2018/09/26

“මුතු ඇටේ චීන කටේ“



පරිසරය සහ දේශගුණය අතින් සිරි ලංකාව ඉහළ සුන්දර තැනක තිබෙන රටක දමා “පිටරටක පදිංචියකට“ මිනිසුන් එන එකම අරමුණ “සල්ලි ගොඩ ගසා ගැනීම“ යැයි සිතන්නේ නම් එයම විහිළුවකි. (නමුත් එය විහිළුවක් බව දැනෙන්නට වෙනත් රටකට පැමිණිය යුතුමය.) විදෙස් රටක පදිංචි වීමට හේතුවන කාරණා රැසකි. දේශපාලනමය, ආගමික, වෘත්තීය සමිතිමය අන්තවාදීත්වය නිසා දිනෙන් දින කඩා වැටෙන රටක, තම දරුවන් හදා වඩා ගැනීම සහ ඔවුන්ගේ අනාගත සුරක්ෂාව පිළිබඳ ඇති අනපේක්ෂිතභාවය මේ අතරින් ඉහළම තැන ගනී යන්න මගේ පුද්ගලික මතයයි.