2016/02/03

193) “ආදරයේ කෑළි තුනම“ පරිස්සමට රැකගන්නේ

තවත් දවස කිහිපයකින් “ඉතා වැදගත් දවසක්“ එනවා , මොකක්ද ඒ ?

කෙනෙක් කියාවි “නිදහස් දිනය “ ඒ වගේම ඊට වඩා සැලසුම් සහගත විශේෂ දිනය වෙන්නේ 14 දා වැලන්ටයින් දිනය . සංස්කෘතිය , සභ්‍යත්වය එක්ක පටලවටගන කොයි තරම් කෑ මොර දුන්නත් අද වෙනකොට “වැලන්ටයින් දිනය“ අපේ රටෙත් විකිණිලා ඉවරයි . 

මේ සංකර යැයි සම්මත රටවල “වැලන්ටයින් දිනය “හරිම සුන්දර විදියට සමරත්දි , ඉන්දියාව, අපේ රට , වගේ හොඳ සංස්කෘතියක් තිබුණු රටවල් එය සමරන්නෙ ටිකක් “වෙනස් විදියකටද“ කියල හිතෙනවා. කෙසේ වෙතත් , මොකක්ද ඇත්තටම වැලන්ටයින් දිනය  , එය මේ රට වල සමරන විදියට  , හොඳ නරක වගේම ඊට වඩා වැදගත් ඔබ ලබන “ආදරේ“ ඇත්තටම “ආදරේද“ කියල චුට්ටක් හොයල බලන්නත් හොඳ දවසක් එය . 

අන්න ඒ නිසා “වැලන්ටයින් දිනේට ඉස්සර වෙලා මෙන්න මේ ප්‍රශ්න හයට උත්තර දීල බලන්න . ලකුණු 6න් 6ම ගන්න අමාරුනම් , කියවන්න  මේ ලිපි දෙක , ඊට පස්සේ ආයෙත් උත්සාහ කරල බලන්න .
(වැදගත් , මේ ලිපිය “වැලන්ටයින් දිනය “වෙනුවෙන් උනන්දුවන සහ පෙර සූදානම් වන පුංචි කෙල්ලන්ට කොල්ලන්ට  වඩාත් යෝග්‍යයි )


දිග ලිපියකින් හෙට  හමුවන තුරු සුබ දිනයක් ඔබට ! 

පිංතූරය උඩ ක්ලික් කළොත් පැහැදිලිව කියවන්නට පුළුවන් වේවි

4 comments:

  1. ආදරේ කරන්නෙ කාටවත් ඕනි දවසක කාටවත් ඕනි වෙලාවක කාගෙවත් කාලසටහනකට අනුව නෙමෙයි නේ.. ඒ නිසා ඔය දවස් සමරන එක මට අනුව විහිලුවක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත , නමුත් අද ලංකාවේ ඒක තවත් රැල්ලක් වෙලා ඉවරයිනේ . නමුත් මේ ඇත්තටම සමරන්නෙ “ශාන්තුවර වැලනටයින්“ මිසක , හොටල් කාමර කුළීයට දෙන්නන් වත් , වැලන්ටයින් පාටි දමන්නන්වත් නොවෙයි . ඒ නිසා සැමරුම කුමක් වුවත් එහි නියම අරුත වටහාගන්නවා නම් ගැටළු ඇති වනවා අඩුයි.
      ස්තුතියි මිතුර

      Delete
  2. ආදරේට එක දවසක් වෙන් කළාම අනිත් දවස් අනාදරයේ දින ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව , නමුත් මෙය අද අපේ රටේ  තවත් වාණිජ වටිනාකමක් ඇති ව්‍යාපාරයක් නිසා , එම දිනය වෙළෙන්දන් කියන විදියට වින්දනය කරන්නවුන්ට පොඩි හරි දැනුවත් කිරීමක් කරන එකයි අවශ්‍යතාවඅද දවසේ .
      ස්තුතියි ඔබට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)