දෙන්න එක්ක කෑම එක රසවිඳින ගමන් , එළියේ ස්නෝ වැටෙන හැටි බලාගෙන ඉන්න එක පුරුද්දක්. ඇත්තටම ඒක ලස්සන දසුනක් ඇසට වගේම , හිතටත්.
“කවුද අම්මද , තාත්තද බබත් එක්කද “
“නෑ අද නං තාත්ත විතරයි වගේ , සිතල නිසා බබයි අම්මයි නිදි ඇති “ තේ කෝප්පේ වීදුරුවට තද කරගෙන පොඩ්ඩි කෑගහනව .
“හ්ම් අද අඩි පාරවල හැටියටනම් තාත්ත , අපරාදේ ඊයෙ අපට අමතක වුනා නේද එයාලට කෑම දාන්න , කමක් නැහැ පදුරේ කොළ තවම තියෙනව නේ “
මේ දවස් වල සීතලත් එක්ක අවට තියෙන ගොවිබිම් වල කන්න දෙයක් නැති නිසා රෑට රෑට ගෙවල් වලට එන අමුත්තො (ඇත්තටම හිතවත්තු) කට්ටියක් , ඒ මුවන් රෑනක් . කොයි තරම් මේ කට්ටිය හඳුනනවද කිවොත් , අඩි පාරවල් කියවල මුව පවුලේ අය හඳුනගන්න තරම් අපේ අක්කයි නංගියි දන්නව දැනටමත් .
පුරුද්දක් විදියට නින්දට යන්න ඉස්සර වෙලා “කන්කුන් මිටියක“ කොළ කඩල එළීයෙන් තිබ්බත් ඊයේ අමතක වෙලා වගේ කට්ටියට
දෙන්නගේ කතාව අස්සට මමත් ගියා බලන්න , එකම හැඩේකට පිළීවෙලකට තිබෙන අඩි සළකුණූ , තවම ස්නෝ වලට වැහිලා නැහැ , ඒ කියන්නේ පාන්දර තමයි කට්ටිය ඇවිත් තියෙන්නෙ . මේ අඩි සළකුණු දිහා බලන් හිදිත්දි මට මතක් වුන කතා ටිකක් ,
“එක රටාවක අඩි සළකුණු“
“අපටත් හොරාමා ඇවිත් තියල යන අඩි සළකුණු“
“තව ටික වෙලාවකින් ස්නෝවලට වැහිල මැකිල යන අඩි සළකුණු“
මේ සමහර කතා වලට බැඳුනු කතා කළ යුතු මාතෘකාවකට අද පාර පෙන්නුවේ මේ සුන්දර මුව පවුල , කතාව “පාර තියා යන නැව්“ ගැන
මේ කියන මුව අඩි සළකුණූ වගේම බොහොම ලස්සන හැඩේට ඉන්න එක්තරා බැක්ටීරියාවක් නිසා ඇති වන දරුණූ රෝග තත්ත්වයක් ගැනයි අද පොඩිකතාව.
රෝගයේ නම් ගොනෝරියාව ... හ්ම් දැන් හිතා ගන්න පුළුවන් මේ “මුහුදේ නැව් ගියාට පාරවල් “ නොහිටින කතාව මෙතැන ඈදුනේ කොහොමද කියන එක නේ.
ඔව් එහෙම පාරවල් නොහිටියට , ගොනෝරියාව කියන ලිංගාශ්‍රිතව බෝවන රෝගය හැදුනොත් කොහොමත් “පාර වල්“ හිටිනවා , නමුත් දැන් මේ කියන්න යන්නේ ඊටත් වඩා දරුණූ තත්ත්වයක් ගැන . මොකද මෙච්චර කළක් ගොනෝරියාවට ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කරමින් සුව කරන්නට , පාලනය කරන්නට පුළුවන් කමක් තිබුණ. නමුත් මේ අතරේ යම් ප්‍රතිශතයකට වැලඳුනු ගොනෝරියාවට ප්‍රතිජෛවක ලබා දුන්නත් , එම ප්‍රතිජෛවක ඖෂධ වලට ඔරොත්තු දෙන බවක් හදුනාගනිමින් තිබුණා. ලංකවේ ගොනෝරියා රෝගීන්ට ලබාදුන් පෙනිසිලින් වල ශක්තිය විනාශ කරමින් ඖෂධ වලට ඔරොත්තු දෙන ප්‍රබල ගොනෝරියා බැක්ටීරියා කාණ්ඩයක් වර්ධනය වෙමින් පවතින බව 1980-85 වගේ කාළයේදිම හඳුනාගෙන තිබුණා , නමුත් අද දවස වන විට ඒ තත්ත්වය හුඟක් දරුණූ වෙලා , ලබා දිය හැකි ඉහළම ප්‍රතිජෛවකයන්ටත් ඔරොත්තු දෙන ගොනෝ්රියා බැක්ටිරියාවන් ලොව පුරා හඳුනාගනිමින් ඉන්නවා .
ඒ රටවල් අතර ලංකාවත් ඉන්න නිසා කවුරුත් පරිස්සම් වෙන එක හොඳයි, මොකද මෙවන් ඖෂධ ප්‍රතිරෝධී ගොනෝරියා බැක්ටීරියාවක් අපේ ඇඟට ඇතුළු වුනොත් , එමඟින් ගොනෝරියා තත්ත්වය ඇති වුනොත් “දෙවි පිහිටයි“ තමා , මොකද බෙහෙත් දුන්නට ලෙඩේ හොඳ වෙන එකක් නැහැ . මේ නිසාම මෙම ඖෂධ ප්‍රතිරෝධී ගොනෝරියා තත්ත්වය ඒඩ්ස් තරමටම , ඊටත් වඩා දරුණූ විය හැකි බවයි පැවසෙන්නේ . ලංකාවේ ලිංගාශ්‍රිතව බෝවන රෝග අතරේ ඉහළ තැනක ගොනෝරියාව දැනට ඉන්න නිසා , අවදානම තවත් වැඩියි.
මේ නිසාම , තමන්ට ගොනෝරියාව ඇති බවට පරික්ෂණ මඟින් තහවුරු කොට , ඖෂධ ලබා දුන්නා නම් , එම ඖෂධ නිවැරදි ආකාරයෙන් ( ප්‍රමාණය , වෙලාවට , ගත යුතු කාළ සීමාව) ගැනීම වැදගත් ,නිසි පසු අගැයුම් පරික්ෂණ කරවා ගැනීමත් ඒ වගේම වැදගත් . ඒ වගේම තමන්ට රෝග තත්ත්වය ඇත්නම් එය තවත් අයෙකුට පැතිරීම වලක්වා ගන්නට කටයුතු කරනවා නම් එය යහපත් මිනිසෙක් ලෙස ‘යුතුකමක්‘ .
තමන්ට මෙවන් රෝග තත්ත්වයක් නැත්නම් “ලෙඩේ දා ගන්නේ නැතිව“ ජීවත් වන්නට උත්සාහ කරන එක සුබයි , අමාරුම නම් විශ්වාසදායක නොවන ලිංගික එක් වීමකදි කොන්ඩම් වැනි ආරක්ෂක උපක්‍රම යොදා ගන්නේ නම් පරිස්සම් . මතක තබා ගන්න ඕන දෙයක් අවදානම් සහිත මුඛ , ගුද හෝ යෝනි කියන ඕනම මගක් ඔස්සේ සිදුකරන ලිංගික එක්වීමකින් මෙවන් රෝග තත්ත්ව ඔබටත් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා ( මෙහෙම කිව්වේ මුඛ ලිංගික එක්වීම මඟින් මෙවන් රෝග වල අවදානම අඩුවේ යැයි පවතින වැරදි විශ්වාසය නිසා)
අවදානම් සහිත එක්වීමක් වුනා නම් ටිකක් සැළකිල්ලෙන් ඉන්න , ලිංගික අවයව ආශ්‍රිතව කොළ-කහ පැහැයට හුරු ස්‍රාවීන් , මුත්‍රා දැවිල්ල , වෘෂණ කෝෂ ඉදිමී තව වේදනාවක් එනවා නම් , ආර්තවයන් අතර අසාමාන්‍ය ලෙස වරින් වර රුධිර වහනයන් වනවා නම් ( විශේෂයෙන්ම අවදානම් ලිංගික එක්වීමකට පසුව) ,
ගුද මාර්ගයෙන් සැරව වැනි ස්‍රාවීන් සමඟ පුපුර ගසනවා වැනි තද වේදනාවක් ඇති වනවා නම් , රැධීර වහනයන් වරින් වර සිදුවනවා නම් ( මේ කියන්නේ අනාරක්ෂීත ගුද-ලිංගික ඇසුරක් පැවත්වූ පසුව ) , හෝ මල පහ කිරීමේ තද වේදනාවක් පවතිනවා නම් ,
හෝ අනාරක්ෂීත මුඛ-ලිංගික එක්වීමකින් පසුව දිගින් දිගට පවතින උගුරේ අමාරු , කෑම ගිලින විට තව වේදනාව
වැනි ලක්ෂණ ඇත්නම් පමා නොකර වෛද්‍යවරයා හමුවන්න , ලැජ්ජ නොවී , හංගන්නෙ නැතිව වෙච්ච් දේ කියන්න , පුළුවන් නම් සම්බන්ධ වුනු අනක් පුද්ගලයාටත් වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙන්නට උපකාර කරන්න. මොකද මෙවන් අවස්ථාවක “පමාව නිමාවට“ හේතු වන්නට පුළුවන් නිසා. හැබැයි දැන් ලෙඩේට නම දෙන්න හදන්නෙත් “සුපර් ගොනෝරියාව“ කියල , මොනව උනත් “සුපර්“ නේ නේද ?
![]() |
මේ මුව අඩිපාර වල් |
![]() |
මේ ගොනෝරියා බැක්ටීරියාවන් |

අදට කතාව නිමයි , හෙටත් “පොඩි කතාවකින් “ හමුවෙමු.
ඖෂධ ප්‍රතිරෝධී බව ගැන තව දැන ගන්න ඕන නම් කියවන්න
http://www.nursinglk.com/2011/06/5th-discussion.html
ගොනෝරියාව ගැන දිග විස්තරයක් ඕන නම් කියවන්න
http://www.nursinglk.com/2012/05/101.html

හොද ලිපියක්.ගොනෝරියා ගැන අසා තිබුනට වැඩි විස්තරක් දැන සිටියේ නැ.ස්තූතියි ඔබට.
ReplyDeleteස්තුතියි ඔබට ගිම්හානි !
Deleteගොනා උනත් සුපර් හින්ද පොෂ් ලෙඩක් කියල කට්ටිය හදාගයි.
ReplyDeleteඅර මුවෝ මිනිස්සුන්ට අනින්නෙ නැද්ද?
ඒකනම් ඇත්ත ටික කලක් යත්දි මේකත් “පොෂ්“ විදියට හිතාවිද දන්නෙ නම් නෑ තමයි :D
Deleteස්තුතියි ප්‍රසන්න ,
දෙවැනි ප්‍රශ්නයට , නැහැ එහෙම කරදර නම් නැහැ , ඒ වුනාට එයාල නිසා වන ලොකුම කරදරේ තමා රිය අනතුරු , අවුරුද්දකට සෑහෙන මුව-රිය අනතුරු වෙනවා , සමහර විට මුවන්ට , නැත්නම් රියපදවන්නට තුවාල සහ සමහර විට මරණය පවා හිමි කරදෙමින් , අපත් ඒ එක් අවස්ථාවකට දැනටමත් මුහුණ දීල හමාරයි :D
Deleteඅර නැව් ගියාට පාර හිටිනවද කියන කතාව වෙනස් කරන්න වෙයි. ගොනෝරියාවල දරුණු එකකුත් තියන බව දන්නෙ අදයි.
ReplyDeleteහැබෑටම මේ සමාජ රෝගවල ආරම්භය කොහොම වෙන්න පුළුවන්ද? මොකද ඉස්සෙල්ල හැදුන එකාට ඔය වෛරස්/බැක්ටීරියා/දිලීර ආවෙ කාගෙන්ද?
ඔව් රාජ් , මේ තත්ත්වය පිළිබඳ දැන් ලෝකය පුරාම ලොකු අවධානයක් යොමු වෙනමින් පවතිනවා , මොකද තව අවුරුදු දහයක් විතර යත්දි ලොකුම සෞඛ්‍ය ගැටළුව වෙන්නට පුළුවන් මේ “ප්‍රතිජෛවක ප්‍රතිරෝධී බැක්ටීරියාවන්“ , එදාට තමයි “ මිනිස් වර්ගයාගේ විනාශය“ ආරම්භ වන්නෙ . ස්තුතිිය ඔබට
Deleteකස්ටිය බයවෙලා හිටියෙ ඒඩ්ස් වලට විතරනෙ.දැං කාල වරෙන්කො... ඒඩ්ස් වගේ මේක හන්ගගෙන ඉන්නත් බෑ මම හිතන්නෙ... ආකල්පමය දියුණුවක් තමයි විසඳුම විදිහට පෙනෙන්නෙ.
ReplyDeleteබෙහෙත් විකිනෙන්න නම් අලුත් ලෙඩ රෝගත් තියෙන්න ඕනෙ.
ජයවේවා..!!
ඒ නිසාමයි මේ තත්ත්වය ඒඩ්ස් වලටත් වඩා භයානක , ඇත්තෙන්ම , ආකල්පමය දියුණුවක් වගේම මෙවන් දේ ගැන දැනුමක් අවබෝධයක් ලබා ගන්නත් ඕන . නමුත් දැන් තිබෙන බෙහෙත් වලින් මේ තත්ත්වය හොද කරන්න බැරි නිසා , දැනට මේ තත්ත්වය හුගක් අවදානම් බවයි දැනගත යුතුම . ස්තුතියි ඔබේ අදහසට , පැමීණීමට
Deleteබෙහෙත් නැති එකත් හොඳයි. එතකොටවත් මේ මෝඩ මිනිස්සු තමන්ගේ අවලම් හැඟීම් පාලනය කරගන්නේ නැතෑ.
ReplyDeleteමිනිස්සු ඇයි මෙතරම් මෝඩ? සෞඛ්‍ය අධ්‍යාපනයෙන් මෙවැනි රෝග ගැන කියනවා මදිද? STD වලට ගොදුරුවීමේ වැඩි ප්‍රවනතාවක් ඇති පිරිස් වෙතට විශේෂයෙන් ඉලක්ක කර සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් තවත් ප්‍රචලිත කලයුතුයි.
මේවන් තත්ත්ව ගැන නිරන්තර දැනුවත් කිරීම් කළ යුතුමයි , විශේෂයෙන්ම ඔබ කියන පරිදි අවදානම් කණ්ඩායම් හදුනාගෙන දැනුවත් කිරීම් , පසු ඇගැයුම් වැනි දේ අවශ්‍යමයි , නමුත් !
Deleteස්තුතිය ඔබට විචාරක මහත්මයා !
වැදගත් ලිපියක්. ගොඩක් කාලෙකින් එන්න බැරි වුනා. හිම ගැන කියන කොට මම හිතුවේ සහිත කාලේ කතාවක් කියන්න යනවා කියල.
ReplyDeleteමේ දවස් වල ඉතින් හැමදාම “හිම“ තමා :D , ස්තුතියි ඔබේ පැමිණිීම වෙනුවෙන් සහ මේ ලිපිය බෙදා ගන්නට උදව් වූවාට !
Deletehttp://nelumyaya.com/?p=4965
ReplyDeleteස්තුතියි ඔබට
Deleteමට මතක් උනේ මම අදුනන කෙනෙක් ගොනෝරියා ලෙඩෙන් දුක් වින්ද හැටි,,ඒ සිද්දියෙන් පස්සෙ කොල්ලො ගොඩක් ඒක පාඩමක් විදිහට ඉගෙන ගත්තා මොනා උනත්..අදයි දන්නෙ මෙහෙම ගොනෝරියාවක් තියනවා කියලා..
ReplyDeleteඅයියෙ මම කාලෙකට ඉස්සල්ල පොඩි ඉල්ලීමක් කලා හර්නියා රෝගය පිලිබද ලිපියක් ලියන්න කියලා..පහු ගිය කාලෙ මට බ්ලොග් කියවන්න වෙලාවක් ආවෙ නෑ,ඊක නිසා පොඩ්ඩක් පරන පෝස්ට් බැලුවා ලියවිලාද කියලා හොයා ගන්න නම් බැරි උනා.එහෙම ලිපියක් ආවද?
ස්තුතියි මල්ලී , සමාවන්න , මට මතක විදියට ඒ ඉල්ලීම මග හැරුණා මගේ අතින් පසුගිය මාස කිහිපයේ තිබුණු කාළයේ හිඟකමත් එක්ක . ඉදිරි දින කිහිපය තුල “හර්ණියා“ ගැන සියළු තොරතුරු එක්ක “ දිග මාගලක්“ එලන්නම් :D ස්තුතියි ආයෙත් මතක් කළාට සහ ඔබේ පැමීණීම වෙනුවෙන්!
Delete