2012/05/22

මධුෂානීට දැන් සනීපයි ...

ඔබට මතකද මේ දියණිය , සොහොයුරිය ......ඔව් , මේ මධුෂාණි ...මගේ නම් සිසුවියක් ඒ නිසා දියණියක් , ඔබේ මිතුරියක් , සොයුරියක් , ලොවට වැඩ කළ හැකි තරුණියක් ...

මීට මාස තුනකට පෙර ඇයව තයිරොයිඩ් පිළිකාවකින් පෙ‍ළෙන බව හඳුනගත් අවස්ථාවේ , ඇගේ ඉක්මණ් ප්‍රතිකාර කටයුතු සඳහා ඔබ සැමගේ කාරුණීක අනුග්‍රහය ඉල්ලා සිටියා මතකද ?...



ඔව් ඒ මෙන්න මේ ලිපියෙන් ...ඇය නමින් මධුෂානී ....   ඒ සංවේදී තොරතුරු අන්තර්ජාලය පුරා පැතිර යන්නට ගත වුනේ පැය කිහිපයක් වෙන්නට ඇති , එතැනදි සිංහල බ්ලොග් අවකාශයේ මෙන්න ෆේස්බුක් පිටු පුරා පැතිර ගිය මේ තොරතුර වෙත සංවේදී වූ ඔබ ලබා දුන් සෙනෙහෙවන්ත උපකාරයන් නිසා ඇයට එම අවස්ථාවේ ප්‍රතිකාරයට අවශ්‍ය වූ මුදලටත් වඩා ආධාර ප්‍රමාණයක් එකු රැස් වුනා , ඒ නිසාවෙන් ඇයට , නියමිත මොහොතේම , අවශ්‍ය වූ ඖෂධ මාත්‍රාවම ලබා ගන්නට හැකි වුනා .ඒ කොළඹ පෞද්ගලික රෝහලකදි , ප්‍රතිකාරයට විතරක් නොවෙයි , ඇයගේ අනෙකුත් ප්‍රතිකාරයට සම්බන්ධ සියළු වියහියදම් පියවා ගන්නට ඔබේ උපකාරයන් හොඳින්ම ප්‍රමාණවත් වූ බව කියන්නත් සතුටුයි ....සති කිහිපයක විවේක කාළයකින් පසුව නැවතත් ඇය ඇගේ සුපුරුදු ජීවිතයට ආවා ...තාරුණ්‍යයේ සොඳුරු සිහින රැඳී ජීවිතයට ....

පසුගිය දිනෙක ඇගේ පුහුණූවට අදාල විභාග සහ අනෙකුත් වෘත්තීයමය කටයුතු නිමා කරමින් දැන් රැකියාව සඳහා යොමු වන්නට සූදානමින් සිටිනවා . සතුට නම් ....ඇය දැන් සම්පූර්ණයෙන් නිරෝගියි .....තයිරොයිඩ් පිළිකා මාරයාට ඇය පරදවන්නට බැරි වුනේ , ඔබ සැමගේ මිනිස්කමේ බල මහිමය නිසාවෙන් ...

ඉතින් මිනිස්කමේ බලමහිමය පෙන්වන්නට එක්වු ඔබ සැමට මගේ ප්‍රණාමය  මක් නිසාද , අද සිදුවන වංචාකාර සිදු වීම් හමුවේ , මේ සංවේදී අවස්ථාව “සත්‍යයක් බව විශ්වාස කරමින්“  , කිසිදා නොදුටු , කිසිදා හමුනොවී , දියණියකට , තරුණියකට උපකාර කරන්නට එක්වීම වෙනුවෙන් ..

ඉතින් ඔබේ “මධුෂාණී “ දියණිය , මිතුරිය , සොයුරිය හෙටත් ඔබ සමඟින් සතුටින් දිවි ගෙවාවි  .....

තවත් එක් කතාවක් වෙත  සුන්දර නිමාවක් ලබා දෙන්නට එකවූ ඔබ සැමට සොඳුරු සුව අසපුවේ ගෞරවනීය ප්‍රණාමය පුදමි ...

දකුණූ පස තෙවැනි පේලියේ හතරවැන්නේ සිටින ඇය “මෙලෙස දකින්නට “ ලැබීම ඔබට කෙතරම් සතුටක්ද ?

මේ එදා ඔබ ඇමතූ සටහන ......

8 comments:

  1. අද උදෙන්ම සතුටුදායක ප්‍රවෘත්තියක්.. ඇය ඒ ශක්තියෙන් ඉදිරියට ගිහින් දහසක් මිනිස්සුන්ට සාත්තු කරාවි දහසක් ජීවිත ගොඩ ගන්න සහයවේවි.. ඒ පින් උදවු කල අපි හැමෝටම ලැබේවි.. යට එසේ ඉදිරියට යාමට සවිය ලැබේවා.

    ReplyDelete
  2. සතුටුදායක පුවතක්..

    ReplyDelete
  3. ඇයට සුව වුනා නම් එච්චරයි.

    ReplyDelete
  4. අහන්නත් සතු‍ටුයි! :)
    henryblogwalker the Dude

    ReplyDelete
  5. ****** යහපත් හැඟීමකින් සතුටුවන ඔබ සැමට බොහොම පිං.....

    ReplyDelete
  6. සුභ ආරංචිය අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි මහේෂ්..

    ReplyDelete
  7. හ්ම් මට හොදට මතකයි!සුභ ආරංචියක් මේ ලෝකේ හොද කියලා දෙයක් තියෙනවා කියලා හොයා ගන්න බැරිව සමහර වෙලාවට අපි මං මුලා වෙනවා ඒ වෙලාවට මේ වගේ දේවල් මගේ හිතට නම් ලොකු හයියක්

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)