2011/10/14

තාවකාළික සමුගැනීමක් ...

සොඳුරු සුව අසපුවේ දයාබර මිතුරු මිතුරියනි ,

මීට පෙර ලිපියෙන් දින දහයක් යනතුරුත් නව ලිපියක් සොඳුරු සුව අසපුවේ නොවීම පිළිබඳව ඔබ මා හා උරණ නොවනු ඇතැයි විශ්වාස කරන්නේ , මීට පෙර සතියකට අවම වශයෙන් ලිපි දෙකක්වත් පිළිවෙලින් ඔබ වෙත ලබා දෙන්නට හැකිවූ නිසාවෙනි . නමුත් මේ දින වල පවතින අතිශ්‍ය තීරණාත්මක කඩඉමක වැඩකටයුතු නිසාවෙන් කාර්ය බහුල වී ඇති නිසා , නව ලිපියක් සකසන්නට තරම් මානසික විවේකයක් නොමැති හෙයින් “සොඳුරු සුව අසපුව“  ඔබ වෙත මෙසේ විවෘතවම තබා තාවකාළිකව ඉන් සමුගන්නට සිතමි.

නමුත් ඒ තාවකාළික සමුගැනීමක් පමණි , මේ අතිශ්‍යය කාර්ය බහුල වටපිටාව , යම් තරමකට සාමාන්‍ය වූ දින නැවතත් ඔබ සමඟින් එක්වන බලා පොරොත්තුවෙන් සහ  මෙතෙක් රැඳී සිටි ඔබ තව දුරටත් “සොඳුරු සුව අසපුව“ සමඟින් එක්ව සිටිනු ඇතැයි විශ්වාසය තබා ගනිමින්  සමුගනිමි.

නමුත් ඔබට ඇති යම් ගැටළුවක් , විශේෂයෙන් සෞඛ්‍ය ගැටළුවක් හෝ අදහසක් වේනම් මෙහි පළ කිරීමට අවස්ථාව ඇති අතර අවස්ථාව ලද හැම විටකම ඊට පිළිතුරු සපයන්නට උත්සාහ කරමි.

එමෙන්ම “මගේ අරමුණ“ හි සඳහන් ඇමතුම් මාර්ග ඔස්සේ මෙම දින කිහිපය තුල ඔබ හමුවන්නට නොහැකි විය හැකි නිසාවෙන් ඒ පිළිබඳව සමාව දෙනු ඇතැයිද මම විශ්වාස කරමි .

ඔබ සැමට සුව පතමි ....“නිරෝගීකම හැර සුවයක් ලොවේ කොයින්දා .....“

මම මහේෂ් නිශාන්ත
සොඳුරු සුව අසපුව වෙනුවෙන් ...

18 comments:

  1. ඒත් අපි බැලුව අලුත් පොස්ට් නැත්තෙ මොකද කියල.වැඩවලින් නිදහස් උන වෙලාවක ආයම ලියන්නකො එහෙනම්.

    ReplyDelete
  2. ඔබ හා මුලසිටම සිටි කෙනෙක් වශයෙන් ඔබේ ඈත්වීම දුකක් දැනෙනවා ඔබ කල මෙහෙය අති විශාලයි . මේ කල පිනම ඇති ඔබට..
    ඔබට , ඔබේ දයාබර බිරිඳට , සුරතල් දරු දෙදෙනාට නිදුක් නිරෝගී සුවය හා අප සැමගේ ආශිර්වාදය ලැබෙනවා. ඉඩ ලද විගස නැවතත් අප හා එක්වන්න ...

    ජය පතනව...

    ReplyDelete
  3. ඒක තමා මාත් බැලුවේ සුව අසපුව අප්ඩේට් උනේ නැත්තේ ඇයි කියලා. එහෙනම් අයියා වැඩ සේරම ඉවරයක් එකලාසයක් කරගෙන ආයෙමත් ලිපි ලියන්න එන්න.

    ReplyDelete
  4. ඇති යන්තං ....මම වැඩ ටික ඉවර කරලා එන්න හදන කොට මොකද මේ යන්න හදන්නෙ .......

    කමක් නැහැ පුලුවන් ඉක්මනින් ආපහු එන්නකෝ .....

    මට කියවන්න බැරි උන ලිපි ටික ඒ කාලෙදි කියවන්න බැරියෑ ....

    ReplyDelete
  5. ඉක්මනින් නැවත අප හමුවන්න ලැබේවා!

    ReplyDelete
  6. ඔබගේ කාර්‍යබහුල වැඩ කටයුතු සියල්ල සාර්ථකව නිම වේවා ඉත සිතින් පතමි.

    ReplyDelete
  7. හරි එහෙනං ඒ වැඩේ කර‍ලාම ආය එන්න මේ පැත්තෙ.

    හැබැයි කණගාටුවකට තියෙන්නෙ අර 119 වගේ හැම දේටම තියෙන මහේෂ අයියණ්ඩිගේ ෆෝන් එක වැඩ නැති එක තමා...

    ReplyDelete
  8. හිමීට එන්නකො . . . . හදිසියක් නෑ

    ReplyDelete
  9. අය්යාගේ වැඩ කටයුතු ටික ඉක්මනට සම්පුර්න කරගෙන ඉක්මනින් ආයෙමත් සොදුරු සුව අසපුව වර්ණවත් කරන්න ලැබේවා කියාලා පතනවා..

    ReplyDelete
  10. ************
    අදහස් දැක්වූ, සුභ පැතූ හෘදයාංගමවූ මිතුරු මිතුරියනි ඔබ සැමට ස්තුතිය පුද කරමි , ..

    ReplyDelete
  11. to dearest Mahesh &Manoja
    Hope you are ready to leave.i really feel sorry but hope to hear from you soon.good luck.
    thilani

    ReplyDelete
  12. අයියගේ වැඩ ටික ඉවරගෙන ආයිත් අපිව දැනුවත් කරන ලිපි ලියන්නකෝ :)

    ReplyDelete
  13. ************
    අදහස් දැක්වූ, සුභ පැතූ හෘදයාංගමවූ මිතුරු මිතුරියනි ඔබ සැමට ස්තුතිය පුද කරමි , ..

    ReplyDelete
  14. අනේ මම එන්න පරක්කු වෙලා වගේ.

    අයියාගේ සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා පතමි.

    අප සැම වෙනුවෙන්... උදාර මිනිසෙකු ලෙස, ඔබ කල මෙහෙවරට, මුලු හදින්ම තුති පුදමි.

    ඉක්මනින් නැවත එන්න.

    ReplyDelete
  15. ************
    අදහස් දැක්වූ , සුභ පැතූ හෘදයාංගමවූ මිතුරු මිතුරියනි ඔබ සැමට ස්තුතිය පුද කරමි , ..

    ReplyDelete
  16. ඉක්මනින් එන්න.......

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)