2013/07/28

139) නූල දිගින් වැඩි වෙන්නේ කොල්ලන්ටයි රිද්දන්නේ

කොළු පැටියෙක් , පැටියෙක් කීවට අවුරුදු දහ අටක විතර ඇති, හොඳ ඇඟපත තියෙන මේ කොළුව ටිකක්  , බිම බලාගත්ත ගමන්මයි , ටිකක් ලැජ්ජකාරයෙක් වගේ අම්ම ළඟම වාඩි වෙලා ඉන්නව. කවුරුවත් එක්ක වැඩි කතාබහක් හිනාවක් නැහැ . අම්ම එක්ක විතරයි කතාව . හිමීහිට අත්පොඩි ගහනව එක රිද්මෙකට ...

2013/07/15

138)  විද්දලා , රිද්දලා , පන දෙනා රූ රටා

මේ දවස් වල පුදුම රස්නයක් තියෙන්නේ , ඒ නිසාම ඉතින් වෙනද වගේ ඇඳුම් දෙක තුනක් ඇඳගෙන , කබා දාගෙන යන්න ඕන නැති නිසා , කවුරුත් බොහාම සැහැල්ලු ,ඇඳුමකින් තමා සැරසිලා ඉන්නේ මේ දවස් ටිකේ. මේ අතරේ සමහර තරුණ කොලු ගැටව් , කෙලි පැටික්කියෝ නම් සැහැල්ලු බව උපරිමේට ගිහින්.  මේ නිසාම පහුගිය කාළේ හංගගෙන හිටපු ලස්සන දේවල් දැන් එළීයට දාගෙන යනවා , දැන් මේ කීව දේ ගැන කළබල වෙන්න එපා , මම කීවේ පහුගිය කාළෙ එළියට දා ගන්න බැරිව වහගෙන හිටපු ලස්සන ලස්සන ටැටූ ...දැන් තමයි බලන්න ඕන .

2013/07/11

137) ආදරය , රාගය සහ පෙති

ආදරය සුන්දර වරදක් ද ? 
පහුගිය දවස් පුරාම පත්තර වල කතාබහට ලක්වුනු මාතෘකාවක් වුනේ පාසල් යන වයසේ තරුණ දරුවන් බොහොමයක් උපත්පාලන පෙති ගන්නා බව හඳුනාගැනීමක්. එක්තරා ප්‍රදේශයක ෆාමසි ආශ්‍රිතව කළා යැයි කියන මේ සමීක්ෂණයේ ප්‍රතිපල වී තිබුණේ උපත්පාලන ගන්නා බොහොමයක් පාසල් යන වයසේ දැරිවියන් බව . මේ ලිපි වල විස්තර වී තිබුණේ මේ සංඛ්‍යාත්මක අගයන් විතර නොවෙයි . ඒ තුල , මේ පාසල් වයසේ දැරිවියන් දෝෂ දර්ශනයට ලක්කිරීමක් වෙලා තිබුණා වගේ මට දැනුන. ඒ විතරක් නොවෙයි මේ කාරණාවම දේශපාලකයන් තුලත් “රස හලන“ මාතෘකාවක් වෙමින් පවතින බව මේ දිනවල පුවත් පත් කියවත්දි වැටහීයන කරුණක්. 

2013/07/07

136) හීන විලේ පීන පීන නාන මෙයාලා

හැමදාමත් වගේ “දවස පටන් ගන්නේ අන්තර්ජාල පත්තර ටික කියවලා“ , එහෙම නැතිව අර “මෝල්ට් එක බීලා‘‘ නොවෙයි . අදත් පටන් ගත්තා , මුලින්ම සිංහල පත්තර ටික , ඊළඟට සිංහල ගොසිප් පත්තර ටික , ඊළඟට දේශපාලනේ ඔස්සේම යමින් මඩ ගහ ගන්නා පත්තර ටික . මේ හැමදේකින්ම යමක් දැන ගන්න පුළුවන් නිසා අදත් වෙනසක් නැතිවම එකින් එක කියවන ගමන් .