2012/03/05

කොට පාරෙන් එන්න එපා ....

සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියනේ ...

සොඳුරු සුව අසපුව වෙත බ්ලොගර් මඟින් ලැබී ඇති http://nursinglanka.blogspot.com/ ලිපිනය වෙනුවට , ඔබ භාවිත කළේ www.sonduru.tk ලෙසින් කෙටි කරන ලද ලිපිනය නම් , කරුණාකර එම කෙටි ලිපිනය භාවිතයෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. දැන් එම කෙටි ලිපිනය භාවිතයේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා  යැවීමක් සිදුවන හෙයින් මින් ඉදිරියට එම ලිපිනය භාවිතයෙන් “සොදුරු සුව අසපුව“ වෙත පැමිණිය නොහැකි බව දන්වා සිටිමි.  මෙතෙක් එම කෙටි ලිපිනයෙන් යම් පහසුවක් ලබා දීම වෙනුවෙන් .tk ආයතනය වෙත ස්තුතිය පිරිනමමින් ...අපි ආයෙත් මෙහි මුල් ලිපිනය වෙතම යොමු වෙමු.



මෙම වෙනස්වීම හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත්වීනම් , ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිමි . එමෙන්ම සිදුවූ වෙනස සහ  සොඳුරු සුව අසපුවේ ලිපිනය  http://nursinglanka.blogspot.com/  පිළිබඳව ඔබේ මිතුරු මිතුරියන්ද දැනුවත් කරනු ඇතැයි අපේකෂා කරමි .

ස්තුතියි ....
මම සොඳුරු සුව අසපුව වෙනුවෙන් .
මහේෂ් නිශාන්ත

5 comments:

  1. අයියෝ ඔයා .tk අරංද තිබ්බෙ . . . ජරාවක්නෙ

    ReplyDelete
  2. http://sinhalaya-lokayata.blogspot.com/2012/03/tk.html

    ටී.කේ. ගැන අදහසක් දක්වන්න

    ReplyDelete
  3. ඔබතුමාගේ ලිපි කියවන්න හැමදාමත් එනවා...
    පුළුවන් කමක් තියේනම් ජංගමේ හරි ලෑන්ඩ් ලයින් එකක් හරි කියන්න පුලුවන්ද ඔබතුමාව සම්බන්ධ කරන්න..

    ReplyDelete
  4. -ඕනයා,
    ඔව් මල්ලි , මුල් දවස් වල පහසුවටත් එක්ක දාගත්තා... නමුත් දැන් එක වෙනත් පිටුවකට හරවා යැවෙනවා ..
    ස්තුතියි

    -මඩිස්සලේ නිශාන් ,
    ටීකේ පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීමක් කරන්නට තරම් මා දැනුවත් නැති නිසා කිව හැක්කේ මෙපමණයි ...නොමිලේ ලබා දුන් සේවාවක් ලෙස එය අදාල කාළ සීමාව තුල ගැටළුවක් නැතිව එම පහසුකම ලබා දුන්නා , නමුත් වාණිජ ආයතනයක් ලෙස එහි සීමා පවතින නිසා ඔවුන් නැවතත් එය ලබා ගත්තායැයි එහි වරදක් මා දකින්නේ නැහැ . අනෙක එම පහසුකම ලබා ගත්තද මෙම පිටුවේ සම්මත ලිපිනයද භාවිත කළ නිසා මට එය එතරම් ගැටළුවක් නොවෙයි ..මේ මගේ පුද්ගලික අදහසක් පමණි ..ස්තුතියි

    -ගිනි කුරුල්ලා ,
    ස්තුතියි ඔබේ හිතවන්තභාවයට ..
    මා සම්බන්ධ කර ගත හැකි පහසුම ක්‍රම “මගේ අරමුණ“ පිටුවේ දක්වා තිබෙනවා ..http://nursinglanka.blogspot.com/p/blog-page_20.html , නිවෙසේ දුරකථන අංකය ලබා දුන්නත් මා බොහෝ විට ඉන් පිටත සිටින නිසා ඊට වඩා පහසු skype භාවිතයයි .ජංගම දුරකථන අංකය ලබා දුන්නද  මා දැනට සිටින්නේ ලංකාවේ නොවන නිසා එම අංකය ඔස්සේ මා ඇමතීමට ඔබට වැඩි වියදමක් දන්නට වේවි ..එම නිසා කරුණාකර skype හෝ google talk මඟින් අමතන්නට හැකි නම් එය අපි දෙදෙනාටම පහසුවක් ...ස්තුතියි ඔබට ...

    ReplyDelete
  5. මට මේලක් දානවද duliponline@gmail.com එකට

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)