2011/12/29

74) කොල්ලන් වට්ටන වටේ හිනස්සන ...මීයාගේ ලෙඩේ ...

මෙදා නත්තල අපේ දෙන්නට හරිම සරුයි , මොකද වෙනද වගේ නොවෙයි , සෙල්ලම් බඩු පෙට්ටි ගණනක් හම්බ උනා , අපේ ළඟ හිතවතුන්ගෙන් වගේම අපේ ගෙවල් කිට්ටුවම තියෙන දේවස්ථානයෙන් .. විවිධ සංවිධාන වලින් .. ගෙදරටම හොයාගෙන ඇවිත් “නත්තල් සීයා“ වගේ තෑගි මළු බෙදා දෙන්නේ ...හැමෝටම හරිම සතුටුයි ..ඔය සෙල්ලම් බඩු අතරේ අපේ පොඩ්ඩි හුඟක් ආස කරන කෙනෙක් ..මිකියෙක් ..හ්ම් ... Mickey mouse කෙනෙක් ..පොඩ්ඩිගෙන් බාගයක් විතර ලොකුයි ...ඇත්තටම හරි ලස්සනයි ..

2011/12/27

ගරු පෙරදැරි ආරාධනයක් ...එන්න ඇවිත් බලන්න ...

සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනි ...සිංහල බ්ලොග් අවකාශයේ තවත් පුංචි වෙනස් කටයුත්තක් ආරම්භ කළා ... මේක පන්තියක් ...හැබැයි මුදල් අය කරන එකක් නෙවි ...කැමැත්තෝ සහ අවැසි ඇත්තෝ පැමිණ සහභාගී වේවි කියල හිතනවා ..

කොහොම වුනත් මේ සටහන ආරම්භක අවස්ථාවේ තියෙන නිසා , ඒ පිළිබඳව ඔබේ අදහස් , යෝජනා , චෝදනා මට හරිම වැදගත් ..මොකද එයින් තමයි මේ බ්ලොග් සටහන් ඉදිරියට , හැඩ වැඩ වෙවි මතුවෙන්නේ ...ඉතින් වෙලාවක් ඇත්නම් “සොඳුරු සුව සිප්හලට“ ගොඩ වැදිල ...අදහස් දැක්වීමක් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා ..සමහර විට ඒ විෂය ඔබට අදාල නොවන්නක් පුළුවන් ..නමුත් බ්ලොග් සටහනක් විදියට තව මොන විදිහේ වෙනස් කම් විය යුතුද ..සටහනේ පැහැදිලි , අපැහැදිලි බව ...වර්ණ සංකල්නයන්හි විය යුතු වෙනස්කම් ..අන්න ඒ වගේ කරුණු මට ලබා දෙනවා නම් එය මට හුඟක් වටිනවා ...

ඉතින් මෙතුවක් “සොඳුරු සුව අසපුව“ සමඟ බැඳී ආ ඔබට බොහොම ස්තුතියි ...අදින් පසුව සොඳුරු සුව අසපුව වගේම ..“සොඳුරු සුව සිප්හලත් සිංහල බ්ලොග් අවකාශයේ කොනක හරි තියේවි ....ඒ එක්කම එමඟින් බැදුනු අපේ මිතුදමත් හැමදාමත් ඔපවත් වෙවි රැදේවි ...

මෙන්න ලිපිනය ..http://nursingdocs.blogspot.com/

2011/12/25

73) කකුලෙන් නැඟලා සුදු කොඩි වනනා “‘පණු පැටියා“

ඕං අදත් මේං මෙහෙම හිම වැටෙනවලු ...
කාළෙකට පස්සේ දවස් තුනක විතර නිවාඩුවක් ලැබුණා ..සීතලයි , නත්තලයි එක්ක මේ නිවාඩුවේ වටිනාකම වැඩි කළා වගේ ., පහුගිය දවස් ටිකේ නැවතිලා තිබුණු “හිම වැටිල්ල“ ඊයේ ඉඳන් ආයෙත් ටික ටික පටන් අරගෙන , හැම තිස්සෙම පුළුන් වගේ පුංචි පුංචි හිම වැටෙනවා , පොඩ්ඩන්ට නම් “නියමයි “ , ..මේ කාළගුණ තත්වෙත් එක්ක The Weather Network“ අපිට හරිම වැදගත් , ඒ කිව්වේ මෙහේ ප්‍රධාන රූපවාහිනි channel එක , හැම විනාඩි දහයකට වතාවක්ම පවතින , විය හැකි කාළගුණ තත්ත්වේ “හුඟක් දුරට“ හරියටම කියන හොඳ සේවාවක් , අපිට හරිම වැදගත් මොකද මෙහෙ විනාඩි දහයක් තුල ලොකු කාළගුණ විපර්යාස වෙන අවස්ථාත් තියෙනවා ,

2011/12/17

72) ලැජ්ජ නැතිව ඇඟ පෙන්නන හැටි දැනගන්න ...!

බල්ලන්ටත් ඇදුම් ......
“මනෝජ ඔහොම කියයි දැන්  , Summer එකේදි ...දැන් ඔය වහගෙන ඉන්න කෑළි ටික ටික අඩු වෙනවා , ඊට පස්සේ බලන්නත් ලැජ්ජයි අනේ  මුළු ඇඟම එළියේ ....අනේ මන්ද මේ කුණු සරීරෙ මොකට එළියට දාගෙන යනවද කියල ,...“ මගේ බිරිඳයි , මේ රටේදි අපිට හුඟක්ම උදව් කළ මිතුරියකයි ඇඳුම් ගැන කළ කතා බහක කොටසක් තමයි ඔය ..මොකද දැන් හැමෝම මුළු ඇඟම හොඳට වැහෙන්න ඇඳුම් , ජැකට් ...තව තව පලදනා ගණනාවක් දාගෙන තමයි යන්නේ එන්නේ ,ඒ විතරද මේ දවස් වල නම් බල්ලන්ටත් හොඳ උණුසුම් ඇදුම් අන්දවගෙන තමයි යන්නේ ...එ වුනාට ඉතින් හොඳ හොඳ ඇඳුම් එන්නේ Summer එකටලු

2011/12/12

71) කලිසමෙන් අල්ලන රහස් ලෙඩේ ...

අපේ රටේ හඬ සම්පතක් ...
අද හවස training session එක නිසා උදේ වරුවම ගෙදර ...පොඩ්ඩො දෙන්නත් ඉස්කෝලේ ගිහින් , මනෝජ Driver's Handbook පොත බැහැලම කියවනවා ..මම අන්තර්ජාලය තුල ටිකක් එහෙ මෙහෙ ගිහින් “හොඳ සිංදු“ ටිකක් අහනවා ... “මල් සුවඳට බඹරු එනවා ..බඹර නදට නෙත් වැහෙනවා....“ අමරසිරි පීරිස්ගේ ලස්සන සිංදුවක් ... හඩ , පද , තනුව වගේම රූප රචනයත් මට හිතුන විදියට ලස්සනයි ..සරළයි ...බොහොම සැහැල්ලුවෙන් ගීතය රස වින්ද ...
ඒ රූප රාමුවක තියෙනවා ඇඳුම් තෝරන සිදුවීමක් ..මට මතක් වුනා අපිට තව ජැකට් කීපයක් ගන්න තියෙනවා , අද හොඳ දවස ඒකට ...

2011/12/11

වෙනස්කමක හැඩ රැව...

අද අලුත් සටහනක ලියන්නට අදහස් කලත් ඒ අදහස තරමකට වෙනස් කරලා යම් වෙනස්කම් කිහිපයක් කරන්නට සිතුවා , ඒ මෙතෙක් වෙබ් පිටුවක් ලෙසින් ඉදරිපත් වුනු මේ සටහන මෙතැන් සිට ඔබට PDF ආකෘතියෙනුත් ලබා ගන්නට පුළුවන් වන අයුරින් ඉදිරිපත් කිරීම සහ තවත් පුංචි වෙනස්කම් කිහිපයක් , එයින් පළමු වැනි වෙනස්කම ...එය ඔබේ  සිත නොරිදවන වෙනස්කමක් වනු ඇතැයි සිතමි. එම වෙනස හදුනාගත නොහැකි නම් එන්න “ලිපි මල්ල“  පිටුව වෙත .....

ඉතින් ...එන්න ඇවිත් ඒ වෙනසේ පල -අපල මට කියන්න ...ඔබේ අදහසට , යෝජනාවට ..චෝදනාවට මම හැම විටම විවෘතයි ,..ඒ විටිනා අදහස් මතින් “සොඳුරු සුව අසපුව “  ඉදිරියටත් ඔබත් එක්ක රැඳේවි.

2011/12/08

70) හඬන නටන උඩ යට යන.. මුහුණු දෙකේ මිනිසා ...

අපිට ඊයේ තමයි මුලින්ම හොඳ හිම වැස්සක් ලැබුණෙ , මේ මුල්ම වතාවනේ Winter එකකට මුහුණ දෙන , අපේ හිතේ නම් පොඩි තිගැස්මක් නැතුව නොවයි , (මොකද තවමත් රියදුරු බලපත්‍රය ගන්න බැරි වුනු නිසා , යන්න වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහන වලම තමයි , ආරංචි විදියට Winter එක ටිකක් තදට එනකොට පොදු ප්‍රවාහන සේවා ටිකක් අඩාල වෙනවලු . එහෙම වුනොත් ගේ ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ .) ඒත් අපේ පොඩ්ඩො දෙන්නට නම් සතුට පිරිල , ඉස්කෝලෙ යන්න සූදානම් වෙලා එළියට බැස්සමයි දැක්කේ පළාතම සුදු පාට වෙලා ...ඇත්තටම හරිම ලස්සනයි ..මේ ලස්සන ගැන මකුළු පැංචි   හරි ලස්සනට එයාගේ බ්ලොග් එකේ දැලක් වියල තිබෙන නිසා තවත් වින්ටර් එක ගැන ලියන්න ඕන නැහැනේ ...

2011/12/03

69) රැස් විහිදෙන සමනළියන් රිදවන්නා...

ටික ටික ළං වන සීතල දුරුත්ත ....
කැනඩාවේ පළමු මාසය නිමා කළ අපට තවත් කළ යුතු රජයේ කටයුතු කිහිපයක් ඉතිරි වෙලා තිබෙනවා , ඒ අතරින් Ontario Health Insurance Plan-O.H.I.P , එහෙම නැත්නම් අපි මෙහේ පොදුවේ කියන විදියට හෙල්ත් කාඩ් එක ගන්නට ඕන ,  ඒ සඳහා ඉල්ලුම් කරන්නත් මාසයක් විතර බලාගෙන ඉන්න ඕන ...අද තමයි ඒ සඳහා දවස , පොඩ්ඩො දෙන්නා ඉස්කෝලෙට දාගෙන අපි දෙන්නා ඒ වැඩේ කරගන්නට Service Canada ආයතනයට යන්න සූදානම්...

2011/11/23

68) ඉල්ලන්නට ලැජ්ජ හිතුන ..නොගත්තොතින් වැඩ වරදින පෙත්ත ..

අපේ බස් එක ...සැප නින්දට නියම තැන ...
ඊයේ රාත්‍රී සේවා මුරයේ වැඩ කටයුතු අවසන් කරල ගෙදර එනකොට උදේ නමයට විතර ඇති , බස් එකේ පැත්තකට වෙලා පොඩි නින්දක් දැම්මත් , මේ තියෙන සීතලත් එක්ක දවසම උනත් නිදා ගන්න පුළුවන් තරම් ...ඉක්මණටම කාළ බීල , මනෝජත් එක්ක පොඩි කතා බහක් කරල , අන්තර්ජාලේ පොඩ්ඩක් ගත කරල , සැප නින්දක් දාන්න කියල ඇඳට ගියා ...නින්දක් යාගෙන ආව විතරයි ...,

2011/11/09

67) උඩට ගියොත් වැඩ වරදින Honeymoon ලෙඩක් ?

අද පොද වැස්සක් දවස පුරාම, සීතලත් ටිකක් වැඩියි වගේ , අහසේ වලාකුළු පිරිළා ...නිල් පාටක් පේන්නවත් නැහැ , වෙනද විනාඩියකට ගුවන්යානා තුන හතරක් බලන්න පුළුවන් වුනාට අද නම් සද්දේ විතරයි , පෙන්නනෙ නම් නැහැ , උදේ අටයි පනහට ගෙයින් එළීයට බැහැ ගත්ත , පොද වැස්සටම , අපිට කොහොම වෙතත් දිනිති අක්කටයි , මිතිලි නංගිටයි නම් රජ මඟුල් , පාරේ යන ගමන් “වැරදිලා“ අඩිය තියන්නේම වතුර වලවල් වලට , “පොඩී ...ඇග තෙමාගෙන ලෙඩ හදාගන්නකෝ ..! “ ...හැමදාමත් පුරුදු අම්මගේ ගෝරනාඩුවට ටික වෙලාවක් හීලෑ වෙන පොඩ්ඩි ආයෙත් වැරදිලා ඒ වැඩේම කරනවා ...

2011/11/04

66) ඔන්න මලේ ...සෙංගමලේ ..දැන ගත්තොත් රැකෙයි වගේ ..

මිසිසගාවේ සොබා සුන්දරත්වය ..
අළුත් වට පිටාවේ පොඩි පොඩි වෙනස් විම් නිසා වෙනදා මෙන් ලිපි එක් කරන්නට නොහැකි වුනත් , හැකි හැම අවස්ථාවකම සටහනක් තබන්නට උත්සාහ ගන්නවා . මොකද දැන් අපිට හැමදේම වෙනස් අළුත් අත්දැකීම් ගොන්නයි .. .ඒත් හරිම සුන්දරයි . ඒ වගේම සීතලයි .ටිකක් කල් යාවි මේ වෙනසට හුරු වෙන්න ,එතකොට ආයෙත් පරණ විදියටම සතියකට ලිපි දෙකක් විතර එක් කරන්න උත්සාහ කරමු ..

2011/10/25

65) කසන නසන කොන්ඩ කඩල.....


ටොරොන්ටෝවේ සිට අමතමි ....
ඕන්න එහෙනම් අපි ටික කාළෙකට පස්සේ වෙනස් තැනක ඉඳගෙන ආයෙත් අන්තර්ජාලයේ අකුරු කරන්නට පටන් ගත්තා. පහුගියා කාළෙ අපේ ජීවිත වල විශේෂයෙන්ම සැළසුම් වල ඉදිරි පියවර කිහිපයක් තබන්නට වූ බව මගේ මිතුරු මිතුරියන් දන්නා බව මට විශ්වාසයි . එසේ නම් සිත , අදහස නොවෙනස්ව , ගත පිහිටි බිම පමණක්ම වෙනස්ව කැනඩාවේ ටොරොන්ටෝහි සිට නැවත අරඹමි සොඳුරු සුව අසපුව....

2011/10/14

තාවකාළික සමුගැනීමක් ...

සොඳුරු සුව අසපුවේ දයාබර මිතුරු මිතුරියනි ,

මීට පෙර ලිපියෙන් දින දහයක් යනතුරුත් නව ලිපියක් සොඳුරු සුව අසපුවේ නොවීම පිළිබඳව ඔබ මා හා උරණ නොවනු ඇතැයි විශ්වාස කරන්නේ , මීට පෙර සතියකට අවම වශයෙන් ලිපි දෙකක්වත් පිළිවෙලින් ඔබ වෙත ලබා දෙන්නට හැකිවූ නිසාවෙනි . නමුත් මේ දින වල පවතින අතිශ්‍ය තීරණාත්මක කඩඉමක වැඩකටයුතු නිසාවෙන් කාර්ය බහුල වී ඇති නිසා , නව ලිපියක් සකසන්නට තරම් මානසික විවේකයක් නොමැති හෙයින් “සොඳුරු සුව අසපුව“  ඔබ වෙත මෙසේ විවෘතවම තබා තාවකාළිකව ඉන් සමුගන්නට සිතමි.

නමුත් ඒ තාවකාළික සමුගැනීමක් පමණි , මේ අතිශ්‍යය කාර්ය බහුල වටපිටාව , යම් තරමකට සාමාන්‍ය වූ දින නැවතත් ඔබ සමඟින් එක්වන බලා පොරොත්තුවෙන් සහ  මෙතෙක් රැඳී සිටි ඔබ තව දුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් එක්ව සිටිනු ඇතැයි විශ්වාසය තබා ගනිමින්  සමුගනිමි.

නමුත් ඔබට ඇති යම් ගැටළුවක් , විශේෂයෙන් සෞඛ්‍ය ගැටළුවක් හෝ අදහසක් වේනම් මෙහි පළ කිරීමට අවස්ථාව ඇති අතර අවස්ථාව ලද හැම විටකම ඊට පිළිතුරු සපයන්නට උත්සාහ කරමි.

එමෙන්ම “මගේ අරමුණ“ හි සඳහන් ඇමතුම් මාර්ග ඔස්සේ මෙම දින කිහිපය තුල ඔබ හමුවන්නට නොහැකි විය හැකි නිසාවෙන් ඒ පිළිබඳව සමාව දෙනු ඇතැයිද මම විශ්වාස කරමි .

ඔබ සැමට සුව පතමි ....“නිරෝගීකම හැර සුවයක් ලොවේ කොයින්දා .....“

මම මහේෂ් නිශාන්ත
සොඳුරු සුව අසපුව වෙනුවෙන් ...

2011/10/05

64) යට හිරි වට්ටන....කඳ දිගු ලඳ නම...

අද යන්න වුනානේ පොලිසි...   නැහැ ..පොලිසියත් එක්ක යන්න වුනා ...වෙන කරදරයක් නිසාවත් ආයුධ පෙන්නන්නවත් නොවෙයි , ඩෙංගු inspection එකකට ..අපේ රෝහල් පොලිසියේ නිළධාරිමහත්වරුත් එක්ක මටත් යන්න වුනා රෝහල වෙනුවෙන් ...ගෙයින් ගෙට යමින් රෝගය පැතිරීමේ අවදානම වගේම දැනට ක්‍රියාත්මක නීතී ගැනත් ,  නිවැසියන් දැනුවත් කරන්නට වුනා ..අද සතියේ දවසක් නිසා බොහෝ නිවෙස් වල හිටියේ ගෘහණියන් සහ දියණියන් ..පොලිස් නිළධාරිමහත්වරු නීතී ගැන කියල දෙත්දි අපි ටිකක් අවට පරිසරේ ගැනත් බලල ...කරුණූ කාරණා ටිකක් කියල දුන්නා...

2011/10/03

63) පවුල් කඩන , මුහුණ වහන .. “නිරාශා.....“

අද මේ කතාව ලියන්න පටන් ගන්නේ හුරුපුරුදු ගම් පළාතෙන් පිට , නුවර පළාතේ ඉඳගෙන ..ටිකක් වෙනස් , ඒ වගේම ප්‍රසිද්ධියේ කතා කරන්නට තරමක් ඉදිරිපත් නොවෙන තවත් මාතෘකාවක් . ඒත් ලෝක ජනගහණයෙන් භාගයක් විතර ‘විඳවන“ , ඒත් ඒ විඳවීම නොපෙන්නා , වෙස් මුහුණින් වසා ගන්නට උත්සාහ දරන ගැටළුවක් .

2011/09/30

62) ජීවිතේම කළබල කරන දහදිය මවන්නා....

ඊයේ අපි කතා කරන්නට පටන් ගත්තනේ Thyroid ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්ව ගැන . අද අපට කතා කරන්නට තිබෙන්නේ එහි දෙවන කතාව . පළමු කතාවට එක්නොවුනු කෙනෙක් නම් ඔබ මෙතැනින් ගිහින් මේ කතාවේ මුල් සටහන (61 වන ලිපිය) කියවලාම ආවොත් වඩාත් පහසුවේවි.

2011/09/29

61) “ආදම්ගේ ඇපල් ගෙඩිය“ ලෙඩ වීම

මගේ සාමාන්‍ය ලිවීමේ චර්යාව මේ දවස් ටිකේ පොඩ්ඩක් වෙනස් වුනා , ඒ නොවැලැක්විය හැකි වෙනත් රාජකාරී බහුල කාළසීමාවක් ලබා තිබීම නිසා , ඒත් මම ඔබ සැමගෙන් සමාව ඉල්ලනවා , මොකද පහුගිය දින ටිකේ වරින් වර සොඳුරු සුව අසපුවට යමින් එමින් , එබෙමින් , “අළුත් ලිපියක්“ ඇත්දෝ යයි සොයන්නට වූ වෙහෙස වෙනුවෙන් .

2011/09/23

60) කෙළ බේරෙන කතාවකට....


“මහේෂ් , අර දමයන්ති මිස් කතා කළා , හෙට උදේට hospital එනවා කියලා එයාගේ husband පොඩ්ඩක් dental clinic එකට පෙන්න ගන්න පුළුවන්ද කියල ඇහැව්වා , එයාගේ කටේ ඇතුලේ කාළයක් තිස්සේ තුවාලයක් තියෙනව කියල ඒක පෙන්නුවම ඒ doctor කිවලු , dental clinic එකට පෙන්නන්න කියල ..“
අදත් night shift නිසා හවස් වරුවේ පොඩි නින්දක හිටිය මාව යන්තං ඇහැරුණ විතරයි ,...“මොන මිස්ද ..“  තව ටිකක් නිදා ගන්න ඕනකම තිබුණත් දැන් ඉතින් මේ මොකක්ද කියල දැන ගන්න එපායැ.

2011/09/19

59) එකක් උරල ටිකක් ඉඳල...පණ රැක ගන්න ...

අද තමයි ටිකක් නිදහසක් ලැබුණේ , පහුගිය දවස් ටිකේම ලොකූ දුව ගේ concert එකේ පුහුණූ විම් වලටයි , එක එක බඩු හොයන්නයි  දිව්ව එක තමයි වැඩේ . කොහොම හරි හැමෝගෙම මහන්සියේ සාර්ථක ප්‍රතිඵලයක් විදියට ගාල්ල සංඝමිත්තා බාලිකාවන් Leiderkranz 2011 ප්‍රසංගය අති සාර්ථක විදියට පැවැත්වූවා. පුංචි පන්ති වල පැටවුන්ගේ ඉඳලා ලොකු පන්ති වල ඉන්න දරුවන්ගේ දක්වා ගායන , රංගන , වාදන හැකියාවන් බොහොම උසස් මට්ටමින් එහිදි ඉදිරිපත් වුනා. අපේ දිනිති ලොකු අක්කත් ඒකේ වයලින් වාදන කිහිපයකට ඉදිරිපත් වුනා . හරිම සතුටුයි , 

2011/09/17

58) පණ රැක දෙන ..දිව නටවන ..පෙත්ත.

අපේ අළුත් සගයා 
අද අපේ ඒකකයේ හැමෝටම හුඟක් සතුටු දවසක් , එකක් අපේ ඒකකය භාර හෙද නිලධාරිනියගේ උපන් දිනය , අනෙක් වැදගත්ම දේ අපේ ඒකකයට ලොකු අඩුවක් වෙලා තිබුණූ රූපවාහිනි යන්ත්‍රයක් පරිත්‍යාගයක් විදියට ලැබීම . අනෙක් හෙද නිලධාරින් පරිත්‍යාගය නීත්‍යානූකූල විමට අවශ්‍ය ලිපි ලේඛණ සකසත්දි මමත් ජයන්තත් බිත්තියේ සිදුරක් හදාගෙන අළුත් වයරින් එකක් කළ ා ,මොකද රූපවාහිනිය ලැබුණට ඒකට power supply දෙන්න ක්‍රමයක් නැහැ ,ඕව පොත් වල ලිය ලිය ආණ්ඩුවෙන් කරව ගන්න ගියොත් තව කාළයක් යනව. දන්නවනේ ඉතින් වැඩක් කර ගන්න ගියාම කොයි තරම් කොළ ලියාගෙන අනුමත කර කර යන්න ඕනද කියලා, කොහොම හරි පැය දෙක තුනකින් සියල්ල හරි , රුපවාහිනිය ක්‍රියාත්මකයි , වැඩේ කියන්නේ අපේ කට්ටියට (රෝගීන්ට) වැදගත්ම දෙයක් තමයි විකාශය වෙන්නේ , ක්‍රිකට් තරඟයක් , අපේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් තරුණ කොළු ගැටළු ..හැමෝටම හරි සතුටුයි , මොකද සමහරු රූපවාහිනිය නරඹන්නේ මාස නමකට විතර පස්සේ .දැන් අපේ ante room එක ,( රෝගීන්ගේ කාමර වලට පෙර තිබෙන විශේෂ කොටස)  හිනාවෙන් , කතාවෙන් පිරිළා.

2011/09/13

57) එහා ගෙදර තාත්තගෙන් මෙහා ගෙදර පොඩි එකාට...

හොඳට දන්න ..දීල ගන්න ...- යක්ෂයා ...
අද Night shift එක .වැඩ ටික ඉවර කරල , ටිකක් විවේකව ඉන්නට ලැබුණා . මොකද අද අපේ ඒකකයේ ඉන්න රෝගීන් ඔක්කොම වගේ හොඳ තත්ත්වයෙන් ඉන්න නිසා . ඒ විවේකය නිකං කා දානවට වඩා post එකක් ලියන එක හොඳයි කියල හිතුන.

2011/09/12

56) යුග දිවිය බිඳවන ජීවිතේ රිදවන “නීරස රහසක්“

ලස්සන වැස්ස ...
අද පෝය දවසනේ , ඉතිං අපි දෙන්නම නිවාඩුවක් ගත්ත , නිවාඩු ගත්තට මොකො අද දවසම වහින්න වගේ , කළුවර කරල , වරින් වරේ තද හුළඟකුත් තියෙනවා ,

 “අපෝ තාත්තේ අද ගේ ඇතුලටම වෙලා ඉන්න වේවිද දන්නෑ ...අර බලන්න අහස ...“ ලොක්කිගේ කළුපාට වැහි වළාකුළක් වගේ

, “අද වහිනවා , හොඳට වහිනවා බලන්නකෝ ...අර බලන්න වැහි ලිහිණිත් පාතින්ම යන්නේ ...වහින්න වහින්න ....“ පොඩ්ඩිත් පැටලෙන්න වගේ හදන්නේ ,

2011/09/09

55) කොන්දෙ හැංගී ලේ උරා බොන ..මාර පණිවිඩකාරයා .

නාන එක හරිම simple නේ ....
අද  පැටවු දෙන්නම උදේම ඉස්කොළෙට දාගෙන මමයි ,මනෝජයි දෙන්නම ආවා වාට්ටුවට ,මොකද අද අපි දෙන්නම උදේ Duty. වෙලාව හයයි පනහට විතර , ටිකක් වේලාසන වැඩියි වගේ , තවමත්  රාත්‍රී සේවා මුරයේ හිටි අපේ මිතුරු හෙද නිලධාරිනියන් දෙදෙනා රාජකාරියේ , .....

“ආ නිශාන්ත අයිය , අද කළින්ම ඇවිත් ...තාම වැඩ ටික ඉවර නැහැ අනේ ..අර පැටිය නාවන්න ඕනනේ , පොඩි යුද්දයක් වගේ තමයි ....“  
දොරෙන් ඔළුව විතරක් එළියට දාපු මගේ සොයුරියක් කියා ගෙන ගියා , “ආ අර I.M. abscess තියෙන කොළු පොඩ්ඩද ....කොහොමත් එයා නාන්න කිව්වොත් බෑම නේ , නේද ?“ අපේ ඒකකයෙ ඉන්න රෝගීන්ට හුඟ දවසකට විශේෂිත ඖෂධ මිශ්‍රිත නැහැවුමක් ලැබෙනවා . ඒක ප්‍රතිකාරයේ කොටසක් ,  එත් පොඩ්ඩන්ව උදේට නාවන එක නම් හරිම අමාරුයි , ඇත්තනේ සීතලත් එක්ක නාන්න පුළුවන්ද ?

2011/09/08

54) මහ රෑ එන ...මර බිය දෙන ..අහිංසක භීෂකයා

Daffodil මලක් දෙන දවස නේ...
අදට දින තුනකට පෙර දිනය අපේ ජීවිතයේ සුවිශේෂි දිනයක් . ඒ අපේ විවාහයේ දහවන සංවත්සරය තිබුණේ එදිනට , තව විදියකින් කිව්වොත් අපේ Tin anniversary එක . එදා අපි හැමෝම ගෙදර , ගෙදර තිබුණු පුංචි පහේ උත්සවයට මනෝජගේ අතින්ම හදපු කේක් එක්ක තේ පැන් සංග්‍රහයක් දීලා ආපු “සුවිශේෂි අමුත්තෝ එක්ක " ටිකක් කතා බහ කර කර හිටිය . මොකද අමුත්තෝ දෙන්නත් අමුත්තොම නෙවි , අපේ ලොකු දුවයි , පොඩ්ඩියි , ඔය කතා බහ අතරේ  මිට අවුරුදු දොළහක විතර ඉස්සර ඉඳළ අතීතයක් ටිකෙන් ටික හාරා අවුස්සමින් හිටිය. අපි ඉගෙන ගත්තු හැටි , මුලින්ම appointment අර‍ගෙන කොළඹ දෙපැත්තක රැකියාව කරපු හැටි , ඒ දවස් වල ඉඳන් ගෙදරට ඕන කරන අඩුම කුඩුම එක්රැස් කළ හැටි ,ආපු කරදර ඒව විසඳගත්ත හැටි ඔය වගේ  විවාහයට එනකං අපි දෙන්න ආයෙත් කතා කළා.

2011/09/03

53) කළු සුදු ඇති අළු “මිනිස්සු“ හෙවත් Mr.Unknown

අද උදේ සේවා මුරය, වෙනද වගේම රාත්‍රී මුරයෙන් වැඩටික බාර අරගෙන (taking over) ටිකක් වාට්ටුව ඇතුලට ගියා , වෙනද වගේම කාමරයෙන් කාමරේට ගිහින් පොඩ්ඩක් කතා බහ කරල ,එක දාගෙන ගියා , අන්තිම කාමරේ වයසක පහේ “සියා“ කෙනෙක් , මට මතක් වුනා “අර ඊයේ transfer කරා කීව  Mr.unknown තමයි මේ “.