2014/03/24

159) දඟ බබාට නොතලන්නයි හිමින් සැරේ ගොඩගන්නයි

“මට ඕනේ , මේකමයි ඕනේ “ ....
“පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...
“නෑ ! .මට අද මේක ඕනමයි “ 
ගෙදරට ඕන  කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට වැටුන . 
පොඩි එකා මොකක්දෝ පෙට්ටියක් උස්සෙගන , බදාගෙන ඒක ඉල්ලනව , පේන විදියට සෙල්ලම් බඩුවක් , ..
“මම කිව්වනේ ! අද බැහැ . , වෙන දවසක තමයි ගන්න පුළුවන් . ඔයාට එන්න බැරි නම් ඉන්න මම යනවා “  අම්ම පොඩි සැරක් පෙන්නල ටික දුරකට ගියා .

පොඩි එකාගේ ලොකු යුද්දේ !

2014/03/09

158) සැලෙන සිතුවම් - එමලිගේ තෑග්ග

වයස අවුරුදු හතට , අටක  විතර ලස්සන කෙළි පැටියෙක් , රෝස පාට මල් වැටිච්ච ගවුම් පොඩියක් ඇඳළ , කොන්ඩේ ලස්සනට ගොතල, රෝස පාට කටුවක් ගහල ,රෝස මලක් වගේ ....හැබැයි   ටිකක් බය වෙලා , කොණ්ඩ කරල් අස්සේ ඇඟිළි යවමින් අම්මගේ අස්සට තුරුල් වෙලා ඉන්නවා , තාත්තත් කොළ වගයක් එහෙට මෙහෙට පෙරළ පෙරළ මොනවදෝ හොයනවා.

2014/03/03

157) මවක් වන්නට පෙරුම් පුරනා ඔබටමයි !



බලනවනං ෆිල්ම්!
 “තාත්තේ මේ .. Gravity තියෙනවා ලිස්ට් එකේ , මට නං ෂුවර් , ඒකට තමයි බෙස්ට් ෆිල්ම් එකට හම්බවෙන්නේ. “ ...
“නෑ නෑ ඒකට නෙවි Frozen ට තමා බෙස්ට් ෆිල්ම් එක !“
“ඒ වුනාට Gravity තමා හොඳම ! “
“එහෙනං ඇයි ඔයා අදත් Frozen බැලුවේ , ? “
දෙන්න එක්ක වාදේ , අද නිවාඩු දවස නිසා ටිකක් විවේක පාඩුවේ ඔස්කාර් සම්මාන උළෙල බලන්න හිතුවත් , ඒක ටිකක් අමාරුවෙයි වගේ මේ වාද විවාද එක්ක .