හැඩ වැඩ කොරෝනා |
දැන් ලෝකේ හැම තැනකම කතාවන මාතෘකා අතර මුල් තැනක තියෙන්නේ
කොරෝනා වයිරසය. ඒ අදාල වයිරසය අළුත් නිසාත් , එහි හැසිරීම පිළිබඳ තවමත් සම්පුර්ණ අවබෝධයක්
පර්යේෂකයන් අතර නැති වීමත්, දිනෙන් දින වයිරසයේ බලපෑම පැතිරීම සහ ඒ ඔස්සේ සිදුවන
මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමටත් වඩා, මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරයන් ඊට හේතු
වෙනවා.
ප්‍රධාන සහ පිළිගත් ජනමාධ්‍ය අදාල සෞඛ්‍ය අංශ වල උපදෙස්
අනුව යමින් තොරතුරු ලබා දුන්නත් , එවැනි ප්‍රධාන මට්ටමේ නොවන මාධ්‍ය සහ ෆේස්බුක්
වැනි සමාජ මාධ්‍ය ඔස්සේ තුලින් පැතිරෙන සමහර ව්‍යාජ තොරතුරු නිසා පවතින අවදානම සහ ඒ
ආශ්‍රිත බිය තවත් වැඩි කරන තත්ත්වයක් පෙනෙන්නට
තිබෙනවා. ඒ බියට වඩා ප්‍රධාන කරුණ වන්නේ වැරදි තොරතුරු සමාජ ගත වීම තුල , යම්
අවස්ථාවක මෙය වසංගත තත්ත්වයකට පත්වීමේ තත්ත්වයකදි එය පාලනයට ලොකු බාධාවක් වෙන්න
පුළුවන් මේ කියන වැරදි මතවාද.
අන්න ඒ නිසා හිතුනා මුලින්ම මේ විදියට දැනට පැතිරෙන
වැරදි තොරතුරු කිහිපයක් පිළීබඳව ඇත්ත කතා කරන්න. ඊට පස්සේ කොරෝනා වයිරසය පිළිබඳ ඔබ
දැන ගත යුතු තොරතුරු ටිකක් කතා කරන්නම්. මේ කතා කරන්නට අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ
පසුගිය දින කිහිපය පුරා අප වෙත කැනඩා විසින්අප වෙත ලබා දෙන සෞඛ්‍ය වැඩසටහන් ඔස්සේ දිනපතා ලබා ගන්නා දැනුම සහ මෙවැනි අවදානම් අවස්ථාවක් ලෙස 2009දී H1N1 ලංකාව තුල
පැතිරෙත්දි , එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමටම සැකසුනු කරාපිටිය ශික්ෂණ රෝහලේ ඒකලන
ඒකකයේ මුල්ම කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස වසර ගණනාවක් පුරා මෙවැනි අකීකරු වයිරස
සහ බැක්ටීරියාවන් සමඟ සටන් කළ රෝගීනට ප්‍රතිකාර ලබා දෙමින් ලද දැනුමත් සමඟිනි.
කතා අංක 1- ඇතුල පිටට දාන කොරෝනා
මේ දිනවල සමාජ මාධ්‍ය තුල පැතිරෙන පහත දැක්වෙන පිංතූරය
සහිත ලිපි මගින් කියැවෙන්නේ කොරෝනා වයිරසය සමඟ එන ගැටළු තුල මුහුණු වැස්මක් භාවිත කරන ආකාරයි. කෙසේ වෙතත් මේ තොරතුර සම්පුර්ණයෙන්ම වැරදියි.
කිසිම විටෙක මෙබඳු මුව වැස්මක් , මෙහි කියන පරිදි ඇතුලත පිටතට සිටින සේ නොපළදියි. හේතුව මෙම මාස්ක් වල තාක්ෂණික සැකසුම ඇත්තේ මේ කියන ආකාරයට ඇතුලට පිටටත් , පිටත ඇතුලටත් සිටින සේ පැලදීමට නොවන නිසාවෙනි.
මුලින්ම කියන්න ඕන , මෙවැනි වයිරස් වසංගත තත්ත්වයකදී මෙම සාමාන්‍ය මුහුණූ වැසුම් (මෙහි Medical masks ලෙස හැදින්වුවද පොදුවේ මේවා හදුන්වන්නේ Surgical masks ලෙසයි) මගින් වයිරසය පැතිරීම සහ වයිරසය තමා වෙතට ඇතුළු වීම “යම් ප්‍රමාණයකට“ සීමාකරගත හැකි වුවත් එමගින් සම්පුර්ණ ආරක්ෂාව ලැබේ යැයි විශ්වාස කර අනෙක් ආරක්ෂක උපක්‍රම ( ඉදිරියේදි කතා කරනවා) අනුගමනය නොකිරීම “වයිරසයට අත වැනීමකි“.
දැන් අපි ටිකක් කතා කරමු මේ Surgical mask වල කෙබඳු තාක්ෂණයක්දැයි භාවිත වන්නේ. අපි මෙතැනදි කතා කරන්නේ වෙළඳපලෙන් මිළදී ගත හැකි හොඳ තත්ත්වයේ surgical mask එකක් පිළීබඳවයි.
මෙබඳු මාස්ක් එකක ප්‍රධාන ස්ථර තුනක් තිබෙනවා. (සමහර අවස්ථා වල දෙකක් ලෙස හඳුනගන්නත් පුළුවන්) එයින් වර්නවත් ස්ථරය , සාමාන්‍යෙයන් නිල් හෝ කොළ පැහැයට හුරු පැහැගන්වල තිබෙන කොටස හදල තිබෙන්නේ ජලය අවශෝෂණය නොකරගන්නා ද්‍රව්‍යයකින්. ඒ කියන්නේ මේ ලේයර් එක මත දියර බිඳිති ඇලී පවතින්නේ නැති තරම් තව විදියකින් කිව්වොත් ඒක fluid repellent layer එකක්. දැන් එතැනින් ඇතුලට ගියාම තිබෙන්නේ තූනී , නමුත් පෙරහනක් ලෙස ක්‍රියාකරන ස්ථරයක් , මේ filter එක බැක්ටිරීයා සඳහා නම් යම් ඉහළ මට්ටමක බාධකයක් ලෙස ක්‍රියාත්මක වුනත් , වයිරස සඳහා හැකියාව ඊට අඩුයි, නමුත් යම් වාසියක් නැතිවා නොවේ. සමහර අවස්ථා වල මේ ෆිල්ටර් ලේයර් එක, වෙන් කර නොහැකි ලෙස පළමු ලේයර් එකට ඇලී තිබෙන්නට පුළුවන්. ඊළඟට ඇතුලෙම තියෙන්නේ සුදුපාට ස්ථරය , ඒක තෙතමනය උරාගන්න සැකසී තිබෙන්නක්, මාස්ක් එක පළඳගෙන හුස්ම ගනිත්දි ඒ සමඟ එන තෙතමනය රැඳී පැවතීම ගැටළුවක් වෙන නිසා ඒ එන තෙතමනය උරාගන්නයි මේ සුදුපාට ලේයර් එක තනා තිබෙන්නේ.
හරියට දාගන්න කොරෝනා එන්න ඉස්සර
දැන් කෝකටත් කියල අපි බලමු හරියට මේ මාස්ක් එක දාගන්නේ කොහොමද කියලා?
පළමු සහ වැදගත්ම පියවර , මාස්ක් එක අල්ලනත් ඉස්සර වෙලා හොඳින් අත් සෝදා ගන්න එක, මොකද නැත්නම් දැනටම අතේ තියෙන විෂබීජ නාහෙට දාගත්ත වෙනවා. ඊළඟට වයසට අදාල මාස්ක් එක තෝරාගෙන , වර්ණවත් පැත්ත (fluid repellent layer) ඔබේ ඉවතට (බාහිර පරිසරයට ගැටනෙ සේ) තිබෙන විදියට සහ සුදුපාට පැත්ත (Absorbent layer) මුහුණේ ස්පර්ශ වන විදියට තියල, ඊළඟට අර වර්ණවත් පැත්තේ නාසයට ඉහළ නැමෙන සුළු තීරුව තිබෙන පැත්ත නාසය මතට තිබෙන විදියට තබල, බැදුම් යොදා ගනිමින් හිස පිටුපසට වෙන්නට හොඳින් ගැටගසා ගන්න ඕන. මෙතැනදි “හොඳින්“ කියන්නේ නාසය , මුව සහ නිකට සම්පුර්ණයෙන් ආවරණය වන විදියට තිබෙන්න ඕන. අනෙක ඊළඟට අර නාසය මත තිබෙන තීරුව සෙමෙන් තද කරලා නාසයට හොඳන් ස්පර්ශ වෙන්න හදාගන්න ඕන.
දැන් ඊළඟට ඕක දාගත්තට මුලු දවසෙම එකම දාගෙන එන්න එක හොඳ මදි, රජයේ සෞඛ්‍ය ආයතන උපදෙස් දුන්නොත් මාස්ක් දාන්න ඕන කියල , ඒ ලබා දෙන උපදෙස් වල දැක්වෙන කාළ සීමාවන් පස්සේ මාස්ක් එක ගතවල නිසි පරිදි බැහැල , අත්සෝදගෙන අළුත් එකක් දාගන්න අවශ්‍ය වේවි. කළබල වෙන්න එපා, තවමත් සාමාන්‍ය ගමන් බිමන් වලදි මාස්ක් දැමීම අනිවාර්ය වන තත්ත්වයක් ලංකාවේ නැහැ වගේ. නමුත් ඉදිරියේදී එහෙම වුනොත් කියල තමයි මේ විස්තරේ දාන්නේ. මේ අවස්ථාවේ රජයේ රොහල් සහ සෞඛ්‍ය ආයතන ඔස්සේ ලැබෙන උපදෙස් අනුගමනය කිරීම හුඟක් වැදගත් වේවි.
කතා අංක 2- මැරී වැටෙන කොරෝනා
තවත් වීඩියෝවක , ඇත්තටම කොටස් එක් කළ සැකසූ වීඩියෝවක පෙන්වන්නේ , මේ හිටගෙන ඉන්න මිනිස්සු මැරී වැටෙන්නට මේ වයිරසය හේතුවන බවයි. නමුත් කියන්නට ඕන මේ වයිරසය ක්‍රියාත්මක වන්නේත් H1N1 වගේ තමයි එක්තරා සීමාවකට. ඒ කියන්නේනේ මේ කොරෝනල හරිම කැමති නාසය , සයිනස් වලට , ශ්වසන පද්ධතියේ තෙතමනයත් එක්ක රැඳිල මුලින්ම උණ , කැස්ස , ශ්වසන අපහසුව ඇති කරල, ඊට පස්සේ නියුමෝනියාව වගේ තත්ත්වයකට ඇවිත් , වෙනත් ඉන්ද්‍රියයන් දුබල කරල පුද්ගලයා අවදානමට ලක් කරන එක. එහෙම නැතිව හදවත පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් ගියා වගේ වයිරසයි ඇඟට ඇතුළු වූ සැනින් මිනිස්සු මැරී වැටෙන්න්නේ නැහැ මේ තත්ත්වයේදී. සමරහ විට මේ මැරී වැටී ඇති අය පෙර කී දරුණූ තත්ත්වයෙන් පෙළුනු රෝගීන් වෙන්න පුළුවන්. නමුත් එය CoV ආසාදනයක පොදු ලක්ෂණයක් ලෙස සිදු වන්නේ නැහැ.
කතා අංක 3- වෙරි කරලා මැරෙන කොරෝනා
තවත් ෆේස්බුක් පෝස්ට් එකක කියවෙන්නේ , මධ්‍යසාර පානය කිරීමෙන් මෙම වයිරසයේ ශක්තිය අඩපණ කරන බවකි. අදාල ෆේස්බුක් පෝස්ට් එකට හේතු පාදක වන කතාව නම් , ඇල්කොහොල් සහිත රසායනික ද්‍රව්‍ය (Ex: Alcohol based hand sanitizer) මගින් වයිරසයි අක්‍රිය කළ හැකි බව වුවත් , මුහුණුපොත තුල පැතිරී යන්නේ මධ්‍යසාර පානය මගින් මෙම අවදානමෙන් වැලකිය හැකි බවකි. එය අසත්‍යයකි, මත්පැන් අධිකව භාවිත කිරීම යනු මෙවන් අවදානම් තත්ත්ව වලට අතවැනීමක් බව පමණක් මතක් කරනුයේ ඊට හේතු වන වෛද්‍යමය සාධක රැසක් ඇති නිසාවෙනි.
කතා අංක 4- මස් නොකනු කොරෝනා
තවත් නිර්මාංශ භෝජන පිළිගත කතා කරන ෆේස්බුක් පිටුවක් විසින් බෙදා හරින්නේ , කොරෝනා වයිරසය මස් නිසා වැලදෙන හෙයින් මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසයි. මෙබඳු සොයා ගැනීමක් ලෝකයේ කිසිදු තැනක හඳුනාගෙන නැත. නමුත් නිසි ලෙස සකසා නොගත් , විශේෂයෙන්ම නිවැරදි උශ්නත්වයන් යටතේ තම්බා පිස නොගත් මස් මංශ ඔස්සේ විවිධ අවදානම් ඇති බව බව සත්‍යයකි . නමුත් නිසිලෙස පිස සූදානම් කරගත් මස් හෝ මාංශ ආහාරයට ගැනීමෙන් කොරෝනා වයිරසය දේහ ගත වන බව මේ දක්වා හඳුනාගෙන නැත. කෙසේ වෙතත් මස් මාංශ නිශ්පාදන කටයුතු වල යෙදෙන සේවයකින් විශේෂිත ආරක්ෂක උපකරණ භාවිතය සුදුසුබව සෞඛ්‍ය අංශ මගින් දන්වනවා.
කතා අංක 5- හැදුනොත් මැරුණා කොරෝනා
අනෙක් වැදගත්ම කාරණය නම් , කොරෝනා ආසාදනය වූ හැම කෙනෙක්ම ඒ හේතුවෙන් මිය යන්නේ නැත. එහි වැඩිම බලපෑම ඇති කරන්නේ ප්‍රතිශක්තිය දුර්වල වූ අයට , නැත්නම් ප්‍රතිශක්තිය අඩු කරවන රෝග වලින් පෙළෙන අයට , නැත්නම් වයස් ගත හෝ කුඩා දරුවන්ටය. එසේ නොවන අයටද අවදානමක් නැතැයි නොකියතත්, වැඩිම බලපෑම ඇත්තේ පෙර කී කණ්ඩායම් වලටය.
දැන් එන්නේ ඇත්ත කොරෝනා
මේ කොරෝනා කියන්නේ සත්තුන්ට මිනි්සුන්ට සෙම්ප්‍රතිශ්‍යාව , ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව ඇති කරමින් වසර ගණනාවක් අපත් එක්ක රැඳී සිටි වයිරස කණ්ඩායමක්. සමහර විට ඔබටත් යම් අවස්ථාවක මේ වයිරස පවුලේ කෙනෙක් නිසා සෙම්ප්‍රතිශ්‍යාව හැදිල තිබෙන්න ලොකු ඉඩක් තිබෙනවා. දැනට මෙයාලගේ පවුලේ වයිරස හතක් ඉන්නවා මිනිස් ජීවිත එක්ක ගනුදෙනු කරන. ඒ කියන්නේ සාමාන්‍ය හෙම්බිරිසාවක් හදල ඊට පස්සේ ලොකු කරදරයක් නොකර ඉවත් වෙලා යන්න හරි , නැත්නම් ඊට වඩා බරපතල නියුමෝනියාව වගේ හදල ටිකක් කරදර කරන්න හරි මේ අයට පුළුවන්.
දැන් මේ අළුතම හඳුනගත්තු 2019nCoV වයිරසයත්, අර කී කිරුළක් දාපු වයිරස පවුලේ ( කොරෝනා පවුලේ) තවත් අළුත්ම සාමාජිකයෙක්.
මෙයාත් තමන්ගේ පවුලේ අනෙක් අය වගේම වැඩිපුර කැමති මිනිසුන්ගේ නාසය , උගුර , ශ්වසන පද්ධතිය වගේ තැන්වල රැඳිලා, පදිංචි වෙලා, පැටවු දාල සැර පෙන්වන්න. ඒ සැර පෙන්විල්ල, සමහර විට සාමාන්‍ය උණ හෙම්බරිස්සාවක ලක්ෂණ දීල නැති වෙලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ හෙම්බරිසාව, කැස්ස, උණ ගතියක් , ඇඟ පත අමාරු බවක් තිබිලා අඩු වෙලා යන්නත් පුළුවන්. නැත්නම් ඊඨ වඩා ටිකක් ශ්වසන පද්ධතියේ පහලට ගිහින් නියුමෝනියාව වගේ දරුණු තත්තවයකට ගෙනත් ඊටත් එහාට ගිහින් සමහර ඉන්ද්‍රිය අවයව අඩපණ කරල ජීවිතය අවදානම් තත්ත්වයකට ගෙනියන්නත් මෙයාට පුළුවන්.
කොරෝනා spray කරන්න එපා |
ඒ නිසා වඩාත්ම වැදගත් මේ ගැටළුවට පත්වීමෙන් වැලකී සිටීම, ඒ කියන්නෙ වලක්වා ගැනීමයි වැදගත්ම. කෙහොමද මේ කොරෝනා දේහ ගත වීමෙන් සහ එමගින් රෝගී වීමෙන් වලකින්නේ,
කළිසමේ , බෙල්ට් එකේ එල්ලගෙන වුනත් යතෑකි |
ටුෂූ නැත්නං වැලමිටින් හාච්ච්ං |
කෙසේ වෙතත් ඔබට මේ රෝග ලක්ෂණ මතුවේ නම් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්, පළමුව විවේකය , දියර වර්ග වැඩි පුර පානය කිරීම , නිසි පෝෂණය පවත්වාගෙන යාම වගේ පොදු කාරණා අතරේ තමනගේ රෝග ලක්ෂණ වැඩිවන ස්වභාවයක් ඇත්නම් ඉක්මණින් රෝහලකට යොමු වීමත් වැදගත්. එතැනදි ඔබ මාස්ක් එකක් පැලඳගෙන යනවා නම් එය ඔබට වගේම අනෙකාටත් යහපතක්. ඊට අමතරව , ඔය හොටු හූරළා සාක්කුවේ දාගන්න ලේන්සුව ගෙදර තියල, හැකිනම් facial tissue ටිකක් බෑග් එකේ දාගෙන යන්න. කැස්සක් කිවිසුමක් ආවොත් ටිෂු එකක් මගින් විසබීජ විසිරීම අඩු කරන්න උත්සාහ කරන්න නැත්නම් ඇඳුමෙන් හෝ වැලමිට භාවිත කරමින් එම උත්සාහ දරන්න. හොටු සූරන්න වෙන අවස්ථාව අර අළුත් ටිෂු එකක් ගන්න, වැඩේ ඉවර කරල තැන තැන විසි කරන්නේ නැතිව , කසල බාල්දියකට දමන්න. ඊට පස්සේ මතක ඇතුවම අත පිරිසිදු කරගන්න. පෙර කී සැනිටයිසර් එක මෙතැනදිත් වැදගත් වෙනවා.
හැකියාවක් තිබේ නම් මෙම රෝගයේ යැයි සැක කළ හැකි ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සමඟ සමීප සබඳතා සීමා කරගන්න , එසේ නොකළ හැකි අවස්ථාවක පෙර කී ආරක්ෂණ පියවර ඔබේ ආරක්ෂාවට යොදා ගන්න.
කෙසේ වෙතත් , මේ කොරෝනා වයිරසය හඳුනාගැනීමේ සර්ථක පරික්ෂණ පහසුකම් අද වෙත්දි ලංකාවේ තිබෙනවා , හඳුනාගත්තත්, ඊට විරුද්ධව ක්‍රියාත්මක කළ හැකි ස්ථිර ප්‍රතිකාරයක් නම් තවම නැහැ. ඒකෙන් කියන්නේ නැහැ කොරෝනා ලෙඩේ හැදුනොත් “මැරුණාම“ තමා කියල, මෙවන් වයිසර ආසාදන වලදී බොහෝ විය පුද්ගලයාගේ දේහයෙන් ඇති කරන ප්‍රතිශක්තිය මගින්ම රෝගය සුව කරනවා. මෙතැනදීත් එසේමයි.නමුත් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව අනුව පෙර කී විදියට හොඳ වෙන්න වැඩි අවස්ථාවක් වගේම නියුමෝනියාව වගේ තවත් කරදර ඇති කරන්නට හෝ ජීවිතය නැති වන තත්ත්වයට පත් කරන්නටත් යම් හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් තවමත් මේ වයිරසයේ හැසිරීම 100%ක් පැහැදිලිව හදුනාගෙන නැති නිසා ඉදිරියේදී වෙනත් තොරතුරු ලැබෙන්න පුළුවන්.
කොරෝනාට කොරන්නට නම්
දැනට පවතින තත්ත්වය අනුව වැදගත්ම දේ රෝගය පිළිබඳව දැනුවත් වීම සහ වලක්වාගැනීමේ උපක්‍රම ක්‍රියාත්මක කිරීමයි. ඒ අතරේ මේ වයිරසයේ ගොදුරක් වීමේ අවදානම් අවස්ථා සීමා කරගන්නට කටයුතු කිරීමත් වැදගත් වේවි. එතැනදි ඔබේ පවිත්‍රතාව නිසි ලෙස පවත්වා ගන්නට අවශ්‍ය කරන යම් අමතර කරුණූ කිහිපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි, ඒ හොටු එකතු කරන ලේන්සුව වෙනුවට facial tissue ටිකක් පුංචි බෑග් එකක දාල ඔබේ සාක්කුවේ, පසුම්බියේ හෝ අත්බෑගයේ තබාගන්න. ඊට අමතරව අත්බෑගයක් ඇත්නම් තවත් කඩදාසි උරයක් හරි තියාගන්න , පාවිච්චි කළ ටිෂු ටික දාගෙන ඇවිත් කසල බදුනකට දානකම් තබා ගන්න. මේ ටිෂු එක්කම පුංචි Hand sanitizer එකක් බෑග් එකේ තබා ගන්න එක වාසියක්. හිතන්න වැඩට යත්දි බස් එකේ තද වෙලා , බස් එකේ පොලු වල තියෙන අනුන්ගේ හොටු ගාගෙන වැඩට යනවට වඩා හොඳයි බස් එකෙන් බැස්ස ගමන් Sanitizer පොඩ්ඩක් අතට දාගෙන , අත් පිරිසිදු කරගන්න එක. මේ වගේම වැදගත් දෙයක් තමයි surgical masks කිහිපයක් තබා ගැනීම. අවදානම් යැයි සැක කළ හැකි තැනකදි උදාහරණයක්විදියට දැනට නම් රෝහලක බාහිර රෝගී අංශයට වෙලා රැඳී ඉන්න වෙලාවක වගේ නැත්නම් හුඟක්ම ජනාකීර්ණ තදබද තැනකදි , අර මාස්ක් එකක් පැලඳගන්න එක ඇඟට ගුණයි.කෙසේ වෙතත් , මේ අවස්ථාවේ වැදගත්ම දේ රජය අනුබද්ධ සෞඛ්‍ය ආයතන , සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමයි.
නිවැරදිම තොරතුරු සඳහා https://www.cdc.gov/coronavirus/2019-ncov/index.html
https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019
අදට කතාව අවසන්, සුව සතුට පිරි දිනයක් ඔබට!
Thanks for this detailed post
ReplyDeleteස්තුතියි
Deleteප්‍රයෝජනවත් ලිපියක්, පලකිරීම ගැන ස්තුතියි. මම බැලුව මේ ගල් අරක්කුවල කොච්චර මධ්‍යසාර ප්‍රතිශතයක් තියනවද කියල බැලුවහම ඒකේ තියෙන්නෙ 33.5%යි ඒක හින්ද Hand sanitizer වෙනුවට ඒක හරියන්නෙ නැහැ
ReplyDeleteඅන්තර්ජාලයේ සදහන් කරුණු අනුව මේ ලිපිය වැරදියි ඒ නිසා මගේ මුල් කමෙන්ට් එක අවලංගු කරනවා අන්තර්ජාලයේ තියෙන්නෙ මෙහෙමයි
ReplyDeleteThe white side contains filter. Therefore, if you have flu, it should be attached to your face so that the blue side faces out to prevent the germs from spreading outwards. If you are not ill, the white side should be facing out to protect micro-organism from the environment to come into contact with you.
මෙන්න මේ වැරදි තොරතුර ගැන තමයි මේ පෝස්ට් එකේ මුලින්ක මම විස්තර කරල තිබෙන්නේ. ඔබ අන්තර්ජාලයෙන් උපුටු දක්වල තිබෙන්නේ “සම්පුර්ණ වැරදි තොරතුරක්“ . මේකතමයි අපේ රටේ සමාජ මාධ්‍ය වලින් සිදුවන අපරාධය , නිවැරදි දේ වැරදි විදියටත් , වැරදි දේ නිවැරදි විදියටත් පෙන්වා දීම. ඔබ මේ දෙවැනි කොමෙන්ට් එකේ දක්වා තිබෙන්නේ වැරදි තොරතුරක් , මාස්ක් එකක් කිසිම හේතුවක් නිසා පැති මාරු කර පළ දින්නේ නැහැ, වර්ණය නොවෙයි වැදගත් , fluid repellent layer පැත්ත ( බොහෝ අවස්ථාවල නිල් හෝ වර්ණවත් පැත්ත) බාහිර පරිසරයට ගැටෙන පැත්තටත්, Absorbent layer ඒක (බොහෝ අවස්ථාවල සුදු පැත්ත) සමට ගැටෙන ලෙසත් පළදින්න ඕන. මෙයයි නිවැරදිි ක්‍රමයි.
Deleteමේ ලිපිය තුල නිවැරදි ක්‍රමය පෙන්වා දී තිබෙනවා, එය පිළිගැනීම හෝ නොපිළිගැනීම කියවන ඔබට බාරයි.