2011/12/27

ගරු පෙරදැරි ආරාධනයක් ...එන්න ඇවිත් බලන්න ...

සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනි ...සිංහල බ්ලොග් අවකාශයේ තවත් පුංචි වෙනස් කටයුත්තක් ආරම්භ කළා ... මේක පන්තියක් ...හැබැයි මුදල් අය කරන එකක් නෙවි ...කැමැත්තෝ සහ අවැසි ඇත්තෝ පැමිණ සහභාගී වේවි කියල හිතනවා ..

කොහොම වුනත් මේ සටහන ආරම්භක අවස්ථාවේ තියෙන නිසා , ඒ පිළිබඳව ඔබේ අදහස් , යෝජනා , චෝදනා මට හරිම වැදගත් ..මොකද එයින් තමයි මේ බ්ලොග් සටහන් ඉදිරියට , හැඩ වැඩ වෙවි මතුවෙන්නේ ...ඉතින් වෙලාවක් ඇත්නම් “සොඳුරු සුව සිප්හලට“ ගොඩ වැදිල ...අදහස් දැක්වීමක් කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා ..සමහර විට ඒ විෂය ඔබට අදාල නොවන්නක් පුළුවන් ..නමුත් බ්ලොග් සටහනක් විදියට තව මොන විදිහේ වෙනස් කම් විය යුතුද ..සටහනේ පැහැදිලි , අපැහැදිලි බව ...වර්ණ සංකල්නයන්හි විය යුතු වෙනස්කම් ..අන්න ඒ වගේ කරුණු මට ලබා දෙනවා නම් එය මට හුඟක් වටිනවා ...

ඉතින් මෙතුවක් “සොඳුරු සුව අසපුව“ සමඟ බැඳී ආ ඔබට බොහොම ස්තුතියි ...අදින් පසුව සොඳුරු සුව අසපුව වගේම ..“සොඳුරු සුව සිප්හලත් සිංහල බ්ලොග් අවකාශයේ කොනක හරි තියේවි ....ඒ එක්කම එමඟින් බැදුනු අපේ මිතුදමත් හැමදාමත් ඔපවත් වෙවි රැදේවි ...

මෙන්න ලිපිනය ..http://nursingdocs.blogspot.com/

8 comments:

  1. හොඳ අදහසක් මහත්මයා. මේ දේවල් ගැන අදහසක් අවබෝධයක් තියෙන එක හැමෝටම වැදගත්.

    ජය වේවා...!!!

    ReplyDelete
  2. හොඳ අදහසක් මහත්මයා. මේ දේවල් ගැන අදහසක් අවබෝධයක් තියෙන එක හැමෝටම වැදගත්.

    ජය වේවා...!!!

    ReplyDelete
  3. හොඳ වැඩක්, ඔබතුමාට මේ සත් කරායය දිගටම කරගෙන යන්න ලැබේවා කියලා හදවතින්ම පතනවා...!

    ReplyDelete
  4. සොඳුරු සුව අසපුව වගේම ඉතාම සාර්ථක ගමනක් යන්න කි‍යලා එක සිතින් සුභ පතනවා...

    ReplyDelete
  5. සැමදාමත් හරවත් දෙයක් ඉදිරිපත් කරන ඔබට හදවතින්ම සුභ පතමි

    ReplyDelete
  6. මැණික් - සුදු මැණිකේ,Chathuranga Perera, Mr.Sithi ,ලකී
    ඔබ සැමට බොහොම ස්තුතියි ..

    ReplyDelete
  7. ගොඩක් හොද වැඩක් !
    මමත් ගොඩවෙලා බලන්නම්. ජය වේවා !

    ReplyDelete
  8. -මධුරංග,
    ස්තුතියි මල්ලී ..

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)