තිබෙනවා, ඒ නිසා දින කිහිපයක් එහා මෙහා වීමක් විය හැකියි , කළබල නොවී සැළකිළිමත් වන්න , හැකියාවක් වෙතොත් , කොන්ඩම හෝ වෙනත් උපත්පාලන ක්‍රමයකින් සතුට , බැඳීම් සහ ආරක්ෂාව පවත්වා ගන්නට උත්සාහ කරන්න , ස්තුතියි
මේ පෙත්ත පලවෙනි වතාවට ගන්න කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද? මටත් මේ වගේ ප්‍රශ්නටක් උනා.
ReplyDeleteSir postinor 2 peththa bhawitha karanne kohomada....???
ReplyDeleteMata e pilibadawa danumak na.
Mama merry karala thawama masa 2i.
Mage wifeuth me gana danne naa ithin api dennata me gana poddak pahadili karala denna puluwanda....???
me lipiya kiyawanna , oone karana okkoma wage visthara athi
Deletesthuthiyi
mama mage girl friend ekka ekathu una february 14.eda eya postinor 2 gaththa.eyata anthimata osap une february 7.eath eyata thawama osap une ne.urine test eken negative pennanawa.eath apata bayai.den mensas masekata kittu wenna parakkui.mehema wenna puluwanda?pregnant wela urine test eken negative wenna puluwanda.karuna karala apata udau karanna.postinor nisa me tharam mensas parakku wenna puluwanda?
ReplyDeletemaage getaluwata ikman pilithurak labadena men illa sitimi.
ReplyDeleteසාමාන්‍යෙයන් පොස්ටිනෝ-2 නිවැරදි ආකාරයෙන් ගත්තා නම් දරු පිළිසිඳ ගැනීමක් ඇති වීමේ හැකියාව සෑහෙන්න අඩුයි , කෙසේ වෙතත් එය 100%ක්ම සාර්ථකයි කියන්නෙ නැහැ. නමුත් දැන ගතයුතුම දේ එම පෙති වල ඇති හෝමෝන මඟින් කාන්තාවගේ හෝමෝන පද්ධතියේ විවිධ වෙනස්කම් ඇති කරන නිසා ආර්ථවය පමා වීම , එහි රාටව වෙනස් වීම වැනි ගැටළු ඇති වීම සාමාන්‍යයි. මුත්‍රා පරික්ෂණයක් තුලින් ගර්භණී බව හඳුනාගැනීමට අඩුම තරමේ ගර්භයට සති 3-4ක් වත් විය යුතුමයි . ඊට පෙර ලැබෙන ප්‍රථිපල ඒ තරම් සාර්ථක නැහැ.
Deleteඔබේ හිතේ ඇති කාංසා ස්වභාවය තේරුම් ගත හැකි වුවත් , මෙවන් ටිකක් පරණ ලිපි වලට පිළිතුරු සැපයීමට පමා වන බව කරුණාවෙන් සළකන්න.
ස්තුතියි
sir mge gf ekka mn feb 23 ekata hitiya..but dennatama sure mage kisima deyak eyata giye na....eth api edama bayata postinor 2 biuwa..ethakota eyage mensas date eka pahu wela dawas 5k wage athi(17,18,19,20 wage mensas)..postinor pethi 2ma bila sathiyak wage yanakota eyata aye mesas hadana(march 5,6 wage)..habai dawasakwath thibbe nalu.eken passe ada wena thuru thma mensas hadune na..meka baya wenna ona deyakda?..
ReplyDeleteSir,postinor 1 saha postinor 2 athara wenasa gana pahadili karanna puluwanda?
ReplyDeletesir gambini bawak athi wanne Purusha lingaya sthri lingaya thulata athul kirima haraha pamanakmada ...
ReplyDeletestri lingaya laga purusha lingaya athillima wani karana waladi gabini bawak athi wimata puluwanda
upath palanayata wada hageem palanaya watinawa.eka nodanna ayata me lipiya mila kranta bri tharam wtinawa.
ReplyDeleteMekata nm adala ne eth ඇද උනු purusha lingayak apahu kelin krgnne koomada
ReplyDeleteඒ සඳහා ශල්‍යකර්ම තිබේ ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගන්න. ස්තුතියි
Delete