2012/11/18

දැන් පෙන්වනවා - හිත බිය ගන්වන කෙටි චිත්‍රපටයක්

පහුගිය දවසක අපේ සිංහල  බ්ලොග් සටහනක බොහොම නිර්මාණාත්මක උත්සාහයක් දකින්නට ලැබුණා , ඒ “යාමය“ බ්ලොග් සටහනේ , එයට සවන් දීපු  (එම වැඩසටහනට සවන් දෙන්න කැමති නම් යන්න ඒ බ්ලොග් සටහනට මෙතැනින් හෝ අහන්න මෙතැන ක්ලික් කිරීමෙන්) මට සොඳුරු සුව අසපුවෙන් ඔබ වෙත යොමු කරන සතියේ දෘශ්‍ය නිර්මාණය ලෙසින් එවැනිම දෙයක් දෙන්නට හිතුවා . හැබැයි මෙය මගේ නිර්මාණයක් නොවේ , යූටියුබ් තුලින් දකින්නට ලැබුණු මෙහි නිර්මාණාත්මක බවත් ඉහළයි , ඒ ඊට දායක වූ තාක්ෂණ සහ මානව සම්පත් වලට සාපේකෂව.

නිර්මාණය කළ ඔහු කියන පරිදිම “This short film was my 1st experience. I never went to theater academy or college for making movie. I learned everything my self. We didn't have to much good equipment for making this short film.I shot this with only 1 regular camera . my wife was the actress and she helped me a lot for making this short film.so we was only 2 people without any experience.“ 



මෙය  කෙටි චිත්‍රපටයක් , විනාඩි දහයක් විතර කාළයක් පුරා ඇදෙන මේ මඟින් ඔබට පුළුවන් වේවි එක්තරා මානසික රෝග තත්ත්වයකින් පීඩා විඳින අයෙක් හට සිදුවන එක්තරා සිදුවීමක් ගැන දැනගන්නට.

රෝග තත්ත්වය මොකක්ද කියල දැන ගන්නට ෆිල්ම් එක බලන්න ඉස්සර වෙලා මේ ලින්ක් වලින් ගිහින් ටිකක් දැන ගෙන ආවොත් වැදගත් වේවි.

සොඳුරු සුව අසපුවේ 77 වන ලිපිය ට 

ප්‍රදීප්ගේ පිටුව මේ ගැන ලියු ලිපියට ...

13 comments:

  1. මම මේ කෙටි චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කර ගත්තා. ගෙදර ගියහම බලන්න ඕන.

    ReplyDelete
  2. වීඩියෝ සෙන්ටර් එකක් තිබිලත් බයවෙන ඒවානම් මම පොඩිකාලෙ ඉඳන් බලන්නෙ නැ මොකටද දැන දැන බයවෙන්නේ

    ReplyDelete
    Replies
    1. වීඩියෝ සෙන්ටර් එකක් තිබිලත් බයවෙන ඒවානම් මම පොඩිකාලෙ ඉඳන් බලන්නෙ නැ මොකටද දැන දැන බයවෙන්නේ

      Delete
  3. මම නම් හොල්මන් ඒවාට මාර ලයික් මේකත් බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ඇඳුම අලුත් කරලා නෙහ්? :)

      Delete
  4. ෆිල්ම් එක ඩවුන්ලොඩ් වෙනවා.. නිදහසේ බලන්නම්. මමත් මේදවස්වල කෙටි චිත්‍රපට බලන්න වැඩි නැඹුරුවක් දක්වනවා.

    ReplyDelete
  5. අවාසනාවකට වගේ මගේ නෑදෑ වෙන පවුලක නංගි කෙනෙක්ටත් (අවුරුදු 18යි තවම වයස) මේ භින්නෝන්මාද තත්ත්වය ඇති වුණා.. ඒ වුණත් ඊට කිට්ටුම කාලෙකදි පවුලෙ මරණයක් සිද්ධ වුණු නිසා ඒ දෙමාපියන්ගෙ මතය තිබුණෙම මේ ළමයට ඒ මිය ගිය කෙනා වැහිලමයි කියලමයි..මේ කාලෙදි මංචි හිටියෙත් නිවාඩුවට ගෙදර ගිහින් නිසත් ඒ නංඟි මංචි එක්ක බොහොම කිට්ටු නිසත් මම හෙමිහිට කතා කරලා බැලුවා.. කවුදෝ කට්ටියක් එයාට ගෙදර ඉන්න දෙන්නෙ නෑ..මරන්න එන්නවා කිය කියා කියවනවා... එහෙම කතාකරල බැලුවම තමයි තේරුණේ මේ අහිංසක කෙල්ලට තියෙන්නෙ භින්නෝන්මාද තත්ත්වයක් බව.. ඒත් අමාරුම කාරිය වුණේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න අම්මවයි තාත්තවයි කැමති කරගන්න එකයි.. අමාරුවෙන් බෙහෙත් අරගෙන දුන්නත් ඒවා කලට වෙලාවට දෙනව වෙනුවට යකැදුරො දෙන ජීවම් ගුලි වෙලාවට පොවන එක ගැනමයි කල්පනාව.. වැටිහිටියො නිසා අපි වගේ පොඩිහිටියො කියන දේවල් පිළිගන්නත් ඒ හැටි කැමැත්තක් නෑ...අන්තිමේදි මංචිගෙ අම්මනම් කීවෙ ඔන්නොහේ කට වහගෙන ඉන්න කියලයි...ඒත් එහෙම කොහොමද..ජීවිතේ ලස්සනම වයසෙදි අර අහින්සකීගෙ ජීවිතේ අයාලෙ යන්න දෙන්නෙ... :(

    ReplyDelete
  6. මගේ බ්ලොග් එකේ ෆලෝවර් කෙනෙක් වෙලා හිටියත් මට මේ බ්ලොග් එක හොයාගන්න බැරුව තිබුනේ. අද අහම්බෙන් තමා හම්බවුනේ. දාල තියෙන ඉමෙජ් එක දැක්කම බය හිතෙන නිසා ‍ෆිල්ම් එක බලන්න ආසා වක් අතිවුනා. මම කෙටි චිත්‍රපටිවලට අසයි.

    ReplyDelete
  7. හිමින් බලන්නම්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  8. @ මධුරංග ,
    ඔවු මල්ලී ...විවේකපාඩුවෙ බලන්න ..පොඩි දෙයක් ඒත් දැන ගන්නනට යමක් තියෙනවා .
    ස්තුතියි

    @ Loku John & අටම්පහුර,
    මේක හොල්හන් ෆිල්ම් එකක් නොවෙයි , බය වෙන්න ඕන මේකේ පෙන්වන දේ හඳුන නොගත්තොත් විතරයි :)
    ස්තුතියි ඔබ දෙදෙනාටම .

    @ සුදු මහත්තයා,
    බය වෙන්න එපා ..හොල්මන් නෑ ...
    දවල් වෙලාවක බලන්නකෝ...
    ස්තුතියි

    @ මඩිස්සලේ නිශාන්,
    බැලුවාම තේරේවි “හොල්මන“ කොහොමද කියලා ..
    ඔව් මල්ලී , ටික දවසකට ඉස්සර වෙලා “ඇඳුම් මාරු කළා“ ...
    ස්තුතියි ඔබට

    @ දයානන්ද රත්නායක ,
    ඇත්තටම කෙටි චිත්‍රපට වලින් හොඳ තොරතුරු දෙනවා පොඩි කාළයක් තුලදිම ..
    ස්තුතියි ඔබට

    @ මකුළු පැංචි ,
    ඇත්තෙන්ම මකුළු පැංචි මේ තත්ත්වය තේරුම් නොගැනීමම අවාසනාවක් ..ස්තුතියි වගේම සතුටක් නැවතත් දැල් වියන්නට පටන් ගත් එක.

    @ Blue Lotus ,
    ඇත්තෙන්ම බොහොම කෙටි චිත්‍රපට වලින් යමක් ගන්නට පුළුවන් ...ස්තුතියි ඔබේ පැමිණීම මට සතුටක් .

    @ Gayani Wedage ,
    ස්තුතියි , ඔබේ බ්ලොග් අඩවියත් හරිම සරුසාරයි ..

    ReplyDelete
  9. මේ වගේ චිත්‍රපටි මමත් බලන්න ආසායි..දැනන් හිටියේ නැ මේ කියනකම් මේ ගැන...memento කියල චිත්‍රපටියකුත් තියෙනවා ඒකත් මේ ගැන කියන එකක්...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  10. මමත් කොහොමත් දීර්ඝ චිත්‍රපටවලට වඩා කැමති මේ වගේ කෙටි චිත්‍රපට බලන්න. අවුරුදු දෙකකට කලින් මම නිර්මාණය කළ කෙටි චිත්‍රපට දෙකක් මගේ 'යාමය' අඩවියේ තිබුණා. ඒ වගේම නිහතමානීව යාමය වෙනුවෙන් අකුරු වෙන් කළ ඔබට මගේ ප්‍රණාමය!!!

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)