2018/06/24

224) ඔබේ ආත්මාභිමානයට “අගයක්“



පුද්ගලයෙකු පරිපූර්ණ මිනිසකු බවට පත්වීමේදී මතුවන අවශ්‍යතා අතරේ වැදගත් ස්ථානයක් “ආත්මාභිමානය“ට ඇත. යමෙක් තමාගේ හැකියාවන් , වටිනාකම් සහ ගෞරවනීය බව පිළිබඳව දැන , හඳුනාගෙන ඒ පිළිබඳව විශ්වාසනීයම තෘප්තියට පත්වීම ආත්මාභිමානයයි Self-esteem . කෙටියෙන්ම කියතොත් , යමෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ කෙතරම් සතුටුවන්නේද කියන කරුණු මෙයට තදින්ම බැඳී තිබෙනවා.



මේ ආත්මාභිමානය සහ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය අතර තද බැඳීමක් තිබෙන අතර , එහි අඩුවැඩි බව ඔහුගේ හෝ ඇයගේ සමාජයීය සහ වෘත්තීය ජිවිතය කෙරේද සෘජු බලපෑම් ඇති කරයි.



පහත ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නාවලිය ඔස්සේ සිදුකරනුයේ යමෙක් ගේ “ආත්මාභිමානය“ පිළිබඳ යම් අගැයුමක් කරගැනීමයි. අදාල ප්‍රශ්න වල , ඔබේ හිතට එකඟව අවංකවම පිළිතුරු ලබා දුනහොත් , ඔබේ “ආත්මාභිමානය“ අඩු වැඩි බව ඔබටම හඳුනාගත හැකිවේවි.


ඔබේ අගය ප්‍රතිශතයක් ලෙස ලැබේවි. එහි අගය ඉහළ නම් ඔබෙ ආත්මාභිමානය “ඉහළ“ මට්ටමක තිබෙනවා , පහල අගයක් නම් ඊට හේතුව සහ නිසි පිළියම් යොදාගන්නට ඔබට හැකි නම් “ඔබෙ ජීවිතය තවත් සතුටින් පිරේවි.

මෙන්න ප්‍රශ්නාවලිය , හිතට එකඟව උත්තර දීල බලන්න.


4 comments:

  1. බ්ලොග් ලියනවා වගේම යූ ටියුබ් චැනලයකුත් පටන් ගන්නවා නම් හොදයි කියල හිතෙනවා. මොකද සිංහලෙන් සෞඛ්‍ය කාරණා ගැන දැනුවත් කරන චැනල් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. මීටත් වඩා ලොකු ප්රමාණයක් යූටියුබ් චැනලය වටා එකතු වෙයි කියල හිතනවා. මොකද දැන් තියෙන චැනල් සුලු ප්රමාණයටත් මාස හයක් වගේ කාලයකදී 18000ක් වගේ ප්රමාණයක් එකතු වෙලා තියෙනවා. යූ ටියුබ් චැනලයක් පටන් ගන්න කියන බලවත් ඉල්ලීමත්එක්කම දිගටම දැනුවත් කිරීමේ කටයුතුකරගෙන යාමට සුභ පතනවා.... 😊😊

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට , ඔව් යූටියුබ් චැනලයක් ගැන ඔබ වගේම තවත් “සොඳුරු සුව අසපුවේ“ සහෘදයන් කිහිප දෙනෙක්ගෙන්ම ඉල්ලීම් ලැබිල තිබුණා. ඒත් ඒ වෙනුවෙන් කාළයක් වැය කළ හැකියද කියන ප්‍රශ්නේ නිසා තවමත් ඒ කටයුත්ත ආරම්භ වුනේ නැහැ. මොකද ආරම්භ කළොත් පවත්වා ගන්නත් එපායැ :) කොහොම වුනත් ඉදිරියෙදි යූටියුබ් චැනලයක් ගැන තව ටිකක් සැලසුම් කරන්න උත්සාහ කරන්නම්.
      නැවතත් , ස්තුතියි ඔබේ අදහසට

      Delete
  2. වටිනා බ්ලොග් අඩවියක්. අදයි මෙය දුටුවේ.දිගටම මෙවැනි වටිනා ලිපි එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට , 

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)