කවුද මේ ...ඒ තමයි “ආහාරයේ කැලරි අගය“ ..Calorie value of the food ...මොකක්ද ඇත්තටම මේ ...කැලරි කියන්නේ එක්තරා මිනුම් ඒකකයක් , ඒ කිව්වේ කිලෝග්‍රෑම් , මීටර් වගේම තවත් measuring unit එකක්. හැබැයි මෙමඟින් මනින්නේ ශක්තිය , තව විදියකින් මේ අපේ කතාවට අදාල විදියට කිව්වොත් , ආහාර , නැත්නම් පානයක් මඟින් අපේ ඇඟට ඇතුළු වන ශක්ති ප්‍රමාණය ....
අපේ ඇඟට ශක්තිය ඇතුලු වෙනවද අනේ ......ඔව් අනේ ...අපේ ආහාර පාන , සහ ඇඟ ඇතුලේ ගබඩා වෙලා තියෙන තෙල් , ප්‍රෝටීන් දේවල් වලින් ලැබෙන ශක්තිය ගැන තමයි මේ කතා කරන්නේ . මේ අපි කියපු දේවල් අපේ ඇඟේ තියෙන සෛල ඇතුලෙදි , එක්තරා විදියකින් පිච්චිලා , (ඔක්සිකරණය වෙලා) තමයි අපිට ඕන කරන ශක්තිය ලබා දෙන්නේ . අපි පොඩි උදාහරණයක් ගනිමු , මතකයිනේ අපි ඉස්කෝලෙ යන කාළෙ නිවාසාන්තර ක්‍රීඩා තරග කාළේ ...(පාසල් කාළේ සුන්දරම මාසය කිව්වොත් ඔබ එකඟ වේවිද මන්ද ..ඒත් මට නම් එහෙම තමයි දැනුනේ ඒ කාළේ ..) ..අපි දැන් කෙටි දුර තරඟයට යන්නයි හදන්නේ ...ඔක්කොගෙම ජය පැතුම් , අත්පොලසන් මැද්දේ දැන් “තරඟ ආරම්භක ස්ථානයට“ අපි ළඟ වුනා ...දැන් ඇඟ රත්වෙනවා ..දැඟලෙනවා ...ඔන්න ඔය අතරේ අපේ කණ්ඩායමේ නායකයි ඇවිත් පොඩි බඩ්ඩක් අතට දීලා ගුලි කරල යන්න යනවා ....ඔව් ඒ කාළෙ නම් ඉතින් ඔය දෙන දේ ගැන බය වෙන්න ඕන නැහැ , මොකද අපි දන්නවා ඒ දුන්නේ කට සීතල වෙලා යන “ග්ලුකොස් “ කියල ...අපි දැන් දාගන්නව ග්ලුකොස් ටික කටට ....ඊට පස්සේ මොකද වෙන්නේ ..ඒ ටික ඉක්මණට ඇඟට උරාගෙන ..සෛල වලට ගිහින් අපි මුලින් කී විදියට පිච්චිලා මෙන්න හැදෙනව ශක්තිය .....දැන් ඉතින් දුවන්න බැරියැ ......එන්න ඒ විදියට අපිට ලැබුණු ශක්තිය කීයද කියල මනින්න පුළුවන් ඒකකය තමයි මේ ...අපි හිතමු අපි ග්ලුකෝස් ග්‍රෑම් එකක් කෑවා කියලා ....ඒ ටික ඔක්කොම සෛල ඇතුලෙදි පිව්වුනා නම් දැන් අපිට “කැලරි 4ක්ම“ හම්බ වෙලා තියෙනවා .
කන්නෙ මොනවද |
දැන් ඉතින් මේ ගණන් මිමි කොහොමද අපිට වැදගත් වෙන්නේ ...කතාව මේකයි ...මේ කැලරි අගය , ඒ කියන්නේ ඇඟට දාගත්ත ශක්ති ප්‍රමාණය (ශක්ති දායක පෝෂක ප්‍රමාණය) , ඒ පුද්ගලයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුනොත් මොකද වෙන්නේ ...හරිම සිම්පල් ප්ලෑන් එකක් ...වෙන්නේ ඇඟට පණ නැහැ , කම්මැලියි , නිදිමතයි , දවසේ වැඩ කරගන්න කිසිම උනන්දුවක් නැහැ ..නිකං බැරි බැරි ගාණට තමයි ඉන්නේ . මේ විදියට ටික දවසක් ඇඟට දාගන්න කැලරි ප්‍රමාණය අඩුවුනාම , ඇඟේ තැන්පත් වෙලා තියෙන කෑම අරගෙන හරි “ඇඟ ජීවත් වෙන්න “ හදන නිසා , ටික ටික කෙට්ටු වෙන්න පටන් ගන්නවා. කෙටියෙන්ම කිව්වොත් කෙට්ටුම වෙලා යන්න පටන් ගන්නවා.
දැන් ඕකේ අනිත් පැත්ත , දවසට ඕන ප්‍රමාණෙට වඩා වැඩියෙන් ගත්තොත් මොකද වෙන්නේ , වෙන්නේ , දවසට ඕන ප්‍රමාණයට වැඩට අරගෙන , ඉතිරි පෝෂක ප්‍රමාණය ඇඟේ තැන්පත් කරගන්නවා , ගබඩා කරගන්නවා ...ප්‍රතිපලේ තරබාරුව , ඒ කිව්වේ අධීක තරබාරුවීමට හේතුවක් තමයි අධි කැළරි ප්‍රමාණයක් ඇඟට දාගැනීම .
ඒ නිසා ඇඟ වගේම ශරිර සෞඛ්‍යයත් හොඳින් තියා ගන්න කරන්න ඕනේ , තමන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවය හඳුනගෙන ඊට ගැලපෙන ආහාර සැලසුමක් යොදාගන්න එක , ඒ කීවේ ඕන කැලරි ප්‍රමාණයට කන එක .
වැඩි කැලරි මලු |
නෝනලාගේ චාර්ට් එක .. |
මෙන්න මහත්තයලගේ චාර්ට් එක
දැන් ඉතින් මේකේ බර දාන්න තමන්ගේ වයස සහ දවසේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ගැන අදහසක් ගන්න පුළුවන් නම් ඔබේ සාමාන්‍ය කැලරි අවශ්‍යතාවය ගණනය කරගන්න පුළුවන් .
හරි අපි දැන් ඉතින් කැලරි අවශ්‍යතාවය ගණනය කරගත්තා කියමුකෝ ...ඒත් ඉතින් බඩට දාගන්න කෑම වල බිම වල තියෙන කැලරි ගාන හොයා ගන්නේ කෝමෙයි ...හරිම සිම්පල් ප්ලෑනක් ...ක්‍රම දෙකක් තියෙනවා ..ඒකක් කෑම බිම එන ඇසුරුමේ පොඩි ලේබල් එකක් ඇති , ඒකේ බොහෝම පැහැදිලිව සටහන් කරල තියෙනවා කොයිතරම් කැලරි ප්‍රමාණයක් ලැබෙනවද කියන එක . ටිකක් සැලකිල්ලෙන් කියවන්න , සමහර වෙලාවට ඒකේ තියෙන්නේ , මිලිලීටර් ප්‍රමාණයක් , නැත්නම් ග්‍රෑම් සීයක තියෙන කැලරි ප්‍රමාණය , ඒ කිව්වේ අපි මෙහෙම හිතමු , ඔය ලිටර් එකහමාරේ විතර බීම බෝතලේ ලේබල් එකේ තියෙන්න පුළුවන් “මෙහි අඩංගු කැලරි ප්‍රමාණය 100 කියලා , පොඩ්ඩක් බලන්න යටින් පුංචි අකුරින් ලියල ඇති මිලි ලීටර් 250 කියල ..ඒ කියන්නේ ඉතින් මේ බෝතලේ දවස ඇතුලේ බිව්වොත් , කැලරිම 600ක් හම්බවෙනවා ..ඒ නිසා Food label කියවත්දි බොහොම කල්පනාවෙන් කියවන්න ඕන , නැත්නං ඉතින් නොකියෙව්වට වඩා නරකක් වෙන්න පුළුවන් .
සුදු හාල් කොප්පෙක තියෙන ගනන් |
අනෙක් ක්‍රමේ තමයි එක් එක් ආහාරයේ අඩංගු කැලරි ප්‍රමාණය සොයාගැනීම , ඒ සඳහා පොත පතින් හරි අන්තර්ජාලයෙන් හරි උදව් ගන්න පුළුවන් , ඕන්න මමත් පොඩි උදව්වක් කළා , ඒ වැඩේ කරගන්න හොඳ ගැජට් එකක් මේ දකුණූ පැත්තේ ඇති (මෙය මෙම ලිපියේම පහලින් ඇත) ගිහින් බලන්න , ඒකෙන් හුඟක් කෑම වර්ග වල කැලරි ගණන හොයා ගන්න පුළුවන්. ඒ අනුව ඔබේ දවසේ ආහාර වේලේ කැලරි ගාණ හදා ගන්න , ඒ තමයි නිවැරිදිම ක්‍රමේ ..
මෙන්න Calorie Counter
අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු දවසට ඇඟට දාගන්න කැලරි ගාණ හොයා ගන්න
කෑම වර්ගේ | කැලරි ගාණ |
උදේට | |
බටර් ග්‍රැම් දෙකක් එක්ක පාන් පෙති දෙක | 474 |
සිනි හැදි දෙකක් දාපු කිරි කොප්ප එකයි | 154 |
ඔෆීසියෙදි දහයට විතර | |
බිස්කට් දෙකයි | 360 |
කිරි තේ එකයි | 154 |
දවල්ට | |
බත් කෝප්ප තුනයි | 720 |
පරිප්පු ග්‍රෑම් දහයයි | 96 |
කරවල ග්‍රෑම් විස්සයි | 200 |
අල තෙම්පරාදුව ග්‍රෑම් දහයක් | 150 |
එකතු වෙච්ච තෙල් ග්‍රෑම් පහක් | 80 |
දෙකට විතර | |
කෝපි කෝප්පයක් | 12 |
සීනි හැදි දෙකක් | 34 |
රෑ කෑමට | |
බත් කෝප්ප තුනක් | 720 |
මාළු කෑල්ලක් | 220 |
බම්බටු මාළුවයි | 140 |
බතල වෑංජනයයි | 230 |
කෙසෙල් ගෙඩියක් | |
එකතුව 3744 |
කන එකත් පොඩි සිම්පල් ප්ලෑන් එකක් වගේ සැලැස්මක් දාගෙනම කළ නම් එහෙම වෙන්න ඉඩ අඩුයි .
පොඩියට වැඩේ කරන්න ගියත් ටිකක් ලොකු වුනාද මන්ද ? ...(කෑමත් ඔහොමයි නේ ...නේද) ....එහෙම නම් මේ ගැන ටිකක් අවධානේ යොමු කරන එක අපි කාට කාටත් හොඳයි මයේ හිතේ ...එහෙමනම් අදට සමුගන්න අවසරයි ...ආයෙත් ඉඩක් ලැබුණු සැණීන් පොඩි පෝස්ට් එකක් දාන්න හරි එනවා.. ඒවගේම , ඔබ සටහන් තබන කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නට පමා වුනොත් ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා , ඉඩ ලද සැනින් ඊට පිළිතුරු දෙන්නම් ....
පොඩියට වැඩේ කරන්න ගියත් ටිකක් ලොකු වුනාද මන්ද ? ...(කෑමත් ඔහොමයි නේ ...නේද) ....එහෙම නම් මේ ගැන ටිකක් අවධානේ යොමු කරන එක අපි කාට කාටත් හොඳයි මයේ හිතේ ...එහෙමනම් අදට සමුගන්න අවසරයි ...ආයෙත් ඉඩක් ලැබුණු සැණීන් පොඩි පෝස්ට් එකක් දාන්න හරි එනවා.. ඒවගේම , ඔබ සටහන් තබන කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නට පමා වුනොත් ඒ ගැන අමනාප නොවේවි කියල හිතනවා , ඉඩ ලද සැනින් ඊට පිළිතුරු දෙන්නම් ....
වැදගත් ලිපියක්.
ReplyDeleteහොද වැදගත් ලිපියක්..
ReplyDeleteබොහොම වැදගත් පිලිය පල කලාට බොහොම ස්තුතියි. මම දැකල තියන එක දෙයක් තමයි කෙට්ටු අයට වඩා කැලරි වැඩිපුර අරගෙන මහත් වෙලා ඉන්න අය තමයි ඇඟට පන නැ වගේ , උනන්දුවක් නැතුව කම්මැලි විදියට ඉන්නේ. ඔබතුම මේ ගැන කියල තියන වැකිය නම් මට ටිකක් පිළිගන්න අමාරුයි. :)
ReplyDeleteවෙනදා වගේම හැමෝටම වටින විස්තරයක් අයියේ... අපි වුනත් කන්න ගියාම ඔහේ බඩජාරිකමට කාගෙන යනවා වුනත් ඕවා හිතන්නෙ නෑ නෙ.. හැබැයි ඉතින් මැදි වියේදි විතර දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ හැදුනට පස්සේ තමා විඳවන්න වෙන්නේ..
ReplyDelete-තොටියා-
සිරුර තරම් අගනා මැෂිමක්.. කෙහේ නම් හදයිද?
ReplyDelete-Praසන්ன,
ReplyDeleteස්තුතියි Praසන්ன ඔබේ පැමිණිම සතුටක් ,
-මල්සරා @ ≈ මගේ ජීවිතය ≈,
ඔබටත් තුති දිරි ගැන්වූවාට .
-Kavindi,
ස්තුතියි Kavindi ,
මට හිතෙන්නේ , ඔබ ලිපියේ මේ කොටස පොඩ්ඩක් වරදවා තේරුම් අරගෙන වගේ :) , මොකද සාමාන්‍යෙයන් මුලින්ම වෙන්නේ ඇඟ පතේ අමාරු , කම්මැලි , උදාසීන බවක් තමයි කැලරි අඩු වුනු ගමන් , එය දිගින් දිගටම තිබුනොත් තමයි කෙට්ටු වෙන්නේ , මම අදහස් කළේ කෙට්ටු උනාම උදාසීන වන බව නොවේ ,
“වෙන්නේ ඇඟට පණ නැහැ , කම්මැලියි , නිදිමතයි , දවසේ වැඩ කරගන්න කිසිම උනන්දුවක් නැහැ ..නිකං බැරි බැරි ගාණට තමයි ඉන්නේ . මේ විදියට ටික දවසක් ඇඟට දාගන්න කැලරි ප්‍රමාණය අඩුවුනාම , ඇඟේ තැන්පත් වෙලා තියෙන කෑම අරගෙන හරි “ඇඟ ජීවත් වෙන්න “ හදන නිසා , ටික ටික කෙට්ටු වෙන්න පටන් ගන්නවා. කෙටියෙන්ම කිව්වොත් කෙට්ටුම වෙලා යන්න පටන් ගන්නවා.“
ස්තුතියි ඔබට , සරු අදහසක් එක කරමින් දිර ගැන්වූවාට
-තොටියා-,
ස්තුතියි -තොටියා- මල්ලියේ , ඔව් අපි මේ ගැන හොයන්න පටන් ගන්නේම වැඩේ වැරදුනාට පස්සේ නේ ...බොහොම ස්තුතියි ඔබට , ඒ වගේම ඔබේ වෘත්තීය දිවියේ වූ නැවුම් වෙනස් වීම , ජීවිතයට සතුට ගේන සොඳුරු වෙනසක් වේවා කියල පතනවා .
-sAm (සෑම්),
ඇත්තෙන්ම sAm (සෑම්) ...එය ටිකේ ටික අධ්‍යයනය කරත්දි , එය කෙතරම් සුක්ෂම දැයි වැටහෙන්නේ .
ස්තුතියි ඔබට
aiya aththatama godak hoda wadk karanne sarala widiyata hamotama therenna liyala tiyenne good luck
ReplyDeleteස්තුතියි ඔබට .
Deleteකෑම පාලනය කරන එක එපා වෙන වැඩේනේ. කොච්චර හිතුවත් අද ඉදල අඩු කරනවා කියල මෙන්න එදාම හදල මම ආසම කරන වට්ටෝරුව. ඉතින් කොහොම නොකා ඉන්නද?. ඒ හින්ද වැඩේ දවසින් දවස කල් යනවා. ඒ පාර නම් නැහැ හරියන්නේ නැහැ , ලිමිට් එකක් දා ගන්නම වෙනවා ...බොහොම ස්තුතියි අයියේ.. .
ReplyDeleteඔව් මල්ලී , කරගන්නම ඕන ඒත් කරන්නට හිත ඉඩ නොදෙන දෙයක් , කරගත්තොත් දිනුවා ...
Deleteස්තුතියි ඔබටත්
ඇත්තටම හොද වටින ලිපියක්
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට ..
Deleteකැලරි මනින විදිහ හොය හොය හිටියේ.දැන් නම් දන්නවා මාත් කලින් වැඩිය කැලරි දාගත්තා ඇඟට දැන්නම් අඩුයි.
ReplyDeleteඔව් , පොඩ්ඩක් ගණන් මිමි හදල බලන්න , අපේ “කෑම කොහොමද “ කියල ...ස්ථිරයි එය“ අතිවිශිෂ්ඨයි සර් “ කියන්න පුළුවන් තරම් කැලරි වැඩි ඇති ...
Deleteස්තුතියි ඔබටත් ..
ඔබේ මාතෘකාව බැලීමට දිරි ගන්වන බව හැබැව. එත් පලවෙනි පේලියෙන් හරි කතා කරන ගැටලුව මොකද්ද කියල කිව්වොත් නැවත කියවන කෙනෙකුට පහසුයි නේද?
ReplyDeleteස්තුතියි, ඔබේ මතක් කිරීමත් එක්ක ඒ වෙනස කළා ඊළඟ ලිපියේ පටන් , බොහොම ස්තුතියි , වෙනත් විය යුතු වෙනසක් වේනම් ඉදරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි .
Deleteදැනගන්නම ඔන දෙයක් නිසා ඔක්කොම කියෙව්වා. ගොඩාක් වටිනවා.
ReplyDeleteස්තුතියි ඔබට
Deleteවටිනා ලිපියක් :) මේව ගැන වේලාසනම දැනගෙන ඉන්න එක හොඳයි අන්තිමේ එක එක ලෙඩ හැදෙන්න කලින්
ReplyDeleteDr.ge ලිපි මම ඉතාමේත් කමතෙන් කියවපු කෙනෙක්. පහුගිය කලේ කාර්යබහුල උන නිසා ගොඩක් මග හැරු න . අද ඔක්කොම අපහු කියවන්න ගත්ත . ඔබතුමාට ගොඩක්ම පින් අපිට ලෙඩ රෝග ගැන දැනුවත් කරනවට. ඔබතුමාට ත් පුලේ සියලු දෙනාටත් නිරෝගී සම්පතිය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා. මෙය දිගටම කර ගෙන යාමට ඔබතුමාට ශක්තිය ලැබේව. ඇ වගේම ඔබ තුමාගෙන් ප්‍රශ්නයක් ඇසීමටත් තිබෙනවා. මම මස කිහිපයකට පෙර dengue රෝගයට ගොදුරු උ අතර eta පෙර මම නිරෝගී කාන්තාව. අහන්බෙන් මෙන් මම pressure චෙච්ක් කල අතර මගේ නිතරම 60-90 අතර පවතී .මට මහන්සි වේ වැඩ කිරීමටද නොහැක ඉක්මනට මහන්සි මී අග රෙදෙන ගන්නවා . මෙය අනාගතයේ දරුවන් ලැබීමේදී නරක ලෙස බල පවතීද ?...තෙරුවන් සරණි ඔබ තුමාට
ReplyDeletegood
ReplyDelete