2014/05/12

ස්තුතියි ඔබ සැමට

පිංතූරය ගත්තේ http://blog.ishafoundation.org/ 
අදට වසර තුනකට ඉස්සර වෙලා , වෙනත් අරමුණක් ඔස්සේ ලියන්නට පටන් ගත් “සොඳුරු සුව අසපුව“ හිමින් සැරේ  තවත් වසරකින් වියපත් වුනා , දැන් අවුරුදු තුනක් !. ... හිතේ සතුටක් මතු වෙනවා අවුරුදු තුනක් පුරා , හිමින් සැරේ යමක් ලියන්න පුළුවන් වීම ගැන . එ් වගේම මේ අවුරුදු තුන අතරේ මේ ලියු අකුරු වලින්  දහස් ගණනක් හිනස්සන්නට බැරි වුනත් , එකම එක් අයෙක් හෝ හිතේ සතුටක් ලබන්නට , හිතේ දිරියක් ලබන්නට  , ජීවිතේ යම් අවදානමක් හඳුනා ඉන් රැකෙන්නට ඇතැයි කියල සිතන්නට පුළුවන්   සළකුණු කිහිපයක් දකින්නට තිබීම ඒ සතුට තවත් වැඩි කරනවා .  ඒ වගේම මේ අකුරු වැල් නිසාම බොහොම සුන්දර මිනිසුන් පිරිසක් හඳුනාගන්නට ලැබීමත් මේ සියළු සතුටුදායක හැඟීම් තීව්‍රකරනවා.


කෙසේ වෙතත් , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල බොහොම සුළු පිරිසක් දන්න “සොඳුරු සුව අසපුව“ ඉදිරියටත් මේ කටයුත්ත හිමින් සැරේ කරගෙන යන්නට උත්සාහ කරනවා , ලොකු වෙනස්කම් නොවුනත් , මූලිකව සෞඛ්‍යය පිළිබඳව දැනුමට යමක් එක් කරන්නටත් , ඒ අතරේ සිතේ සතුට වඩවන සුන්දර සිදුවීම් පිළිබඳත් සටහන් දකින්නට ලැබේවි , ලැබෙන විවේකයේ අගහිඟකම් නිසා නියමිත කාළ අන්තරයකට වතාවක් ලිපි පළ නොවනුත් අඩුම තරමේ මසකට එක් ලිපියක්වත් එක් කරන්නටයි උත්සාහ දරන්නේ. 

මේ වසර තුනක කාළය පුරා , සොඳුරු සුව අසපුව සමඟින් බැඳීහුන් , තවමත් බැඳී සිටින සියළු මිතුරු මිතුරියන්ට ස්තුතිය පුදකරමින් අදට සමුගන්නේ ,  සොඳුරු සුව අසපුව තුලට ඔබේ අදහස් එක් කරන්නට අවස්ථාවක් ලබා දෙමින් . 

ඔබ සැමට සුව සතුට පිරි දිනයක් ! ආයු බෝ වේවා ! 




24 comments:

  1. බ්ලොග් කරණයේතුන් වස් සැමරුමට උණුසුම් සුබ පැතුම්, ඉදිරියෙදී හරවත් ලිපි සමගින් අපි හමුවේවි පතමි. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ සුබ පැතුම් වෙනුවෙන් ,

      Delete
  2. මම දාපු එක අනිත් එකට නේ දැම්මේ.. අයියෝ

    හදවතින්ම සුභ පතමි ඔබ වැනි වෘත්තිකයන් මේ අවකාශය තුල අල්පයි. ඊටත් වඩා ඒ දැනුම බෙදාහදා ගන්නා අය දුර්ලභයි. ඒ අතින් ඔබ ඉටු කරන්නේ සද්කාර්යයක්. අවකාශයේ ඔබට හිමි තැන ගැන නොතැවී මේ කරනා කටයුුත්තට ශක්තිය ධෛර්යය හැකියාව වාසනාව හා කාලය ඔබට ඇති තරම් ලැබේවා. මෙහි ඵල අපට නොව තවත් වසර ගණනාවකින් පසුව වුවද මිල කල නොහැකිය. ඔබට ජයම වේවා.. මෙම තොරතුරු අප සමග බෙදා හදා ගැනීමට සිතුවිලි පහල වේවා.

    තෙවැනි බ්ලොගැනවරසරියට උනුසුම් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. නොමිලේ ලැබුණු මේ දැනුම , නිදහසේ බෙදා දෙන්නට අවස්ථාවක් ලැබුණේ මේ බ්ලොග් වල පිහිටෙන් , ඒ නමුත් මේ සියල්ල ලියැවෙන්නට දිරි එන්නේ ඔබවන සහෘදයන්ගෙන් ලැබෙන මෙවන් දිරි ගැන්වීම් නිසා.
      ස්තුතිය ඔබට , ඔබේ සුබ පැතුමට

      Delete
  3. බොලොග් එක තවත් ඉදිරියට ගෙන යැමට හදවතින්ම සුභ පතමි !!!
    ජයවේවා!!!!

    ReplyDelete
  4. සොදුරු සුව අසපුව සදා දිනේවා

    ReplyDelete
    Replies
    1. ඔබේ සුබ පැතුම මට දිරියකි !

      Delete
  5. හරවත් ලිපි ලියා තුන් වසක් ගෙවුවාට සුබ පැතුම් !!
    දිගටම මෙවන් ලිපි ලියවේවා !!

    ReplyDelete
    Replies
    1. මේ වසර තුන තුල මේ බ්ලොග් අවකාශය තුලින් හමුවූ ඔබවන් මිතුරන් මේ ගමනේ කොටස් කරුවන් ,ස්තුතිව මිතුර

      Delete
  6. මේ අනගි අඩවිය ඉදිරියටම දිවේවා... සුබ පැතුම් මගෙනුත්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් මිතුර , ඔබවන් මිතුරන් ගෙන් ලද දිරි ගැන්වීම් යෝජනා මේ ගමනේ සුවිශේෂිි මතකයන්.
      නැවතත් ස්තුතියි ඔබට

      Delete
  7. කමෙන්ට් නොකලත් බොහොමයක් ලිපි බලල තියනව. වැඩේ කරගෙන යන්න සුභපැතුම්. ලිපි වර්ගීකරණය ගැන කල්පනා කලාම මට හිතෙන්නෙ කොච්චර වැදගත් දේවල් මේකෙ ලියවිලා තියනවද. සිංහල භාෂාවෙන් ලියවුන මෙවැනි ලිපි කීයෙන් කීයද අන්තර්ජාලයේ තියෙන්නෙ. ඒක තමයි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම රාජ් කොමෙන්ට් නොකළත් යම් පිරිසක් මේ ලිපි කියවන බව දැනෙන නිසා මයි අළුත් අළුත් ලිපි ලියැවෙන්නේ . ඒ හැම ලිපියක්ම ලියන්නට මානසික පෙළඹවිම ලබා දෙන්නේ ඔබ සැම .
      ස්තුතියි මිතුර

      Delete
  8. මේ සේවාව දිගුකල් කිරීමට සුභ පැතුම් !

    ReplyDelete
  9. ඔබේ ලිපිවලට කමෙන්ට් කිරීමට තරම් දැණුමක් නැතිවුනත් නිතර කියවන්නෙමි. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් නොකළත් ඔබේ පැමීණීමම සතුටක් ! ස්තුතියි මිතුර

      Delete
  10. සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. මේ සටහන් පෙලේ ආරම්භයේ සිටම රැඳුනු ඔබටත් ස්තුතියි !

      Delete
  11. හැමදාමත් මෙවැනි වැදගත් ලිපි වලින් අපේ මිනිස්සු දැනුවත් කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඔබේ සුබ පැතුමට , ඔබේ පැමිණීම සතුටක්

      Delete
  12. “ලැබෙන විවේකයේ අගහිඟකම් නිසා නියමිත කාළ අන්තරයකට වතාවක් ලිපි පළ නොවනුත් අඩුම තරමේ මසකට එක් ලිපියක්වත් එක් කරන්නටයි උත්සාහ දරන්නේ. “

    මේ .සයි අපි වෘත්තිකයන් විදියට මුහුණ දෙන පොදු ධර්මතාවය. ඒ ලැබෙන කාලයත් එක්ක මේ තරම් දුර වසර තුනක් අතනොහැර ආ ගමනත් දැවැන්ත ආයෝජනයක්. ලැබෙන හැම මොහොතම මමත් කමෙන්ට් කළා... අත නොහැර ගැබෙන කලාය වෙන කරගෙන යන්න අවශ්‍ය ඉඩ කඩ ලැබේවා... එසේ ලැබෙන්න මමද පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර! , ඇත්තෙන්ම මේ වෙනුවෙන්ම කැප කරන්නට ඇති කාළයේ හිඟකම නිසා නොවෙන්නට , සොඳුරු සුව අසපුව සමඟින් පමණක් නොවේ , සිංහල බ්ලොග් පරිශ්‍රය සමඟම රැඳෙන්නට ඇති කැමැත්ත සහ අපේකෂාව නම් ඉහළයි. විශ්‍රාම ගත් කාළෙකවත් උත්සාහ කරන්නට ඕන :) .
      නැවතත් ස්තුතිිය  ඔබට !

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)