2018/07/10

ඔබේ අවදානය පිණිස!



අධිරුධිර පීඩනය සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරිමට යොදා ගන්නා VALSARTAN නම් ඖෂධයේ කාණ්ඩ කිහිපයක් “පිළිකා ඇති කිරීමේ අවදානම“මත (එම ඖෂධය තුල “පිළිකාකාරක රසායනිකයක් අඩංගු බව හඳුනාගැනීම නිසා) ඖෂධ වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත‍.


මෙය ඔෂධීය නාමය වන අතර වෙළඳනාම කිහිපයකින් මෙය වෙළඳපලේ ලබා ගත හැක. ඔබ හෝ ඔබ දන්නා අයෙක් අධිරුධිර පීඩනය , හෘද රෝග සඳහා ඖෂධ ලබා ගන්නේ නම් , ඒ ඖෂධ අතරේ VALSARTAN (ඖෂධීය නාමය) ඖෂධය තිබේදැයි විමසිලිමත්වන්න.


මෙම ඖෂධය දැනට ගනිමින් තිබේනම් ,

 ඖෂධ ගැනීම හදිසියේ නවතන්න එපා!!
ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හෝ රාජ්‍ය ඔසුසල වැනි ආයතනයක ලියාපදිංචි ඖෂධවේදියකු මඟින් අදාල ඖෂධය වෙළඳපලෙන් ඉවත්කිරීමට කටයුතු කළ ඖෂධ කාණ්ඩයේදැයි සොයා බලන්න.
එය ඉවත්  කළ කාණ්ඩ වලට අයත් ඖෂධය නම් වෛද්‍යවරයා , වෙනත් ඖෂධයක් භාවිත කිරීමට උපදෙස් ලබා දෙනු ඇති අතර අවශ්‍ය වේ නම් වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති.
(දැනට ඉවත් කෙරුනු ඖෂධ කාණ්ඩ කිහිපය, චීන ඖෂධ සමාගමක නිශ්පාදනයකි)