2011/07/13

31) ආදරේ ගැන රසම රස රහසක් - Love & lust (lost නොවෙන්නට)

ආද ray ...............
කාළෙකට පස්සේ ටිකක් විවේකයෙන් කාළය ගත වෙනවා ...මට විවේකය තිබුණත් මගේ ජංගම දුරකථනයට නම් නිස්කලංකේ ඉන්න හම්බවෙන්නෙම නැහැ වගේ ...S.M.S වලින් පිරිණු Inbox එක ....නිකමට වගේ බැළුව ...මගේ සිසු දරුවන්ගේ සුභ පැතුම් , විවිධ අදහස් පිරිලා ඉතිරිලා යන තරමට ...එකින් එක බැලන්නට හිතුනා  මොකද පහුගිය දවස් ටිකේම ආ S.M.S. මොනවාදැයි කියලවත් බලන්න වෙලාවක් තිබුණේ නැති තරම් ...ඒ අතරේ විශේෂ පණීවිඩයක් හමුවුනා ...


ඒ කෙටි පණිවිඩය ..පහුගිය දිනක යම් අනතුරුදායක තිරණයක හිටිය දුවණියක පිළිබඳව ....ඇයට අපි කියමු “නිමාලි“ කියල ..නිමාලිට පෙම්වතෙක් ඉන්න බව මට ඇයම කියල තිබුණා ...ඒ පහුගිය දිනක ඇතිවුනු ගැටළුවට උපදෙසක් දෙත්දි ...මාස 4ක විතර පෙම් සබදතාවක රස විඳිමිනුයි ඇය පාඨමාලාවේ කටයුතු කරගෙන ගියේ ..එය ගැටළුවක් නොවෙයි ..මොකද යොවුන් වියේ පෙම් සබඳතාවක් ඇති කරගැනීම මහා විනාශකාරි දෙයක් නොවන බවයි මගේ හැඟිම ...නමුත් මේ පෙම් සබඳතාවයේ යම් ගැටළුවක් තිබුණා ...ඒ ...මෙය පෙම් සබඳතාවයක්ම නොවී ඉන් ඔබ්බට ගිය අනතුරුදායක ලිංගික සබඳතාවයක් බවට පත්වීමේ අනතුරු ඇතිවී තිබුණා..ඒ වනවිටත් ඒ සඳහා විවිධ බලපැම් එම පෙම්වතාගෙන් සිදුවෙමින් තිබුණා ... ඒ අනතුර හඳුනාගත් අවස්ථාවේ ඇයගේ හොඳම යෙහෙළිය ඇයට පැහැදිළි කළා ..අවවාද කළා ...වටහා දුන්නා ...පසුගිය දිනක තිබුණු මගේ සමුගැනීමේ සාදයේදී මේ දැරිවියන් දෙදෙනා මා හමුවන්නට විත් මේ තොරතුරු සියල්ල පවසන්නට වුනා ..අවස්ථාවේ හැටියට සහ ගැටළුවේ පමණට නිසි උපදෙසක් ලබා දෙන්නට අපි උත්සාහ කළ ...ඇය පිළිගත්තා ...ඒත් ......

මේ තමයි කතාව හදපු S.M.S එක ..
මේ කතාවේ කෙටි පණිවිඩය මෙන්න මෙහෙම මට ලැබී තිබුණා ...මේක එවල තියෙන්නේ අර යාළුවා ...තමන් එක්ක එකම බෝඩිමේ ඉන්න මිතුරිය නරක මගක යන අවදානම හදුනාගත් ඇය මට මේ ලෙසින් ලියා තිබුණා.එය අවසන් කොට තිබුණේ මෙළෙසින් ...ay thaththe adareta mehema karanne ? meka adareda ragayada .? bs.....
(මේ සිසුවිය මෙහි තාත්තේ ලෙසින්  මා අමතන්නේ ඇයිදැයි මේ දරුවන්ගේම සටහනකින් සොයා ගන්නට මෙතැනින් එන්න) ...මේ සිංග්ලිෂ් ඔබට වැටහෙනු ඇතැයි මම සිතනවා ..මොකද මේ භාෂාව අද පොදු භාෂාවක් වෙලානේ...

කෙසේ වෙතත් ඇය මා තවත් අරමුණකට යොමු කරනවා ....“මේක ආදරයද ? රාගයද ? “.....අද යෞව්වනයේ නොවිසඳුනු , නොතේරුණු ගැටළුවක් ලෙසින් මා මෙය මේ විදියට වෙනස් කරන්නම් ..“මේක ආදරයද love , ලිංගික ආශාවද lust “ ලෙසින් මෙයයි අද දවසේ ඇත්ත කතාව .. මේ ගැන ලියන්නට මට තවත් උත්තේජනයක් ලබා දුන්නේ “ලිහිණි“ , එක් දිනක් මගේ දුරකථනය වෙත ඇමතුමක් දුන් ඇගේ අදහස් ද ගරු කොට  ගනිමින් අද මම කතා කරන්නේ මේ ආදරය සහ ලිංගික ආශාව ගැන ...

උම්........මා  ..බෑ...................
ඇත්තටම මොකක්ද මේ ආදරය  ...ඉංග්‍රිසියෙන් love  ලෙසින් හැඳින්‍වෙන  අර්ථකථන ගණනාවක් ගේන පදයක්  ..ආදරය ලෙසින් අපි හදුන්වන්නේ දෙදෙනෙක් අතර චිත්තවේගීයව(Emotion / Feeling)  ඇති වන අන්‍යෝන්‍ය බැඳීමක් , මේකත් හරිම සුන්දර වචනයක් , මොකද එක් එක් අය අර්ථදක්වන්නේ වෙනස් දර්ශනයන්  සහිතව ....කොහොම වුනත් කෙටියෙන්ම කිව්වොත් ආදරය කියන්නේ මනස මූලික වූ බැඳීමක් ..ප්‍රේමනීය ආකර්ශනයක සංවේදී හැඟීමක් තමයි ආදරය වෙන්නේ ...

මේ ආදරය ඕනම කරන දෙයක්ද? ...ඔව් ජීවයේ පැවැත්මට ..බැඳීමට මේ ආදරය අත්‍යවශ්‍යයි ...මිනිසුන් අතර විතරක්ම නොවෙයි , සතා සීපාවා අතරත් මේ ආදරය පවතින දෙයක් . අනෙක් මේ ආදරයේ රස විඳින්නේ යව්වනයන් විතරක් නොවෙයිනේ ...
Posted Image
ආදරයයි ..හදවතයි ...හෝමෝනයි  ......ඔයයි ..මමයි .....

ඉතින් ඇයි අපි මේ තරම් කළබල ...? ගැටළුව මේකයි ..අද අපේ රටේ මේ ආදරය සහ නොහික්මුණු ලිංගික ආශාව කියන සිදුවිම් දෙක පටලවා ගෙන ...ඇත්තටම පටලවා ගෙන නෙවි . අපිට පටලවා දෙනව කිව්වොත් තමා නිවැරදි ...ඒකට නොහික්මුණු මාධ්‍යයන්ද ලොකු රුකුළක් දෙනවා ...
                                                                                Robert Sternberg කියන මනෝ විද්‍යාඥයා කියන විදියට ආදරය ඇතුලේ තවත් අවස්ථා තුනක් තියෙනවා ...ඒ 
  1. දැඩි මිත්‍රත්වය Intimacy  , 
  2. Lust රාගය මිශ්‍රිත හැගීම් , සහ 
  3. Commitment බැඳීමක් ..ආදරයක් නියම විදියේ ආදරයක් වන්නට නම් මේ කොටස් තුන සම සමව ගන්නට ඕන ...ඒත් අද අපේ සමහර තරුණ පිරිසට මෙයින් ඉක්මණින්ම සංවේදී වන්නේ Passion  රාගික ලිංගික ආශාව කිව්වොත් ඔබ මා සමඟ එකඟ වේව් ... 

මෙහි ගැටළුව කුමක්ද ? එහි ගැටළුව තමයි එවිට අර අනෙක් සාධක දෙක මිත්‍රත්වය සහ බැඳීම කියන සංකල්ප පිළිබද නොතකා හැරීම ...ප්‍රතිපලය වන්නේ සමාජයේ අනාථයින් පිරිසක් (මානසිකව , කායිකව සහ ආර්ථිකව ) පිරිසක් බිහිවිම නොවේද ? මක් නිසාද මේ තත්ත්වයේදී ඔවුන්ට වැදගත් වන්නේ ශරීරයේ ව්‍යුහීය වශයෙන් ඇති ස්ථාන සහ ඒ මඟින් ළබා ගත හැකි තිව්‍ර සංවේදනයන් පමණයි ...දැන් ඔබ සිතාවි මෙය ලියන මා lustහෝ sex පිළිබඳ වෛරයෙන් මෙය ලියනවා කියා ...නැහැ ...මමත් සාමාන්‍ය මිනිසෙක් ඉතින් මමත් මේ පිරුණු ආදරයට රිසියි ..

අපි දැන් හොයමු ප්‍රශ්නේ මුල මොකක්ද කියල ..ඇත්තටම මේ මුල නොවෙන්නත් පුළුවන් ..ඒත් ඉලක්කයක් එපායැ නේද ? ඇත්තටම ආදරයක් ඇරඹෙන්නේ කොහොමද කියල ..(මම මෙතැනදි දෙමාපිය -දූ දරු ආදරය / සෙනෙහස ගැන කතා නොකරන්නේ එය ඉතා සංකීර්ණ මාතෘකාවක් නිසයි )  මෙතැනදි කාන්තාවක් පිරිමියෙක්ට ආදරය කරන්නට ආරම්භ කෙරෙන විදියත් පිරිමියෙක් කාන්තාවකට ආදරය කරන්නට පෙළඹෙන විදියත් තරමක වෙනස් කම් දරනවා ..ඒත් පොදුවේ එකිනෙකා ගේ පෞරුෂ ලක්ෂණ , පෙනුම , කතා බහ කරන රටාව , මිත්‍රශිලී බව වගේ කාරණා ගනනාවක් එක් වෙනවා ..ඊට අමතරව ආර්ථික තත්ත්වය , සමාජ තත්ත්වය වගේම Role model චරිතයක් වීමත් හේතු වෙන බව හඳුනාගෙන තිබෙනවා . ඒ කුමක් වුනත් මුල්ම දේ හඳුනා ගැනීම ...ඊට පස්සේ තමයි බැඳීම් පිළිබද අනාගතය හඳුනාගන්නේ ...එහි උපරිම විශ්වාසයේ සුන්දරම ඵලය විදියටයි රාගයට හෝ ලිංගික සතුටට lust පෙළඹෙන්නේ , පෙළඹිය යුතු වන්නේ ...

අපි love ද lust ද ?
ඒ සඳහා යම් කාළයක් යනවා වගේම දෙදෙනා යම් අත්දැකීම් සමුදායක් ලබන්නටත් ඕනෑ ..ඒ වගේම යම් බැඳිම් සහිත සැලසුමක් තිබිය යුතුම වෙනවා ..එසේ නොවී යම් ආදරයක් කරනවා නම් ටිකක් හිතා බලන්න ..එය ආදරයම දැයි කියා ...එය රාගය හෝ ලිංගික ආශාව නම් එහි අනතුරක් පවතින බව තේරුම් ගන්න .විශේෂයෙන්ම මිනිස් සමාජයට ලොකු අනතුරක් මෙහි පවතිනවා .

මීට වැදගත් සාධකයක් ඩෙස්මනඩ් මොරිස් ලබා දෙනවා , ඔහු කියන පරිදි වානර පරම්පරා අතරේ පවතින ස්වභාවික ලිංගික බැඳිමේ ක්‍රමය වන ස්ත්‍රියගේ පිටුපසින් සිට පිරිමි වානරයා තම ලිංගය ඇතුළු කරන ක්‍රියාව , මිනිසාට එත්දි මුහුණට මුහුණලා සිදු කරන ලිංගික චර්යාවකට හැරවෙන්නේම ඉහත කරුණු තුන , මිනිස් වර්ගයාට ඉතා වැදගත් නිසයි , ඒ කිව්වේ හොඳින් මුහුණට මුහුණ හඳුනාගනිමින් ...මිත්‍රත්වයක් පවත්වා ගනිමින් ..හැඳිනීම නිසාම යම් බැඳීමක් ඇති කර ගනිමින් අවසානයේ lust ලෙසින් ලිංගිකව එක් වීමක් සිදු වෙනවා ..එයයි නිවැරදි සහ සමාජයට වැඩදායක Love and lust වන්නේ ..ඒ සඳහා අපේ ඇඟේ හෝමෝන සහ විවිධ රසායනික ගණනාවක් දායක වෙනවා ...විශේෂයෙන්ම එහිදි මොළයේ ක්‍රියාකාරීතවය හරිම වැදගත් ...

නමුත් අද බොහෝ විට වන්නේ කුමක්ද ? අද බහුලව දක්නට ලැබෙන්නේ ලිංගික ආශාව හෝ lust මුලික වූ බැඳීම් , මෙහි අවසාන ප්‍රතිපල වන්නෙ මොනවාදැයි අපි සොයා බලමු ...ඉච්ඡජභංගත්වයට Frustration පත් තරුණ පිරිසක් , ලිංගාශ්‍රිත රෝග , ගබ්සාවන්ට පෙළඹවීම , සිය දිවි නසා ගැනීම සඳහා පෙළඹීම වගේම සමාජයට වෛර කරන යොවුන් පරම්පරාවක් බිහිවීම සිදු වෙමින් පවතිනවා . පවුල් බැඳීමකින් තොර අනාගත පරපුරක් කෙසේ  වේදැයි ඔබට සිතන්නට පුළුවන්ද ? ...

සොඳුරු ආදරේ ..සොඳුරු පරිසරේ....
යොවුන් දරුවන්ට කිව යුතුම කරුණු කිහිපයක් තියෙනවා , කිසිවිටෙක ආදර බැඳීම් ඇති කර නොගත යුතුය යන අමිනිස් බලපැම කරන්නට අපි නොයා යුතු මුත් ආදරයේ නිවැරදි මග පෙන්වීම වැඩිහිටි ඔබ / අප සැමගේ යුතුකමකි. ඒත් වැදගත්ම දේ ආදරයේ සතුට විඳින්නට කාමරයක් ඇතුලේ හිර වෙන්නටම ඕනෑ නැහැ හැංගෙන්න ඕන නැහැ ...සුන්දර විවේකි බිම් කඩකදී , මුහුදු වෙරළකදි කෙරෙන ආදරණීය කතාබහකින් , සුමුදු ස්ඵර්ශයකින් ඒ ආදරය වර්ධනය කර ගන්නට පුළුවන් ...විටෙක රහසින් ලැබෙන සුන්දර හාදුවකින් ඒ ආදරයේ උපරිම විදීම ලබන්නට උත්සාහ කරනවා නම් කෙතරම්ම වටීද ? නමුත් නිසි කළ සහ අරමුණ ලැබුණු දිනක රාගයේ උපරිම සුව විදින්නට ඔබ සූදානම් වන්නට ඕනෑමයි ... එසේ  නොමැතිව අවසානයට ආයුතු දේ පළමුවට ගත හොත් අනාගතය අඳුරේ වන්නටත් පුළුවන් ...

අවසානයේ මෙහෙම කියන්නම් ආදරය ගැන දැනගෙන ආදරය කරන්න ..එවිට ආදරයට වෛර කරන සමාජයක් බිහිනොවී පවතීවි ....

මේ ලිපිය ඔබ සැමගේ අදහසට විවෘත වන අතර ආදරයේ නිවැරදි මඟ පෙන්වාදීමේ යුතු කමට ඔබත් දායකවනු ඇතැයි සිතමි. එමෙන්ම මගේ අදහසක යම් වරදක් වේනම් එය නිවැරදි කරන්නට ඇති ඔබේ අයිතිය මම පිළිගනිමි. 


35 comments:

  1. ඉතාමත් ස්තූතියි ඔබ තුමාට . ආදර හදුනන හා නොහදුනන සියලු දෙනාටම වැදගත් වේවි මේ ලිපිය.
    මගේ සිතත් පොඩ්ඩක් සසල උනා කියෙව්වාම.මොකද ගොඩාක් අය අදරය කියන එකේ තේරුමවත් නොදන තමා මේක කරන්න යන්නේ . මම සිතන විදියට නම් ඉතාමත් උත්තරීතර දෙයක්.
    මෙහි තේරුම නොදත් අය කිසිම දවසක කිසිම කෙනෙක්ට ආදර හැගීමක්වත් නොදිය යුතුයි. ඔබ කිව් ආකාරයට...
    // අවසානයේ මෙහෙම කියන්නම් ආදරය ගැන දැනගෙන ආදරය කරන්න ..එවිට ආදරයට වෛර කරන සමාජයක් බිහිනොවී පවතීවි //

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ගිම්හානි ..ආදරය සොඳුරු ඉසව්වක් එය අඳුරු කරගන්නේ අපිමයි නේද ?

    ReplyDelete
  3. ඔව් සහතිකෙන්ම....
    මා මේ කතාව දිගට ගෙනියන්නේ නෑ මක්නිසාද අමතක
    කරන්න උත්සාහ ගන්නා දේ නැවත සිහිපත්වෙන නිසා.

    ඔබ තුමාට ජය!!

    ReplyDelete
  4. අපි ජිවිතයේ අනාගතයට වඩාත් වැදගත් මේ හැම අත්දැකීමක්ම ..පිරිපුණ් අත්දැකීම් බහුල අයෙක්ගේ අනාගතය සරු වෙනවාමයි ...ස්තුතියි

    ReplyDelete
  5. හුඟාක් වටින ලිපියක් ,ස්තුතියි...

    ReplyDelete
  6. ඔබ තුමා ආදරය ගැන කීවා වගේම මා ආසයි දැනගන්න
    මේ ආදරය බිද වටුනාම ඇතිවෙන දරුනු වේදනාව දරා
    ගැනීම නිසා ශරීරය තුල අතිවන රසායනික වෙනස් කමත්..පහදා දිය හැකිනම්...ඒ කරුනුත් බොහෝ ප්‍රයෝජන වෙයි කියා සිතනවා.

    ඔබේ පිලිතුර සමහරවිට මට දකින්න වෙන එකක් නෑ මා දින කීපයකට කොලඹින් පිට යන නිසා.

    ReplyDelete
  7. @මලිති

    ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට

    ReplyDelete
  8. @ ගිමිහානි
    ඔව් ඉදිරියේදි ඔබේ වැදගත් ඉල්ලීමත් ඉටු කරන්නම්....ස්තුතියි

    ReplyDelete
  9. මමත් කියෙව්වා . අහක දාන්න බැහැ . දුවල දෙන්නෙක් ඉන්නවනේ . ස්තුතියි

    ReplyDelete
  10. ස්තුතියි ඔබට බින්දි ...ඇත්තෙන්ම අපි දෙමාපියන් ලෙසින් වගකීමෙන් කළයුතු දැනුවත් කිරීමක් ලෙසයි මෙය මා දකින්නේ ...නැතිනම් අපේ දරු දැරියන්ගේ අනාගතය විඳවීම් වලින් පිරුණු එකක් වේවි ...

    ReplyDelete
  11. වැදගත් කරුණු තියෙන ලිපියක්.. ඒ කරුණු වලට 100%ක් එකඟයි... ස්තූතියි...

    ReplyDelete
  12. ස්තුතියි සාතන් ...ඔබේ දිරි ගැන්විමට

    ReplyDelete
  13. ගොඩක් වටින ලිපියක් 100% එකඟයි

    ReplyDelete
  14. ස්තුතියි මා දිරිමත් කළාට බීටා ....

    ReplyDelete
  15. ගොඩාක් වටින ලිපියක්..... ජිවිතේ ට ගොඩාක් දෙවල් ඔබ තුමන්ගෙන් ගොඩාක් දෙනෙක්ට ගන්න පුලුවන්...

    ReplyDelete
  16. ස්තුතියි දේවා ..ඔව් අපේ අත්දැකීම් බෙදා ගනිමින් සරු යමක් සිංහල බ්ලොග් අවකාශයට දෙමු නේද ?

    ReplyDelete
  17. වටිනා ලිපියක් මම හිතන්නේ නිවැරදි සමාඡ දැනුම තියනවනම් වරදින්නැ. සර් කියන්න වගේ හැමදේටම භය තියෙන්න ඕනා එහෙමනේද? සර්

    ReplyDelete
  18. @Nadeesha ,
    ඔව් දරුවෝ වැරදි දේට ලැජ්ජාවක් භයක් තියෙන්න ඕනමයි , නැත්නම් අපේ සමාජය විඳ වැටෙනවා , අපේ මිනිසත් බව විඳ වැටෙනවා , ඒ වගේම මේ හැම දෙයක් ගැනම නිවැරදි දැනුම හරිම වැදගත් , ස්තුතියි දරුවෝ අදහස් දැක්විම ගැන

    ReplyDelete
  19. ආදරය ගැන විවිධ විග්‍රහයන් තියෙනවා. ඒත් ඒ මොන විග්‍රහයවත් ආදරය සම්පූර්ණයෙන්ම විස්තර කරන එකක් නෑ. අර ඔබ කියපු කරුණු තුන (මිත්‍රත්වය, බැඳීම, රාගය) ඇසුරින් කරපු විග්‍රහයට මාත් කැමතියි. මේවායේ සමතුලිත බව බිඳී යාම අන්තිම නරකයි. ස්තුතියි ඔබට. අගනා ලිපියක්.

    ReplyDelete
  20. ඇත්තෙන්ම චතුර , බොහොම ස්තුතියි සොඳුරු අදහසක් එක් කළාට

    ReplyDelete
  21. පරිණත මිනිසෙකුගේ වටිනා බ්ලොගයක් කියවීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යක්..
    කරුණු සියල්ලටම පාහේ එකඟ වන්නට පුලුවනි..
    ස්තූතියි වටිනා දැනුම අප සමග බෙදාගත්තාට..
    :))

    ReplyDelete
  22. ස්තුතියි ආගන්තුකයානනි , අපි මේ සිංහල බ්ලොග් අවකාශය තුල අපි සොඳුරු ඒ වගේම වැදගත්,රසවත් ,ප්‍රයෝජනවත් කරන්නට උත්සාහ කරමු ..ඔබේ අදහසට මම ගරු කරනවා

    ReplyDelete
  23. මේ දෙයට දෙමාපියන්,අදකලේ රුපවහිනී මද්‍ය හා වෙඩිහිටි සමජය බාර ගතයුත්මයි කියල මගේ අදහස...ඒ පිරිසට නිදහසේ කාමරයක්‌ තුලට රිංගන්න රුකුල් දීමෙන් වෙන්නේ පනින රිලවුන්ට ඉනිමන් තියනව වගේ ක්‍රියවක්‌..අද ගුරුවරු (සමහර) වුනත් සල්ලිමත අද්‍යපනය දෙනව මිසක්‌..හර්ද සක්‍ෂියට එකගව කරන්නෙ නැ...
    වටින ලිපියක්‌ අතූතී...

    ReplyDelete
  24. මෙයට අද වෙඩිහිට්‌ සමාජය, රුපවහිනී මද්‍ය, හා ගුරු හොරු සමවෙන්න ගුරුවරු වගකේම බාර ගත යුතුයි කියලයි මගේ මතේ..ඔබ කියූ පරිදී කමරයක්‌ තුල සොයා එනා අදරවන්තයින්ට ඒ අවස්‌තව ලබා දීමතුලින් සිදුවන්නේ"පනින රිලවුන්ට ඉනිමන් තියනවා" වගේ ක්‍රියාවක්‌

    වටිනා ලිපිය ස්‌තූතී...

    ReplyDelete
  25. සමාවෙන්න මගේ කොම්මෙන්ට්‌ එක කීප වරය පොස්‌ට්‌ වෙල ඇතී මගේ පිටුව සමහරක්‌ අරබී බාශවෙන් ලියවිල තියෙන නිසා...
    hope you're understand..

    ReplyDelete
  26. Gonta,සොදුරු මිනිසා
    ස්තුතියි ඔබට

    ReplyDelete
  27. මමත් ඩෙස්මන් මොරිස්ගේ නිරුවත් වානරයා පොත් කියවලා තියනව.ස්තූතියි අදහස් වලට.ගොඩක් වැදගත් ලිපියක්.

    ReplyDelete
  28. නදී ,
    ඔව් මිනිසාගේ චර්යාව ගැන හදුනගන්න හොඳ පොතක් , සතුටුයි .
    බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට

    ReplyDelete
  29. ගොඩාක් වටින ලිපියක්....මම්ත් ආදරේ ව්දිනවා...ආදරේ කරනවා.....අද ඉන්න තරුණ පරම්පරාව දන්නෙ නෑ අදරේ කියන්නේ මොකද්ද කියලවත්...මමත් ලිoගිකත්වයට ගියේ ආදරයට අවු 6 සම්පූර්න උනාට පස්සෙ....ඒ ගොඩාක් ලොකු තේරුම් ගෑනීමකට හා අවබෝධයකට පස්සෙ...අද අපි ජීවිතය විදිනවා....ඒක තේරුම් ගත්තොත් ලoකාව ලස්සන රටක් වේවි...ගොඩාහ් වටින web site එකක්...Good Luck මහේශ් අයියා...

    ReplyDelete
  30. -shanD ,
    බොහොම ස්තුතියි ඔබට...

    ReplyDelete
  31. verr nice i likt is soo much

    ReplyDelete
  32. -kasun madusanka ,
    ස්තුතියි ඔබට

    ReplyDelete
  33. ගොඩක් ස්තූතියි. මට ඔබතුමාව සම්බන්ද කරගන්න විදියක් කියනවද කරුණාකරල

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)