2016/02/01

192) සල්ලි දීලා ගෙන්න ගන්න - බෙහෙත් නැතිව මැරෙන්න වෙන MDR

 දිනය : අද 
ස්ථානය : රෝහල
හමුව : ඔබත් ඔබේ වෛද්‍යවරයාත්
හේතුව : රෝහල් ගතව සිටින ඔබේ දරුවා

“අද ආපු වාර්තා සියල්ලක් අනුව තහවුරු වෙනවා , ඔබේ දරුවාට තිබෙන්නෙ එක්තරා බැක්ටීරියා ආසාදනයක්  , නමුත් මෙතෙක් අප ලබා දුන් කිසිම ඖෂධයකට රෝග තත්ත්තවය අඩු නොවූ නිසා කළ වැඩි දුර පරික්ෂණ වලින් පසුව අපට දන්වලා තිබෙනවා මේ බැක්ටීරියාවට පහර දෙන්නට කිසිම  බෙහෙතක් නැති බව “

“ඒ කියන්නේ ?“

“ ඒ කියන්නෙ අපට මේ දරුවගේ රෝග තත්ත්වය සුව කරන්න නම් , ඇඟේ ඉන්න මෙම බැක්ටීරියාවන් විනාශ කරල දාන්න  ඕන , නමුත් අප ගාව තියෙන ප්‍රබලම ඇන්ටිබයෝටික් එක දුන්නත් , එයිනුත් මෙම බැක්ටීරියාව විනාශ කරන්න බැහැ , ඒ කියන්නේ  දරුවට මේ තියෙන රෝග තත්ත්වය සුව කිරීම ගැන බලාපොරොත්තු තබා ගන්න අමාරුයි “

“ඒ කියන්නෙ මේ කැස්ස , උණෙන් දරුවගේ ජීවිතේ වුනත් ....... ?“



“ ඔවු , දැනට තිබෙන ඉහළම ඖෂධ ලබා දුන්නත් බැක්ටීරියාව ඊට ඔරොත්තු දෙන නිසා , මොන බෙහෙත දුන්නත් , ලෙඩේ ටිකෙන් ටික වැඩිවෙනවා මිසක , සුව කිරීමක් බලාපොරොත්තු වන්නට බැහැ ‍, සමාවන්න  අපට කළ හැක්කේ අනෙක් අපහසුතා අඩු කරන්නට යමක් කරනවා පමණයි“ දෙබස අවසානයේ වෛද්‍යවරයා මෙලෙස කීවොත් පුදුමයට පත්වන්න එපා .

අද දවස වෙන කොට මේ බහු ඖෂධ ප්‍ර‍තිරෝධීතාව  Multi Drug Resistance කියන තත්ත්වය  ක්‍ර‍මයෙන් ඉහළ යන බව පෙනෙනනවා . මීට වසර පහකට පෙර අවසාන වරට සේවය කළ “ඒකලන ප්‍ර‍තිකාර ඒකකයේ “ Isolation Unit  සේවය කළ කාළය තුල මෙවන් අවාසනාවන්ත තත්ත්වය ගොදුරු වූ වන සෑහෙන ප්‍ර‍මාණයක් දකින්නට ලැබුණා.  නමුත් එය අප දකිනවාට වඩා , සිතනවාට වඩා ඉහළ මට්ටමක තිබෙන්න පුළුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවුවේ මීට වසර ගණනකට පෙර . ඒත් තවමත් අපේ රට මේ MDR තත්ත්වය ඇති වීම පාළනයට ප්‍ර‍මාණවත් පියවර ගෙන ඇත්දැයි සිතන්න බැහැ.

කෙසේ වෙතත් , නිසි දැනුවත් වීම  , ආරක්ෂක පියවර නොගත හොත් අනාගතයේ වැඩිම පිරිසක් මිය යා හැක්කේ AIDS , Cancer වලට වඩා මේ MDR තත්ත්වය තුලින් වන්නට වැඩි ඉඩක් තිබෙනවා , සමහර විටෙක බහු ඖෂධ ප්‍ර‍තිරෝධී බැක්ටීරියා රෝගයක් වසංගතයක් ලෙස පැතිරුණ හොත් , එය එක් රටක , මිනිස් වර්ගයාගේම නිමාව වන්නටත් බැරි වෙන එකක් නැහැ.

මේ අනතුර සහ එය වලක්වා ගන්නට ගත හැකි සරළ ක්‍රියාමාර්ග කිහිපයක් රූප සටහනක සටහන් කළේ , ඔබේ දැනුවත් වීමටත් , තවත් අයෙක් දැනුවත් කිරීමට බෙදා ගැනීමටත් .

මේ තත්ත්වය ගැන පෙර ලියූ සම්පුර්ණ ලිපි වලට යනවා නම් මෙන්න මග http://www.nursinglk.com/2011/06/5th-discussion.html


මුහුණුපොතේ බෙදා ගන්නවා නම් https://www.facebook.com/nursinglk/photos/a.237219116401276.50963.135512636571925/810076865782162/?type=3

පිංතූරය මත ක්ලික් කළොත් පැහැදිලිව කියවන්නට පූළුවන් වේවි

9 comments:

  1. මේක නම් ගොඩක් දෙනෙක් දැනුවත් වෙන්න ඕනේ කාරණාවක්. සමහරු දැනදැනත් කරනවා. මමත් ඉස්සර ඇමොක්සිලින් මට ඕනේ වෙලාවට ගත්තා, ඒත් ඉක්මණින් ම නතර කළා. මුලින්ම පුළුවන් තරම් ස්වභාවික ක්‍රම වලින් සුව වෙන්න තමයි දැන් උත්සහ කරන්නේ, ස්තුතී

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඔමා ! ඔව් ,දැනුවත් වීමත් ඒ අනුව සැළකිලිමත්වීමත් වුනොත් අපට හැදෙන හුඟක් ලෙඩ රෝග වලින් ඈත් වෙන්න පුළුවන්.

      Delete
  2. යන්තම් නහය බරවුනගමන් ෆාමසියෙන් ඇන්ටිබයොටික් ඉල්ලන්න පුරුදුවුන සමාජයට හොඳ පණිවිඩයක්....
    ඔය විදිහටම මේ බෙහෙත් ගහන එළවළුවලට අපේ ඇගත් හුරුවෙලා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හෙම්බිරිසාවට ඇන්ටිබයොටික් බොන එකේ කිසිම තේරුමක් නැතත් , අපේ රටේ වගේම වෙනත් රටවලත් ඒ ප්‍රවණතාව දකින්නට ලැබෙනවා . ඒ නිසාමයි මේ “නැති කරදර“ ඇති කරගන්නේ .
      මේ බෙහෙත් ගහන එළවලු ( නියමිත ප්‍රමිතියක් නැතිව බෙහෙත් ගහන) නිසාමයි අද දවස වෙනකාට වකුගඩු රෝග පිළිකා  අසාත්මිකතා එන්න එන්න වැඩි.
      ස්තුතියි මිතුර

      Delete
  3. හොඳ පණිවිඩයක්. ගොඩක් අය පොඩි දේටත් පැරසිටමෝල් අහුරු ගනං ගිලින්න පුරුදු වෙලා ඉන්න කාලෙක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔව් වැරදි විදියට පාවිච්චි කරන ඇන්ටිබයොටික් නිසා ඇති වන මෙවන් වසංගත වගේම වැරදියට පාවිච්චි කරන පැරසිටමෝල් නිසා තවත් කරදර මතු වෙනවා .

      Delete
  4. දැනුවත් කිරීමට ස්තුතියි. අද කාලේ කරන්න දෙයකුත් නෑනේ...

    ReplyDelete
    Replies
    1. සොරි අද කාලේ අහන ලෙඩ.

      Delete
    2. ස්තුතියි ඔබට , නමුත් මේ සමහර ලෙස අපි “අහක යන නං අරං රෙද්ද අස්ස දාගන්නව වගේ වැඩ“ , ඇන්ටිබයෝටික් නිසි ක්‍රමයට භාවිත කරා නම් මේ කරදරේ නැහැ , නමුත් මේ අළුත් ලෙඩේ ආවේ අපි ඇන්ටිබයොටික් බෙහෙත් වැරදි විදියට පාවිච්චි කළ නිසා . කරන්න දෙයක් තියෙනවා , ඒ තමයි “දැනුවත් වීම සහ ඒ දැනුම අනුව කටයුතු කිරීම“ . නැවතත් ඔබට ස්තුතියි

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)