2015/11/16

179) කොන අල්ලා ඇදටම යන - කටට මිසක අතට නොරිසි අකුරු අමුත්තෝ

මාතෘකාව කියවපු ගමන් නිකං අන්දමන්ද වෙලා වගේ මේ බ්ලොග් එකට ඇතුළු වුනා නම් , මේ ටික කියන්නම එපායැ තව දුර යන්න ඉස්සෙල්ලා.

මේ ‍‘‘සොඳුරු සුව අසපුව“ , තවත්  එක් සිංහල බ්ලොග් සටහනක් , මාතෘකාවේ මොනවා තිබුණත් කතා කරන්නෙ ප්‍රධානවම ලෙඩ රෝග , හඳුනගන්න විදිය , වලක්ව ගන්න විදිය , තව ...බොහොම හදිසියෙන් මෙ දවස් වල සමාජයේ කතාබහ වල මාතෘකා ගැන වගේම ජීවිතේට වැදගත් සමහර වෙනත් දේවලු මේ පිටුව ඇතුළෙ කතා කරනවා . හැබැයි ඉතින් කෙනෙකුට මේ ලිපි “ෆන්“ නැති වෙන්න පුළුවන් . ඒත් සුවෙන් සතුටින් ඉඳිත්දි වැඩිය කතා කරන්න අකමැති “තිත්ත“ දේවල් ගැන තමයි මේ අයිසිං , සීනි , පැණි එක් කරමින් කතා කරන්නට උත්සාහ කරන්නෙ ( ඒ නිසාම මේ ලිපි ටිකක් දිගයි , මොකද දැන ගත යුතු දේ තේරුම් ගන්නට පුළුවන් තරමට විස්තර කරන්නට වන නිසා)  . ඒ උත්සාහය  කොතරම් සාර්ථකද කියන එක දැනෙන්නේ ඔබෙන් ලැබෙන අදහස් ,යෝජනා සහ චෝදනා ඔස්සේමයි.

2015/11/10

178) අමිල සතුටක් ලැබෙන නොමිලේ දීම

රෑං ගාල යන ස්කියිං (පිංතූරය freesportwallpaper.com වෙතින් )
“සේරා  , තව එක රවුමයි , අපි රෑ වෙන්න ඉස්සර වෙලා කොටේජ් එකට යන්න ඕනේ“ 
“ඕකේ ...ඩැඩී ....මෙ රවුමයි තව එකායි “  තාත්ත ගාවින් විදුලියක් වගේ වේගෙන් ලිස්සලා ගිය සේරා පස්සෙන් ඇගේ මල්ලි බ්‍රයන් ටිකක් දුර ගියත් , වෙනද වගේ නෙවි අද ටිකක් කම්මැලි හන්ද ආයෙත් ආව තාත්ත ගාවට ,

“ඩැඩී , මේ අර  ඈත තියෙන කන්ද මුදුනේ ෆෝටෝ එකක් අරන් දෙන්නකෝ , අර  අර වලාකුලෙන් වැහෙන්න  හදන්නේ , ම් ම් .. පෝඩ්ඩක් ඉන්ට , අපි වලාකුලෙන් බාගයක් කන්ද වහගත්තම ගමු , මගේ ස්කූල් ප්‍රොජෙක්ට් එකට කියාපු පිංතූරෙ “ 

2015/11/08

177) අට පහ නොදැන කාසියට බය වන පුංචි පැටවු

ඔබ සොඳුරු සුව අසපුවට ගොඩ වදින අයෙක් නම් ඔබට මතක ඇති මීට පෙර ලිපියකින් අප ආරම්භ කළා පෙර පාසල් / පාසල් වයසේ සිටින දරුවෙකු තුලින් හඳුනාගත හැකි , විශේෂිත  අධ්‍යාපන දුබලතා පිළිබඳව. එයින් මූලික අවස්ථා දෙකක් වන ඩිස්ලෙක්සියා සහ ඩිස්ප්‍රැක්සියා කියන තත්ත්ව දෙක ගැන මේ  වන විට කතා බහ කරල අවසානයි. ඔබ අළුතින් මේ  පිටුවට පැමිණියා නම් , ලිපි අංක 74න් ඩිස්ලෙක්සියා ගැනත් , ළඟදි එක්කළ ලිපි අංක 175න් ඩිස්ප්‍රැක්සියා තතත්වය පිළිබඳවත් කියවන්නට , කතා බහේ යෙදෙන්නට හැකි වේවි.

එසේ නම් අද කතාවට මාතෘකාව වෙන්නේ ඊළඟ D එක , එනම් ඩිස්කැල්ක්‍යුලියා Dyscalculia තත්ත්වය පිළිබඳවයි.

පොඩ්ඩ්ක් ඉන්න , දැන් වෙලාව කීයද ? ......

ටිං ටි ට්‍රිං .....වෙලාව දහවල් දොළහයි හතලිස් පහයි , මේ......... ගුවන් විදුලි ....යි . මෙන්න ප්‍රවෘත්ති , ප්‍රකාශය .... විසින්  .
අසූ ගණන් වල මුල ප්‍රවෘත්ති අහපු ,
මුවන්පැලැස්ස , සුගන්ධිකා වැනි නාට්‍ය මනසින් දකින්නට හැකියාව දුන් රේඩියෝව

2015/11/03

176 ) පන රැක ගන්නට පැන පැන යන්නේ !

අද පුවත් පත් කියවත්දි ගාල්ල ගිංතොට ප්‍රෙද්ශයේදි සිදුවූ අවාසනාවන්ත අනතුරක් ගැන කියවන්නට ලැබුණා. අධිබල විදුලි රැහැනක් වාහනයක් මතට කඩා වැටීමෙන් තිදෙනෙක් මිය ගිය බවයි එහි කියවුනේ.

සිදුවීම නිවැරදිවම නොදනිතත් , අට දෙනෙක් එම රිය තුල සිටි බවක් පුවත් පත් වල සටහන් ව තිබූ අතර , ඉන් තිදෙනෙක් මිය ගිය බවයි සඳහන් වුනේ .  මිය යාමට හේතුව අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා තීරණය කරාවි ඉක්මණින්ම . කෙසේ වෙතත් මෙවන් අනතුරු වලදි බහුලවම මිය යාම සිදුවන්නේ  , විදුළි රැහැන ස්ඵර්ශ වූ රියෙන් බැස යාමට උත්සාහ කිරීමේදී . එයට හේතුව බිමට පය ස්ඵර්ශ වන මොහොතේ අදාල පුද්ගලයාගේ සිරුර රිය සමඟත් ගැටී තිබුණා නම් විදුලිය දේහය ඔස්සෙ ගමන් කර භූගත වන නිසා.