2016/01/30

191) වැඩිහිටියන්ට සහ දෙමාපියන්ට වඩාත් සුදුසුයි

දරුවන් විවිධ අතවරයන්ට පත්වෙන එක අද සාමාන්‍ය දෙයක් වගේ වෙලා. පත්තරයක් බැලුවොත් එවන් “ප්‍ර‍වෘත්ති“ එකක් දෙකක් වත් දකින්නට ලැබෙනවා . හුඟක් වෙලාවට මේ අතවරයට ලක්වන දරුවාට කරදර කරන්නේ දන්නා හඳුනන අය .
  • වැඩිහිටියන්ට දක්වන බය , 
  • නැත්නම් ගුරුවරයාට , පූජකයට දක්වන ගෞරවය ,
  • ඥාතියාට මිතුරට දක්වන ලෙංගතු බව වගේම 
  • වෙච්ච දේ දෙමාපියන්ට කියන්නට ඇති බිය නිසාත් මෙවන් අතවර බහුලව සිදු වෙනවා. 

මෙවන් ආපදා වලින් තම දරුවා රැක ගන්නට දෙමාපියන්ට ඇති වගකීම ඉහළයි . මේ ආරක්ෂාවට අදාල  සියල්ල පොලිසියෙන් ඉස්කෝලෙන්  වෙනකම් ඉන්න එපා . ගන්න ඔබේ දරුව ඔබ ළඟට කියා දෙන්න මේ ගැන  , මෙවන් අපහසුතා වලින් රැකෙන්නෙ කොහොමද කියන එක. එය දෙමාපියන් විදියට ඔබේ වගකීම .



මේ මාතෘකාව පිළිබඳව Gavin de Becker නම් කතුවරයා ලියූ  ලියූ Protecting the Gift ග්‍ර‍න්ථයේ කරුණු සහ , මීට පෙර සොඳුරු සුව අසපුවේ සටහන් තැබූ 170 වන ලිපිය ( යට  ඇඳුමේ කතාව) ඔස්සේ දෙමාපිය අප සැමට නැවත සිතිය යුතු , කතා කළ යුතු , ඔබේ දරුවාට කියා දිය යුුතු කරුණූ ටිකක් සාරාංශ කර jpg එකක සටහන් කළා. ආරාධනා කරමින් කැමැත්තෙක් කියවන්න , කැමැත්තෙක් බෙදා ගන්න , කැමැත්තෙක් තවත් කරුණු එක් කරන්නට.

සුව සතුට පිරි සති අන්තයක් ඔබ සැමට ! 


පිංතූරය මත ක්ලික් කළාම පැහැදිලිව කියවන්නට පුළුවන් වේවි


  • සබැඳි ලිපියට මග http://www.nursinglk.com/2015/03/170-child-sex-abuse.html



4 comments:

  1. හොඳ කරුණු ටිකක්.
    මම හිතන්නෙ බටහිර බොහෝ රටවත් වල ළමයි ඔය ගැන දැනුවත් කියල.

    ReplyDelete
  2. Can u help me how to add a blog to Lankeeya sithuwili, I'm reading many blogs including yours. Want to add my blog too. I register but I can't figure out how to add a new blog. Pleas help me.

    ReplyDelete
    Replies
    1. 1) පළමුව http://lankeeya.lk/index.php පිටුවට යන්න ,
      2) දකුණු “අළුත් අය“ බොත්තම මත ක්ලික් කරන්න
      3) ඔබෙ ඊමේ්ල් ලිපිනය සහ මුරපදය ලබා දෙන්න.
      4) ඊට ඉහළින් ඇති කොටු තුල ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදය ලබා දී ඇතුළු වන්න.
      5) දැන් දකුණූ පස ඉහළ කෙළවරේ ඇති “අළුත් බ්ලොග් “ ක්ලික් කර ලැබෙන ප්‍ර‍ශ්නාවලියට පිළීතුරු සපයා ඇතුළු වන්න.

      මම හිතනව මේ පියවර ඔස්සෙ ඔබේ බ්ලොග් සටහන ඊට ඇතුළු  කරගන්නට පුළුවන් වේය කියා.
      ස්තුතියි ඔබට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)