2014/05/29

ජීවිතේ කවියක් !

ආදරය , සෙනෙහස සහ රාගය  කියන වචන වල හුඟක් අයට පටලැවිලා වගේ දැනෙන මේ කාළයේ අහන්නට ලැබෙන අවාසනාවන්ත ප්‍රවෘත්ති අතරේ , මේ හැමදෙයක්ම ගැනම මුසු වුනු  සුන්දර ගීතයක නාද , නිර්මාණාත්මක දෘශ්‍ය සටහනක් බවට පත් කළ නිර්මාණශීලි කළාකරුවන්ගේ එකතුවකින් තැනුනු වීඩියෝවක් මේ .

අසන්න , විඳින්න , ආදරය , සෙනෙහසේ  සුන්දරත්වය  තවත් මානයකින් .

2014/05/27

Happy Sri Lanka

අපේ රටේ සංචාරය කළ විදේශික කණ්ඩායම සහ ශ්‍රී ලාංකික කණ්ඩායම් කිහිපයක් විසින් කළ ලස්සන විඩියෝ කිහිපයක් . මේ දවස් වල බටහිර රටවල නම් ජනප්‍රියම ගීතයක් , මේ දෙකේම එකතු කළ  සුන්දර නිර්මාණයක් බවට පත්වී තිබුණා . මහා ගැඹුරු ශාස්ත්‍රිය වර්ණනා නැතත් , සරළව සතුටින් විඳින්නට පුළුවන්  නිර්මාණ කිහිපයක් . රසවිඳින්න ආරාධනා ඔබට .

මේ වීඩියෝ ටික ඔක්කෝම එකපාරට බලන්න ලැබුණේ http://ausnewslanka.com/ වෙබ් අඩවියෙන් .

2014/05/17

161) හැමදාමත් ලෙඩවෙන මේ සෞඛ්‍යය

දොස්තර මහත්වරු 
හැමදාමත් ලෙඩ ගැනම කතා කර මේ පිටුව පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්නයි අද හදන්නේ . ඒකත් හැබැයි ලෙඩක් ගැන , නිකං ලෙඩක් නොවෙයි , ඔඩු දුවපු , කුණූ කරවපු , පැතිරිලා ගඳ ගස්වන , සැරින් සැරේ වේදනාව දෙන ලෙඩක් .

 කොහොම වුනත් මේ ලෙඩේ ගැන කතා කරත්දි ටිකක් දේශපාලනමය මත වගේම , ජාතිමාමක , දේශප්‍රේමී නොවන , ඒත් යථාර්ථයේ පවතින කරුණු කිහිපයකුත් මුසු කරන්නට වෙනවාමයි . නමුත් මේ ලියන මමත් මේ තුවාලය තුලම කළක් සිටි අයෙක් නිසා , මේ ලියැවිල්ල සර්ව සාධාරණ එකක්ම වේයැයි මම කියන්න යන්නේ නැහැ , ඒත් අද මේ ඔඩුදුවපු තුවාලයෙන් බැහැරව සිටින නිසා , තරමක් දුරට හෝ සමබරව කතා කරන්න ලොකු උත්සාහයක් දරනවා , වැරදි ඇතොත් සමාවන්න , සමා වී පමණකින් නොනැවති , වැරදුනු තැනට ඔබේ අදහසින් නිවැරදි කරමින් යම් කතා බහක් ඇති වේ  නම් එයය සතුට .

2014/05/12

ස්තුතියි ඔබ සැමට

පිංතූරය ගත්තේ http://blog.ishafoundation.org/ 
අදට වසර තුනකට ඉස්සර වෙලා , වෙනත් අරමුණක් ඔස්සේ ලියන්නට පටන් ගත් “සොඳුරු සුව අසපුව“ හිමින් සැරේ  තවත් වසරකින් වියපත් වුනා , දැන් අවුරුදු තුනක් !. ... හිතේ සතුටක් මතු වෙනවා අවුරුදු තුනක් පුරා , හිමින් සැරේ යමක් ලියන්න පුළුවන් වීම ගැන . එ් වගේම මේ අවුරුදු තුන අතරේ මේ ලියු අකුරු වලින්  දහස් ගණනක් හිනස්සන්නට බැරි වුනත් , එකම එක් අයෙක් හෝ හිතේ සතුටක් ලබන්නට , හිතේ දිරියක් ලබන්නට  , ජීවිතේ යම් අවදානමක් හඳුනා ඉන් රැකෙන්නට ඇතැයි කියල සිතන්නට පුළුවන්   සළකුණු කිහිපයක් දකින්නට තිබීම ඒ සතුට තවත් වැඩි කරනවා .  ඒ වගේම මේ අකුරු වැල් නිසාම බොහොම සුන්දර මිනිසුන් පිරිසක් හඳුනාගන්නට ලැබීමත් මේ සියළු සතුටුදායක හැඟීම් තීව්‍රකරනවා.

2014/05/05

2014 සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුව

ඔබ කැනඩාවේ පදිංචියට එන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක් නම් මේ ආරංචිය ඔබට වැදගත් වේවි , 2014 වසරට අදාල සුදුසුකම් ලත් වෘත්තිය ලැයිස්තුව පසුගිය පළමු වනදා නිකුත් කළා. 

එම අළුත් රැකියා ලැයිස්තුව තුල ඔබට අදාල රැකියාව ඇත්නම් , අළුත් ගමනක පළමු පියවර මෙය වන්නට පුළුවන් නිසා , මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ සියළු තොරතුරු ලබා ගන්නට පුළුවන් වේවි.


කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසන  “වෙළෙන්දන්ගෙන්“ ආරක්ෂාවී , දැනුවත්ව , නිසි නීති අනුකූලව ඔබේ අපේකෂාව ඉටු කරගන්නට , මේ සංක්‍රමණික නීති රීති පිළිබඳව දැනුවත් විම වඩා වැදගත් නිසා , කැනඩාවට සංක්‍රමණය වීමට අදාල සියළු නීති රීති , අළුත් වෙනස්කම් ගැන www.cic.gc.ca  වෙත යොමුවී දැන ගැනීම මේ අරමුණේ සිටිනවා නම් ඔබට වැදගත්  වේවි .

සමුගනිමි , සුව සතුට පතමින්