2017/07/11

212) තන නොතන නිදි නොදෙන ඇස් ගහන ඇට කඩන “(හ)පොයි“

පහුගිය සති කිහිපයේ තිබුණු “ගිණි රස්නේ“ට තිත් කොමාවක් තබමින් වැහ පොදක් වැටෙන්නට පටන් ගත්ත.දවසම ටිකක් අඳුරු වුනත් මටනම් අර ගිනි රස්නෙට වඩා මේ “අඳුර“ සැපයි.කොහොම වුනත් මේ අඳුරු , සීතල නින්දටම කියාපු දවසේ වුනත් “රාජකාරිය“ මග හරින්න බැරි නිසා ( මේ දවස් වල පාසල් නිවාඩු නිසා පොඩි එවුනුත් ගෙදර ඉන්න එකේ , කොහේ හරි ඇවිදින්න යන්න හොඳම දවස)  පොඩ්ඩක් විතර පරක්කු වෙලා වැඩට ආව. මගේ පරක්කුව මොකෝ , වේලාසන ආපු අයත් තවම තැන් තැන් වල කසු කුසුව . ඊයේ රැයේ අපේ ආසන්න නගරයකට වැඩුනු හිම , අයිස් ගුලි වැස්ස ගැන තමයි වැඩි කතාවක් වෙන්නේ. මොකද ඒ අයිස් බෝල නිසා රථවාහන වලට සෑහෙන හානි වුනා. කසු කුසු අස්සෙ ඒකකයට ඇතුළුවුනා .