2012/10/11

දැන් පෙන්වනවා ...“ඇගේ කඳුළු කතාව“

ගිය සතියෙන් පටන් ගත්ත චිත්තරපටි වැඩේ ලැබෙන වෙලාවක ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා ..ඒ කිවේ යම් වැදගත්කමක් ඇති චිත්‍රපටයක් බලන්නට ලැබුණොත් එය ඔබත් සමඟත් බෙදා ගෙන “දැනුවත් වෙමින් සතුටක් ලබන්නට “ කටයුතු කරන්නට සිතා ගත්තා . මතක නේ ගිය සතියේ අපි බැළුවේ ඒඩ්ස් රෝගය හඳුනාගැනීම සිට මේ දක්වා පර්යේෂකයන් මුහුණදුන් නානාප්‍රකාර ගැටළු ..ඇත්තටමට අපට ඒ ගැන සිතන්නට ඉඩ නොලැබෙන තරම් නේ .. කොහොම වුනත් එය නැරඹුවා නම් යම් දැනුමක් , සතුටක් ලබන්නට ඇතැයි මම හිතනවා ...


අදත් ඒ වගේම නොවුනත් , එක්තරා රෝග තත්ත්වයක් ගැන අපි හිතනවාට වඩා වෙනස් පෙනුමක් පවතින බව හඳුනාගන්නට පුළුවන් ..ඇත්තටම ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් ඔබ හමුවට ගේන්නයි දැන් හදන්නේ ...

මම ඔබේ ඇහැව්වොත් “මානසික අවපීඩනය“ නැත්නම් Depression මොන වගේ ලෙඩක්ද කියල ඇහැව්වොත් ...“ආ ..ඔය ඉතින් අඬ අඬා ඉන්න මොලේ අමාරුවක්නේ කියල කියාවි ..“ ඒත් ඒ චිත්‍රයට වඩා පැතුරුණු තත්ත්වයක් මේ රෝගයට ඇති බව Prozac nation චිත්‍රපටයෙන් පෙන්වනවා ..ඇත්ත එය ...ඒ නිසාමයි මේකට මානසික රෝග වල හෙම්බිරිස්සාව කියල කියන්නේ ..


මේ ගැන සොඳුරු සුව අසපුවේ 33 වන ලිපියෙදි කතා කළා වගේම තවත් විස්තර “ප්‍රදීප්ගේ පිටුවට“ ගියාමත් බලා ගන්නට පුළුවන් ...

දැන් ඉතින් වැඩි වැඩි කයිවාරු මොකටෙයි ...දැන් ඉතින් හරිබරි ගැහෙමුකෝ චිත්තරපටිය බලන්න .....
මුලින්ම කියන්න ඕන ..මේක ඉංග්‍රිසි චිත්‍රපටයක් ..

*********මෙහි සමහර දර්ශන පුංචිම දරුවන්ට නුසුදුසු වෙන්න පුළුවන් ..ඒ නිසා ඒ ගැන අවධානය ඇතිව මෙය බලනවා නම් හොඳයි ....


සත්‍ය ජීවිත කතාවක් මත ගොඩ නැගුණු මේ  චිත්‍රපටයේ විස්තරේ ..

Director: Erik Skjoldbjærg
Writers: Elizabeth Wurtzel (based on the book by), Galt Niederhoffer Stars:Christina Ricci, Jonathan Rhys Meyers and Jessica Lange
Release Date:13 June 2003





11 comments:

  1. නිදහස් වෙලාවක බලන්න ඕන. ස්තුතියි දැනුවත් කිරීමට. ආ... මගෙත් පිට කසලා නෙව...ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී ...කසන්න ඕන දේ කසන්න එපායැ නේද ?....:)

      Delete
  2. ඉක්මනින්ම බාගෙන බලන්නම්. මට එක වරම මතකයට ආවේ මම 1980 දශකයේදී බලපු චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියත් මෙවැනිම සත්‍ය කරුණු පසුබිම් කරගෙන කල නිර්මාණයක්. ඔටිසම් (Autistic) තත්වයෙන් පෙලෙන දරුවකු එම තත්වයෙන් සම්පුර්ණයෙන්ම පාහේ මිදෙන ආකාරයයි එහි පෙන්වන්නේ. 1970 දශකයේ අග භාගයේදී මා උගත් අධ්‍යාපන මනෝවිද්‍යාව සහ විශේෂ අධ්‍යාපනය විෂයයන්ට අදාලව, එවකට මගේ පුහුණු උපදේශක වරිය විසින් (ඇය ස්වීඩන ජාතික කාන්තාවක්. අද ජීවතුන් අතර නැහැ) මේ චිත්‍රපටිය අපට ප්‍රදර්ශනය කළා. ඉතාම සංවේදී චිත්‍රපටියක්.

    මේ තියෙන්නේ තොරතුරු. ටොරන්ට් මගින් බාගෙන බලන්න වටිනවා.

    http://www.imdb.com/title/tt0079933/

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමාට ...විශේෂයෙන්ම තවත් වැදගත් තොරතුරක් දුන්නාටත් ..

      Delete
  3. සාමාන්‍යයෙන් මාත් මේ වගේ විද්‍යාත්මක, ගවේශනාත්මක ෆිල්ම් බලන්න ආසයි... ස්ටෝරි එකකුත් තියෙන නිසා ගොඩක් දේවල් මතක හිටිනවා... ගොඩක් ඒවා නම් මනකල්පිත සිද්ධි මාලාවක් වටේ ගොතපු ඇත්ත කතා නේ..... Based on a true story කතා හිතට වදිනවා.... මේකත් දාගත්තා මගේ පෙන්ඩින් ලිස්ට් එකට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු ....ඔබේ පැමිණිම සතුටක් ....

      Delete
  4. ඉවරවෙනකම් බලාගෙන ඉන්න පුලුවන් හොඳ චිත්‍රපටයක්. හොඳ හින්ද මගෙ වීඩියෝ බ්ලොග් එකේ පොස්ට් කලා මෙතන ලින්කුවක් එක්ක

    ජෝන්ගේ වීඩියෝ සෙන්ටර් එක

    ReplyDelete
    Replies
    1. මේකනම් ඉඩ තියන වෙලාවක බලන්නම හිතුණා...

      Delete
    2. ස්තුතියි ලොකු ජෝන් ...වීඩියෝ සෙන්ටර් එක ගැන දැන ගත්තේ අද ..අනිවාර්යයෙන්ම මමනම් එනවා ..

      -තොටියා වෙත...
      ඔව් මල්ලී , ඇත්තටම ලස්සන , සංවේදී කතාවක් ...විවේකයක් ඇති වෙලාවක බලන්නකෝ.. ස්තුතියි

      Delete
  5. මටත් මුළු ෆිල්ම් එකම බලන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. මටත් මේ ෆිල්ම් එක බලත්දි දැනුනු වෙනස නිසාමයි , පෝසට් එකකට එකතු කරන්න හිතුනේ ....ඉඩක් ඇති වෙලාවක බලන්න ...ස්තුතියි ඔබේ පැමිණිම සතුටක්...

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)