2013/06/22

135) කොම්පියුටරේම ඉන්න අයට පුංචි උපදෙසක් .

අද දවසේ ලිපියට මාතෘකාව ගෙනාවේ අපේ සිංහල බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් ..අද කියන්න යන කාරනාවට අදාලව වගේ ගැටළුවකට මුහුණ දීලා , මේ දවස් ටිකේ විවේකයෙන් ඉන්න මිත්‍රයගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මණීන් සුව අතට හැරෙන්නට පතමින්ම ලිපියේ ගැඹූරට යන්න හදන්නේ ..

හැමදාම වගේ අදත් ඉතින් ලෙඩ කතාවක්ම තමා ...අර ඇම්ඩන්ගේ මැක්ක වගේ තමා , සොදුරු සුව අසපුවේ හැම ලිපියක්ම වගේ අන්තිමට හරි ලෙඩකින් තමා ඉවර වෙන්නේ ...ඒත් අද එක ලෙඩකින් නෙවි ..ලෙඩ ගොඩකින් අවසන් වන සෙල්ලමක් ගැන තමයි කතා කරන්න හදන්නෙ ....සෙල්ලම තමා පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම . ඇත්තටම සෙල්ලමක් කිවුවට “සෙල්ලමක්ම නොවෙයි ..‘‘ තමන්ගේ අනාගත සුව පහසුව ගැන හිතනවනම් , ටිකක් කල්පනාකාරීව කියවල , තෙරුම් අරගෙන කරන්න උත්සාහ ගන්නට ඕන කාරණා ටිකක් ලියැවේවි අද ..

2013/06/19

“නිල් එපා“ ...හාදු දි දී මාරුවෙන්න ...!




Girl with Medical Tracker (c) Gizmodo "තව දුරටත් ..තවමත් මේ තාක්ෂණය තුල මිනිස් සිරුරට අහිත කර වන සාධක හඳුනාගෙන නැහැ , සිද්ධාන්තමය වශයෙන්  මේ අළුත් තාක්ෂණයේ අහිතකර බව ..දැන තිබෙන ක්‍රම වලට සාපේකෂව අඩුයි කියලයි දැනට කියන්නේ , අනාගතයෙදි මොන විදියට වෙනස් වේද දන්නේ නැහැ ..ඒත් මේ තාක්ෂණය දියුණු වුනොත් හරිම අපුරු දේ සිද්ධවේවි කියල නම් හිතෙනව ..." 

මේ ගැන කතා කරන්න කැමැත්තක් ඇත්නම් මේ ලිංක් එක දිගේ එන්න ... 
http://www.cyberslk.net/2013/06/blog-post.html

2013/06/09

134) හිස රිද්දන ගත වට්ටන බෙරි ගෙඩිය

පහුගිය සතිය තුල බටහිර සංගීත රසික රසිකාවියන් තුල යම් කම්පනයක් ඇති කළ සිදුවීමක් වුනා , ඒ දක්ෂ ගායකයෙක් ලෙසින් ඉදිරියට එන , බෘනෝ මාස්ගෙ Bruno Mars මව හදිසියේ මිය යාම , වයස අවුරුදු 55 ක්වූ ඇය මිය ගියේ මොළයේ නහරයක වූ පිපිරීමකින් .