2012/10/16

දැන් පෙන්වනවා- හැම දරුවෙක්ම සුවිශේෂීයි ..Taare Zameen Par

අද සතියේ මැද චිත්‍රපටය ලෙසින් යොමු කරන්නට සිතුනේ ලස්සන හින්දි චිත්‍රපටයක් ...ඩිස්ලෙක්සියා නම් රෝග තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් , මුහුණ දෙන ගැටළු සහ ඔහුගේ දක්ෂතාවයන් හඳුනාගන්නා ගුරුවරයෙක් ඒ ඔස්සේ යමින් මෙම දරුවා වෙත සතුට ලබා දෙන්නට වෙහෙසෙන අයුරුයි ...


මම උත්සාහ කරන්නේ නැහැ මේ සිනමාසිත්තම ගැන විචාරයක් ලියන්නට , ඒත් මේ චිත්‍රපටය තුල ඩිස්ලෙක්සියා දරුවෙක් ගැන “මුළු කතාවම“ බෙහොම විචිත්‍රව දකින්නට තිබෙනවා ...අමීර්ඛාන්ගේ අධීක්ෂණයක් වන මෙම චලන සිතුවම නොබැළුවානම් බලන්න මෙතැනින්..

ඊට ඉස්සර වෙලා , ඩිස්ලෙක්සියා කියන්නේ මොකක්ද කියල පොඩි හරි අවබෝධයක් තිබුණොත් රසය වගේම දැනුමකුත් ලබා ගන්න පුළුවන් ඒ නිසා නොකියැවු ඔබට මෙතැනින් ගිහින් සොඳුරු සුව අසපුවේ 74 වන ලිපිය කියවන්නට පුළුවන් ...


එසේ නම් සති අන්තයේ තවත් ලිපියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමි ...


11 comments:

  1. මම මේ ච්ත්‍රපටිය බලල තියෙනවා . මම කැමතිම චිත්‍රපටි වලින් එකක් .

    ReplyDelete
  2. සිරස මේ චිත්‍රපටිය පට්ට ගැහුවා මම හිතන්නෙ හුඟ දෙනෙකුට කට පාඩම්

    ReplyDelete
    Replies
    1. මේ ලෙඩේ ගැන දැනගෙනම බැලුවම තවත් ප්‍ර යෝජනවත් වේවි කියල හිතනවා ..ස්තුතියි ඔබට

      Delete
  3. මම කැමතිම චිත්‍රපටියක්.....

    ReplyDelete
  4. මමත් විශේෂ දරුවෙකුගේ පියෙක්.. මගේ දරුවාට ඇත්තේ. ඩවුන්ස් සින්ඩ්රොම් . අපි හිමාලය නගිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔබට මේ ගැන හුඟක් සංවේදීව දැනේවි ...ස්තුතියි ඔබට

      Delete
  5. හරිම ලස්සන චිත්‍රපටයක්. හැමදාම බැලුවත් හැමදාම ඇඬෙනව. අමිර් ඛාන් ගෙ විතරක් නෙමේ, ඒකෙ ඉන්න පොඩි ළමයගෙත් රඟපෑම අති විශිෂ්ටයි

    ReplyDelete
  6. හරිම ලස්සන සිනමා සිත්තමක්...ඇත්තෙන්ම ලෝකයට දෙයක් දෙන්න පුළුවන් තැනක ඉන්න හින්දි සිනමාවෙන් ප්‍රේමය හැරුණු කොට මේ වගේ වැදගත් තේමාවන් යටතේ නිර්මාණ බිහිවෙන්න පටන්ගත්ත එක හරිම සුභවාදී ලකුණක්... :)

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)