2011/10/25

65) කසන නසන කොන්ඩ කඩල.....


ටොරොන්ටෝවේ සිට අමතමි ....
ඕන්න එහෙනම් අපි ටික කාළෙකට පස්සේ වෙනස් තැනක ඉඳගෙන ආයෙත් අන්තර්ජාලයේ අකුරු කරන්නට පටන් ගත්තා. පහුගියා කාළෙ අපේ ජීවිත වල විශේෂයෙන්ම සැළසුම් වල ඉදිරි පියවර කිහිපයක් තබන්නට වූ බව මගේ මිතුරු මිතුරියන් දන්නා බව මට විශ්වාසයි . එසේ නම් සිත , අදහස නොවෙනස්ව , ගත පිහිටි බිම පමණක්ම වෙනස්ව කැනඩාවේ ටොරොන්ටෝහි සිට නැවත අරඹමි සොඳුරු සුව අසපුව....


"Day care temporary closed due to Chicken pox " .... අළුත් රටේ හැඩ රුව හදුනගන්නට පැමිනි දිනට පසු දිනේම අපි ගමනේ යා...ම ආරම්භ කළා .මට පෙර කැනඩාවට ආ මගේ සහෝදර හෙද නිලධාරිනියකගේ සහ එම පවුලේ සැම පෙර ගමන් කරුවන් කරගනිමින් අපි මාවත් , කඩපිල් , වීදී දිගේ ඇවිදින්නට වුනා ....සීතල සුළඟ ...සැනෙන් වෙනස් වන කාළගුණ තත්ත්ව විඳගෙන මේපල් පත් අතරින් අපි ඇවිද යත්දි එක්තරා ස්ථානයක ඉහත දැක්වූ සටහන දොරක එල්ලා තිබුනා. මේ ගැන මගේ මිතුරන් පැහැදිලි කළේ එම ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් නිසා පැපොල රෝග තත්ත්වය පැතිරීමේ අවදානමකදී මේවැනි ක්‍රියාමාර්ගයන් ගන්නා බවයි . පැපොල රෝගය සඳහා එන්නත් සහිත කළක මෙවන් රටකත් මෙවන් සිදුවීමක් දකින්නට ලැබිම , මෙම රෝග ගැන සටහනක් කරන්නට මා පෙළඹන්නට වුනා.
අපේ ගමන  ....

එහෙමනම් අද අපේ කතාව පැපොල් ..නැහැ ..පැපොල රෝග ගැන ..අපි ඉස්කෝලේ කාළේ කියන විදියටම කිව්වොත් “පලදාව හැදුනම“ කරන්න ඕන දෙ ගැන ..අපේ වැඩිහිටියන් නම් කීවේ “දෙයියන්ගේ ලෙඩේ“ කියල , මතකද ඒ නම ඇහෙන්නවත් කියන්න ඒ අය බය වුනා ...

ඇත්තටම මොකක්ද මේ පැපොල ..Chicken pox ...මේ තවත් Varicella  zoster නම් වෛරසය නිසා බෝවන ..සීග්‍රෙයන් බෝවන රෝග තත්ත්වයක් ..වෛරසයෙන් ආසාදනය වුනාට පස්සේ දින 10ක් 21 අතරෙදි සමේ මතු වන රතු පාට ලප ...කසන සුළු බිබිලි බවට පත්වෙලා කැඩිල වියලිලා යන රෝගයක් ..මේ එක්කම තද උණ , ඇඟපත රුදාව වගේ පොඩි පොඩි කරදර ඇති කරන තත්ත්වයක් ..ඒත් අර බිබිළ මුළු ඇඟ පුරාම ආවාම ඇති වන වේදනාව නම් ...මතක් වෙනකොටත් අමාරුයි ..සාමාන්‍යෙයන් වෙන ලොකු කරදර ඇති කරන්නේ නැහැ ..නැහැ කිව්වට ඉතාමත් සුළු අවස්ථාවක් තියෙනවා යම් අහිතකර , සමහර විට මරණීය විය හැකි අතුරු පල ඇති කරන්නටත් ..ඒත් ඒ ඉතාමත් සුළු අවස්ථාවක් ...ඒ වගේම හුඟක් වියපත් , දියවැඩියාව , වගේ රෝග වලින් පෙළෙමින් දිගුකාළීනව ප්‍රතිකාර ලබන අයෙකුට මේ තත්ත්වය හැදුනොත් තමයි තරමක අනතුරක් තියෙන්නේ ..බය වෙන්න එපා , කරන්න ඕන මේ වගේ අයෙකුට පැපොල හැදුනොත් , කැඳ බිබී ඉන්න එකට වඩා ළඟම තියෙන රජයේ රෝහලට එන එක ..එතකොට අවශ්‍ය ප්‍රතිකාර දෙන නිසා හිත කළබල කරගන්න එපා .

අනෙක Chicken pox වැඩියෙන්ම ඇතිවෙන අවදානම තියෙන්නේ ළමා වියේදි , විශේෂයෙන්ම පාසල් වියේදි ..එක්කෙනෙක් ගෙනාවොත් පන්තියටම දීල තමයි යන්නේ ..දන්නවනේ ..මොකද මේ වෛරසය ඉතාමත් කුඩා ..වාතයේ බොහොම පහසුවෙන් පාවෙලා වෙන කෙනෙක් ගාවට පාවෙලා යන්න පුළුවන් රෝග කාරකයෙක් ..අනෙක බිබිළ මතුවෙන්න දවස් දෙකකට විතර ඉස්සර වෙලා වුනත් ඒ කෙනාගෙන් මේ වෛරසය පිටවෙන්න පුළුවන් , ඒ විතරක් නොවෙයි රෝගියෙක්ගේ බිබිළ වල තිබෙන දියරය යම් ආකාරයකින් ස්ඵර්ශ වුනත් තව අයෙකුට මෙය බෝවෙන්න හැකියාවක් තිබෙනවා , ඒ නිසා සමහර විට පරිස්සම් වෙන්න ටිකක් අමාරු බවකුත් දැනෙනවා .

එක අතකින් පොඩි කාළෙ මේක හැදෙන එක හොඳයි කියලත් හිතෙනවා , මොකද ලොකු වුනාට පස්සේ , නැත්නම් ගර්භණී අවධීයෙදි හැදුනොත් වෙන්නට පුළුවන් “නරක දේ“ වැඩි නිසා , ඒත් පැටියෙක්ට මේ පැපොල හැදිල විඳවන හැටි දැක්කම නම් පුදුම දුකක් දැනෙනවා , ඒත් සාමාන්‍යෙයන් පැපොල හැදුනොත් ඒයාට “නොමිලේ ජීවිත කාළෙටම“ ප්‍රතිශක්තික ආරක්ෂාවක් ලැබෙනවා , ඒ කියන්නේ නැවත් පැපොල ඇති වීමේ අවදානමක් නැති තරම් , ඒත් ඉතා සුළු අවස්ථාවකදි පැපොල හැදුනු අයෙකුට කාළෙකට පස්සේ නැවතත් එවැනිම බිබිළී මතුවෙලා “පැපොල වගේ“ තත්ත්වයක් හැදෙන්නට ඉඩක් තියෙනවා , අපි ඒකට කියන්නේ Herpes Zoster කියලා , ඒකනම් ටිකක් කරදරකාරී , ඒ වගේම නැවත නැවත කරදර කරන ලෙඩක් ..

අනේ පැටියගේ දුක .....
දැන් කියන්නම්කෝ මේ රෝගෙන් වෙන්න පුළුවන් නරක දේ ගැනත් , මේ වෛරස ආසාදනයත් එක්ක බැක්ටීරියාත් එක්වෙලා දරුවගේ හරි වැඩිහිටියාගේ හරි ස්නායු පද්ධතියට පහර දෙන්න පුළුවන් , එහෙම වුනොත් අපස්මාරය වගේ තත්ත්ව , අසාමාන්‍ය හිස රුදාවන් , චර්යාවන් වෙනස් වීම වගේම කථන හැකියාව දුරුවල කරන්නට ඉඩ නැතිවාම නොවෙයි , ඒ වගේම ගර්භනී අවධියෙදි (මුල් සති 20 තුල) ඇයට පැපොල හැදුනොත් හැකි ඉක්මණින් නිසි වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු වීම හරිම වැදගත් නැත්නම් කුසේ ඉන්න දරුවාට Fetal varicella syndrom කියන තත්ත්වය ඇති වීම මගින් යම් හානියක් වෙන්නට පුළුවන් කමක් තිබෙනවා , ඒත් කලින් කීවාසේ ඉක්මණ් නිවැරදි ප්‍රතිකාරයකට යොමු වුනානම් බය වෙන්නේ නැතිව හිත සතුටින් ඉන්න ..පැටියට කරදරයක් වෙන එකක් නැහැ ..ඒ වගේම ඔබ දියවැඩියාව වගේ තත්ත්ව නැත්නම් ඔබ ප්‍රතිශක්තිය අඩුවන තත්ත්වයක ඉන්නවා නම් , ඒ කිව්වේ දිගු කාළීනව ස්ටීරොයිඩ් ගණයේ ඖෂධ මත ඉන්න කෙනෙක් නම් , එහෙම නැත්නම් පිළිකා නාශක ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් , එහෙමත් නැත්නම් වෙනත් රෝග තත්ත්වයක් නිසා ඔබේ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු බව වෛද්‍යවරයා ඔබට පවසා ඇත්නම් මේ ලෙඩෙන් පරිස්සම් වෙන්න බලන්න , හදිසියේ හරි හැදුනොත් බිබිළක් දෙකක් මතුවෙනකොටම වගේ ඔබේ වෛද්‍යවරයා හමුවෙලා නිසි ප්‍රතිකාර ගන්න , එතකොට බයවෙන්න එපා ..පැපොල් ගෙඩි හැළිලම යාවි ..

මේපල් අතු අග කොළ (රතු) ....
දැන් ඕන්න බයවෙලා නේද ...? බය වෙන්න එපා අද මේ රෝගය සඳහා භාවිත කළ හැකි ප්‍රති වෛරස් ඖෂධ තියෙනවා , රෝගය පිළීබඳ සැක සහිත අවස්ථාවක , නැත්නම් අවදානම් අවස්ථාවක හෝ රෝගයේ මුල් අවස්ථාවෙම ගන්න පුළුවන් , එතකොට එච්චර කරදර නැතිව ලෙඩෙන් ගොඩවෙන්න පුළුවන් . ඒ වගේම දරුවාට ලබා දෙන්නට පුළුවන් Chicken pox එන්නත් ඇවිත් තිබෙනවා , බටහිර රටවල නම් දරුවා පාසලට ඇතුලත් කරගැනීමේදීම මේ ගැන අහනවා , ඉස්සර අපේ පැටවුන්ට අපි දුන්නු M.M.R එන්නත් එක්කම එක් කළ M.M.R.V නම් එන්නත දැන් ළබා ගන්න පුළුවන් , මේ තොරතුරු ඔබේ වෛද්‍යවරයාගෙන්  අසා දැනගෙන අවශ්‍යනම් එන්නත්  ලබා ගෙන ආරක්ෂාව ලබා ගන්නත් ඔබට අද පුළුවන් .

පැපොල හැදුනොත් කිසිම වෙලාවක ඇස්පිරින් දෙන්න නම් එපා  , ඒකෙන් Reye syndrom කියන වෙන ලෙඩක් හැදෙන්න පුළුවන් , පැරසිටමෝල් නිසි මාත්‍රාව ( අපි කතා කළා මතකද “සත පනහේ මාරයා ගැන“ ) දෙන්න , දරුව හොඳට නාවල පිරිසිදුව තියා ගන්න , බිබිළ කසන්න ඉඩ තියෙන නිසා නියපොතු කපල  තියාගත්තතොත් වඩාත් හොඳයි , බිබිළ තදින් මතුවෙලා බිඳිල නැත්නම් කසන එක අඩු කරගන්න මෘදු ක්‍රීම් වර්ගයක් භාවිත කළාට කමක් නැහැ. හැබැයි තුවාල මත ගාන්න එපා ...හොඳට කන්න බොන්න දෙන්න , පොඩ්ඩ කැමති පැණි රසටනේ , මේ වෙලාවේ පැණි රසට යමක් වැඩිපුර දුන්නට කමක් නැහැ , මොකද දැන් ඇඟට හුඟක් කැළරි ඕන , අනෙක මතක තියා ගන්න තුනපහ , ලුණූ වැඩිපුර (නොදාම ඉන්න පුළුවන් නම් හොඳයි) දැම්මොත් කන්න බැහැ , හරිම දැවිල්ලක් , සමහර විට වමනේ යන්නත් පුළුවන් ,

හුඟක් තදට උණ එනවා නම් (ෆැරන්හයිට් 102ට වඩා) , කල්පනාව වෙනස් වගේ නම් , නිදි මත වැඩිනම් , ඇවිදිම කතා කරන විදිය වෙනස් වෙලා නම් , බෙල්ලේ කැක්කුමක් එක්ක එළිය දිහා බලන්න බයය වගේ නම් ගෙදර තියාගෙන ඉන්න එපා , එක්කව් යන්න රෝහලකට ...( වැඩිය කළබල වෙන්න නේ නැතිව )

chick peas
දැන් ඔබ බලනවා ඇති මොකක්ද මේ මාතෘකාව කියල ..කසන කිව්වේ ඉතින් කැසීම ගැන ..පැපොල රෝගයේ නරකම අවස්ථාවන්ට යන්නේ මේ කැසීම නිසා කැසීමෙන් ඒ තැන්වලින් ඇතුලු වන බැක්ටීරියා තමයි ඒ වැඩිම නරක කරදර කරන්නේ , නසන කිව්වේ වැඩේ වරද්ද ගත්තොත් වෙන්න පුළුවන් දේ ..එතාකොට කොන්ඩ කඩළ මොනවද ...ඔය Chicken pox කියන නමේ Chicken කෑල්ල ඇවිත් තියෙන්නේ කුකුල්ලු නිසා නොවෙයි , ඒ පැපොලෙදි ඇති වන බිබිළ කොන්ඩ කඩල (chick peas) වගේ පේන නිසාළු..

එහෙනම් පැපොල් කතාව ඉවර කරන්නම් ,  අද ටිකක් සීතලයි සෙල්සියස් නමයයි , පොද වැස්සත් එක්ක හරිම සුන්දරයි ..සීතළයි ..අපි තව ටිකකින් යනවා මේ ළඟ තියෙන ගඟක් වගේ තැනකට එතන කුරුල්ලෝ වැහි වැහල ආසාවේ බෑ බලාගෙන ඉන්න .....

26 comments:

  1. හදවතින්ම අය්යාගේ ජිවන ගමනේ නව පි‍ටුවට සුභ පැතුමන් එක් කරන්නම් අය්යේ.. ඇත්තටම මට මිට මාස 6,7කට කලින් මට මේ කියන ලෙඩේ හැදුනා, බෝ විමේ අවදානම ගොඩාක් වැඩි ප්‍රතිශක්තිකරන හැකියාව ගොඩාක් අඩු අයට නේද???

    අය්යේ මේකෙන් හැදෙන පලු වලින් මුලින්ම හැදෙන එක මැකෙන්නේ නැ කියන්නේ ඇත්තක්ද??

    ReplyDelete
  2. ලිපිය නම් තාම කියවන්න බැරි උනා. කොහොම් උනත් හරිම සතුටුයි ඔබලා නැවතත් අප හා එක්වීම ගැන..මගේ සොහොයුරියත් ඉන්නේ ඔය රටේමයි...ඉදිටියෙදී මාත් ගිහින් ඒමට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාම සතුටින් ඇති කියලා සිතනවා. මිස් මනෝජා හා මගේ ආදරනීය යාලුවන් දෙන්නවත් මතක් කරන්න .. ලිපිය බලන්නම්...

    ReplyDelete
  3. සුභ පැතුම් නව ජීවිතයට ! මටත් හැදිලා නැති ලෙඩක්. ඒ නිසාම බයටද කොහෙද හැදිච්ච කෙනෙක් ඉන්න ගෙදරකට වත් යන්නෙ නම් නැහැ.

    ReplyDelete
  4. මටත් හැදිල තියනව.ඒත් නිසි වෙලාවට ප්‍රතිකාර ගත්ත නිසා එක කැලලක් වත් ඉතිරි උනේ නෑ. ඹබේ නව දිවියට සුභ පතනව.හැමදාම බැලුවත් අද තමයි කමෙන්ට් දැම්මෙ.

    ReplyDelete
  5. කාලයකින් මේ පැත්තේ එන්න බැරි වුනා. අලුත් ජීවිතේට සුභ පැතුම්.

    ඔය කියන ලෙඩේ මට පොඩි කාලේ හැදිලා තියෙනවා කියලා හිතන් හිටියේ. ඒත් මේ ළඟ කාලෙකදි කරපු බැක්ටීරියා ටෙස්ට් එකකින් මටත් හැදිමේ අවදානම තියෙනවා කිව්ව දවසේ ඉඳන් මම වෙව්ල වෙව්ලා ඉන්නේ.

    ReplyDelete
  6. ඔබ ඇතුළු පවුලේ සෑම දෙනාටම සුභ පතමි.ඔබ ස්ථිර පදිංචිය පිණිසම විදේශ ගතවුනාද.?

    ReplyDelete
  7. මහේෂෟ මහත්මගේ සංචාරයට සුභ පැතුම් !

    අප්පා ! ඕක මටත් හැදිලා සති තුනක්ම කාමරේ අස්සේ හිටියා. වෙලාවට කොම්පියුටර් එක තිබුණා. නැත්නම් පිස්සු හැදෙනවා.

    සති තුනක් යනකල් නාන්න එපා කියන කථාවේ ඇත්ත මොකක්ද ?
    දේවා කියපු විදියට මගෙත් කැලැල් දෙක තුනක් තියෙනවා මැකෙන්නැති. ඒ ඇයි ?

    ස්තුතියි !

    ReplyDelete
  8. -දේවා ගේ අඩවිය ,
    ස්තුතියි දේවා පැමිණියාට , මේ රෝගය ඕනම අයෙකුට වැළඳිමේ හැකියාව ඇතත් වැඩි ඉඩක් ඇත්තේ කුඩා දරුවන්ට , ඒ වගේම ප්‍රතිශක්තිය ඌණ වූවන්ට අවදානම වැඩියි .
    බය වෙන්න එපා ඔය ලපේ ටික කළකින් මැකිල යනවා ..

    -Gimhani ,
    ස්තුතියි ඔබටත් , සති තුනකට පස්සේ හරි මෙහෙම නැවත එන්නට පුළුවන් වීම ගැන මමත් හරිම සතුටු වෙනවා . හැමදාමත් අපේ සොහොයුරියක් , මිතුරියක් , අපේ පැටවුන්ගේ සෙනේවන්ත නැන්දා කෙනෙක් ලෙසින් අපිත් එක්ක එක්වන නොදුටු මිතුරිය ඔබට බොහොම පිං , ඒ වගේම යම් දිනකදි ඔබ මේ රටේදී සැබැවින්ම හමුවී කතාබව කරන්නට ලැබේ යැයි විශ්වාසයක් තිබෙනවා ...

    -ඔබ නොදු‍ටු ලොවක්..... ,
    ස්තුතියි ඔබට , මට මතක විියට ඔබේ පළමු අදහස් දැක්වීම ..සති තුනක් තිස්සේ සිංහල බ්ලොග් කිසිවක් බැළුවේ නැහැ , අද එනවා ඔබේ සටහන බලන්නත්

    -Weni,
    ස්තුතියි වෙනි , කෝකටත් පරිස්සම නම් හොඳා ..හැදනොත් කරන්න දේවල් තියෙනවානේ ..ඒ නිසා බට වෙන්න එපා ..

    -එදිරි ,
    ස්තුතියි එදිරි , ඒත් මට මතකයක් තිබෙනවා ඔබ මීට පෙරත් අදහස් දක්වා තිබුණ වගේ ..කොහොම වුනත් දැන් ඉතින් බය වෙන්න එපා , life long immunity එකක් නොමිලේ ලැබිලානේ .

    -Il mondo di una povera pazza,
    ස්තුතියි ඔබතුමියටත් , සමහර අයට මේ රෝගය හැදුනත් ඊට අදාල antibody level අඩුවීමට හැකි නිසා කළ පරික්ෂණයේදී antibody level පිළිබඳ සොයන්නට ඇති , අවශ්‍යනම් ඔබට අදාල එන්නත් ගන්නටත් පුළුවන් වෛද්‍ය උපදෙස් මත.

    -Anonymous ,
    ස්තුතියි මිතුර , ඔව් අපි ස්ථිර පදිංචිය පිණිසයි මේ පැමිණියේ , දැන් අපි කැනඩාවේ ස්ථිර පදිංචිකරුවන් ..

    -Chathuranga Perera,
    ස්තුතියි චතුර ,
    ඔයාගේ කතාව අහත්දි මට මතක් වුනේ මාත් ඔය විදවීමම වින්ද , මොකද ගෙයින් එළියට බහින්න හොඳ නැහැනේ , බෝවෙනව වගේම අපි දැක්ක ගමන් බය වෙනවනේ .
    සතිතුනක් යනකම් නාන්න එපා කියන එක ඒ තරම් සාර්ථක නැහැ , පුළුවන් නම් දිනපතාම නාන එක තමයි සුදුසු , පුළුවන් නම් මද උණුස්ම වතුරින් , මොකද එතකොට වෙනත් විෂබීජ ඇතුළු වීමේ අවදානම අඩුවෙනවා .
    දේවගේ කැළල වගේම ඔයාගේ කැළලත් මැකිල යාවි , පළමු තුවාලය තරමක් ගැඹුරට එන නිසා තමයි ඒ ..

    ReplyDelete
  9. ******** ඔබ එවන අදහස් සහ පැනයන්ට පිළිතුරු සැපයීමේදී වෙනදාට වඩා යම් ප්‍රමාදයක් වේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින අතරේ එයට බලපාන හේතු කිහිපයකින් “වෙලාව පිළිබඳ වෙනස“ මූලික හේතුවක් බව කියන්නට කැමැත්තෙමි . ***************

    ReplyDelete
  10. මුලින්ම සුභ පතනවා...අලුත් රටක, නැවුම් ජීවිතයක් ගත කරන්න ගිය අයියා ඇතුලු පවුලේ හැමෝටම.

    මටත් පොඩ් කාලේ ඔය ලෙඩේ හැදුනා. මට මතකයි අපි, සුදු හදුන් කෑල්ලක් උරච්චි කරලා ගෑවා, ඔය ලප වල ...ට්ක දවසක් යනකම්. ඊට පස්සේ ඒවා කොහේ ගියාද දන්නේ නෑ.

    ඒ වගේම හැම දාම උදේට, එක දිගට දවස් 14ක් විතර, කොහොඹ කොල දාලා උණු වතුරෙන් ,නෑවා වගෙත් මතකයි..... පාන්දර... ගැහි ගැහි.

    ReplyDelete
  11. මගෙ යාලුවෙක්ට පොඩි කාලෙ පැපොල හැදිල . . . එයාගෙ අම්ම කරල තියෙන්නෙ යාලුවයි එයාගෙ අනිත් මල්ලිවයි නංගිල දෙන්නයි එකම කාමරේට දාල හතර දෙනාටම ලෙඩේ හැදෙන්න සලස්වන එක. මගෙ මිත්‍රය කීවෙ ඒ දවස් වල අම්මට බැන බැන හිටියට දැං තේරෙනව කියල අම්ම හතර දෙනාටම පොඩි කාලෙදි ඒ පාරම ලෙඩ වෙන්න ඇරියෙ කියල . . .
    I.D.H එකේ පැපොලට එන්නතක් ලබා දුන්න ඒ එන්නත ගැනද අයිය ඔය කියල තියෙන්නෙ M.M.R.V කියල ???

    ReplyDelete
  12. මටත් මේ ලෙඩේ නම් හැදිලා නෑ.අර චූටි බිබිලි දාන සරම්පද කොහෙද නම් හැදිල තියනව.

    ඔයාලගෙ පින්තූර මම් මූනුපොතේ දැක්කා.අලුත් නවාතැන පරිසරය එක්ක බබාලත් හොදින් ඇති කියල හිතෙනව.බලන්න යන තැන් වල පින්තූර දාන්න අපිටත් බලන්න.:)

    ReplyDelete
  13. මහත්තෙලා කාලයකින් දැක්කේ නැතු උනාම හිතුනා ට්‍රිප් එකක් ගිහිල්ලැයි කියලා. ඒ උනාට මහත්තෙලා රට පදිංචියට ගිහින් නෙ.

    ReplyDelete
  14. - නිල් අහස - ,
    ස්තුතියි ඔබට ..ඔව් කොහොඹ කොළ හොඳ ස්වභාවික විෂබීජ නාශකයක් බව මමත් අහල තිබෙනවා ..

    -ඕනයා,
    සමාවෙන්න මල්ලී කියල එන්න බැරි උනාට ...ඔව් මෙය දරුවන්ට නම් MMRV ලෙස ගන්න පුළුවන් ඒත් වැඩිහිටියන්ට වෙනම වැක්සින් එකක් තිබෙනවා

    -නදී ,
    සරම්ප හැදුනාමත් මේ වගේට ටිකක් කරදර වෙන්න වෙනවා නේද ?
    ඔව් වෙනස බොහොම සතුටින් විඳගනිමින් ඉන්නවා ඔවුනුත් ..ඔව් එක් කරන්නම් ලඟඳි නයගරා පැත්තේ යන්න පොඩි අදහසකුත් තිබෙනවා මේ යාළුවොත් එක්ක ...එහෙම වුනොත් ලස්සන පිංතූර ටිකක් එක් කරන්න පුළුවන් වේවි

    -මධුරංග ,
    ඔව් අපි වෙනස් විදියක චාරිකාවක් පටන් ගත්තනේ මධුරංග මල්ලී ..

    ReplyDelete
  15. ඔන්න මුලින්ම සුබ පැතුවා ......
    පැපොල හැදෙනවා කියන්නෙ එපා වෙනවා. මම ඉස්කෝලෙ යන දවස්වල තමා හැදුනෙ ....
    හැබැයි ඊට පස්සෙ මාස හයක් විතර යනකං හෙම්බිරිස්සාවක්වත් නැහැ .......

    ReplyDelete
  16. මේ මැද පෙරදිග මේක වසංගත තත්වයක්. විශේෂයෙන් Labour Camps වල.
    සෑහෙන්න වටිනවා මේ ළිපි පෙල, අන්තර්ජාලයට පොතට වඩා සමීප වෙන අනාගත සිංහල පරපුරට.
    පරිස්සමින් ආපහු එන්න - ගිය ගමන සාර්ථක වේවායිද පතමි.

    ReplyDelete
  17. ආයුබෝවන් හිතවත , ඔබගේ ජීවිතයේ තැබූ ඉදිරි පියවර වෙනුවෙන් මම ඔබට සුභ පතනවා. ඔබගේ වටිනා ලිපි තව දුරටත් අප හට කියවීමට ලැබේවි නේද ? මට ඔබ තුමාගෙන් ඇසීමට ගැටළුවක් තිබෙනවා . පැපොල හැදුනහම ප්‍රතිශක්තිකරණය ලැබෙන්නේ පැපොල රෝගය සදහාම පමණක් ද ? නැතිනම් සමස්තයක් වශයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ලැබෙනවද ?
    ස්තුතියි

    ReplyDelete
  18. -පන්සල් හංදිය,
    ඒ කාළෙ හැදුන එක හොඳයි , නැත්නම් ටිකක් කරදරයිනේ ,

    -තිස්ස දොඩන්ගොඩ,
    ස්තුතියි ඔබතුමාටත් ..

    -Kavindi ,
    හරිම සොඳුරු ඇමතුමක් , .....ඔව් සොඳුරු සුව අසපුව දිගටම පවතීවි , ඔව් පැපොල රෝගයෙන් පසුව ලැබෙන්නේ එම වෛරසයට අදාලවූ ප්‍රතිශක්තිකරණ හැකියාවක් පමණයි ..ස්තුතියි ඔබටත්

    ReplyDelete
  19. මුලින්ම සුබ පැතුම් නව ජීවිතේට . මේපල් ගස් හරි ලස්සනයි නේද . අපිටත් මේපල් සිරප් බෝතලයක් වත් ගෙන්න ගන්න බැරිය .
    මටත් පැපොල හැදිලා නැහැ .හැබැයි මන් ඉපදුන දවස් වල තාත්තට හැදිලා . බලාගන්න කෙනෙක් නැති වුනහම මව වඩා ගන්නත් වුනාලු . එත් මට හැදිලා නැහැ . පොඩ්ඩන්ට නම් එන්නත් දුන්න .

    ReplyDelete
  20. -Bindi ,
    හ්ම් මේ දවස් වල මේපල් ගස් තවත් ලස්සන වෙලා ..රතුපාට තැඹිලි පාට හරිම ලස්සනයි , අපිත් මේ දවස් ටිකේ ටිකක් ඇවිදිනවා මොකද පළාත අඳුනගන්නත් එපායැ. මේපල් සිරප් ඕන තරම් එවන්න බැරියැ ...
    එහෙමනම් පොඩ්ඩො ගැන බයක් නැහැ ...
    ස්තුතියි සුබ පැතුමටත් පැමිණි අදහස් ලිවාටත්

    ReplyDelete
  21. Dear Sir
    First of all, I am wishing you & your family happiness and wealth for your new life at Canad. I am a regular reader of your valuable articles. But never comment. Thank you very much for your very important & valuable service. When reading your articles, I learn so many thing and now my children are also reading those and getting good and valuable knowledge about our health. Thank you very much.

    I am so sorry about your leaving. I think we need people like you very much. But anyhow, I wish you & your family success in every way. Please do not stop your valuable community service.

    Thank you.

    ReplyDelete
  22. වයද්‍ය තුමනි නැවත නැවතත් ඔබතුමාට ගොඩක් ස්තුතියි මොකද අද පැපොල් ලෙඩේ ගැන කියෙව්වා .මට සති 3කට උඩදී හැදුනා මට සනීප වුනාට පස්සේ මගේ දුවට හැදිලා දැන් දවස් දෙකක් වෙනවා .අපි එයාට වැක්සීන් එන්නත් දුන්න එත් ලෙඩේ හැදුනා .හොස්පිටල් එකෙන් කිව්වා ලෙඩේ වැඩි වුනාම එන්න කියල නැවත වැක්සීන් දුන්නට ප්‍රශ්නයක් නැද්ද ?ඔබ තුමා ගාල්ලේ කිව්වහම තවත් සතුටුයි .මොකද අපිත් ගාල්ලේ හින්ද .

    ReplyDelete
  23. මටත් දැන් මේ ලේඩෙ හැදිලා ඉන්නේ.නාන්න ඒපා කියනවා ඒක ඒත්තක්ද

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)