2018/11/12

මේ දිනවල පැතිරෙන මාරාන්තික ගෙඹි උණ තත්ත්වයක්

ලෝකෙන් උතුම් රට ! 

මන්තිරිවරුන්ගේ “ඔළු ගෙඩි“ ගණනින්   , වාසි පතා පක්ෂ අතරේ පනින්නන් සහ තව වාසිය වෙනුවෙන් ආණඩු පෙරලන හැකියාව අනුව  ලෝකෙන් ඉහළින්ම ඉන්න , ‍“සිරි“ ලාංකිකයන් , අළුත උපන් දරුවා පවා ලක්ෂ  පහක ණය කාරයෙක්ව සිටියදීම , තමන් ගෙවන බදු මුදලින් අකාළයේ රුපියල් බිලියන හතරක් පහක් විසිකර , තවත් ස්වයං වින්දනීය ඡන්දයක “වින්දනීය සිහින“ දකින මොහොතක වෙනදට වඩා ටිකක් වෙනස් ලිපියන් ලියන්නට හිතුනා. ඒ තමන්ගේ ඡන්දය ලබා දීමට සුදුස්සෙක් තෝරා ගන්නෙ කෙසේද යන කාරණේ ගැන. මාතෘකාව කියවපු ගමන්ම පෝස්ට් එක කියවන එක අතෑර දාන්න හිතුන අයට සුබ ගමන් , රැඳෙන කෙනෙක් කියවා යමක් තේරුම් ගන්නට උත්සාහ කළොත් එයම ඇති. 

2018/11/10

226) Pain නසන Game

“සුබ දවසක් කොර් , මොනවද අළුත් තොරතුරු ?“ සුපුරුදු විදියටම  කට පුරා සිනාවකින් , ගතේ  වේදනාව වසාගෙන  ඒකකයට ඇතුළු වන “කෝර්“ මහත්මයා වයස අවුරුදු අසූව පැනපු , කාළින රෝගයකින් “වේදනා විදින“ අපේ තවත් එක් සේවාලාභියෙක්.වියපත් වීමත් සමඟ ඇතිවන මොළයේ දුර්සවලතාවයක් සහ කල්පනා කිරීමේ හැකියාව යම් තරමකට අඩුවීමක් තිබුණත් , බොහොම සුන්දර ගති පැවතුම් තිබෙන ඇත්තටම “මහත්මයෙක්“.
මෙහෙට හරි වැස්ස (හිම වැස්ස) 

2018/09/26

“මුතු ඇටේ චීන කටේ“



පරිසරය සහ දේශගුණය අතින් සිරි ලංකාව ඉහළ සුන්දර තැනක තිබෙන රටක දමා “පිටරටක පදිංචියකට“ මිනිසුන් එන එකම අරමුණ “සල්ලි ගොඩ ගසා ගැනීම“ යැයි සිතන්නේ නම් එයම විහිළුවකි. (නමුත් එය විහිළුවක් බව දැනෙන්නට වෙනත් රටකට පැමිණිය යුතුමය.) විදෙස් රටක පදිංචි වීමට හේතුවන කාරණා රැසකි. දේශපාලනමය, ආගමික, වෘත්තීය සමිතිමය අන්තවාදීත්වය නිසා දිනෙන් දින කඩා වැටෙන රටක, තම දරුවන් හදා වඩා ගැනීම සහ ඔවුන්ගේ අනාගත සුරක්ෂාව පිළිබඳ ඇති අනපේක්ෂිතභාවය මේ අතරින් ඉහළම තැන ගනී යන්න මගේ පුද්ගලික මතයයි.

2018/08/06

225) පොත් පිරවූ ඔළුගෙඩි තරඟය

“දැන් අක්කී මේ ගානට අපාර්ට්මන්ට් එකක් හොයා ගන්න ඕන, නැත්නම් මගේ යාළුවත් එක්ක ෂෙයා කරගන්න යුනිට් එකක් ගන්න ඕන, එහෙම නැති උනොත් අමාරුයි මේක බැලන්ස් කරගන්න“
“මෙහෙමනේ , එය ගාන යන්නේ ඔයා කාර් එකටයි , ඉන්ෂුවරන්ස්තුයි , ගෑස් , මේනටෙනන්ස් එක්කනේ, මෙහෙම කලොත් , ඔයා ගන්න යුනිය කිට්ටුව අපාර්ට්මන්ට් එකක්, පයින් එන දුර , එතකොට ඔයාට කාර් එකට යන ඔක්කොම වියදම අඩු කරගන්න පුළුවන්.“
“හ්ම් , ඒකත් ඇත්ත, එහෙම වුනොත් මට ලොකු ගානක් ඉතිරි වෙනව , තව එක්ට්‍රා කෝස් එකක් ගන්නත් පුළුවන් වගේ“

2018/07/10

ඔබේ අවදානය පිණිස!



අධිරුධිර පීඩනය සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරිමට යොදා ගන්නා VALSARTAN නම් ඖෂධයේ කාණ්ඩ කිහිපයක් “පිළිකා ඇති කිරීමේ අවදානම“මත (එම ඖෂධය තුල “පිළිකාකාරක රසායනිකයක් අඩංගු බව හඳුනාගැනීම නිසා) ඖෂධ වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත‍.


මෙය ඔෂධීය නාමය වන අතර වෙළඳනාම කිහිපයකින් මෙය වෙළඳපලේ ලබා ගත හැක. ඔබ හෝ ඔබ දන්නා අයෙක් අධිරුධිර පීඩනය , හෘද රෝග සඳහා ඖෂධ ලබා ගන්නේ නම් , ඒ ඖෂධ අතරේ VALSARTAN (ඖෂධීය නාමය) ඖෂධය තිබේදැයි විමසිලිමත්වන්න.


මෙම ඖෂධය දැනට ගනිමින් තිබේනම් ,

 ඖෂධ ගැනීම හදිසියේ නවතන්න එපා!!
ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හෝ රාජ්‍ය ඔසුසල වැනි ආයතනයක ලියාපදිංචි ඖෂධවේදියකු මඟින් අදාල ඖෂධය වෙළඳපලෙන් ඉවත්කිරීමට කටයුතු කළ ඖෂධ කාණ්ඩයේදැයි සොයා බලන්න.
එය ඉවත්  කළ කාණ්ඩ වලට අයත් ඖෂධය නම් වෛද්‍යවරයා , වෙනත් ඖෂධයක් භාවිත කිරීමට උපදෙස් ලබා දෙනු ඇති අතර අවශ්‍ය වේ නම් වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇති.
(දැනට ඉවත් කෙරුනු ඖෂධ කාණ්ඩ කිහිපය, චීන ඖෂධ සමාගමක නිශ්පාදනයකි)

2018/06/24

224) ඔබේ ආත්මාභිමානයට “අගයක්“



පුද්ගලයෙකු පරිපූර්ණ මිනිසකු බවට පත්වීමේදී මතුවන අවශ්‍යතා අතරේ වැදගත් ස්ථානයක් “ආත්මාභිමානය“ට ඇත. යමෙක් තමාගේ හැකියාවන් , වටිනාකම් සහ ගෞරවනීය බව පිළිබඳව දැන , හඳුනාගෙන ඒ පිළිබඳව විශ්වාසනීයම තෘප්තියට පත්වීම ආත්මාභිමානයයි Self-esteem . කෙටියෙන්ම කියතොත් , යමෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ කෙතරම් සතුටුවන්නේද කියන කරුණු මෙයට තදින්ම බැඳී තිබෙනවා.

2018/06/17

223) ලොවට හිනාවී හැංගී හඬනා PHDකාරයෝ (ඔබත් මේ අවදානමේද?)

ලිපි පෙළක අවසන් ලිපිය. ඇන්තනි බෝර්ඩේන්ගේ මරණයත් එක්ක ලියන්න ගත්තු මේ “විශාදය“ පිළිබඳ ලිපි පෙළක අවසාන ලිපිය.



මේ ඔස්සේ ඉදිරිපත් කළ ,“විශාදය පිළිබඳ ස්වයං පරීක්ෂණය“ මේ වන විට හැටකට ආසන්න පිරිසක් ප්‍රෙයා්ජනයට අරගෙන තිබෙනවා. ඒ ඔස්සෙ කිහිප දෙනෙක් වත් තමන්ගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ නැවත හිතන්න උත්සාහ කරන්න ඇති. ලැබුණු පණිවිඩ දෙකකින් දැන ගන්නට ලැබුණා ඔවුන් කළක් තිස්සේ “ නොතේරෙන“ දුකකින් විඳිමින් සිටි බවත් , ස්වයං පරීක්ෂණය ඔස්සේ ප්‍රතිකාරයට යොමු වීමට අදහස කළ බවත්. එයම සතුටක්.

2018/06/11

222) මෙන්න ඔබේ ප්‍රතිපලේ

221  223 සහ 224 ලිපිවල ඉදිරිපත් කරන 






වෙතය යන්නට අදාල පරික්ෂණයේ නම මත ක්ලික් කරන්න.
 ඔබේ ස්වයං අගැයුම් වාර්තාවට

----------------------------------------

ස්වයං පරීක්ෂණ වලට පිළිතුරු ලබා දුන් ඔබගේ අගැයුම් වාර්තාවන් පහත  ලිංක් එක මගින් බලා ගත හැකිවේවි. 



2018/06/10

221) හිත රිදවන නොකී රහසක-2 (රහස දැන ගැනීම)



මේ ලිපි මාලාවක දෙවැනි ලිපිය. පළමු ලිපිය කියවන්නට වුනේ නැත්නම් 220 වන ලිපිය කියවලා එන්න. එතකොටයි මේ කතාවේ අගමුල තේරෙන්නෙ. 

පෙර ලිපියට යන්න මේ ලිංක් එක ක්ලික් කරලා.  http://www.nursinglk.com/2018/06/220-1.html


දැන් අද කතාව, ඔබට මෙන්න මේ වගේ දැනිල තියෙනවද ? 
  • හිතේ කියාගන්න බැරි දුකක් , 
  • නොතේරෙන වේදනාවක් , 
  • දවසම එපා වුනු කළකිරීමක් , 
  • ඇඟපතේ අමාරුවක් , කිසිම හේතුවක් නැතිව ,
  • යාළුවෙක් කියන පුංචි වචනයකින් හිත රිදෙන , කැගහල අඬන්න හිතෙන වෙලාවක්,
  • නිදාගන්න ගියත් ඔළුවේ ලොකු බරක් , දුකක් නින්ද අහලකට නොගෙන රැයක් , 
  • නැත්නම් ඔෆිස් යන්නෙත් නැතිව , කන්නෙත් නැතිව කිසි කෙනෙක් එක්ක කතා නොකර  දවසම ඇඳට වෙලා නිදාගන්න හිතෙන දවසක්...

220) හිත රිදවන නොකී රහසක-1


“නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ඝණ'ඳුරනැගෙන තනියට
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං ආදරෙයි ...“

එඩ්වඩ් ජයකොඩි සංගිතවේදීයා ගායනා කරන මේ ගීතය සුන්දර හිතක් ඇති ආදරවන්තයෙකුගේ හිතට නැගෙන “ආදරණීය“ හැඟීම් ටිකක් කියලයි මට හිතුනේ. විපුල ධර්මප්‍රිය පද රචකයා , ඒ හැඟීම් ආලවන්ත විදියට ගලපල අපේ හිත් ඇතුලට ඇතුළු කරන්නේ අපටත් නොදැනෙන්නම.

2018/06/04

219) වම්බොට්ට කපන්නට පෙර!

මාස කිහිපයකට පස්සෙ “සෞඛ්‍යයට“ සම්බන්ධ ලිපියක් ලියන්නයි උත්සාහය. ඒ අතරේ මුලින්ම අළුත් කෙනෙක් හඳුන්වලා දීලම මගේ සටහනට ඇතුළු වන්නට හිතුවා. ඒ “අහස් ගව්වෙන් එහා ලෝකය“  සිංහල බ්ලොග් අඩවිය ගැන. මේ ලියන අනුරුද්ධ කියන විදියටම කීවොත් “දේශපාලන සහ ආගමික මතවාදයන්ගෙන් තොර මගේ නිර්මාණ චාරිකාවේ ඉසව් ජනගත කිරීමයි මගේ අරමුණ . සතිපතා කවියක් /ගීතයක් , කෙටිකතාවක් , චාරිකාවක් , රේඩියෝ කෙටිකතාවක් සහ රුපවාහිනී වැඩසටහනක් බ්ලොග් ගත කරන්නයි හිතාගෙන ඉන්නේ“. ශ්‍රී ලංකාවේ වගේම කැනඩාවෙත් මාධ්‍ය නිර්මාණතුල නමක් දිනාගත්ත නිර්මාණශීලී “අනුරුද්ධ“ගේ අළුත් නිර්මාණය වෙනුවෙන් සුබ පතන ගමන් ,  “අහස් ගව්වෙන් එහා ලෝකය“  පැත්තටත් ගිහින් කතා බහට එක්වන්නට ආරාධනා කරනවා ඔබටත්.

2018/05/26

කැනඩාවට බෝට්ටුටවෙන් එන්න එපා!



මුහුණූ පොතට එන හැමදවසකම වගේ, එහි මැසෙන්ජරය තුල කාගෙන් හෝ පණිවිඩක්.

“කැනඩාවට එන්න ලේසි ක්‍රම මොනවද ?“

“අයියා, මම ---- එකේ ඩිග්‍රිය කම්ප්ලීට් කරනවා , එන්න චාන්ස් එකක් තියේද“

“මම ටීචිං ඩිග්‍රිය කම්ප්ලීට කරනවා , මෙහෙ ඒජන්සියකින් කිව්වා ටොරොන්ටෝ වල වේකන්සි තියෙනව කියලා“

“ඔයා නර්ස් කෙනෙක් නේද? මේ අපටත් කැනඩාවට එන්න චාන්ස් එකක් අරන්දෙන්කෝ“

“මේ ෆේස්බුක් එකේ තිබුණූ දැන්වීමකට මගේ විස්තර යැව්වා , එයාල කියනවා රැපියල් පන්දාහන් බඳින්න කියල ඇප්ලිකේෂන් එක ඇසෙස් කරන්න, ඊට පස්සෙ ලක්ෂ හතක් ඕනලු , මේක ඇත්තක්ද “

“මේ කැනඩාවට නර්ස්ලා ගන්නවලු , පොච්චක් විස්තර එවනවද?“

“මේ අයියා, මම මෙහෙ සෙමිනා එකකට ගියා , එයාල කියනව මාස දෙකෙන් වීසා අරගෙන දෙනව කියල , එයලා ෂුවර්ද ?“

මේ වගේ නනාප්‍රකාර ප්‍රශ්න..

2018/04/02

මියා කළීෆා සමඟ “සහෝදරයා“ - කළාව සහ එහි සමාජයීය බලපෑම්

කළා නිර්මාණයකින් සිදු කෙරෙනුයේ එහි පාඨකයා හෝ ප්‍රක්ෂකයාගේ පරිකල්පනය පුළුල් කිරීමයි . එනම් පුද්ගලයාගේ සිතුවිලි තවදුරටත් ඔස්සේ විහිදුවා “විඳින්නට සහ සිතන්නට “ සැලැස්වීමයි. එය විටක සිතුවමක් , සංගීතයක් , නර්තනයක් , පොතක් , සිනමාත්මක නිර්මාණය්ක විය හැකියි. එමන්ම “කළා නිර්මාණයේ“ සුවිශේෂිතවය වන්නේද එහි රසවිඳින්නාගේ සිත විවිධ දිශා ඔස්සේ යවමින් එය එස විඳින්නට “විවෘත අවස්ථාවක්“ සහ ඒ පුද්ගලයාගේ අත්දැකීම් සමාජ-ආර්ථික-දේශපාලනික සංවේදීබව මෙන්ම ජෛව විද්‍යාත්මක පරිසරය තුල පුද්ගලයාට සංජානනය වන අත්දැකීම විඳීමට “ස්වාධීනත්වයක්,නිදහසක්“ ලබා දීමයි.





2018/03/22

මුහුණු පොතේ BFF (Best Friend Forever) ද ?

මේ දිනවල මුහුණු පොතේ පැතිර යන, තවත් එක්තරා ව්‍යාජ පණිවිඩයකි. ඒ යම් පිංතූරයක් යටින BFF ලෙස සටහන් කළ විට එය කොළ පාටින් වර්ණ වේ නම් තම ගිණුම ආරක්ෂිත බව කියැවෙන ව්‍යාජ ප්‍රවෘත්තියයි.


මේ BFF ලෙස සටහන් කළ විට කොළ පැහැවීම තුලින් තම ගිණුමේ ආරක්ෂීත බව පිළිබඳව කිසිවක් කිව නොහැකි අතර මේ වර්ණවත් වීම සහ ගිණුමේ ආරක්ෂාව අතර කිසිදු සම්බන්ධකමක් නැත.

2018/02/09

218) ඇණයක් වෙලා හරි- හරියට ඇන ගන්න (රෝගියාගේ අයිතිවාසිකම්)

“අපි ඩොක්ටර් xxxxxx චැනල් කරමු , එයා තමයි දැනට ඉන්න හොඳම කෙනා මේ පැත්තේ, ටිකක් සැරයි
තමයි“
“අපෝ අර xxxxxx ද, අනේ මට බයයි මං අහල තියෙනව ඒ සර් හරියට බනිනවා කියල, “
-----------
“මේ ඔය පහලොව ඇඳේ ලෙඩා එන්න , ලොකු මහත්තයට බලන්න ඕන“
-----------
“කෝ මේ දියවැඩියා ලෙඩ්ඩු , එන්න  මේ දියවැඩියා කෑම ගන්න“ 
-----------
“අනේ නෝනා මට අමාරුයි එකපාරට අමාරුයි , පොඩ්ඩක් ඉන්න මම හිමීට අනිත් ඇඳට මාරු වෙන්නම්“
මේ අපට ඔහෙලව නලව නලව ඉන්න බෑ , කෝ ඉක්මණට එහා ඇඳට යන්න, අපට තව වැඩ තියෙනවා“
-----------
“හෙට උදේ ඔපරේෂන් එකක් තියෙනවා , මෙතන අස්සන් කරන්න,ඉක්මණට!“
-----------

2018/02/04

217) තරු ඇස් මිලින කළ තිත

“කොහොමද අයියා මැච් එක? මට නම් මුකුත්ම අහන්න වුනේ නැහැ , අද ක්ලිනික් එකේ පනහක් විතර හිටිය“
උදේ ඉඳන් මාව ආරක්ෂා කළ මුව වැස්ම ගලවල දාල අත් සෝදන අතරෙ මගේ වෘත්තීය මිතුරත් එක්ක පොඩි කතා බහකට එකතු වුනා. “නියමයි මල්ලී , සනා දෙනවා නියමෙට , තව ඕවර්ස් තුනයි“ කතාව  අතරේම මගේ මිත්‍රය තවත් පිළිකානාශක ඖෂධ වර්ගයක් සේලයින් වලට එකතු කරනවා , වාට්ටුවේ ඉන්න රෝගියෙක් වෙනුවෙන්. “කාටද අයිය ඔය කීමෝ එක මේ බත් කන වෙලාවේ“ මේ වෙලාව සාමාන්‍යෙයන් පිළිකානාශක ඖෂධ ආරම්භ නොකරන වෙලාවක් නිසාම මගේ හිතට ආ පැනය යොමු කළා.
“ආ මේක මල්ලි ,අර තරු බබාට , සර් අදම පටන් ගන්න කියල, පොඩ්ඩගේ රිපෝර්ට්ස් හොඳයිළු , මේ ඩෝස් එක දීල හවස ගෙදර යවතෑකි කිව්ව , ලොකු දෙයක් නේද මල්ලී “ මැච් එක පැත්තක දාල හිත පතුලෙන්ම ආ සතුටින් මගේ සහෝදර හෙද නිළධාරිවරයා කීව.
දවස ගෙවුනා,
මැච් එකත් ලංකාව දිනුවා. (මේ ළඟදි වෙච්ච දෙයක් නෙවි මේ කතාව, දෙදහස් තුනවගේ කාළෙක සිදුවීමක් මේ)

2018/01/14

216) සල්ලි දීල ඉල්ල ගන්න “පිරිමි වඳ පෙතී ?“

ලැබුවාවු නව වසර , සුව සතුට සපිරි සුබ නව වසරක් වේවා යි පතමින්ම අද ලිපිය  ආරම්භ කරන්න තනන්නේ. සොඳුරු සුව අසපුව සමඟින් රැඳී සිටින අයෙක් නම් ඔබට යම් මතකයක් ඇති මීට මාස කිහිපයකට පෙරත් මේ වගේම ලිපියක් පළවුනා. ඒ වඳ දෙන “තිසරපටේ උද්දාමය (213)“ . එතැනදි අපි කතා කළේ පහුගිය දවස් වල හුඟක් කතාබහට ලක්වුනු “වඳ පෙති  , වඳ ජෙල් , වඳ ක්‍රීම් ජාති“ ගැන. කියවන්නට වුනේ නැත්නම් මේ ලිපියට පෙර එය කියවා බලන්නට ආරාධනා කරනවා ඔබට. ඊට පස්සේ එන්න මේ “වඳ පෙත්ත“ හඳුනගන්න.