2011/07/26

මගේ බ්ලොග් සටහනටත් වැඩේ දීලා ....ස්තුතියි

අද දින මගේ email ගිණුමට ඇතුළුවීමට නොහැකි තත්ත්වයක් ඇතිවූ අතර මෙම සොඳුරු සුව අසපුව සොයාගැනීමට නොහැකි යැයි පණිවිඩයක් නිරන්තරයෙන් blogger වෙතින් ලැබුණි .

ඒ අවස්ථාවේ ඒ බව දැනුම් දෙමින් , මට තාක්ෂණික උපදෙස් ලබා දෙමින් මට සහයෝගය ලබා දුන් ඔබ සැමට මගේ ගෞරව පූර්වක ස්තුතිය පුදකරමි .



දැන් නැවතත්   බ්ලොග් සටහන ක්‍රියාත්මක වුවත් එය නැවන අක්‍රියවීමක් හෝ (අක්‍රිය කිරීමක් ) සිදුවිය හැකි නිසා මේ පිළිබඳ වැඩි දුර උපදෙස් ලබා දිය හැකි තාක්ෂණීක දැනුමක් ඔබ සතු නම් ඔබේ සහයෝගය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙමි.

මෙය සම්පූර්ණයෙන්ම “හැමගේ යහපත පිණිස“ කෙරෙන සටහනක් වන අතර කිසිදු විට තවෙකෙක් රිදවීම පිණිස නොව “තවෙකෙක් සුවපත් කරනු“ පිණිස ලියැවෙන්නකි .ඉතින් මෙම සටහන විනාශ කරන්නට උත්සාහ කළ අයෙක් වේ නම් , ඔබටද කරුණාවෙන් මෙසේ සටහන් කරමි . “මිනිසෙක් ලෙස , ලෝකයට වැරැද්දක් නොකරන්න “ , එසේම එය තාක්ෂණිකමය දෝෂයක් දේෂයක් නම් එහි වරද කිසිවෙකුටත් නොපවරමි.

සිංහල බ්ලොග් කළාවට ලැදි එමෙන්ම තොරතුරු තාක්ෂණයේ දැනුමැති ඔබ සැමට යොජනාවක් කරන්නට මෙය සුදුසුම අවස්ථාව යැයි සිතමි , බ්ලොග් අඩවියක ආරක්ෂාව පවත්වා ගැනීම පිළිබඳ නිසි දැනුවත් කිරීමක් , උපක්‍රම හඳුන්වාදීමක් කළ හැකි නම් ඔබට , එය ශ්‍රී ලංකාවටම අනන්‍යවූ මේ “සිංහල බ්ලොග් කළාවේ “ උන්නතිය වෙනුවෙන් කරන මහත් සහයෝගයකි .


ස්තුතියි ඔබ සැමට .....

37 comments:

  1. කමෙන්ට් නොකළාට මම ඔබේ බ්ලොග් එක නිතර කියවන පාඨකයෙක්මි. ඉන් මා ඉගෙන ගත් යම් යම් දේවල්ද, ජීවිතයේ ප්‍රායෝගිකව ක්‍රියාවට ගත් දේවල්ද ඇත. උදාහරණයක් හැටියට මම කොලොස්ටෙරොල් ගැටළුව නිසා Atorvastatin 10 mg දිනපතා ගනිමි. මගේ සාමාන්‍ය සිරිත වූයේ රෑ වැඩ කොට කීයට හෝ නින්දට යාමට පෙර එය ගැනීමය. මේ නිසා එය ගන්නා වේලාව රාත්‍රි 12.00 හෝ සමහර විට උදෑසන 1 හෝ 2 පමණ විය. නමුත් මේවායේ "නිශාචර" ක්‍රියාකාරිත්වය ගැන ඔබේ බ්ලොග් එකෙන් දැන ගැනීමෙන් පසුව දැන් මම දිනපතා රාත්‍රි 7.00 ට ඒවා ගනිමි. ඔබේ අනෙකුත් පාඨකයින්ද මෙසේ ඔබෙන් බොහෝ දේ ඉගෙනෙ ඇතුවාට සැක නැත.

    ඒ කෙසේ වෙතත් බ්ලොගවකාශය පිරී ඇත්තේ අමුතුම ජාතියේ සතුන් කොටසකගෙනි. මේ අය අතර විවිධාකාරයේ අන්තවාදීහු වෙති. මේ අන්තවාදීන්ට තමන්ගේ මතයට එරෙහි සුළු දෙයක් හෝ දරා ගත නොහැකිය. හැක් කර බ්ලොග් අඩවි නතර කරලීම මීට පෙර සිදුවී තිබේ. එවැන්නක් කළේ මන්ද දන්නේ කළවුන්ම පමණි. මේ නිසා ගත හැකි ආරක්Sඅක පියවර ගන්න. හදිසියකදී ප්‍රයෝජනයට ගනු වස් සියළු සටහන් බැකප් කර තබන්න. මුර පද යෙදීමේදී ආරක්ෂාකාරී පියවර ගන්න. ඔබට ජය!

    ReplyDelete
  2. ඔබට ස්තුතියි , මේ වන විට කළ හැකි සෑම ආරක්ෂක ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරමින් පවතී ,

    ReplyDelete
  3. එන්න එන්නම මේ බ්ලොග් ලෝකය විෂම වේගෙන එනවද මන්දා, කොහොම උනත් ඔබතුමාගේ බ්ලොග් එකේ බැකප් එකක් අරගෙන තියාගන්න, දවස් දෙකෙන් දෙකට වගේ බැකප් එකක් ගන්න.එතකොට මොකක් හරි කරදරයක් සිදුවුනොත් Wordpress වලට හරි මාරු වෙන්න පුළුවන්නේ.

    තවත් දෙයක් පාස්වර්ඩ් යොදන කො‍ට alpha-numeric-symbol සහිත මුරපදයක් යොදන්න.එවිට එය සොයා ගැනීම අපහසු වේවි.

    බ්ලොගර් එකෙන් බ්ලොග් එක සොයා ගැනීමට අපහසුයි කියලා දෙන පණිවිඩය සමහරවිට ඔවුන්ගේ තාක්ෂණික දෝෂයක් වන්නටත් පුලුවන්.

    කෝකටත් ආරක්ෂකරිව ඉන්න එක හොදයි නේ :)

    ReplyDelete
  4. ChammA,

    ඔව් ඔබට බොහොම ස්තුතියි , දැන ගන්නට ලැබුණ තාක්ෂණික තොරතුරු අනුව යමෙක් , යම් වෙනසක් සිදු කරලාලු , ඒත් කමක් නැහැ , එයින් මම තවත් හුඟක් දේ අළුතින් ඉගෙන ගත්තා ,
    බොහොම ස්තුතියි ,ඔබේ සහෘදත්වයට සහ උපදෙස් වලට

    ReplyDelete
  5. මුරපදය නිතරම මාරු කරන්න... ඒ වගේම ChammA කිව්ව වගේ බැකප් අරන් තියාගන්න එක තමයි කරන්න තියෙන්නෙ...

    මම නම් හිතන්නෙ තාක්ෂණික දෝෂයක් වෙන්න ඇති... නැත්තන් මෙහෙම බ්ලොග් එකක් විනාශ කරන්න යන්නෙ මානසික රෝගියෙක් වෙන්න ඕන...

    ReplyDelete
  6. මෙතනදී උනේ මොනාද කියන්න හරියටම දන්නේ නෑ. කෙසේ වෙතත්
    එවනි දේවල් වෙන්න ඉඩ තියනවා. ආරක්ශිත පියවරක් අනුගමනය කරන්න. ඔබට අවශ්ය දැනුම ලබා දේවි අනිත් අය. ඒ සදහා නිපුනත්වයක් ඇති අය ඉන්නවා මෙහි.

    අපි හැමදාම ඔබත් සමග ඉන්නවා.

    ReplyDelete
  7. සාතන්,
    ඔබේ උපදෙස් සහ දැක්වූ සහෘදත්වය වෙනුවෙන් මගේ ස්තුතියි ,ඔව් අපි ආරක්ෂා වෙන එක කෝකටත් හොඳයිනේ , කාටවත් වරදක් නොකියා නේද ?

    ReplyDelete
  8. ස්තුතියි ගිම්හානි , ඇත්තටම ඔබ සැමගේ දිරි ගැන්වීම් සහ යෝජනා චෝදනා සියල්ලගේම ප්‍රතිපලයයි මේ සොඳුරු සුව අසපුව , ඒ වෙනුවෙන් නිබඳව දක්වන සහෘදත්වය වෙනුවෙන් මගේ තුති පුදමි ,

    ReplyDelete
  9. එක එක විදියෙ රෝගීන් අපි අතරෙ ඉන්න බව ඔබතුමා අපිට වඩා හොඳින්ම දන්නවනෙ . . . . . මම ඊට වඩා යමක් කියන්නෙ නෑ . . . . .
    ඔබට ජය . . . . ඔබේ බ්ලොගට ජයෙන් ජය . . . . .

    ReplyDelete
  10. ඕනයා
    ඇත්තම ඇත්ත , කොහොම වුනත් මම රෝහලේ රෝගීන්ගෙන් ඉගෙන ගන්නවා වගේම මේ “උදව්ව කළ අය (රෝගියා හෝ තාක්ෂණය) නිසාත් ගොඩාක් ඉගෙන ගත්තා , ඒකම වටිනවානේ නේද ? ස්තුතියි ඔබ දැක්වූ සහෘද සංවේදී බවට

    ReplyDelete
  11. මම මේ බ්ලොග් එක කියවන්න හිතාගෙන ඉන්න එකක්, මේ බ්ලොග් එක හෙමින් සැරේ කියවන්න ඕන එකක් වෙලාව තියන හැටියට කියවනවා. මම දැන් උනත් කමෙන්ට් කලේ මේ ලිපිය දැක්ක නිසා.

    සැලෙන්න එපා ..........

    ReplyDelete
  12. පන්සල් හංදිය, ස්තුතියි ඔබට , මේ දවස්වල තියෙන අධික රජකාරි අතරෙදිත් මේ ගැටළුව ගැන සංවේදී විම පිළිබඳව , ස්තුතියි , ඔව් අපි ලියමු , අපි හැමෝම වෙනුවෙන් ,

    ReplyDelete
  13. මමත් ඔබේ බ්ලොග් අඩවියට නිතර පැමිණෙන පාඨකයෙක්. කවුරුන් හෝ දේශීය කෙනෙක් මේ වගේ බ්ලොග් අඩවියකට බාධා කරනවානම් අර සාතන් කිව්වා වගේම මානසික රෝගියෙක් නිසා. කොහොම වුනත් තාක්ෂණික දේ ගැන අපි නරකම දේටත් සූදානම් වෙලා ඉන්න ඕනි. (Expect the worst).සරලවම කල හැකි දේවල් කලින් අය කියලා තියෙනවා.

    මම බ්ලොග්කරණයට ආධුනිකයෙක්. මගේ බ්ලොග් එක වර්ඩ්ප්‍රෙස් මත පවත්වාගෙන යන එකක්. එයටත් අනවසර පිවිසීමක් මෙන්ම දත්ත වෙනස් කිරීමත්, මැල්වෙයා (malware) ඇතුලත් කිරීමත් සිදු වී තිබුනා. නමුත් ඒ ගැන වේලාසනින් දැන ගැනීමත් ,වෙබ් හොස්ට් ආයතනයෙන් කලින් බැකප් රැගෙන තිබීමත් නිසා ඉක්මනින් යථා තත්වයට ගෙන ඒමට පුළුවන් වුනා.

    ReplyDelete
  14. බොහොම ස්තුතියි ඉඳුනිල් , ඔබේ අදහසත් මට ඉතා වටිනාබව කිවයුතුමයි , //කොහොම වුනත් තාක්ෂණික දේ ගැන අපි නරකම දේටත් සූදානම් වෙලා ඉන්න ඕනි// ඇත්තෙන්ම වැදගත් ප්‍රකාශයක් ..ස්තුතියි ඔබට දැක්වූ හෘදයාංගම බවට..

    ReplyDelete
  15. මගේ තාක්ෂණික දැනුම අනුව පහත තියන ඒවා තමයි කරන්න තියෙන්නෙ

    01) දිගු අකුරු(කැපිටල් , සිම්පල් දෙකම අඩංගු ) , ඉලක්කම් සංඛේත යන සියල්ලම අන්තර්ගත මුරපදයක් භාවිතය

    02) එම මුර පදය වෙන කිසිම ගිනුමකට භාවිතා නොකිරීම

    03) තමන්ගේ පරිඝණකයෙන් හැර අන් කිසි තැනකින් , බ්ලොග්ගර් වලට හෝ ඊමෙල් වලට නොපිවිසීම

    04) ආරක්ෂිත වෙබ් බ්‍රව්සරයක් භාවිතය

    05) පරිඝනකය අහිතකර මෘදුකාංගවලින් ආරක්ෂා කර ගැනීමේ පියවරයන් අනුගමනය කිරීම (Security Updates, Anti-Virus Software etc )

    06) සැම ලිපියකටම පසු බැකප් එකක් ගැනීම සහ ටෙම්ප්ලේටය සංශෝධනය කරන සැම විටකම වෙනසට පෙර හා පසු එහි පිටප්ත් භාගත කර ගැනීම

    ReplyDelete
  16. buwa,
    ඔබ දැක්වූ සහයෝගයට මම ස්තුති වන්ත වන අතර මෙම කරුණු අප හැමටම ප්‍රයෝජනවත් වන බවයි මගේ හැඟීම

    ReplyDelete
  17. ඔබ කරන කර්තව්‍ය ඉතා අගනා වටිනා පින්බර එකක් බව මුලින්ම කියන්න ඕනැ... වෙලාව තියෙන හැටියට කියවීමට මා මෙය බුක්මාර්ක් කර ගත්තා. ඒ වගේම මගේ බ්ලොග් රෝලටත් ඈඳා ගත්තා... ඔබේ උත්සහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා...
    ජය !

    ReplyDelete
  18. මම නිතර යන එන බ්ලොග් වල මෙහෙම කතා ගොඩාක් මේ දවස් වල කියවෙනවා. එහෙන් කුනුහරුප කතා මෙහෙන් තව ඒවා. මොනවා උනත් මෙහෙම පහත් මානසික මට්ටම් වල අය ඉන්නේ අද ඊයේ ඉඳන් නෙමෙයිනේ. මොන දේ උනත් අපි ඒ දේවල් හින්දා අවුල් වෙන්න නම් ඕනේ නෑ.
    ඔබ තුමාගේ බ්ලොග් එකේ නිතර කොමෙන්ට් නොකලාට මම නිතර කියවලා යන ගොඩාක් ම අගේ කරන බ්ලොග් එකක්. කොටින්ම මට අනුව නම් ඔබ තුමා කරන දැනුවත් කිරීමට හරි නම් ආන්ඩුව ඔබ තුමාට තෑග්ගක් දෙන්න ඕනේ. එකෙක් හරි මේ දේවල් කියවලා යමක් ගත්තොත් ඒකේ වාසිය රටක දියුණුවට බලපාන නිසා. මම දන්න තරමින් ලංකාවේ රජය ලොකු වියදමක් සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරනවා. කොටින්ම ලෙඩක් හැදුනාම දොස්තර ගාවට දුවනවා උනාට ලංකාවේ මිනිස්සු ලෙඩ හැදෙන්න ඉස්සෙල්ල ඒකෙන් පරෙස්සම් වෙන්න ඉගෙනගෙන නෑ කියලායි මට හිතුනේ... ඒකටත් එක්කම දොස්තරලාත් මිනිසුන්ව හරියට දැනුවත් කරන්නේ නෑ කියලායි මට හිතුනේ. මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි... ඉතින් ඔබ තුමා මට නම් වීරයෙක්...
    මොනම දෙයක් උනත් නොලියා නම් ඉන්න එපා නිශාන්ත මහත්තයෝ...

    ReplyDelete
  19. අපි හරියට හරි දේ කරනවනම් කවදාවත් අපට කරදරයක් වෙන්නේ නෑ අයියා.
    දැන් ලොගින් අවුල නම් හරි වෙන්ටෑ. ආහ් පොඩි දෙයක් කියන්නම් අයියා. සමහර වෙලාවට බ්ලොගර් වගේ ජීමේල් වගේ ෆිශින් සයිට් තියෙනවා. ඒවා හරියට අපි සාමාන්‍ය පාවිච්චි කරන ජී මේල් සයිට් එක වගේ. මේවා පාවිච්චි කරන්නේ හැකින් වලදි.

    ඒ නිසා නොදන්න කෙනෙක් දීපු ලින්ක් එකක් ක්ලික් කරලා ලොගින් වෙන්න එපා. පුලුවන් හැමවෙලාවකම ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරලා ලොග් වෙන්න.

    ReplyDelete
  20. sansarasidu , Il mondo di una povera pazza
    ඇත්තෙන්ම ඔබ සැමගේ සහයෝගය නොවන්නට “සොඳුරු සුව අසපුවක්“ නැති තරම් , ලබා දෙන උපදෙස් , අදහස් මෙන්ම ඔබ දක්වන සංවේදී සහෘදත්වයම සිතට සතුටක් , යම් අයෙකුගේ කරදරයකදි එක් වෙන , කණගාටුව . බෙදාගන්නට එක්වන අපේ ශ්‍රී ලාංකීයත්වය මෙතැනදීත් ඉස්මතු වන අයුරුහරිම රමණීයයි ..ස්තුතියි ඔබට

    ReplyDelete
  21. මධුරංග,
    බොහොම ස්තුතියි මධුරංග ,නොදන්නා බොහෝ දේ දැන ගන්නට මට මේ සිදුවීම සම්පතක් වුනාවගේ දැනෙනවා , ඔබේ දැනුවත් කිරීමටත් ස්තුතියි , ඔව් අපි හරි දේ හරියටම කරමු , බොහොම පිං එකතු වුනාට

    ReplyDelete
  22. සමාජයට යහපතක් කරන්න හිතුව බොහෝ අයට ඔහොම අකරතැබ්බ වලට මුහුණ දීමට සිදුවෙනවා. යමෙකුගේ නිර්මාණශීලී බව හෝ හැකියාව සහ ඉන් කරන සමාජ මෙහෙවර දරා ගන්නට බැරිව මේවැනි හානි දායක වැඩ කරන අය ඔවුන් ඒ කරන දේවල් ගෙනියනූ ඇත. මමත් නිතර කියවන ඔබේ සටහන් අපේ මතකයත් අලුත් කරනවා. ඔබ කරන සද් කාර්යය දිගටම කරන්න.

    ReplyDelete
  23. Anithkona ,
    යම් සිදුවීමක් වී තිබුණා නමුත් ඔබ සැමගේ උදව්වෙන් නැවතත් සොඳුරු සුව අසපුව“ දොර හැරියා , පැමිණියාට , දිරිමත් කළාට මෙන්ම සහෘදවත්ව එක් වුනාට බොහොම ස්තුතියි

    ReplyDelete
  24. අනේ ඉතින් මේ වගේ බ්ලොග් අඩවියකටත් එහෙම කරනවා නම් ඉතින් හොඳටම පිස්සු වෙන්න ඕන.
    ජය ප්‍රාර්ථනා කරනවා.!!!

    ReplyDelete
  25. ආගන්තුකයා ,
    බොහොම ස්තුතියි දැක්වූ හිතවන්ත බවට , දිරිමත් කිරීමට

    ReplyDelete
  26. අනේ..මන්දා..මොනා කියන්නද කියලා ..අයියා.

    ඔයා කරන්නේ අමිල මෙහෙයක්...
    මට නම් ඒක..... බ්ලොග් කලාවට, පිං කෙතක් වගේ.

    අපි මේ බ්ලොග් කලාව ආරක්ෂා කර ගන්න..පුලුවන් හැම උත්සාහයක්ම ගනිමු.

    ReplyDelete
  27. - නිල් අහස -
    ගොඩාක් ස්තුතියි මේ වෙලාවේ එක්වීම ගැන , එය හිතට දිරියක් , ශ්‍රී ලාංකික අපේ සුන්දරතම ගුණයක් වන ‘‘කරදරයකදී එක්වීම“ කියන සොඳුරු ගුණාංගය මතුවීමක් ,
    ඔව් අපි ලියමු , කතා කරමු , සිංහල බ්ලොග් කළාව ශ්‍රී ලාංකීය අපේ දෙයක් , එය රැක ගන්න හැම දෙනෙක්ම එක් වෙමු , මෙයත් ඊට පෙළඹුමක් දුන් එක් සිදුවීමක් ලෙස හිතමු ,ස්තුතියි

    ReplyDelete
  28. මම මේ කථාව දැක්කේ දැනුයි. ඔවා හිතන්න එපා. අපි මේ කරන්නේ අපේ කාලයත් සමඟ සටනක්. මේ වගේ සටහනක් ලියා ගන්නත් වෙලාව හොයා ගන්නෙත් හරිම අපහසුවෙන්. ඒත් ඒ කාගෙන්වත් මොනවත් ලැබෙනවට නෙමෙයි. සමාජයට යමක් දෙන්න අපිට තිබෙන කැමැත්තට.
    ඔබ මම දන්න විදියට මම කැමතිම බ්ලොග් කරුවෙක්. අපි ඒ කල කෙනාට මෛත්‍රී කරමු. වෙන කරන්න දෙයක් නැහැ.
    කෙසේ හෝ ඔබ නැවත පැමිණීම ඉමහත් සතුටක්. මේ හැම දේකම බැකප් තියා ගන්න.
    ජයම පතනවා.

    ReplyDelete
  29. Training එකකට ගිහින් හිටිය නිසා අද තමයි ගෙදර ආවෙ. ඔබතුමාගේ බ්ලොග් එකට මොකද වුනේ.? මම කරනවා වගේ හැම ලිපියක්ම backup කරගෙන තියාගන්න. පරිගණක ලෝකයේ පලවෙනි තියරිය එකලු
    හැම දෙයකම backup එකක් තියාගන්න එක

    ReplyDelete
  30. වෙද ගෙදර මහ වෙදනා,
    ඔබේ පැමිණීමත් මට ගෙනාවේ සතුටක් , ඔව් මම ඒ සිදුවීමත් තවත් හොඳ අත්දැකීමක් කරගත්තා , ගොඩක් ගෛන ගත්තා , මේ සිදුවීම නොවෙන්න මේ ඉගෙන ගත් සමර කරුණු ගැන මා දැනුවත්ව සිටියේ නැහැ . ඉතින් ඒකම මට සම්පතක් , ඔබේ අදහසට මම ගරු කරනවා , දැනටමත් දිනපතා මගේ ලිපි PDF ආකාරයෙන් ආරක්ෂා කර තබා ගන්නවා , ඒත් අතපත ගාල ආදරෙන් හදපු බ්ලොග් එක නැතිවුනාම ඒක පුදුම දුකක් , ඒත් දැන් සියල්ල නිවැරදියි , ඔබටත් බොහොම පිං මේ වෙලාවේ අදහසක් දක්වමින් දැක්වූ සහෘදශීලී බවට,

    ReplyDelete
  31. අයියෝ මෙහෙම දෙයක් වෙලා කියලා මට දැනුයි තොරතුරු ලැබුනේ ඉතින් මමත් කියන්නේ ආරක්ශක ව්දි සියල්ලම ක්‍රියාත්මක කරන්න කියලා මට කලින් ඉතින් කට්ට්ය ඉතින් උපදෙස් දිලානේ...
    මේක පරක්කුවේලා හරි කියුවාට මට පොඩ්ඩක් සමා වෙන්න...

    ReplyDelete
  32. All in one ,
    බොහොම ස්තුතියි දැක්වූ හිතවන්ත බවට , ඔබ සැමගේ සහෘද බැඳීමේ ශක්තිය නිසාවෙන් නැවත සොඳුරු සුව අසපුවේ දොර හැරුනා , අපි ආයෙත් වෙනදටත් වඩා එක් වෙලා මේ සිංහල බ්ලොග් අවකාශය , ඩිජිටල් පරිසරයේ සොඳුරුතම තැනක් කරන්නට උත්සාහ කරමු ,

    ReplyDelete
  33. වේලාව ලගයි,
    ඇත්තෙන්ම ඔබේ මතක් කිරීමත් , සංවේදී හිතවත් බවත් මම ගෞරවයෙන් පිළිගන්නා අතරේ මේ අවස්ථාවේ මා සමඟ එක්වුනාට අතිශ්‍යය ස්තුතියි පුදකරමි ,

    ReplyDelete
  34. වෙබ් පිළිබද දන්නා අයෙකුගේ දුරකතන අංකයක් ලබා දෙනන්ම්. ඔබට හැකිනම් කතා කර බලන්න.

    ReplyDelete
  35. ama ,
    බොහොම ස්තුතියි දැක්වූ හෘදයාංගම බවට , ඔබ වැනිම මිතුරු මිතුරියන්ගේ සහෘද බැඳිමේ ශක්තියෙන් නැවතත් සොඳුරු සුව අසපුව විවෘත වූවා

    ReplyDelete
  36. මගේ ගුරැපියාණනි හොද වැඩ වලට බාදා කොහොමත් එනවානේ ඒවායින් හිතට ශක්තියක් ගන්න ඔබේ හොද හිතට කවදාවත් වරදින්නෑ බාදා එන තරමට ජිවිතය රසයි මතකද ඔබ එදා අපට කියලා දුන්නා. ඔබට තෙරැවන් සරනයි.

    ReplyDelete
  37. nadeesha,
    ඇත්තටම දුවේ , මටත් මේ සිදුවිම තවත් එක අත්දැකිමක් විතරයි ,ඒ එක්කම ඒ සිදුවීමෙන් අළුත් බොහෝ දේ ඉගෙන අවස්ථාවක් ලැබුණා, තවත් විශාල පිරිසක් එක්ක අදහස් බෙදා හදා ගන්න ලැබුණා , ඒකම කොයි තරම් සතුටුක්ද? බොහහොම ස්තුතියි , ඔබේ පැමිණීම ගැන ,

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)