2012/12/10

“ලස්සෙට කොඩි දාන්න“ එන්න මෙන්න ආරාධනා ...

සොඳුරු සුව අසපුව ගිය අවුරුද්දේ මැයි මාසේ මැද හරියෙදි පටන් ගත්තේ මගෙන් ඈත් වෙලා යන “දරුවන්ට“ ඈත ඉඳන් හරි යමක් දෙන්නට හිතාගෙන . 



ඒත් ටික දවසක් යත්දි ඒ අරමුණ ඊට වඩා පුළුල් අරමුණක් සහිතව සිංහල බ්ලොග් පරිශ්‍රය තුල පැතිරුණා. ඒ “සොඳුරු සුව අසපුව“ අද සුවිශේෂී ඉමක් පසු කළා . ඒ පිටු 100 000 , ලක්ෂයක් දිග හැරුණූ බව සටහන් කරමින් . 

 ඒ කියන්නේ අඩුම තරමේ ඉන් දහයෙන් පංගුවක්වත් යමක් ගන්නට ඇති කියල හිතෙනවා . සතුට එයයි , 

ඒ වගේම මේ කාළ සීමාව තුල දෑසින් නොදුටු , හිත හොඳ මිතුරන් රැසක් හඳුනාගන්නට අවස්ථාව ලැබුණා ,එය තවත් සතුටක් . .. 

ඒ වගේම “සොඳුරු සුව අසපුව“ තුලින් අනතුරට යමින් තිබූ ජීවිතයක් , නැවතත් ගොඩගන්නට හැකියාව ලැබුණා ඔබ සැමගේ දායකත්වය සමඟින්. එයත් අපමණ සතුටක් ...

එමෙන්ම අද “සොඳුරු සුව අසපුව “ මට , මගේ එක් අරමුණක් ...එයම මට සතුටක් .. මේ සියළු සතුටු සිත් වල කොටස්කරුවන් වන්නේ , “සොඳුරු සුව අසපුවට“ ආ ඔබ සැමයි ..ඉතින් ඉදිරියටත් කාළය සමඟ සටන් කරමින් “සොඳුරු සුව අසපුව“ දැනුමින් පුරවන්නට උත්සාහ කරනවා , ඉතින් ....මෙතෙක් එක්ව ආ ඔබටත් ...ඉදිරියේදී එක්වන ඔබ සැමටත් හද පිරි සතුට බෙදා දෙමින් , ස්තුතියි පුද කරනවා ... 

 “සතුට අප ජීවත් කරවයි ...එන්න ඒ සතුටට එක්වන්න..“

29 comments:

  1. ජයම වේවා !!!!
    තවදුරටත් මේ සේවය ඉදිරියටම ගෙන යන්නට,දැනුවත් කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා !!!

    ReplyDelete
  2. ඔබේ බ්ලොගය හරිම වැදගත්.නිතර කමෙන්ට් නොකලත් මම නිතරම කියවන බ්ලොගයක් මේක. ජය වේවා.....

    ReplyDelete
  3. සුබපැතුම් අයියේ ලක්ෂෙට... ජය...!

    ReplyDelete
  4. ලක්සයක් පිටුපෙරලුවා කියන්නෙත් සතුටුවෙන්න ඕන කාරනයක්. ඔබ හිතනවට වඩා මෙතනින් කට්ටිය ප්‍රයෝජන ගත්තා ඒ ගැන වඩාත් සතුටුවෙන්න පුලුවන්. තවත් දිගුකලක් බ්ලොග් අවකාශෙට සිංහලෙන් දැනුම බෙදාදෙන්න ලැබේවායි පතන …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  5. නොමිලේ ඔබ මේ කරන සේවය මම හැමදාමත් අගය කලා . සාමාන්ය ලිපියක් ලියනව වගේ නෙමේ මෙවැනි ලිපි ලියන එක බොහොම වෙහෙසකර දෙයක් . ඔබ මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා . ඒ වගේම ඕනෑම මොහොතක ඔබව අමතලා ඔබෙන් නොදන්නා යමක් අහගන්න පුලුවන් වීමත් අපි ලබමු විශාල වරප්‍රසාදයක් .
    …පිටරට ගියත් ඔබ ලංකාවෙ සිටිය වගේම අපිත් එක්ක රැඳී සිටීමත් ගොඩක් අගය කරනවා .
    …ජය !

    ReplyDelete
  6. නියමයි එහෙනම් ලක්සෙට කොඩිත් දැම්මා.. ජය වේවා..

    ReplyDelete
  7. ඔබ ලියන සෑම ලිපියකටම කොමෙන්ටුවක් දැම්මෙ නැති වුණත් මම එ් සෑම එකක්ම කියවනවා...ගොඩක් වටින ‍විස්තර තියෙන බ්ලොග් එකක්... ‍තව බොහෝ කලක් ඔබට මේ සේවය කරගෙන යාමට ශක්තිය ධෙර්යය පතනවා... ජයෙන් ජය..!!!

    ReplyDelete
  8. ජය වේවා අයියේ,
    මේ සරු, අගනා කාර්ය තවත් බොහෝ කාලයක් පවත්වාගෙන යාමට ආසිරි

    ReplyDelete
  9. මහේශ් අයියා,
    බොක්කෙන්ම සුභ පතනව. ජය !!

    ReplyDelete
  10. සුභ පතනවා මහේෂ් මහත්මයා
    තව දිගු ගමනක් යන්න ලැබේවා කියලා පතනවා!

    ReplyDelete
  11. මටනම් කියන්න තියෙන්නේ ලක්ෂයකින් වත් හොයාගන්න බැරි අඩවියක් ඔබ පවත්වාගෙන යන බවත්, ලක්ෂයක් ගෙවා වත් දැනගන්න බැරි සමහර කරුණු ඔබ නොමිලේම දෙන බවත් පමණයි. මෙහි පැමිණ ඒ දැනුම් සාගරයේ නා, පිහිනා, දිය බී, සැනහී, යාමට තවත් පාඨකයන් ලක්ෂ ගණනකට වාසනාව ලැබේවා! ඒ ලක්ෂ ගණනටම තවත් ලිපි ලක්ෂ ගණනකින් සංග්‍රහ කරන්නට ඔබව වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  12. විශයක් සම්භන්ධ ලිපියක් ලිවීම වෙහෙස මහන්සියෙන් කල යුතු කල් ගත වෙන ව්‍යායාමයක්...කාලයත්, මහන්සියත් නොතකා ලියන මේ ලිපි පෙලට ස්තූතියි...

    ReplyDelete
  13. ඔබට මල් මිටක් මගෙන්

    ReplyDelete
  14. මගේ උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  15. මේ මම කියවල ගොඩක් දේ දැන ඉගෙනගත්ත බ්ලොග් අඩවියක්. පිටු පෙරලීම් ලක්ෂයට සුභ පතනව වගේම ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  16. ඔය හිට්ස් ගණනෙන් සැහෙන ගානකට මමත් වගකිවයුතුයි..ඒ තරම්ම මේ ලිපි වටිනවා..

    තවත් හිට්ස් ලක්ෂ ගණනකට සුභ පතනවා මහේෂ්..
    මෙතුවක් කල් බ්ලොග් එක ලියන්න ඉවසිල්ල කාලය ඉඩ පාඩු හදා දුන් සුව අසපුවේ පවුලේ හැමෝටමත් ස්තුතියි ඔබේ සමාජ මෙහෙවරට.....

    ReplyDelete
  17. Congratulations. Thank you very much for doing such a valuable community service. Good Luck & best regards.

    ReplyDelete
  18. congratulation mahesh keep up your work

    ReplyDelete
  19. තව තවත් ලිවීමට හැකියාව ධෛර්යය ශක්‌තිය ලැබේවා ....ජයවේවා මහේෂ් අය්යා ...

    ReplyDelete
  20. තව තවත් වටිනා ලිපි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. :)

    ReplyDelete
  21. මගෙනුත් උණුසුම් සුභ පැතුම්... ලක්ෂෙට දාපු මේ කොඩිය ඇත්තටම මුළු බ්ලොග් ලෝකෙටම දාපු කොඩියක්... බ්ලොග් ලෝකෙ මෙවන් හරබර වැදගත් ලිපි ලියවෙන වෙබ් අඩවි අඩුයි.. ඒ නිසා මෙය ලොකු හිඩැසක් පිරවීමක්.. මමත් මේ ලිපි කියවලා නොදන්නා දේවල් ඉගෙනෙ ගෙන තියනවා

    ReplyDelete
  22. *******************
    සුබ පැතුම් එක් කළ ,
    හදවතින් සතුටුවන ..
    හිත මිතුරු ඔබ සැමට
    ම හද පිරි සතුට ...
    බෙදා දෙමි සෙනෙහසින් ...
    *******************

    ReplyDelete
  23. හරිම සතුටුයි අපිටත්... ඒ වගේම තවත් බොහෝ පිරිසකගේ දැනුම වැඩි කර ගැනීම සදහා ඔබේ අසපුවෙන් උපකාර ලැබේවා කියලා පතනවා..
    ඒ වගේම සුබම සුබ උපන් දිනක් වේවා...!!!
    කරන්නාවූ සියලුම කටයුතු සාර්ථක වේවා...!!!

    ReplyDelete
  24. Congratulations for the 100000 hits.It shows how informative and valuable your blog is.

    ReplyDelete
  25. මගෙන් සුභ පැතුම්...

    ReplyDelete
  26. සොඳුරු අසපුව ඇත්තටම සොඳුරු අසපුවක්...තවත් චිරාත් කාලයක් වෙනුවෙන් - ආසිරි මගෙන්.

    ReplyDelete
  27. *******************
    සුබ පැතුම් එක් කළ ,
    හදවතින් සතුටුවන ..
    හිත මිතුරු ඔබ සැමට
    ම හද පිරි සතුට ...
    බෙදා දෙමි සෙනෙහසින් ...
    *******************

    ReplyDelete
  28. සුභ පැතුම් අයියා :D

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)