2019/04/28

කැනඩාවට Refugees & asylum ඔස්සේ වීසා දෙනවාළු , මේ ඇත්තක්ද?

(මේ ලිපිය “කැනඩාවට එන්නට මග“ ෆේස්බුක් ගෘෘප් එකේ (https://www.facebook.com/groups/SLtoCanada) මා පළකළ ලිපියකි.


සාමාන්‍යෙයන් කැනඩාව Refugees & asylum ලබා දෙන්නේ දිගුකාළීන සිවිල් යුද්ධයක් හෝ යම් ජනකොට්ඨාශයකට විශාල හානිවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් අවස්ථාවන් වලදී , එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ අනුමැතිය හරහාය එසේ නොවේ නම් පෞද්ගලිකව නීතියේ පිහිට පැතීමෙන්. . මීට වසර කිහිපයකට පෙර සරණාගතයන් ලෙස කැනඩාවට පැමිණිමට ලංකාවේ පුරවැසියන්ට අවස්ථාවක් ලබා දී තිබුණද 2009 සිවිල් යුධ තත්ත්වය නිමාවීමත් සමඟ එම අවස්ථාව නිමාවිය.


පහුගිය දින කිහිපය පුරා ලංකාවේ සිදුවන විනාශයවන් හමුවේ , නැවත ලංකාවේ පුරවැසියන්ටRefugees & asylum වීසා ලබා දෙන බවට පැතිරෙන ආරංචියක් පිළීබදව කිහිප දෙනෙක් මගෙන් විමසා තිබුණා. කෙසේ වෙතත් මෙවැන්නක් පිළිබඳව කැනඩාව තුල තවම කිසිදු කතාබහක් නැත. විශේෂයෙන්ම , සිරියන් සරණාගතයන් ගෙන්වා ගැනීම නිසා කැනේඩියානුවන් තුල අග්‍රාමාත්‍ය ටෘෘඩෝ වෙත ඇත්තේ බලවත් විරෝධයකි. එවන් සමයෙක , නැවතත් සරණාගතයනින් ගෙන්වන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වූවා නම් මෙරට ජනමාධ්‍ය ඒ පිළිබඳ සොයා බලනු නොඅනුමානය.

කෙසේ වෙතත් මේ පැතිරෙන ලිපියේ සඳහන් කරුණූ බොහොමයක් ව්‍යාජ කරුණූ වන අතර , මීටම සමාන ලිපියක් නයිජීරියානුවන් පිළිබඳවද පැතිරෙමින් පවතී. ඔබ අතර පැතිරෙන ලිපියෙන්, ,
According to Trudeau, immigrants from Sri Lanka have been a strong force in Canada’s growth in all sectors of its economy.
“We can’t undermine or overlook the contribution of immigrants in Canada’s development especially our brothers and sisters from Sri Lanka”, Trudeau said,

නයිජීරියානුවන් පිළිබඳ පැතිරෙන ලිපියෙන්,
According to Trudeau, immigrants from Nigeria have been a strong force in Canada’s growth in all sectors of its economy.
“We can’t undermine or overlook the contribution of immigrants in Canada’s development especially our brothers and sisters from Nigeria”, Trudeau said.

ඔබ අතර පැතිරෙන ලිපියෙන්,
The PM added that, over the past three years, Canada has granted residency to all Sri Lankans who were illegally living in Canada and applied to remain. “We granted them and urging everyone to apply. It’s good we document everyone to know how many people we are to cater for”, he said.

නයිජීරියානුවන් පිළිබඳ පැතිරෙන ලිපියෙන්,
The PM added that, over the past three years, Canada has granted residency to all Nigerians who were illegally living in Canada and applied to remain. “We granted them and urging everyone to apply. It’s good we document everyone to know how many people we are to cater for”, he said.

තවත් මෙබඳු “සැක කළ හැකි“ ප්‍රකාශ මෙම ලිපියේ තිබෙන නිසාත්, ලෝකයේ හොඳම සංක්‍රමණ හොරු වන නයිජීරියානුවන් ද මේ ලිපිවලට ආසන්නව යන නිසාත්, “මෙම ලංකාවට කැනඩාවේ සරණාගත වීසා දෙන බව කියැවෙන ලිපිය බෙදා ගැනීමේදී ආරක්ෂාකාරීවන්න“ යන අවවාදය පමණක් ලබා දෙන්නට කැමැත්තෙමි. කෙසේ වෙතත් , ලංකාවේ ඔබට යම් වාසියක් වන අවස්ථාවක් වේනම් එය තහවුරු කරගත් විගස  https://www.facebook.com/groups/SLtoCanada ඔස්සේ ඔබ දැනුවත් කරන්න අප සූදානම්.

මෙන්න ඔබ අතරෙ පැතිරෙන ලිපිය .
https://cbtvn.com/easter-blast-canadas-prime-minister-orders-parliament-to-approve-visa-free-entry-for-sri-lankans/

මෙන්න නයිජීරියානුවන් පිළිබඳ සමානම ලිපි. https://therepublicannews.net/tag/workforce/

https://guardian.ng/news/canada-denies-begging-buhari-for-one-million-immigrants/

https://thenews-chronicle.com/canadas-prime-minister-begs-for-one-million-nigerian-immigrants/

https://www.naijaloaded.com.ng/news/just-in-canadian-prime-minister-justin-trudeau-begs-for-1-million-nigerians-to-come-to-canada
මේ සියල්ල සටහන්ව ඇත්තේ රටේ ප්‍රධාන ජාතික පුවත්පත් වල නොවන බවද මතක් කර සිටිමි.

මම මහේෂ්.

3 comments:

  1. මගේ රටට ගරහලා වෙන රටකට යනවට වඩා හොදයි පුක හපාගෙන මැරේනවා

    ReplyDelete
    Replies
    1. අපේ රටට “ගරහලා“ වෙන රටකට යාමට අවශ්‍ය නැත. සුදුසුකම් ඇත්නම් බොහෝ රටවලට යාමට අවස්ථා තිබේ. කෙසේ වෙතත්, මේ ලිපිය තුල කතා කරන්නේ “අපේ අය “ රැවටෙන ප්‍රචාරයක් පිළීබඳව නිවැරදි දැනුවත් කිරීමක් පමණයි.

      Delete
  2. It's very nice article in our local language- Guru Nanak Ke Dohe

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)